අපි හැමෝම දන්නවනේ දැන් නෙට්ෆ්ලික්ස් වල නැගලම යන සීරීස් එකක් කියල ලුසිෆර් කියන්නේ. ෆොක්ස්ලා නවත්තන්න හදපු සීරිස් එක නෙට්ෆ්ලික්ස් ඇවිත් ගොඩදැම්මා. කොඩිඩ් 19 වසංගත උවදුවරත් අභියෝගයක් කරගෙන ප්‍රඩක්ශන් එක ඉවරයක් කරල ලුසිෆර් නිල වෙබ් පිටුවෙන් රසිකයන් වන අපිට බලාගන්න පුළුවන් 2021 මැයි මස 28 වෙනිදා නෙට්ෆ්ල…

අපි හැමෝම දන්නවනේ දැන් නෙට්ෆ්ලික්ස් වල නැගලම යන සීරීස් එකක් කියල ලුසිෆර් කියන්නේ. ෆොක්ස්ලා නවත්තන්න හදපු සීරිස් එක නෙට්ෆ්ලික්ස් ඇවිත් ගොඩදැම්මා. කොඩිඩ් 19 වසංගත උවදුවරත් අභියෝගයක් කරගෙන ප්‍රඩක්ශන් එක ඉවරයක් කරල ලුසිෆර් නිල වෙබ් පිටුවෙන් රසිකයන් වන අපිට බලාගන්න පුළුවන් 2021 මැයි මස 28 වෙනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ මෙය නිය වශයෙන්ම විකාශනය වෙනවා කියල. ඉතින් ඊට සති තුනකට කලින් ඇප්‍රේල් 30 වෙනිදා මෙයාලා ලුසිෆර් පස්වෙනි කතා සමයේ දෙවැනි කොටසහෙයි ට්‍රේලරය සමාජයට මුදා හැරුණා. පසවෙනි සමයට අදාළ එපිසෝඩ්වල නම් පහත පරිදි වේ.
- Episode 9: Family Dinner
- Episode 10: Resting Devil Face
- Episode 11: Bloody Celestial Karaoke Jam
- Episode 12: Daniel Espinoza: Naked and Afraid
- Episode 13: A Little Harmless Stalking
- Episode 14: Nothing Lasts Forever
- Episode 15: Is This Really How It’s Going To End?!
- Episode 16: A Chance At a Happy Ending
කලින් කතා සමයෙන් –
අපිට 5වන කතා සමයේ පළමු වන කොටසින් බලාගන්න පුළුවන් නෙහ්, ලුසිෆර්ගේ නිවුන් සහෝදරයා, මයිකල් පෘතුවියට ඇවිත් ලුසිෆර් විදියට රගපාලා ලොකු නාඩගමක් නැටුවා.ඔව් ඩිටෙක්ටිව් ක්ලෝයිව පැහැරගත්තා, ඇමනඩීල්ව ඇවිස්සුවා එයාගේ පුතා චාලී මනුෂ්‍යයෙක් කියන කාරණේ වාසියට අරගෙන. ඒ වගේම ඩෑන්ට දැනගන්න පුළුවන් ලුසිෆර්ගේ ඇත්ත ස්වරූපය, එයා කවුද කියන එක ගැන. ඒ අතරේ සුපුරුදු පරිදි කතා සමය පුරාවටම අපරාධයන් විසදන ආකාරය පෙන්නල දුන්නා. ඒ වගේම එලා කාලෙකින් තමන් ආදරය කරපු කෙනා හැමෝමවම විශ්වාස කරපු කෙනා ලොකු අපරාධකාරයෙක් වගේම මිනීමරුවෙක් කියන දේ තේරුම් අරන් මානසිකව ගොඩක් දුක් විදිනවා. ඒ අතර තුර ඩිටෙක්ටිව් ක්ලොයිව මයිකල් පැහැරගන්නවා. ක්ලෝයිව ලුසිෆර් හොයාගෙන අවසාන කතාවෙදී ඇමනඩීල්, ලුසිෆර්, මයිකල් හා මැසකීන් සටන් කරද්දී, එකපාරටම ලුසිෆර්ගේ තාත්තා ඒ කියන්නේ සර්වබලධාරි දෙවියන් එතනට එනවා. ඒ සිද්ධියත් එක්කම තමයි පස්වන කතා සමයේ පළමු වන කොටස ඉවර වෙන්නේ.
මෙම කතා සමයෙන් –
ඉතින් පස්වෙනි කතා සමයේ පළමුවන කතාංගය තුළින් අපිට නැවැත්තුව තැනින් පටන්ගත්තා කියල පෙන්නන්න පුළුවන්. මෙයාලා රණ්ඩු වෙද්දී තාත්තා එතනට එන එක. තාත්තගේ පෘතුවියට පැමිණීමත් එක්ක ලස්සන දේවල් ටිකක්. මේ කතා සමයේ මුල් ටිකක් හාස්‍ය පැත්තට පොඩ්ඩක් නැඹුරු කරල තියෙනවා. ඒත් අවසානයේ මොකක් වෙයිද කියල නම් දන්නේ නෑ. ඉතින් අවසානයේ මොකක්ද වෙන්නේ කියල දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න. මේ කතා සමය ඔන්න අද ඉදන් අරන් යන්න උදව් කරන්නේ, කවිශල්, මලිත් අයියා, මධුකප්‍රිය අයියා, හිරාන්, යුරාන් අයියා. මෙයාලටත් ස්තූතියි කියන ගමන්, ලුසිෆර් පස්වන කතා සමයේ දෙවනි කොටසට සාදරයෙන් පිළිගන්නවා!😈

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
[download id=”177850″
16,737 downloadsDownload Lucifer-S05-E09.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
45 comments
sachintha
Sam
Thanks bro...
