Little Mom [E13] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E13] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…
Little Mom Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom Sinhala Subtitlesඅද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි Little Mom කතා මාලාවෙ දොලොස්වෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom Sinhala Subtitlesනවුරා කීනන් හමුවට ගොස් ඔහුගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් එයට හේතුත් පවසනවා.. මෙයින් දැඩි සිත් තැවුලට පත්වන කීනන් වෙනත් කල්පනාවකින් පාරෙ ගමන් ගනිමින් සිටින අතර අනතුරකට මුහුණ පානවා.. එම අනතුර නිසා කීනන්ගේ පහුගිය අවුරුද්දක මතක ඔහුට අහිමිවනවා.. කීනන්ගේ මෙම අනතුර පිළිබද සැබෑ තොරතුරු යූඩා විසින් නවුරාට නොකියා සගවනවා. එනිසා කීනන්ගේ මතකය නැතිවීම පිළිබදව නවුරා දැනගන්නෙ නෑ.. කීනන් හොදින් ඇතැයි සිතා නවුරා, යූඩා හා විවාහයට සූදානම් වනවා. මේ අතර සෙලීන් කීනන්ගේ මතකය නැතිවීම ඇයගේ වාසියට හරවා ගනිමින් ඇය කීනන්ගේ පෙම්වතිය බව පවසනවා. මේ ගැන නොදත් අසරන කීනන් සෙලීන්ගේ මුසාබස් පිලිගත්තත්, නවුරාගේ නම ඇසෙන සෑම වෙලාවකට සිහිසුන් වී බිම ඇද වැටීමට පටන් ගන්නවා. මේ අතර අහම්බයෙන් කීනන්ව දකින නවුරා වටහාගන්නවා කීනන්ගේ මතකය නැතිවී ඇති බව.
ඇයට මෙම කරුණු නොකීම පිළිබදව නවුරා සහ යූද් අතර වචන හරඹ කිහිපයක් ඇතිවෙනවා. නැවතත් නවුරා සහ කීනන් සම්මුඛ වන අතර ඒ අවස්තාවේදී කිනන් නවුරාගේ නම විමසන අතර, තමන්ගේ නම “නාලා” බව නවුරා විසින් පවසනවා.. නවුරා සහ යූඩා අතර මත ගැටුම් දිනෙන් දින උග්‍ර වන වාතාවරණයක යූඩා විසින් නවුරාට තමාව හමුවීමට රාත්‍රී 8 ට අවන්හලක් වෙත පැමිනෙන ලෙස ආරාධනා කරනවා, එසේ වේලාවට පැමිණීමට නොහැකි වුවහොත් කසාදය නවතා දමමු යැයි යූඩා විසින් පවසනවා..
නවුරා කීනන්ව හමුවීමට සාප්පු සංකීර්ණයට යෑමත් එහිදී කීනන් අසනීප වී නැවත රෝහලට ඇතුලත් කිරීමට සිදුවීමත් නිසා නවුරාට යූඩා හමුවීමට අදාල වෙලාවට අවන්හල වෙත ගමන් කිරීමට නොහැකිවෙනවා. අවහන්වල වැසීමට ස්වල්ප වෙලාවකට කලින් ඒ වෙත යන නවුරා, යූඩා අවන්හල තුල සිටිනවා දකිනවා. කෙසේ හෝ නවුරාගේ සහ යූඩාගේ විවාහය සිදුවන දවස එළබෙනවා.. එදින කීනන්වත් කැටුව සෙලීන් අදාල හෝටලයට යන්නේ බොරු චාටු මවාපාමින්. ඒ නවුරාගේ කසාදය කීනන්ට පෙන්වීමේ අරමුනින්. කසාදය සිදුවීමට විනාඩි කිහිපයක් තියා යූඩා විසින් නවුරා සමග විවාහ විය නොහැකි බව පවසනවා. මේත් සමග දොලොස්වන කොටස අවසන් වනවා..
අද කොටස එහෙමත් නැත්නම් අවසාන කොටස පිළිබදව මම කිසිවක් සදහන් නොකර ඉන්නම්..
ඉතින් කොටස් 13 ක් පුරා ඔබ සමග ආ ගමන මෙතනින් අවසන් වනවා.. ඇත්තටම Little Mom කතා මාලාව ඔබ හමුවේ තැබීමෙන් මා බලාපොරොත්තු වූවේ වර්තමාන දරු දැරියන් මුහුන පාන කාලීන සාමාජීය ගැටළුවක් පිළිබදව සමාජයේ කතිකාවතක් ඇතිකරලීමයි. ඉතින් එය ඉටුවූවත් නොවූවත් ඔබ මෙය නරබා යම් වින්දනයක් ලබන්නට ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.. පුරා මාස 3 ක් Little Mom
කතාවේ උපසිරසි සමග වෙහෙස වුනු මා නිවැරදිම, හොදම දේ ඔබ හමුවේ තැබීමට ඇප කැපවී මහන්සිවුනා.. ඉතින් දිවා රෑ නොබලා කාර්‍යාලීය රාජකාරිත් සමග වෙහෙස මහන්සි වන අතර මා ඔබට ගෙනා මේ නිර්මාණය පිළිබදව ඔබගේ අදහස් හෝ උදහස් කමෙන්ට් තීරුවේ සදහන් කරනු ඇතැයි මා බලාපොරොත්තු වනවා.. ඉතින් අපි කවදා හෝ දවසක නැවත හමුවෙමු..
මතක තියාගන්න, ” දරුවො මල් වගේ, ඒ මල් සුරැකීම, අනාගතය වෙනුවෙන් රැකබලා ගැනීම, යහපත් අනාගතයක් වෙනුවෙන් ඔවුන්ව හැසිරවීම වැඩිහිටියන් වන ඔබ අපගේ යුතුකමක්..”
Little Mom Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
467 downloadsDownload Little-Mom-E13-Sinhala-Subtitles.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E13]
- #Little Mom [E13] Sinhala Sub
- #Little Mom [E13] Sinhala Subtitles
- #MaxxA
- #Mira Asmara
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika Lakmal
baiscopelk ishu
බොහොම ස්තූතියි ඔයාටත්..
Vimukthi reshan
Arthavath drama ekk..Eka husmata bluv.meke end Eka vdyt man hthuve season 2k athi kyl avill n ned
baiscopelk ishu
S02 එකක් එන්නෙ නැතිවෙයි සහෝ බොහෝ දුරට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




මේ සීරිස් එකට සබ් ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ...
ආසාවෙන් බලපු හොද සීරිස් එකක්...
මේ වගේ වෙනත් භාශාවක සීරිස් එහෙකට කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව තමුන්ගේ පෞද්ගලික කාලය කැපකරල සබ් ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ.... ♥♥
ජය වේවා............