Watch Trailer

Legion [S02 : E04] Sinhala Subtitles | යුද්ධය හා ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ නම් සැහෙන ලොකු අර්ම්බුධකාරි තත්වයක් තමයි හටගත්තේ. මතක ඇතිනේ අර මානසික වෛරසය පැතිරුවේ වෙනින් කවුරුවත් නෙවෙයි භික්ෂුවන්ගෙන් කෙනෙක් කියලා. ඊටත් පස්සේ එයා එක තුන්වැනි කාර්යාංශයෙ අයටත් පතුරන්න ගත්තා. ඒකෙන් සෑහෙන දෙනෙකුට වෛරසය වැළදිලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා. ඒවගේම අපිට තේරුම් ගන්න හැකියාවක්…

පහුගිය සතියේ නම් සැහෙන ලොකු අර්ම්බුධකාරි තත්වයක් තමයි හටගත්තේ. මතක ඇතිනේ අර මානසික වෛරසය පැතිරුවේ වෙනින් කවුරුවත් නෙවෙයි භික්ෂුවන්ගෙන් කෙනෙක් කියලා. ඊටත් පස්සේ එයා එක තුන්වැනි කාර්යාංශයෙ අයටත් පතුරන්න ගත්තා. ඒකෙන් සෑහෙන දෙනෙකුට වෛරසය වැළදිලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා. ඒවගේම අපිට තේරුම් ගන්න හැකියාවක් ලැබුනා ඩේවිඩ් තමයි මේ භික්ෂුවන් දෙදෙනාගේම ඉලක්කය කියලා. ඒ විතරක් නෙවෙයි ඩේව්ඩ් තමයි මේ වෛරසයට ප්‍රතිකාරයත්. මොකද එයාට පුලුවන් කමක් තියෙනවා වෛසරය වැළදුණු කෙනෙක්ගේ කාලයට ගිහින් ඩේවිඩ්ගේ බලය පාවිච්චි කරලා වෛරසය වැළදුණු අයව සුව කරන්න. ගිය සතියේ කොටස වැඩි හරියක්ම පාදක කරගෙන තිබුනේ සෘණාත්මක කායික බලපෑමකට ලක් උනාම ඒකට ප්‍රතිචාර දක්වන විදිහ ගැනයි. ඒ නිසයි මුලින්ම මනුස්සයෙක්ට වමනේ යන සිද්දියක් පෙන්නුවේ.

ඒවගේම තමයි පහුගිය කොටසෙ හෙළිදරව් කළා ඩේවිඩ්ගේ තාත්තා අමාල් ෆරූක්ව මානසික සටනකින් පරාද කලාට පස්සේ මොකද වුණේ කියලා. එයාගේ හිත ඩේවිඩ් හුගක් පුංචි කාලේදී එයාට තියලා අගුලු දැම්මට පස්සේ අමාල් ෆරූක්ව බිත්තරක් හැඩති මිනි පෙට්ටියක දාලා ඒක මීගෝ ආශ්‍රමයේ පොලව යට තැන්පත් කිරීමක් කලා. ඩේවිඩ්ට මේ ආශ්‍රමය ගැන හුගක් දේවල් දැනගන්න ලැබුනා එයා මානසිකව ඒ ආශ්‍රමයට සම්බන්ධ වුන වෙලාවේදී. භික්ෂුන්ට ඕන කරලා තියෙන්නේ ඩේවිඩ්ව යොදාගෙනඅමාල් ෆරූක්ව මෙල්ල කරන්න. ඒත් ඉතින් මේ කතාව බලපු ඔයාලට තේරෙන්න ඇති ඩේවිඩ්ටම තමයි අමාල් ෆරූක්ව මෙල්ල කරන්න ඕන වගකීම ගන්න වෙන්නේ කියලා. කතාවේ අන්තිමට පෙන්නුවා ඩේවිඩ් අර භික්ෂුව එක්ක සංවාදයේ යෙදුනට පස්සේ එයා ඒ ගොඩනැගිල්ලෙන් බිමට පැනලා මැරෙනවා. ඊටපස්සේ ඩේවිඩ් දැක්කා එයාගේ එහා පැත්තෙන් සිඩ් ඉන්නවා. අර දත් කටින වෛරසයට ගොදුරු වෙලා. සුපුරුදු පරිදි ඩේවිඩ් සිඩ්ට අත තියලා සිඩ් ඉන්න දිහාවට කාල තරණයක් කරනවා. පෙන්නුම් කරපු හැටියට නම් ඒ පෙන්නුවේ හුගක් හිම වැටෙන පැත්තක් වගෙ. 

හොඳයි එහෙනම් මේ සුදානම අද නිකුත් වුන ලීජන් කතා මාලාවේ දෙවැනි කතා සමයේ 4 වැනි කතාව ඔබ වෙත අරගෙන එන්න, මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන චාමර සහෝට මෙතෙක් කතාවේ වුන සිද්ධිය ලියල දුන්නට, මොකද මට මේ කතා සමය තවමත් බලන්න ලැබුනේ නැහැ, කොහොම වුනත් ගත්ත වැඩේ ඉවරකලා ඉතින්. හැරෙමු අද කතාව පැත්තට…

එදා නතර වුන තැනින් තමයි අද පටන් ගන්නේ, ඒ හිම වැටෙන සීතලේ සිඩ් එස්කිමෝ නිවහනක ගිනි තපිනවා, නමුත් මේ අපි හිතන තැන නෙමෙයි… ඒ වගේම මෙතන දී සිඩ් අද දවසට හමුවෙන මුල්ම වතාවත් මේක නෙමෙයි… අද කතාව ගලායන්නේ සිඩ් ගේ ජිවිතයේ සිදුවීම් එකක්, උපන් මොහොතේ ඉදලා විවිධ ප්‍රධාන සිදුවීම් කිහිපයක් විවිධ කොණ තුලින් පැටලුම ලිහාගෙන සිඩ්ව නැවතත් පියවි ලෝකයට ගෙන්න තමයි ඩේවිඩ් උත්සහ කරන්නේ.. නමුත් අනික් උදවිය එකක් වගේ ඒක ලේසි වෙන්නේ නැහැ සිඩ් මේ ඔක්කොම කරන්නේ පණිවුඩයක් ලබා දෙන අරමුණෙන්… ඒ එකක්ම සිඩ්ගේ ජිවිතයේ විවිධ ප්‍රශ්නාර්ථයක් මතු කරන සිදුවීම් දැකගත හැකි වේවි…

ඉතින් එහෙනම් නැවත නැවතත් ඩේවිඩ් එකක් ගිහින් මේ පැටලුම ලිහාගෙන ඊලග කතාව බලන්න සූදානම් වෙලා ඉන්න..අයෙත් උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !!!

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

15 comments

  1. Nilupul Madukapriya Perera

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!

  2. Kasun A.

    sabata thuthi sameera saho.jaya!

  3. kusal lakindu

    ස්තූතියි.

  4. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සමීර අයියේ උපසිරැසියට, වැඩිය ඩවුන්ලෝවත් කමෙන්ට්වත් නැති එකේ,
    අපි අපිම කමෙන්ට් දාගමු.
    ජය!!!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ
    ඊලග කොටසත් මේ වගේම ඉක්මනට දෙමු
    ජය

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි.............ජය වේවා..............!!!!!!!!!!!!!!!!!!!

  8. Udara Damith Dissanayaka

    .....................උපසිරැසියට බොහොම ස්තුතියි ..............

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  13. ranga11112

    උපසිරැසියට ස්තූතියි සහෝ

  14. dakan

    tnx bn sub akata....ethuru tikath damuuuuu

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.