සුප්‍රියා මෙච්චර දවසක් හිර කරගෙන හිටිය දේ අම්මට කියන්නයි ගියේ. අම්මා ශීල්ටත් ටික දවසක ඉඳන් සුප්‍රියාගේ වෙනසක් දැනුනා ඒත් ලොකු ප්‍රශ්නයක් කියලා ශීල්ටවත් හිතුනේ නැහැ මහ පාර මැද හිටගෙනම සුප්‍රියා ශීල්ට කියන්නයි ගියේ වෙච්ච දේ ඒත්…. කොහෙවත් ඉඳන් ආපු ලොරියක් සුප්‍රියාව යට කරගෙන ගියේ ශීල්ට හිතාගන්නවත් බැර…

සුප්‍රියා මෙච්චර දවසක් හිර කරගෙන හිටිය දේ
අම්මට කියන්නයි ගියේ.
අම්මා ශීල්ටත් ටික දවසක ඉඳන් සුප්‍රියාගේ වෙනසක් දැනුනා
ඒත් ලොකු ප්‍රශ්නයක් කියලා ශීල්ටවත් හිතුනේ නැහැ
මහ පාර මැද හිටගෙනම සුප්‍රියා ශීල්ට කියන්නයි ගියේ වෙච්ච දේ
ඒත්….
කොහෙවත් ඉඳන් ආපු ලොරියක් සුප්‍රියාව යට කරගෙන ගියේ
ශීල්ට හිතාගන්නවත් බැරි තරම් වේගයකින්…
කම්පනයට තත්පර ගාණක් ශීල් බලාගත්ත තැන බලන් හිටියා
කකුල් වැඩ කළේම නෑ
අහල පහල හිටිය අය කලබලෙන් දුවනවා ඇයට දැනුනා
දුවේ… මගේ දුවේ…
ශීල් පුළුවන් වෙර දාලා කෑගැහුවා..!!

පළවෙනි කොටස බලන්න ඇති නේද? කතාව හොඳ හින්දා දෙවැනි එකත් බලලා ඉවරද දන්නේ නෑ. නොබලපු බලපු කාටත් දෙවැනි කොටසට උපසිරැසිය අරන් ආවා ඔන්න. දැනට නම් මරු කතාවක් මේක. සාක්ෂිගේ රංගනය නම් අඬවනවා. හරි, අපි ඉස්සරහටත් බලාගෙන යමුකෝ.

කවුරුත් මේ එකතුවෙලා ඉන්නේ නෙට්ෆ්ලික්ස් වලින් අලුතින්ම මුදාහැරිය ඉන්දියන් වෙබ්කතාමාලාව Mai එක්කයි. අනුෂ්කා ෂර්මා ප්‍රමුඛ Clean Slate Filmz වෙතින් නිෂ්පාදනය කරන මේ කතාමාලාවට සාක්ෂි තන්වර්, විවේක් මුෂ්රන්, රෛමා සෙන්, සීමා පහ්වා වගේ නළු නිළියෝ රාශියක් පණ පොවනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.1ක දැවැන්ත අගයක් මේ වෙද්දි සටහන් කරගන්න Mai සමත් වෙලා තියෙනවා.කොටස් 6කින් යුක්ත මේ කතාමාලාවේ 1වෙනි කොටස මේ වෙද්දීත් බලන්න ඇති. පොඩ්ඩක් මතක් කරගෙන ඉමු 2වෙනි කොටසට යන්න කලින්.

සුප්‍රියාගේ හදිසි මරණයත් එක්ක ශීල් සහ යෂ්ගේ ජීවිත පාළු සොහොන් පිටියක් වගේ වුණා. ශීල්ගේ අයියා සහ පවුලගේ හයිය නිසා අවසන් කටයුතුත් 13වෙනි දවසේ කටයුතුත් කරගත්තා. අනතුර කරපු රියදුරාව එවෙලේම පොලිසියට අරන් ගිහින් තිබ්බා. නඩුවක් අහන්නයි ඉතුරු. ප්‍රධාන සාක්ෂිකාරිය වුණේ ශීල්. ඇයට සිද්ධ වුණා උසාවිය ඉදිරියේ රියැදුරාව අඳුනගන්න. මනුස්සයාගේ මූණ බලන්න හිත හයිය නොවුනත් ශීල් උසාවියේදී කියා හිටියා මේ ඒ මනුස්සයාමයි කියලා. තීන්දුව කල් ගිහින් රියැදුරාව ආයෙත් රිමාන්ඩ් කරන්න ගෙනියනවා. ඒ වෙලේ සිද්ධ වෙන දෙයක් නිසයි මේ කතාව තවත් දුර දිග යන්න හදන්නේ.. රියැදුරා ශීල්ව දැක්කම අඬා හැපෙන්න ගත්තා.

:අනේ නෝනා, මට මේක කරන්න ඕන වුණේ නෑ… මට මේක කරන්න ඕන වුණේ නෑ…”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,388 downloadsDownload Mai-S01-E02.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,388 downloadsDownload Subtitles19 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Anonymous

    Next episode plz

  5. Naveen

    උපසිරසියට තුති

  6. Anonymous

    ko bn link

  7. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Anonymous

    මායි , maai , maayi කියල ගැහුවට හොයා ගන්න බෑනෙ බන්...! පොඩ්ඩක් IMDB ලින්ක් එක දාන්න කාරුණික වන්න

    1. Anonymous

      කොපි රයිට්ස් සීන් නිසා ඔය අපහසුතාවය වෙනවා බන්. මේ සීරීස් එක නම් සර්ච් කරලත් හොයන්න අමාරුයි. Mai අකුරු තුන ගොඩක් ඒවයෙ තියෙන නිසා. නලු.නිලියෙක්ගෙ නමින් වගේ සර්ච් කරහන්. පෙන්නයි එතකොට

  9. lakshan

    thanks ..................

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.