Watch Trailer

Loki [S01 : E01] Sinhala Subtitles | මහානුභාවසම්පන්න අරමුණක්! [සිංහල උපසිරසි]

Loki කතා මාලාව ආරම්භ කරන්නයි මේ සූදානම. මේ වෙනකොට MCU එකට ඍජුවම සම්බන්ධ වන කතා මාලා තුනක් ඇවිත්. WandaVision, The Falcon and the Winter Soldier (2021) සහ අද මේ ඔබ වෙත ලැබෙන Loki. මේ කතා මාලාවට දෙවෙනි කතා සමයක් එනවා කියලා තහවුරු කරලා අවසන් වගේම දැනටමත් එහි නිර්මාණය කිරීමේ වැඩකටයුතු කෙරෙමින් පවතිනවා.…

Loki කතා මාලාව ආරම්භ කරන්නයි මේ සූදානම. මේ වෙනකොට MCU එකට ඍජුවම සම්බන්ධ වන කතා මාලා තුනක් ඇවිත්. WandaVision, The Falcon and the Winter Soldier (2021) සහ අද මේ ඔබ වෙත ලැබෙන Loki. මේ කතා මාලාවට දෙවෙනි කතා සමයක් එනවා කියලා තහවුරු කරලා අවසන් වගේම දැනටමත් එහි නිර්මාණය කිරීමේ වැඩකටයුතු කෙරෙමින් පවතිනවා. මෙම පළමු කතා සමය කොටස් 6කින් සමන්විතයි.

 

කවුද මේ ලෝකි?

ලෝකි ලෆේසන් කියන්නේ ලෆේගෙ ජෛව පුත්‍රයා. ලෆේ කියන්නේ යෝට්න්හයිම් (Jotunheim)හි පාලකයා. ඔහු ෆ්‍රොස්ට් ජයන්ට් කෙනෙක්. ලෝකි ඉපදුණාට පස්සේ ලෆේ ඔහුව මැරෙන්න දාලා යනා. ලෝකිව, ඔඩින් විසින් හොයාගන්නවා. ඊටපස්සෙ ඇස්ගාඩ්වවලට ලෝකිව අරගෙන යනවා. ඊට පස්සෙ ෆ්‍රිගා සහ ඔඩින් යටතේ ඇස්ගාඩියානු කුමාරයෙක් විදිහට තමයි ලෝකි, තෝර් සමගම උස් මහත් වෙන්න‍ේ. 

ඉතින් පළමු, දෙවෙනි සහ තුන්වැනි Thor චිත්‍රපට, Avengers පළමු සහ තුන්වන චිත්‍රපට එහෙම ඔයාලා බැලුවනම් ලෝකි කියන්නෙ මොන තරම් බුද්ධිමත්, කපටි හාදයෙක්ද කියලා නොදන්නවා වෙන්නනම් බෑ. කොටින්ම MCU එකේදි වැඩිම වාර ගණනක් මරණයට පත් වුණා කියලා ව්‍යාජව රඟපාලා නැවත ආපු චරිතය වෙන්නෙ ලෝකි. Avengers කතාවෙදි සෙංකෝලයක් සමග තැනොස්ට සේවය කරමින් චිටෝරි හමුදාව ගෙන්නලා මහා විනාශයක් සිදු කරන්නේත් මේ ලෝකිම තමා.

 

අහිංසකයෙක් ලෙස උපත ලැබුවෙමි, සතුරෙකු ලෙස දිවි ගෙව්වෙමි, වීරයෙකු ලෙස මියදුනෙමි

කරන තරමක් නසරානි වැඩම කරලා, හතුරෙක් විදිහට හැමතැනදිම හංවඩු ගැහුණත්, Thor: Ragnarok සිනමාපටයේ සිට යම් යහපත් කල්ක්‍රියාවක් පෙන්නුම් කරමින්, තැනොස්ව රවටන්න හදන ලෝකි Infinity War’හිදි මිය යන්නේ වීරයෙක් විලසින්. බොරුවට කිහිප වරක්ම මිය ගිය ලෝකිගේ ජීවිතේ අවසානයම වෙන්නට ඉඩ තිබුණා, Endgame කියලා කතාවක් නාවනම්.

