Little Mom [E12] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E12] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…
Little Mom Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom Sinhala Subtitlesඅද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි Little Mom කතා මාලාවෙ එකලොස්වෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom Sinhala Subtitlesමතක ඇතිනෙ නවුරාගේ රහස් සෙලීන් විසින් හෙලිකිරීම නිසා නවුරාව පාසලෙන් නෙරපනවා.. නවුරාගේ අනාගත බලාපොරොත්තු බිදී යාම නිසා නවුරා දැඩි කම්පනයකට පත්වෙනවා. නවුරා පාසලෙන් නෙරපීම සම්බන්ධයෙන් කීනන් විසින් සෙලීන්ට චෝදනා එල්ලකරනවා. ඒ වගේම පාසලේ මිතුරන් අතර නවුරා ප්‍රතිෂේප වීම් සිදුවුන ආකාරයත් දකින්න ඇතිනෙ. මේ අතර සෙලීන් හා වීඩී එක්ව නවුරාව පැහැරගන්නවා. මෙය දකින යූද් ඔවුන් පසු පස හබා ගොස් නවුරාව බේරාගන්නවා. මේ පිළිබදව දැනගන්නා නවුරාගේ පියා සෙලීන්ට හා වීඩී ට විරුද්ධව පොලීසියට පැමිණිලි කරනවා. අත් අඩංගුවට පත්වන වීඩී හා සෙලීන්ට හිරකූඩුව ඇතුලෙදි විදින්න වන සිදුවුන සිදුවීම් මතක ඇතිනෙ..
වීඩී කෙසේ හෝ ඇප ලබා පිටව ගියත් සෙලීන් අදාල කූඩුවේ සිටි සිරකාරියන් දෙදෙනෙකු අතින් පහරකෑමට ලක්වනවා. මෙයින් තුවාල ලබන සෙලීන් රෝහලකට පවා ඇතුලත් කරනවා. මෙහිදී සෙලීන්ව බැලීමට පැමිනෙන ඇයගේ දෙමව්පියන්ට සෙලීන් විසින් ඇය මේ තත්වයට පත්වීමට ප්‍රධාන හේතුව ඇයගේ පියාබව පවසනවා. සෙලීන්ගේ පියා ඔහුගෙ වැරදි පිලිගන්නා අතර නැවත ඔහු අතින් එවැනි වැරදි සිදුනොවන බවට පොරොන්දුවක් ලබාදෙනවා. මේ අතර කීනන් තමන්ගේ පියා සමග පැමින නවුරාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කලත් අවසානයේ නවුරා යූඩාගේ විවාහ යෝජනාව පිළිගැනීමත් සමග එකලොස්වෙනි කොටස අවසන් වනවා.
අද කොටසෙන්,
නවුරා කීනන් හමුවට ගොස් ඔහුගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් එයට හේතුත් පවසනවා.. මෙයින් දැඩි සිත් තැවුලට පත්වන කීනන් වෙනත් කල්පනාවකින් පාරෙ ගමන් ගනිමින් සිටින අතර අනතුරකට මුහුණ පානවා.. එම අනතුර නිසා කීනන්ගේ පහුගිය අවුරුද්දක මතක ඔහුට අහිමිවනවා.. එතනින් පසු කීනන්ට කුමක් සිදුවෙයිද ?
අවසාන කොටසෙන් හමුවන තෙක් ඔබට සුභ දවසක්…
Little Mom Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
443 downloadsDownload Little-Mom-E12-Sinhala-Subtitles.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E12]
- #Little Mom [E12] Sinhala Sub
- #Little Mom [E12] Sinhala Subtitles
- #MaxxA
- #Mira Asmara
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





මේ සීරිස් එකට සබ් දීපු එකටනං බොහෝම ස්තූතියි සහෝ...
මේක ෂෝයි සීරිස් එකක්...
ස්තූතියි මචං ඔයාගේ මහන්සියට.....