Little Mom [E11] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E11] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…
Little Mom Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom Sinhala Subtitlesඅද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි Little Mom කතා මාලාවෙ දහවෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom Sinhala Subtitlesනවවෙනි කොටසේදි දකින්න ඇතිනේ කීනන් හා නවුරා පෙම්වතුන් බවට පත්වනවා. ඉතින් මොවුන් දෙදෙනා පොඩි සාප්පු සවාරියක් යනව මිලීට අවශ්‍ය බඩු ගන්න. මෙහිදී කීනන් සතුව පවතින ළදරුවන් පිලිබද දැනුම හොදින් පෙන්වනවා. මේ අතර යූඩා නැවතත් නවුරාට නොදැනෙන පරිදි පසු පසින් පැමිනෙන අතර සෙලීන් යූඩා ලෙස නවුරාට කෙටි පණිවිඩ යවනවා, ඒ ඇයගේ දරුවාද රැගෙන යූඩා හමුවීමට උද්‍යානය වෙත පැමිනෙන ලෙස දන්වමිනුයි. සෙලීන්ගේ මේ කපටි උපායට හසුවන නවුරා ඇයගේ දරුවාද කැටුව උද්‍යානය වෙත යන්නෙ යූඩා හමුවීමේ අපේක්ෂාවෙනුයි.. නමුත් මෙහිදී ඇය ඉදිරියට පැමිනෙන සෙලීන් හා වීඩී දකින නවුරාට දෙලොව රත්වනවා. ඔවුන් විසින් නවුරා මවක් ලෙසින් හදුන්වමින් ඇයගේ සියලු රහස් ඇය ඉදිරියේ හෙලිකරනවා.
මේ සියල්ල අවසානයේ අදාල රහස් හෙලිනොකිරීමට නම් කීනන්ගෙන් වෙන්වන ලෙස සෙලීන්, නවුරාට පවසනවා. අකමැත්තෙන් වුවත් නවුරා මේ සදහා උත්සහ කරන අතර කීනන් නම් කෙලෙසකවත් ඇයව අතහැර යාමට එකග වන්නෙ නෑ.. මේ සියල්ල කිකීට පවසන නවුරා, කිකී විසින් එය යූඩාට පවසනවා. යූඩා හැකර්කරුවෙක් ලවා අදාල රහස් අඩංගු දුරකත දත්ත මකා දැමීමට සමත්වනවා. මේ අතර සෙලීන් විසින් කීනන්ගේ මවට කීනන් හා නවුරා අතර ඇති සම්බන්ධය පිළිබද විස්තර පවසනවා.
මෙයින් දැඩි ලෙස කිපෙන කීනන්ගේ මව නවුරා සමග ඇති සම්බන්ධය වහාම නවතන ලෙස කීනන්ට පවසනවා. අවසානයේදී සෙලීන් විසින් නැතිවූ නවුරාගේ රහස් අඩංගු ෆෝල්ඩරය නැවත ලබා ගන්නා අතර නවුරාගේ සියළුම රහස් පාසල හමුවේ හෙලිකරනවා. නවුරා ඒ අවස්ථාවේදී දැඩි ලෙස ළමුන් ඉදිරියේ ලැජ්ජාවට පත්වනවා. එය ඉවසාගෙන සිටිය නොහැකි තැන නවුරා පාසලෙන් පලා යනවා දකින්න ඇතිනේ.. කතාව අවසන් වෙන්නෙ නවුරාගේ පියා නවුරාව පාසලෙන් නෙරපා ඇති බව දැන්වූ පසුවයි.
අද කොටසෙන් බලාගන්න පුලුවන්, පාසලෙන් නෙරපීම හමුවේ දැඩි සිත් තැවුලට පත්වන නවුරා හඩාවැටෙනවා.. මේ අතර නවුරා ඉදිරියට පැමිනෙන යූද් නවුරා සමග විවාහ වීමට කැමති බව ප්‍රකාශ කරනවා. මේ අතර කීනන් සහ යූඩා අතරත් සෙලීන් සහ කිකී අතරත් ගැටුම් ඇතිවෙනවා. මේ ගැටුම් වලින් කවුරු දිනයිද.. ? නවුරාව පැහැර ගැනීමට පැමිනෙන පුද්ගලයන් කවුද ? මේ සියල්ල දැනගැනීමට නම් එකලොස් වෙනි කොටස බලන්නම වෙනවා..
දොලොස්වෙනි කොටසෙන් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක්…
Little Mom Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
441 downloadsDownload Little-Mom-E11-Sinhala-Subtitles.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E11]
- #Little Mom [E11] Sinhala Sub
- #Little Mom [E11] Sinhala Subtitles
- #MaxxA
- #Mira Asmara
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement





...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..