Rumesh
Lucifer කලින් සීසන් එකේ අන්තිම එපියට ඊයෙ තමයි මන් කමෙන්ට් එකක් දැම්මේ "සහෝ S05 Part 2 Set එකට සබ් දෙන්න" කියල, පැය 24ක් යන්නත් කලින් මෙන්න සබ් දීල.. සහෝ හරිම සතුටුයි ඔගොල්ලෝ අපේ ඉල්ලීම් සලකලා බලන එක සම්බන්ධව.. කොහොම උනත් ඕගොල්ලොන්ගේ සියලු වැඩ රාජකාරිත් එක්ක අපි වෙනුවෙ වෙලාවක් වෙන්කරගෙන මේ කරන කැපවීම සෙයින් අගයනවා ඒවගෙම අපවෙත සබ් ගේන්න මහන්සි වෙන සියලුම සහෝදර සහෝදරියන්ව ආදරෙන් මතක් කරනව වගේම හදපිරි ස්තූතිය පුද කරනව.. බොහොම ස්තූතියි.. ජය වේවා!!
මේ එක්කම පොඩි ඉල්ලීමක් කරන්න තියනව සහෝ මේවගේම ආසාවෙන් බලපු කතා මාලාවක් තමයි The Protector කියන්නෙ.. එකෙ අවසාන එපියෙ යුරාන් ධනුක සහෝ Season 04 එකට සබ් ගේනව කියල පොරොන්දු උනාවගේ ඒකටත් පුලුවන් නම් මේවගෙ කට්ටිය සෙට් වෙලා සබ් දෙන්න කියල ඉල්ලනව. ජය!!
Anuja
sub ekata thanks brother
please kawruhari BLACKLIST season 6 ekata sub dennako.....godak pin
Danuwa
Thanks
Gihan
Sub ekata Thanks Saho.....
cemre
thank you very much..දෙනකම් බලන් හිටියේ
ලූතර්
තෑන්ක්ස් මචෝ ❤️ ඊළග එපි ටිකටත් ඉක්මන්‍ට සබ් ඕනා ❤️
Anonymous
Thanks all of u guys.
Sandaru
thanks
Sadeesh Manuja
meka enakam balan hitiye.bohoma sthuthi saho
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
Thanks bro
Kau
ස්තුතිය සහෝ මෙච්චර ඉක්මනින් දුන්න එකට
Chamath
Thanks bro
ප්‍රශාත් මදුෂංක
thank you bro
Anonymous
godaak thanks sub mechchara ikmnata dunnata. puluwannam ikmnta anik epi walath sub daanna brother. meetika enakamm balan htya ptt kal
Tharaka
Ammoo...subata thnaks hode..ilaga ekat awama genna...
jayen jayama wewa..!!!Naveen
Lucifer ithuru sub tikath denna
Naveen
Lucifer ithuru tikth awilla thiyenne.
w.sithumina kaushal fdo
අනිත් ඒවාත් දාන්න ඉක්මනටම එල බ්‍රෝ... episode ආපු ඔක්කොම ගත්තා sub විතරයි ඕනේ බ්‍රෝ ... එල කරගෙන යන්න මල්ලී
Osindu
ඉතුරු කොටස් ටික Download කරගන්න විධියක් නෑනේ මොකෙන්ද Download කර ගන්නේ ?
N bhathila
ගොඩක් ස්තුතිය් සහොලා ️ ඉතුරු episode ටිකට් ඉක්මනට දාන්න සහො.️#
Thusitha
ගොඩක් ස්තුති
thusal indeera
supiri thanks for sub. ithuru tikth ikmntama denna serama episode awilla
Anonymous
Ilaga episode tiketh sub ikmant danna..
Carnage Marvel
Thanks
Dewadithya
Thanks for sub!
Nadula
Thanks bokka
Anonymous
Thnk u soo much for sub ...❤️...
අසේල
පට්ටම මචං බලාගෙන ඉදපුම එකක්....ඇඩෝ උඹනම් දෙවියෙක් යකෝ.....එල එල බුදු සරණයි වස්තුව
Sandil wijesekara
කියන්න වචන නෑ ස්තූතියි සහෝදරයා❤❤❤
Navod nimsara
Mehemma anik episod tikatath sub diym
Nisal matheesha
Lucifer S05 වල E11 - E16 වෙනකම් සිංහල Subtitles හදලා දාන්න පුළුවන්නම් ලොකු දෙයක් සහෝ ඔහොම්මම
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
chinthaka.max4
thankx machan
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
shaveen
mta dana ganna pluwanda lucifer s5 ep 14,15,16 naththe ai kiyala
Pasindu Madumal
අද 14 වෙනි එපිය දෙනවා,
රෙඩි වෙලා ඉන්න ❤️
Priyanwada Perera
Thanks for the subtitles
lakshan
thanks ..................
kent
thanks
Anonymous
thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි