ඔන්න පුළුවන් ඉක්මනට මාර්කෝ පෝලෝ පළමු කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන ආවා. කතා මාලාව සම්බන්ධයෙන් අඩවියේ පළවෙන අදහස් ප්‍රමාණය අඩු වුවත්, පෞද්ගලිකව මට ලැබෙන අදහස් අනුව තේරුම් ගියේ, බොහෝ දෙනෙක් කතාවට දැඩි ලෙස ආකර්ෂනය වෙලා තියෙන බවක් තමයි. පසුගිය කොටසෙන් මතු වුනු කාරණා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. නීල කු…
ඔන්න පුළුවන් ඉක්මනට මාර්කෝ පෝලෝ පළමු කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන ආවා. කතා මාලාව සම්බන්ධයෙන් අඩවියේ පළවෙන අදහස් ප්‍රමාණය අඩු වුවත්, පෞද්ගලිකව මට ලැබෙන අදහස් අනුව තේරුම් ගියේ, බොහෝ දෙනෙක් කතාවට දැඩි ලෙස ආකර්ෂනය වෙලා තියෙන බවක් තමයි. පසුගිය කොටසෙන් මතු වුනු කාරණා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු.
නීල කුමාරිකාවට ආරක්ෂාව සලසන්න හිතාගෙන ගියපු මාර්කෝ, පස් පියවර සර්ප දෂ්ටනයෙන් නූලෙන් බේරෙන්නේ, මරණය පෙනි පෙනී. ඛාන් උතුමාණන්ගේ විශේෂ අවධානය මාර්කෝ කෙරෙහි යොමු වීම සම්බන්ධයෙන් ජින්ගිම් කුමරු දක්වන්නේ නොරුස්නා ස්වභාවයක්. කුබ්ලායිගේ උප භාර්යාවක් බවට පත් ව සිටින සිදාඕගේ සහෝදරියට විශේෂ තැනක් හිමිත තිබෙන බව අග බිසවට වගේම සියලුම දෙනාට හොඳින් අවබෝධ වී ඇති බවක් පේන්න තිබුණා. සොන්ග් අධිරාජිනිය වන ඩව්ජාර් රැජිණ විසින් සාම සාකච්ඡා උදෙසා, සිදා ඕ ට හොරෙන් පිටත් කර එවා තිබුණු සොන්ග් තානාපතිවරුන් සමඟ ජින්ගිම් කුමරු සහ අහ්මද් සාකච්ඡා සඳහා පිටත්ව යන්නේ, කුබ්ලායිගේ අවසරයෙන්. තානාපතිවරුන් සාකච්ඡා සඳහා පැමිණ තිබෙන වග සිදාඕගේ සහෝදරිය විසින් ඔහුට පණිවිඩකරුවෙක් අතේ දැනුම් දෙනවා. අහ්මද් සාකච්ඡා සඳහා එතරම් මනාපයක් නොදැක්වුවත් තමන්ගේ කොන්දේසි වලට ඔවුන් එකඟ කරගනිමින් සාකච්ඡා සාර්ථක කරගන්නට, ජින්ගිම් කුමරු සමත් වෙනවා. ඒ අනුව ඔවුන්ගේ අත්අඩංගුවට පත්ව සිටි සොන්ග් රණශූරයින්වත් නැවත බාර දෙන්නයි සූදානම් කෙරුණේ. ඒත් කතාව අවසානයේදී ඔවුන් සියලු දෙනාට අත් වූ ඉරණම ඔයාලා දකින්න ඇති.
සර්ප දෂ්ටනයෙන් සම්පූර්ණයෙන් සුවය ලබන මාර්කෝ සූදානම් වන්නේ, නීල කුමාරිකාව මරන්නට තැත් කළ කෙනා සොයන්නටයි. නමුත් සියක් දෑස් ඇත්තා විසින් එයට අවසර ලබා දෙන්නේ නැහැ. මේ අතර මාර්කෝගේ පියා සහ මාමා නැවත වරක් කැම්බුලැක් වෙත පැමිණෙනවා තව දුරටත් සේද මාවතේ වෙළඳාම් කරන්නට කුබ්ලායිගෙන් අවසර ඉල්ලමින්. නමුත් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ සේද පණුවන් හොර රහසේ ජාවාරම් කිරීමයි. ආරක්ෂක අමාත්‍ය යූසූෆ්ගේ අවධානයට හසුවන මේ කාරණය නිසාවෙන් ඔවුන්ව සිරගත කෙරෙනවා. නීල කුමාරිකාව මරන්නට තැත් කළා යැයි මාර්කෝ සිතූ කෙනාව, ඔහුට හමු වීමත් සමඟම ආරක්ෂක නිළධාරින් විසින් මාර්කෝව අත්අඩංගුවට ගැනෙනවා. ඒ ඔහුගේ පියා කළ වංචාවට ඔහුත් සම්බන්ධ ඇතැයි යන සැකය නිසාවෙන්.
