Watch Trailer

Marco Polo (2014) [E10] | යළි පෙරමුණ කරා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ අවසන් කොටස එහෙම නැත්නම් 10 වෙනි කොටසයි. හිතුවට වඩා බොහොම කාලයක් ගත වුනා මේ කතා මාලාව සඳහා සම්පූර්ණයෙන්ම උපසිරැසි යොදලා අවසන් කරන්නට. ඒ නිසාවෙන් යාළුවෝ බොහොම දෙනෙක් මාත් එක්ක අමනාප වෙලා ඇති. ඒත් පෞද්ගලික කටයුතුත් එක්කම විනෝදාංශයක් හැටියට කරන මේ වැඩ…

Marco Polo TV-1

මේ අරගෙන එන්නේ මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ අවසන් කොටස එහෙම නැත්නම් 10 වෙනි කොටසයි. හිතුවට වඩා බොහොම කාලයක් ගත වුනා මේ කතා මාලාව සඳහා සම්පූර්ණයෙන්ම උපසිරැසි යොදලා අවසන් කරන්නට. ඒ නිසාවෙන් යාළුවෝ බොහොම දෙනෙක් මාත් එක්ක අමනාප වෙලා ඇති. ඒත් පෞද්ගලික කටයුතුත් එක්කම විනෝදාංශයක් හැටියට කරන මේ වැඩේට කාලය වෙන් කරගන්න පහුගිය ටිකේ අමාරු වුන නිසයි, කතා මාලාවේ උපසිරැසි ලබා දෙන්න ප්‍රමාද වුනේ. කොහොම වුනත් පටන් ගත්ත වැඩේ අද අවසන් කරන්න පුළුවන් වුනු එක ගැන සතුටුයි. ගොඩක් රසවත් වෙනස් විදියේ ඓතිහාසික වැදගත්කමක් තියෙන මේ කතා මාලාව නැරඹූ අදහස් පළ කළ පිරිස අඩු වුනත්, ඒ අදහස් පළ කළ වගේම උපසිරැසි බාගත කරගත් සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා මුලින්ම.

අවසන් වරට උපසිරැසි ලබා දුන් නව වන කතාංගයේ වුනු දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු. සොන්ග් ප්‍රධානී, ජියා සිදාඕට එරෙහිව මාර්කෝගේ සැලසුම් යටතේ කුබ්ලායි ප්‍රමුඛ මොන්ගෝලියානු හමුදාව ප්‍රහාර එල්ල කළත්, ඒ ප්‍රහාර අසාර්ථක වන්නේ, මාර්කෝ ඇතුලු පිරිස නොදැනුවත්වම සිදාඕගේ මර උගුලකට හසු වන නිසා. ඒ හේතුවෙන් කුබ්ලායි දැවැන්ත පරාජයක් ලබනවා වගේම ඔහුට විශාල මිනිසුන් ප්‍රමාණයක් අහිමි වෙනවා. සුපුරුදු පරිද මේ හේතුවෙන් ජින්ගිම් විසින් වැරදිකරු බවට පත් කරන්නේ, මාර්කෝ පෝලෝව.  ඒ අනුව පැවැත්වෙන නඩු විභාගයෙන්ද වැරදි කරු බවට පත් වන මාර්කෝට මරණ දඬුවම නියම වෙනවා.

ඒ අතරතුර නීල කුමාරිකාව ජින්ගිම් කුමරුට සරණ පාවා දීමේ අදිටනින් ක්‍රියා කරන චැබී අධිරාජිනිය, ඇයට තම කුටියෙන් බැහැර වන්නට නොහැකි වන ලෙස ආරක්ෂාව තර කරනවා. ඒ මාර්කෝ සහ කොකචින් අතර සම්බන්ධය ගැන ඉව වැටී තිබුණු නිසාවෙන් බවයි පෙනෙන්නට තිබුණේ. සොන්ග් අධිරාජිනිය තමන්ගේ අරමුණට බාධාවක් බව තේරුම් ගන්නා සිදාඕ, තවත් දුර දිග යෑමට ප්‍රථමයෙන්, ඇයට මෙලොවින් සමු දෙනවා. මෙයි ලින්ගේ දියණියට ප්‍රතිකාර කරන්නට සලස්වන චැබී ආර්යාව උත්සහ කරනවා ඇයගෙන් සොන්ග් අධිරාජයේ පාලකයින්ගේ තොරතුරු දැනගැනීමට, මව වගේම දියණියගෙන්ද යමක් දැනගැනීමට ඇයට හැකි වන්නේ නැහැ. මෙයි ලින්ට ප්‍රතිකාර කරන අහ්මද්, ඇයගෙන් සොන්ග් රාජධානිය සම්බන්ධ තොරතුරු ලබා ගන්න බවක් චැබී ආර්යාවට පෙන්වනවා. නමුත් අහ්මද්ගේ අරමුණ මොකක්ද කියන එක ගැන ඔයාලට මේ අවසන් කොටසින් දැනගන්න ලැබේවි. මරණ දඬුවම නියමව සිටින මාර්කෝ, කල්පනා කරනවා සිර ගෙයින් ගැළවීමට මඟක්. විශාල ප්‍රමාණයේ ප්‍රාකාර බිඳින යන්ත්‍රයක් සම්බන්ධ සැලසුමක් ඔහු විසින් උප රාජ්‍යාධිකාරී යූසුෆ් වෙත ඉදිරිපත් කෙරෙනවා. එය සාර්ථක විය හැකි ලකුණු පෙනෙන්නට තිබුණු නිසාවෙන් යූසූෆ් ඒ බව කුබ්ලායිට දැනුම් දෙනවා. නමුත් ඔහු එයට එකඟ වන්නේ නැහැ. කුබ්ලායිගේ දකුණු අත මෙන් සිටි යූසූෆ්, තමන් කුබ්ලායිට විරුද්ධව කුමන්ත්‍රණය කළ බව හෙළි කරනවා. ඒ කුබ්ලායි ඉවසීමකින් තොරව දික් විජය සොයමින් වෙහෙසෙන නිසා බවයි ඔහු කියා සිටින්නේ. නමුත් කුබ්ලායි ඒ බව පිළිගන්නේ නැහැ. ඔහුව නිදොස් කරන්න උත්සාහ කළත්, තමන් රජුට හානි කරන්න තැත් කළ බව සැම අතටම දැනුම් දුන් බව ප්‍රකාශ කරමින් යූසූෆ් තමන් විසින්ම සිරගත වෙනවා. ඒ මාර්කෝගේ සැලසුම ක්‍රියාත්මක කරන්නට යළිත් ඔහුට අවස්ථාවක් දෙන ලෙසට කුබ්ලායිගෙන් ඉල්ලමින්. අනතුරුව යූසූෆ්ව අසරුවන් ලවා පාගවා මරා දැමෙනවා.