 

යළි ආගමනය

ඉතින් Endgame එකේදි අපි දැක්කා Infinity Warහිදි තැනොස් ලෝකයෙන් ඉවත් කළ ජීවීන් අඩ නැවත ගෙන ඒමට දරන වෑයමේදි  කළ කාල කොල්ලය. (Time Heist) මේකෙදි 2012 කාල රාමුවෙදි වෙන මෙම කාල රාමුවේම හල්ක් නිසා සිදු වූ අලකලංචිය නිසා ලෝකි සමත් වෙනවා ටෙසරක්ට් එක අරගෙන මාරු වෙන්න. මෙතනින් පසුව ලෝකිට ‌වුණේ මොකක්ද? ‌සියලු මාවල් ප්‍රේක්ෂකයන් වගේම මගේ හිතෙත් මේ ප්‍රශ්ණය දැවි දැවී පැවතුණා. ඔව් මේ කතා මාලාවෙන් ඔබ වෙත ගෙන එනු ලැබෙන්නේ අන්න ඒ පිළිබඳ කතාවයි. ඉතින් මතක තියාගන්න මෙහි කාල රාමුව. තාම මේ කාල රාමුවෙ ‌ලෝකි Thor: The Dark Worldවත් Thor: Ragnarokවත්, අපි විසින් ලෝකිව වීරයෙක් ලෙස දුටු Infinity War සිදු වීම්වත් සිදු වී නැහැ. එවැන්නක් ඉදිරියේදිද සිදු නොවේවි. ඉතින් මේ අපි දකින්න යන්නෙ Avengers පළමු චිත්‍රපටයෙදි දුටු ලෝක නසරානි ලෝකි චරිතයමයි. ‌

 

Time Variance Authority (TVA)

TVA ලෝගෝව

ඔයාලා ලෝකි කතා මාලාවේ පූර්ව ප්‍රචාරක පට බලද්දි මේ Time Variance Authority (TVA) කියන දේ දකින්න ඇති. අපි සිංහලෙන් මේකට කාල විචල්‍යය අධිකාරිය කියලා කියමුකො. මේ සංවිධානය විසින් කරන්නෙ කාලය හා අවකාශය පිළිබඳ දේවල් නිරීක්ෂණය කිරීම. Multiverse නොහොත් මේ බහු විශ්වයන් තුළ පවතිනා සෑම කාල රාමුවක්ම පිළිබඳ මොවුන් අවධානය යොමු කරනවා. ඉතින් 2012දි ටෙස්රැක්ට් එක අරගෙන මාරු වෙච්ච ලෝකිව TVA එකෙන් අත්තඩංගුවට අරගෙන, ඔහුට ජීවත් වෙන්න අවස්ථාව දෙනවා හැබැයි ඒ වෙනුවෙන් ඔහුව සේවයට බඳවගන්නවා කාල රාමුවට කරපු බලපෑම් හරිගැස්වීමට‍. ඉතින් ලෝකිගේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් අද ඉඳලා සති හයක් එක දිගට බලන්න ලැබේවි.

ලිපිය – L.C. ද මැල්

Director: Kate Herron.

Writers: Tom Kauffman, Michael Waldron.

IMDB Ratings : 9.2

Air Date: 09 June 2021


 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

36,989 downloadsDownload Loki.S01E01.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

36,989 downloadsDownload Subtitles59 KB

88 comments

  1. tharidu16

    okkoma dunnata passema balanawa

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. sachintha

      ශාන් සහෝ PSA කොපියට සබ් එක ගැලපෙන්නේ නෑනේ...

