ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ නවවන උපන්දිනේ නිමිත්තෙන් ලබාදෙන BBC ලයිෆ් කතා මාලාවට මගේ දායකත්වය ලබාදෙන්න තමා මේ ආවේ. දැනටමත් ඔයාල දන්නවා ඇතිනේ අද දිනය පුරාවට බයිස්කෝප් අපි ඔයාලගේ දැනුම සහ විනෝදය සඳහා IMDb අගය 9.1 වන මෙම සුවිශේෂී කතාමාලාව සම්පුර්ණයෙන් ලබාදෙන බව. ඉතින් ම…
ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ නවවන උපන්දිනේ නිමිත්තෙන් ලබාදෙන BBC ලයිෆ් කතා මාලාවට මගේ දායකත්වය ලබාදෙන්න තමා මේ ආවේ. දැනටමත් ඔයාල දන්නවා ඇතිනේ අද දිනය පුරාවට බයිස්කෝප් අපි ඔයාලගේ දැනුම සහ විනෝදය සඳහා IMDb අගය 9.1 වන මෙම සුවිශේෂී කතාමාලාව සම්පුර්ණයෙන් ලබාදෙන බව. ඉතින් මෙන්න එහි තුන්වන කොටස.
මේ කතාමාලාව වෙන් වෙලා තිබෙනුයේ ජීව රුක තුල අපත් නියෝජනය වෙන ක්ෂීරපායින් සත්ව කාණ්ඩය වෙනුවෙන්. ඉතින් අප දන්නවා ක්ෂීරපායින් නැතහොත් කිරි බි වැඩෙන සත්වයන් වර්ග විශාල ප්‍රමාණයක් ලොව ජීවත්වෙන බව. විවිධ වර්ග වල, විවිධ ප්‍රමාණයේ සත්වයන් දක්නට ලැබුනත් සත්ව ලොව ක්ෂීරපායින් අනිකුත් සත්වයන්ගෙන් විශාල වශයෙන් වෙනස් වෙනවා. වෙනත් බොහෝ සත්ව වර්ග ඉපදුන ගමන් තම පැටවුන් අතහැර දමන සහ රැකබලා නොගත්තත් ක්ෂීරපායින් අවුරුදු ගණනක් තම දරුවන් ලොකු මහත් කරනවා. ඉතින් එවන් විශේෂ සත්ව වර්ග ගණනක ජිවන චක්‍රයේ අවස්ථාවන් ඔබට මෙම කතාංගය මගින් දැකගන්න පුළුවන්. හිම වලසාගේ සිට අප්‍රිකාවේ උණුසුම් ප්‍රදේශ වල ජිවත්වන මුගටියන් ගැන විතරක් නොව ගොඩබිම ලොකුම සත්වයා වන අලියාගේ සිට ජලයේ ලොකුම (මාළු නොවන) සත්වයා වන තල්මසුන් දක්වා ඔබට මෙම කොටසින් බලාගන්න පුළුවන්. උන් තම දරුවන් බලාගන්නා ආකාරය, එකිනෙක සත්ව වර්ගයන් තම මව්-දරු සෙනෙහස දක්වන විදිය අලංකාරවත්ව මෙහි පෙන්නුම් කරනවා.
ඉතින් මේ අවස්ථාව අවුරුදු ගණනක් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක සිටිනා ඔබ සැමට ස්තුති කරන්නත් අවස්ථාවක් කර ගන්නවා. ඒ ගමන්ම අටසියයකට වැඩි උපසිරසි කරුවන් සහ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ඉතාමත් වැදගත් වෙන දැන්වීම් ලබාදුන් වෙළඳ ආයතනවලටත් ස්තුතිවන්ත වෙනවා. වසර නවයකට ප්‍රථම මෙවන් සංකල්පයක් ඉදිරිපත් කරන ලද ඉසිර සහෝදරයාටත් ඉන්පසු වෙබ් අඩවිය මේ වනතාක් පවත්වාගෙන ආව සියලුම ඇඩ්මින්වරුන්ටත් සිංහල උපසිරසි නිර්මාණ කරුවෙක් ලෙස සහ උපසිරසි ලබාගන්නා අයෙක් ලෙස ස්තුතිවන්ත වෙනවා.
එහෙනම් ඊළඟ කොටස නිදහස් උපසිරසිකරණයේ නිර්මාතෘ නොහොත් රොයිලි ප්‍රනාන්දු සහෝදරයා ඔයාලට අරගෙන ඒවි. ගොහින් ඉක්මනටම එන්නම්.
බුදු සරණයි…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
1,249 downloadsDownload Life-S01E03.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
11 comments
Helili Hemamali
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය අයියේ උපසිරසට}}~~°°
•••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••උදයංග සම්පත් හතරසිංහ
Good job Bro
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
............උපසිරැසියට ගොඩක් ස්තුතියි....... happy birth daya
ela
me wage ewata sab dena ekataJL Fernando.
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි..
Nirosha Nirosha
thanks
Pasindu
Thanks
Advertisement
හම්මේ නියමයි, බොහොම ස්තූතියි ලෝගන් අයියේ!