අද අවසන් කොටසේදී කුබ්ලායි නැවත වතාවක් දකුණු චීනය බලා ගමන් කරනවා, සිදාඕ සමඟ සටන් කරන්නට. ඒ මාර්කෝගේ ප්‍රාකාර බිඳින යන්ත්‍රයේ සහය බලාපොරොත්තු වෙමින්. ඔවුන්ට යුද්ධය ජය ගන්නට හැකි වෙයිද? සොන්ග් රාජ වංශයට කුමක් වෙයිද? මෙයි ලින්, අහ්මද් ඔවුන්ගේ සැලසුම් මොනවාද? මාර්කෝට සහ කොකචින් නීල කුමාරිකාවට එක් වෙන්නට හැකි වෙයිද?.. මේ ප්‍රශ්න සියල්ලටම අද කොටසින් පිළිතුරු ලැබෙයිද. නරඹන්න. මෙතෙක් මා සමඟ අමනාපයෙන් හෝ කතා මාලාව සමඟ රැඳී සිටි සියල්ලන්ටම ස්තූතියි. ජයම වේවා..!

Marco Polo (2014– ) on IMDb

 

 

339 MB කොපිය මෙතනින් බාගන්න

5DFCE50584DC4ACE7FCC58DA68F0F4E150C1FB45

216 MB (720p x265) කොපිය මෙතනින් බාගන්න

91FA861059F93F53CA1B6885E5ECB2F2FA7C53AF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,753 downloadsDownload Marco.Polo_.2014.S01E10.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

2,753 downloadsDownload Subtitles35 KB

26 comments

  1. kobin

    ThnXXX

    1. R.D

      Series eke E05 Sub eka download karanda be.please fix that

  2. Janith

    Thanks, Please continue upload Ancient Aliens.

  3. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. R.D

    Kohoma hari wade iwara kalane.Eka thamai wadagath wenne godak.Thawa series ekakin hamuwemu.........obata jaya

  5. මධුකප්‍රිය පෙරේරා

    අම්මෝ ඇති යන්තම් කොහොම හරි සහෝ සබ දුන්න ..
    ජයවේවා

  6. Sampath

    thanks......

  7. chiran

    wade karanna kalayak giya bawa atta. eth pasubahinatuwa wade iwarayak kala eka tama watinne

  8. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ඉසු ඩිපි (Isu DP)

    කොහොම හරි වැඩෙ ඉවර කලානේ. සිසන් 2ත් ඔයාම ගේමු.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-D
    ජය වේවා. !

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamayi යශෝ මලේ..
    කොහොමහරි ඉවර කරා නේ..
    ඒ මදැයි....
    2 වෙනි සීසන් එක එන්නේ කවද්ද? තවම ඇවිත් නැහැ නේද?
    ඒකත් කරනව නේද එළකිරි වගේ..
    එහෙනම් ජය වේවා!!

  11. sajeevi

    thanks a lot.
    meka nam niyama kathawak.
    mewage tv series ekakata sub dunnata thanks.

  12. Sanjaya

    thanks Saho............

  13. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  14. Kavin

    Thankz.... macho session 2 kawadada enne.....

  15. Thilesh

    Thank you for the sub... hope to watch season 2...

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  17. Tilantha hansanath

    උපසිරැසියට බොහොම ස්තුතියි :)

  18. Tharaka Lahiru

    tnx

  19. Gimhana Prabhath

    මචං සීසන් 2 ඇවිල්ලා තියෙන්නේ

  20. sandaruwan

    Season 02 eke subtitles tawama nedda. machan puluwannam eka loku deyak.

  21. sandaruwan

    machan යශෝධ season 02 eke ep 01 baluwa. sinhala sub tibanam hodaii.

  22. chamika

    season 2 ekatath ikamanata sub denawanam niyamai

  23. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  24. chamod

    Thank you

  25. chinthaka.max4

    thankx machan