නෙට්ෆ්ලික්ස් වෙතින් එළිදක්වපු අලුත්ම සුපිරිම ඉන්දියන් කතා මාලාවකට උපසිරසි අරන් එන කර්තව්‍ය හමුවේ තමයි අපි දැන් මේ ඉන්නේ. කොටස් දෙකක් බලපු අය දැනටමත දන්නවා කතාව මොන වගේද මොන අතටද යන්නේ කියලා. නොදන්න අය දැන්මම ගිහිල්ලා පලවෙනි කොටස බලලා එන්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ කතාව අත ඇරගන්න නම් හිතෙන එකක් න…

නෙට්ෆ්ලික්ස් වෙතින් එළිදක්වපු අලුත්ම සුපිරිම ඉන්දියන් කතා මාලාවකට උපසිරසි අරන් එන කර්තව්‍ය හමුවේ තමයි අපි දැන් මේ ඉන්නේ. කොටස් දෙකක් බලපු අය දැනටමත දන්නවා කතාව මොන වගේද මොන අතටද යන්නේ කියලා. නොදන්න අය දැන්මම ගිහිල්ලා පලවෙනි කොටස බලලා එන්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ කතාව අත ඇරගන්න නම් හිතෙන එකක් නැහැ. කොටස් 6ක් විතරක් තියෙන නිසා වැඩිය බලන් ඉන්නත් වැඩි කාලයක් වැය කරන්න දේකුත් නැහැ. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න Mai එක්ක.

තමන්ගේ දුවගේ හදිසි මරණය ශීල් සහ ඇයගේ දයාබර සැමියා යෂ්ටත් ඇති කරේ ලොකු කම්පනයක්. තමන්ගේ ඇස් ඉස්සරහම තමුන්ගේ එකම දුව ලොරියකට හැප්පිලා මැරිලා යන හැටි දැක්කම මොන අම්මටද ඒක කම්පනයක් නොවෙන්නේ? ඒත් මේ කම්පනය කුතුහලයක් බවට හැරෙන්නේ උසාවියේදී ශීල්ට වෙච්ච යම් සිදුවීම් නිසා. නොදන්න මනුස්සයෙක් ශීල් එක්ක කතා කරන්න ඇවිල්ල මග ඇරලා ගිය හැටි වගේම, අපරාධය කරපු රියැදුරා අඬාගෙන කියපු අමුතු කතාවක් නිසා ශීල් මේ ගැන තවත් හොයන්න පෙළඹුණා.

ඉතින් ඒ හෙවිල්ලේ ප්‍රතිඵලයක් විදිහට ශීල් මේ දක්වා කරපු කියපු දේවල් ඔයාලා දන්නවා. ශීල් දැනුවත්ව හෝ නොදැනුවත්ව අත තියලා තිබ්බේ මාරකයකට. ඒත් ඇයගේ හිතේ තිබ්බේ එකම එක දෙයයි. මගේ දුවව මැරුවේ කවුද?? ඒ මොකටද?? ඒ දේවල් හොයාගන්න යන ගමනේ මොන බාධකය ආවත් ශීල් ආපහු හැරෙන පාටක් නම් පේන්න නැහැ.

එහෙනම් වැඩිය මුකුත් කියන්නත් බැහැනේ. මේ කොටසත් බලලා ඉන්න. උද්වේගකර කොටසක් වගේම සුපුරුදු විදිහට සංවේදියි. ඊළඟ කොටසින් හමුවෙමු. ජයවේවා..!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,381 downloadsDownload Mai-S01-E03.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

3,381 downloadsDownload Subtitles16 KB

9 comments

  1. Dhanushka Prasad

    එනකන්ම බලන් ඉදියේ.. සුපිරි හොදේ ... තැන්ක්ස්

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Ishan

    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු සගෝ තෑන්ක්ස්

  4. Kushan

    Sub akta thanks

  5. Anonymous

    බැට්මෑන් සබ් දෙන්නකෝ

    1. Anonymous

      කරන ගමන්.

  6. tharidu16

    ayyooo parakkuyine anik ewaaa.

  7. lakshan

    thanks .......................

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P