මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදයට. බලන් ඉන්න සිද්ධ වුණා නම් සමාවෙන්න. සිසිත සහෝදරයාගේ අන්තිම කොටස් දෙක මේ වෙද්දිත් ලෑස්ති වෙලයි තියෙන්නේ. ඉදිරියේදී ප්‍රමාදයක් සිද්ධ වෙන එකක් නැහැ. ඉතින් හැමෝම එකතු වෙලා ඉන්නේ නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාවත් එක්ක. ත්‍රිලර් ගණයට ඇතුල් වෙන මේ කතාම…

මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදයට. බලන් ඉන්න සිද්ධ වුණා නම් සමාවෙන්න. සිසිත සහෝදරයාගේ අන්තිම කොටස් දෙක මේ වෙද්දිත් ලෑස්ති වෙලයි තියෙන්නේ. ඉදිරියේදී ප්‍රමාදයක් සිද්ධ වෙන එකක් නැහැ.
ඉතින් හැමෝම එකතු වෙලා ඉන්නේ නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාවත් එක්ක. ත්‍රිලර් ගණයට ඇතුල් වෙන මේ කතාමාලාව විටෙක සංවේදී තත්වයට පත් කරන, කුතුහලයෙනුත් රස විඳින්න පුළුවන් කාලෙකින් බලපු හොඳම මට්ටමේ කතාමාලාවක් විදිහට නිර්දේශ කරන්න මං කැමතියි. Mai කතාමාලාව මේ වෙද්දි 7.9ක හොඳ IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. කාගේත් ධනාත්මක ප්‍රතිචාර ලබපු මේ කතාව මග හරින්න නම් එපා කියලයි ඉල්ලන්නේ.
කොටස් 6කින් යුක්ත මේ කතාවේ මේ බලන්න හදන්නේ 4වෙනි කොටස. පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ප්‍රශාන්ත් සහ ශීල් අතර ඇති වෙච්ච ගනුදෙනුව පොඩ්ඩක් නරක අතට හැරීගෙන ගියා. අන්තිමට ප්‍රශාන්ත් සහ ශංකර් නැවතුනේ ශීල්ට ඇවිත් තර්ජනය කරලා. ඒත් එකම අරමුණක හිටිය ශීල් හිටියෙම තමන්ගේ දුවගේ මිනීමරුවා කවුද කියලා දැනගන්න අදහසේමයි. ඔය අතරේ කරළියට ඇවිත් තිබ්බේ ක්‍රිප්ටෝ කී එක. ශීල් දැනගෙන හිටියා ඒක තියෙන්නේ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ කියලා. එයා තනියෙන් ඒක හොයාගන්න හැදුවත් ඒක සාර්ථක උත්සහයක් වුණේ නෑ. ඔය අතරේ ශීල්ගේ සැමියා යෂ් වෙන පාරක යනවත්දෝ කියලත් හිතෙනවා. ඒ වගේම අර්චිත් නරක දේවල් බලද්දි ශීල් ඊට දක්වපු ප්‍රතිචාරය අර්චිත්ගේ අම්මාගේ දෝෂ දර්ශනයට ලක් වුණා මතක ඇති. එයාලා අතර තියෙන සම්බන්ධකමෙත් යම් පළුද්දක් ඇතිවෙන පාටයි. ක්‍රිප්ටෝ කී එක ප්‍රශාන්ත්ටයි ශංකර්ටයි ලොකු ප්‍රශ්නයක් වේගන ආපු නිසා එයාලා තීරණය කළා ශීල්ගේ උදව් ඇතුව ඒ කුණුගොඩ පීරන්න. මතක ඇතිනේ එකේදී වෙච්ච සිද්ධි ටික. එහෙනම් තවත් මතක් නොකර මේ කොටස දිහාට හැරෙමු.
කලින් කිව්වත් වගේ ඊළඟ කොටස් දෙක සිසිත සහෝදරයා අරන් එයි. මගේ වැඩ කොටස මෙතනින් ඉවර වෙනවා. හැමෝටම ජය පතන අතර අනිවාර්යෙන් කතාවත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,934 downloadsDownload Mai-S01-E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
9 comments
Kushan
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks you
Anonymous
mchn series eka complete download karanna oyala deela thyna link eka wada karanne na
poddak eka balala hadanawada
Rajitha Lakshitha
episode 4 eka baiscopdownload.co web site eke pennanne nene thama
lakshan
thanks ...................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Sub akta thanks