Watch Trailer

Loki [S02 : E02] Sinhala Subtitles | සිල්විව සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් උණු උණුවෙම Loki කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කතාංගයේ උපසිරසිත් අරගෙන ආවා. පළවෙනි කතාංගයට මාවල් රසිකයෙන්ගෙන් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මේක ඉස්සරහටත් තියාගෙන යාවි කියලා හිතමු. පසුගිය කොටසින්… සතියක්ම ගත වෙච්ච එකේ පළමු කතාංගයේ විස්තර ආපහු මතක් කරගමු. පළවෙනි එපිසෝඩ් එකේ තිබුණ ප…

ඔන්න එහෙනම් උණු උණුවෙම Loki කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කතාංගයේ උපසිරසිත් අරගෙන ආවා. පළවෙනි කතාංගයට මාවල් රසිකයෙන්ගෙන් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මේක ඉස්සරහටත් තියාගෙන යාවි කියලා හිතමු.

පසුගිය කොටසින්…

සතියක්ම ගත වෙච්ච එකේ පළමු කතාංගයේ විස්තර ආපහු මතක් කරගමු. පළවෙනි එපිසෝඩ් එකේ තිබුණ ප්‍රධානම දේ තමයි ලෝකි කාලය හරහා ඉස්සරහට සහ පස්සට යන්න පටන් ගැනීම. මේකට එයාලා කියන්නේ “Time-slipping” කියලා. TVA එක ඇතුළේ ටයිම්ස්ලිප් කරන්න බැරි නමුත් ඒක සිද්ධ වෙන්නේ ඇයි කියලා හොයාගන්න ලෝකි සහ මෝබියස් යනවා Repairs and Advancements අංශයට. ඉතින් එතනදී තමයි අපට මේ සීසන් එකේ ප්‍රධාන තැනක් ගන්න අලුත් චරිතයක් හඳුන්වා දෙන්නේ. එයා තමයි ඕරොබෝරස් හෙවත් O.B. මේ ටයිම්ස්ලිප් වෙන එක විසඳන්න නම් ලෝකිව කාලධාරාවේ හැමතැනකින්ම ගළවලා (එයාව පෲන් කරලා) කාල වියනය හෙවත් temporal loom එක හරහා එයාව වර්තමානයට ඇදලා ගත යුතු වෙනවා. නැත්නම් ලෝකි සදහටම කාලය අතරේ අතුරුදහන් වෙලා යනවා කියලයි O.B. කියන්නේ. කොහොමහරි එපිසෝඩ් එක අවසානයේදී එයාලා ඒක කරන්න සමත් වෙනවා.

ඒ අතරේ අපි දැක්කනේ TVA එක ඇතුළේ තියෙන අවුල. සේක්‍රඩ් ටයිම්ලයින් එක ආපහු හරවන්න බැරි තරමට ශාඛාවලට බෙදිලයි තියෙන්නේ. කාල වියනයට දරාගන්න බැරි තරම් අතු ප්‍රමාණයක් එකට වියන්න සිද්ධ වෙලා තියෙන නිසා ඒක කොයි වෙලා meltdown වෙයිද කියලා කියන්න බෑ. TVA එකේ ප්‍රධානීන්ගෙන් සමහරු කියන්නේ අමතර ශාඛා ටික පෲන් කරලා දාන්න කියලයි. සමහරු ඒකට විරුද්ධයි. ඉතින් මේ ප්‍රශ්න ඉවසගන්න බැරි තැන ඩොක්ස් සහ X-5 ඇතුළු කට්ටියක් ආයුධ ගබඩාව හිස් කරගෙන මේ ඔක්කොටම මුල වෙච්ච සිල්විව හොයාගන්න යනවා මතක ඇතිනේ. එතනින් තමයි පළවෙනි එපිසෝඩ් එක අවසන් වුණේ.

ඒවගේම post-credit scene එකේදි අපි දැක්කා සිල්වි, ටයිම්ලයින් එකේ ශාඛාවකට ඇවිත් මැක්ඩොනල්ඩ්ස් එකකට යන විදිය. පේන විදියට නම් ඉතිරිව හුන් ඔහු මැරුවට පස්සේ එයා අලුත් ජිවීතයක් පටන් ගන්න තීරණය කරලා වගේ.

අද කොටසින්…

අද කොටස නම් කරලා තියෙන්නේ “Breaking Brad” කියලා. ලෝකි සහ මෝබියස් X-5 හෙවත් “බ්‍රැඩ්ව” අල්ලගෙන එයා හරහා සිල්විව හොයාගෙන යන ගමන තමයි මේ එපිසෝඩ් එකේදී දැකගන්න පුළුවන් වෙන්නේ. ඒවගේම මේ අතරේ TVA එකේ වෙනත්ම සැලසුමකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ මොකක්ද කියලා බලලම හොයාගන්නකෝ.

එහෙනම්, තුන්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඊළඟ සතියේ ආපහු හමුවෙමු. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

24,347 downloadsDownload Loki-S02E02.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Nxt Season BT12

Subtitles

24,347 downloadsDownload Subtitles28 KB

16 comments

  1. ravisara

    Thank You.....

  2. THISANGA

    breaking brad
    -|-

  3. THISANGA

    thanx machan
    epiy bll ennan
    $

  4. එල්. සී. ‎දමැල්

    සබ් එකට ස්තුතියි සනුප මල්ලි!
    ජය!

  5. Thisara Prabhath Senarathne

    Thanks bro

  6. 'ZK Max

    foundation 2 ටීවී සීරියස් එකේ subtitle ටිකත් දාන්නකෝ සහෝ

  7. Kosala

    Thanks bocca

  8. THISANGA

    Thanks kollo
    Supiriyt thibb sub Ek
    JAYA!

  9. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සනුප මලේ..
    දෙවැනි සීසන් එකත් මුල් එක වගේම සුපිරියි.
    සබ් එකත් මරු ආ

  10. Udara Damith

    ඩොස්ට ඩිඩින් එල

  11. Waruna

    සුපිරි kollo

  12. Dewadithya

    Thanks for Sub!

  13. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.