ඔන්න එහෙනම් මාවල්ලගේ සයිකෝ සිරිස් එකේ දෙවැනි කතා සමයේ හයවෙනි කතාංගය. එහෙමත් නැත්නම් සිරිස් එකේම 14 වැනි පරිච්ච්ජේදය. මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කලොත්. මේ වෙනකොට ෆරුක් ඩේවිඩ්ව කැමති කරවාගෙන ඉන්නේ එයාගේ සිරුර හංගල තියෙන තැන හොයාගන්න. ඒත් භික්ෂුවක් නිසා වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. අන්තිමේදී අභිරහසක් ඉතු…

ඔන්න එහෙනම් මාවල්ලගේ සයිකෝ සිරිස් එකේ දෙවැනි කතා සමයේ හයවෙනි කතාංගය. එහෙමත් නැත්නම් සිරිස් එකේම 14 වැනි පරිච්ච්ජේදය. මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කලොත්. මේ වෙනකොට ෆරුක් ඩේවිඩ්ව කැමති කරවාගෙන ඉන්නේ එයාගේ සිරුර හංගල තියෙන තැන හොයාගන්න. ඒත් භික්ෂුවක් නිසා වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. අන්තිමේදී අභිරහසක් ඉතුරු කරමින් භික්ෂුව සියදිවි නසාගන්නවා. ඒත් එක්කම භික්ෂුව නිසා මිනිස්සු ගොඩකටවැළඳිලා තිබ්බ මානසික රෝගයකුත් හොඳ වෙනවා. හොඳ වෙන්නේ භික්ෂුවගේ මරණයත් එක්කමයි. ඉතිං ඒ අතරවාරයේ ලෙනි සැබෑ ලෝකයට එනවා හදිසියේම. ෆරුක්ගේ මානසික හිරකාරයෙක් විදියට හිරවෙලා හිටිය ලෙනිගේ විඥ්ඥාණය එක පාරටම එයාගේ භෞතික සිරුර හොයාගෙන ඩේවිඩ්ව හොයන් ආව එක හැමෝටම ප්‍රශ්නයක් වෙනවා. ඉතිං එතැනදී ඩේවිඩ් දැනගන්නවා ලෙනිගේ විඥ්ඥාණය දාල තියෙන්නේ ඩේවිඩ්ගේ අක්කගේ භෞතික ශරීරයට කියල. ඉතිං ඊට පස්සේ ඩේවිඩ් සෑහෙන කම්පනයකට පත්වෙනවා…
ඉතිං අද සිද්දවෙන්නේ ගිය සුමානේ ඩේවිඩ්ට කම්පනයෙන් පස්සේ වෙච්ච දේවල් නම් නෙමේ. අ අපිට පෙන්වන්නේ ඩේවිඩ් මේ කාර්යාංශයට ආව විදිය ගැන අද කතාව ටයිම් ලයින් දෙකක දුවනවා. එක ටයිම් ලයින් එකක් තමා ඩේවිඩ්ගේ අතීතය ගැන කියන එක. දෙවැනි එක ඉතාම සුළු කොටසක්. ඒ වර්තමානය. ලෙනිගේ කාමරේ ඩේවිඩ් ඉන්න එක. ඒ වගේම මවාගත්තු යථාර්තයක් අපිට පෙන්වනවා. අද සිද්ධාන්තය වෙන්නෙ අපි යම්කිසි තීරණයක් ගත්තම ඒ තීරණය නිසා අපිව අලුත් මාවතකට එනවා ඒ මාවතේදී තීරණයක් ගත්තම තව මාවතකට වෙනවා. හරියට ගහක අත්තකිං තව අතු බෙදිලා ඒ අතු වලින් තව අතු බෙදිලා ඒ අතු වලිනුත් තව අතු බෙදෙනවා වගේ. අපි කලින් ගත්තු තීරණය නැතුව වෙන තීරණයක් ගත්තනම් අපි යන්නේ අර කලින් ගිය මාවතේ නෙමේ වෙන මාවතක. ඒ මාවතේ අපි අර දෙවනියට ගත්ත තීරණය නැතුව වෙන තීරණයක් ගත්තනම් අපි යන්නේ වෙනම මාවතක.. අන්න ඒ වගේ ඉතිං ඩේවිඩ් බෙහෙත් ටික හරියට බිව්වනම් ඩේවිඩ්ගේ ජිවිතේ අවසන් වෙන විධිය ගැන වෙනම යථාර්තයක්.. නොපවතින යථාර්තයකුත් අපිට පෙන්වනවා.. ඉතිං එහෙනම් සයිකෝ සිරිස් එකේ ඊළඟ කතාංගය අචින්ත උදයංග සහෝ අරගෙන එයි. ලොස්ට් ඉන් ස්පේස් තුලින් අනිද්දට මුණගැහෙමු.. ජයෙන් ජය..
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,661 downloadsDownload Legion-02x06-Chapter-14.-91520180509.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
16 comments
Rojitha Yasaswin
Rojitha Yasaswin
Mamada ethakota 1st Comment . WOW
Nuwandika Dil
Elow
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
උපසිරැසියට ගොඩක් ස්තුතියි......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
V.T.Piyumal
Thanks brooo,jaya wewa!!!
Kasun A.
upasiresiyata thuthi shan saho.jaya!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
OmarAshen
Ekt thanks
Viraj
sub ekata thanks saho. jaya wewa!!
SASANDA SENEVIRATHNE
SUPPPAAAA
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Vima Sub ekata