    2. Anonymous

      Wena site ekakin deela thynow...eka galapenow

  3. Anonymous

    Thank Bro සබ් එකටයි Article එකටයි ❤️

  4. Gayana Thathsara

    Thank Bro සබ් එකටයි Article එකටයි ❤️❤️

  5. Gihan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ L.C ද මැල් සහෝගෙ ලිපියටත් තෑන්ක්ස්..... PSA කොපියටත් සෙට් වෙන සබ් එක දෙන්න

  7. malith madhushan

    බොහොම ස්තුතියි විමා අයියේ. මේක දෙනකන් හිටියේ. අනිත් එපි ටිකටත් ආපු ගමන් සබ් ගේන්න

  8. P.H.I

    Superman & Lois sinhala sub eka dennako

  9. UD

    Ane please sweet thooth eke sub eka dennko

    1. Anonymous

      Wena site ekaka deela thynow bn
      Baiscope eken denkn hityoth ubta blnna wenne a

    2. Anonymous

      Dnta episode 3kma deela thyno...sub ekath awlak na

  10. BLA©K TIGE®

    සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ!

  11. B1ack_C0d3

    ආපෝ බං දවසක්ම යනවද සබක් දාන්න සිරිස් එකක එක එපියකට ? එපි රිලීස් වෙච්ච ගමන් වගේ කඩ්ඩ සබත් ආවනේ ? ෆේල් ඈ

    1. Anonymous

      Munta wena wada thynow buruwo, uba wage nikammu newei hmoma

    2. එල්.සී. දමැල්

      ඔබතුමාගෙ කෝණයෙන් අපි ෆේල් වුණේ 2009 මහත්තයෝ. තමුන් වගේ ගුනමකු, අපි නිකම්මු සහ තමුන්නැහැලාගේ සේවකයෝ කියලා හිතන පිරිසකට උපසිරසි නිකුත් කරන්න පටන්ගත්ත දවසේ. ඔය ඉක්මනින් සබ් දෙන (ඔබතුන්ලටම ගැලපෙන පරිවර්තන සහිත) ඕණ තැනකින් ගන්න කරුණාකරලා මෙහෙ නොලැග මෙතන සමහර නිර්නාමික උත්තම පුරුෂ මහත්තරු මේකට රිංගලා යෝජනා කරලා තියෙනවා වගේ.

      ප.ලි.
      අපි ප්‍රමාද වෙලා හරි සබ් එකක් දෙන මූලික හේතුව පහළ තමුන්නැහැට පිළිතුරු දීපු සහ ස්තුති කරන්න කමෙන්ට් කරන අය වෙනුවෙන්. ❤️

    3. Dimuthu

      amo amo menna gokz.mama me depaththema hitagena inne baninne ho udyogimath karawanne naha.

      namuth Sub dena ape ayiyage paththata mama bara wenawa

      thank you Sub dunnata wima ayiyandi.

    4. Supun

      අර සබ් එක පටන් ගත්ත ගමන් 'අදාළ පුද්ගලයාගේ නම් කැපීම හෝ සුළු සුළු වෙනස්කම් කිරීම සපුරා තහනම්' කියල පම්පෝරියක් ගහලා ෆිල්ම් එක හරි ටීවී සීරීස් එක හරි රිලීස් වෙලා පැයෙන් සබ් දෙන කවදාවත් සබ් උස්සල ඒකෙ නම්ගම් එඩිට් කරල උන්ගෙ වගේ දාගන්නෙ නැති පරම පවිත්‍ර ඇඩ් විමානෙන් සබ් එක ගනින්කො බයිස්කෝප් එවුන් ෆේල් නම් :D
      'අදාළ පුද්ගලයාගේ නම් කැපීම හෝ සුළු සුළු වෙනස්කම් කිරීම සපුරා තහනම්' කියල හොරු ටිකක් කියද්දි හිතහංකො අනිත් තැනිනුත් හිනහ නොවී ඉන්න මනුස්සයෙක් කොච්චර ට්‍රයි කරන්න ඕනද කියලා :D :D

    5. Sahan Prabhasara

      menna goks

    6. Ashvin

      ඔය මහත්තයා පරම පවිත්‍ර ඇඩ් විමානෙන් ෆිල්ම් එකක් බලලම නැද්ද.. ?