කුබ්ලායි ඉදිරියට පමුණුවන මාර්කෝට සේද පණුවාගේ වටිනාකම සහ ඒ ජාවාරම සම්බන්ධයෙන් දඬුවම් ලැබෙන ආකාරය කුබ්ලායි මාර්කෝට පැහැදිලි කරනවා. මාර්කෝ දඬුවමින් නිදහස් වුවත් ඔහුගේ පියාට සහ මාමාට නියත වශයෙන්ම දඬුවම් ලැබෙන බවත් ඒ දඬුවම මාර්කෝ විසින් තීරණය කළ යුතු බවත් කුබ්ලායි වැඩි දුරටත් පවසනවා. මේ අතර සිදාඕ ප්‍රධානීතුමන් තම සහෝදරියගේ දියණියට බොහොම දරුණු අකටයුත්තක් කරනවා. ඒ ඇයගේ පාද අස්ථි බිඳිමින් ඒවා බන්ධනයට ලක් කරමින්. ඒ වඩාත් ලස්සන කුඩා කකුල් ඇයට ලබා ගත හැකි යැයි පවසමින්. බොහෝම කුරිරු පාලකයෙක් වගේම තීක්ෂන බුද්ධියක් හිමි සිදාඕ කුමක් කරාවිද? ඒ වගේම මාර්කෝගේ පියාට සහ මාමාට කුමක් වේවිද? අද කතාව නරඹන්න එහෙනම්. ඒ වගේම පොඩි දෙයක් කියන්නම්, අද කතාව ආරම්භ වන්නේ කුබ්ලායි ඛාන් උතුමාණන්ට එල්ල වන ප්‍රහාරයකින්. බලන්න එහෙනම් අද කොටස මොන වගේද කියලා. ජයම වේවා…! එලස්ස්ස්…..
739DBED15354A90BD3F80A74CBB974EABD5F776B AD8393C0044E64F19CA77BBF3C59E82B4FA17902 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,249 downloadsDownload Marco-Polo-2014-E05...baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
33 comments
රොෂීන් චාරුත
යශෝධ
ඔව් මචන් ඔයා හරි. මාත් හොයලා බැලුවා. හැබැයි මේ කතාවේ හැටියට ඒ කකුල් වෙලන්න සුදුසු නියමිත වයසට වඩා වැඩි දරුවෙක්ගේ කකුල් වෙලන්නේ. ඒ නිසයි මම ලිපියේ ඒ විදියට දැම්මේ. එලස්ස්ස්...
R.D
Sub eka download karanda be saho.mkakhari aulak.please fix this.
manuel
anith episode ake sub ko machan............ ikamanta akath denawada.............. marco polo patta kathawa. a wage story tawa hoyala sub hadanna suba pethum magen.........
Chandana
thanks bagena balanawa danma
amal ishantha
niyamay, digatama yan
Kasun
Thankzz mchoo niyamai :D
lasith
thanx machan...
wicky
ela, thnxxxxxxxx, balagena hitiye sub 1ka denakan
Amila
thanx machan
sachi
thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz jaya wewa
sajeevi
thanks
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Sisira Hegoda
Thanks.
Sanjaya
Thanks Saho..... Sub akata Bohoma Pin.....
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉක්මනින් දීලනේ. :-D
ජය වේවා. !“චූටී මල්ලි”
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය.........Achintha Sameera
ශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් ලොක්ක සබ් එකට
අනිත් එකත් ඉක්මනට දෙමුරොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ashen thakshila
ශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ මචං මම pk බැලුවෙ උඹේ සබ් එකක් එක්ක.. ඒත් ඒක බයිස්කෝප් සයිට් එකේ නෑනෙ බං....
weere
6වෙනි එපිසෝඩ් එකට සබ් දෙනකන් බලන් ඉන්නේ සහෝ :)
අතාරින්න එපා වැඩේmaduka
anek episode wala sub ekath ikmanata dennno
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
weere
සහෝ ඊලග එපියටත් ඉක්මනට සබ් ඕනේ. :)
maduka
next episode eke sub ikmanta denno
Anymouse
Thanks for sub brother...
Tilantha hansanath
උපසිරැසියට බොහොම ස්තුතියි :)
Tharaka Lahiru
tnx
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Lahiru Shashika
ස්තූතිය සහෝ
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marco Polo (2014) [E05] | හෂෂින් ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Marco-Polo-TV-1.jpg)

ස්තුතියි මචං. මචං පොඩි දෙයක් කියන්න ඕනා. ඔය කකුල් වෙලීම චීනය ඇතුලු කලාපයේ සාමාන්‍ය දෙයක්. නර්තනය සදහා කකුල් සකස් කිරීමට අදටත් කකුල් වෙලනවා. නමුත් පසු කාලීනව වෙන අතුරුප්‍රතිපල හොද නෑ.