    7. Anonymous

      නෑනෙ මහත්තයො ගත්ත සබ් එකත් මෙලෝ රහක් නැති නිසා අතෑරල දාලා කඩ්ඩ සබෙන්ම බැලුවනෙ

  12. Anonymous

    Thanks

  13. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  14. එල්.සී. දමැල්

    Thank you Vima ❤️

  15. Kanishka

    Macgyver tv series ekath sub dennako

  16. Ramesh

    පහරක් කොතැනද වීමා එතැන
    බොහෝමත්ම ස්තුතියි සහෝ
    ඉතිරි ටිකත් ඉකමනට දෙමු
    එල එල

  17. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි...ජයෙන් ජයම වේවා සහෝ!!

  18. Sandeep

    Thnx saho apu gaman dunnata sub eka.. ✌️

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  20. Dimuthu

    adare me ayiyandi meka weekly da yanne mama iye gaththa ada nahane yanne neh?

  21. dulan

    බොහොම ස්තූතියි සබ් එකට...

  22. Tharusha

    ආදරෙයි බොක්ක.

  23. Anonymous

    elama sago sub ekata

    1. vikum lahiru

      kiyala wadak na.sub eka patta.epi 2ke sub eka puwan taram ikmanata daanna.api itin hamadaaama sub ganne oyagen thama.elama kollo.

      menna episode 2=https://netfile2link.herokuapp.com/8139

      direce link.

  24. kavinda gamage

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...

  25. Pramukmili

    Thanx bro.........

  26. Sulakshana Thilakarathna

    අවුරුදු ගානකින් බයිස්කෝප් එකට ආව loki නිසාම, බොහොමත්ම ස්තූතියි,, ජය වේවා!!

  27. SB

    එකත් දුන්නා එහෙනම්.
    ඔක්කොම අපුවාම බලනවා.
    බොහොම ස්තුතියි !

  28. Nilush Angana

    Sub ekata thanx

  29. Shaggy

    බොහොම ස්තූතියි

  30. LaHIRU

    තෑන්ක්ස් ඈ, සුපිරියක් තමා.ඔක්කොම ආවම බලනෝ

  31. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  32. Anonymous

    Thanks Ayya meka hoya hoya hitiye download karagaththa wele idan hewwa

  33. charith

    සබ් එකට ස්තුතියි...

  34. යුරාන් ධනුක (දනුවා)

    සබට තුති විමා

  35. Anonymous

    DEXTER TV SERIES ekata sub gennako ayye

  36. Anonymous

    DEXTER TV SERIES ekata sub gennako ayye

    1. Achinthaka

      Thank sago

  37. Anonymous

    thanks for sub

    1. vikum lahiru

      ayye episode 2ke sub eka daannako.plz puwannam hetama daanna.

  38. Sahan Prabhasara

    thanks brother

  39. sam n

    super b,infinite 2021 ekata sub denna ki

  40. Sahan

    thanks a lot saho sub ekata

    1. අසේල

      තද,කොර, පට්ට... දෙයියෙක් ඔබතුමා.... බොහොම ස්තූතියි මහත්තයෝ සබ් එකට

  41. bimbisha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  42. Bimbisha Adithya

    ලිපියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  43. nilashka

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…සබ් එක එනකම් බලාගෙන හිටියේ

  44. Isira Udarshana

    thanks komloh sub ekata

  45. Dulmina

    Loki s01-e02 oni

  46. Anonymous

    Ko thama e 02 eka awith nane

  47. Kush

    Ko 2

  48. Sadesh

    Loki SE01 EP02 onii

  49. Anonymous

    episord 2 eke ekath oone ikmanata

  50. Anonymous

    2 th oneeeeeeeee......... ikmanat........

    1. vikum lahiru

      2 awa bn.biscope sub eka ooniiiiiiii.

Load more comments