පළමු කොටසින්, දකුණු චීනයේ යුද්ධය ඉවර වෙලා බලාපොරොත්තු සහගතව කැම්බුලැක් වෙත ආවත් මාර්කෝට කොකචින් හමු උනේ නෑ. දැන් ජින්ගිම්ගේ මංගල්‍යයටත් කළින්ම ළමා අධිරාජ්‍යයා සොයා ගෙන දකුණු චීනයට ගිහිල්ලා. ඔවුන් ළමා අධිරාජ්‍යයාගේ රැකවලා සමඟ ප්‍රබල සටනක් කරලා ළමා අධිරාජ්‍යයා පැහැරගන්නවා. ඒ අතරේ උරුමක්කාරයෙකු ලබා ගැ…

පළමු කොටසින්,
දකුණු චීනයේ යුද්ධය ඉවර වෙලා බලාපොරොත්තු සහගතව කැම්බුලැක් වෙත ආවත් මාර්කෝට කොකචින් හමු උනේ නෑ. දැන් ජින්ගිම්ගේ මංගල්‍යයටත් කළින්ම ළමා අධිරාජ්‍යයා සොයා ගෙන දකුණු චීනයට ගිහිල්ලා. ඔවුන් ළමා අධිරාජ්‍යයාගේ රැකවලා සමඟ ප්‍රබල සටනක් කරලා ළමා අධිරාජ්‍යයා පැහැරගන්නවා. ඒ අතරේ උරුමක්කාරයෙකු ලබා ගැනීමේ අරමුණින් ජින්ගිම්ගේ සිවුවන බිරිඳ විදිහට කොකචින්ව විවාහ කර දෙන්නට චැබි අධිරාජිනිය සමත් වෙනවා. ඒ වගේම කොකචින්ට චැබි අධිරාජිනියගෙන් මාර්කෝ ගැන හොඳ දේශණයකුත් ලැබෙනවා.
ජන්ගිම් විවාහ චාරිත්‍ර ඉටු කරන අතරේ ඊට සහභාගි වීමටවත් ඉඩක් නොදී අහමඩ් විසින් කුබ්ලායි සමඟ රාජ සභාවේ කටයුතු කරනවා. කුබ්ලායිගේ මාමා වූ නයන් කුමරු බටහිරට යාමට පෙර ඛාන්ව හමුවෙනවා. නමුත් ඉතින් මේ වෙලාවේ විශේෂිත කතාබහක් නම් කරන්නේ නැහැ.
බියම්බා කරකෝරම් ඉඳලා කැම්බුලැක් ආවේ මංගල්‍යයට තමයි කියලා කට්ටිය හිතුවත්, ඔහු ඇත්තටම ඇවිත් තියෙන්නේ තම පියාට කයිදුගේ අභියෝගය ගැන කියන්න. ඉතින් ඒක අහපු ගමන් මංගල චාරිත්‍ර පැත්තකට දාලා රාජ සභාව රැස්වෙලා මේ ගැන මොකද කරන්නේ කියලා වාදවිවාද කරනවා. කුබ්ලායිට කුරුල්තායි ගැන බයක් නැති බව පෙන්වන නිසා ජින්ගිම් පවසන්නේ ජනතාවට ඛාන් තෝරා ගැනීමට ඉඩ දියයුතු බවයි. මේ අතරේ රැස්වීමට කඩා පනින අධිරාජිනිය තම බලය පාවිච්චි කරලා යුධ සභාව විසුරුවා හරිනවා. ඒ වගේම කුරුල්තායි ගැන සිතීම හෙටට කල්දමා මංගල්‍යය සිදුකළ යුතු බව ඇය කුබ්ලායිට අවධාරණය කරනවා. ජින්ගිම් හා කොකචින්ගේ අවසන් මංගල චාරිත්‍ර ඉටු කරන අතරේ බියම්බා විසින් කුබ්ලායි කුරුල්තායි සඳහා එකඟ වූ පණිවිඩය කයිදු වෙත ගෙන යනවා, ඒ තමන් සමඟ පැමිණි රැකවලුන්ගේ ඔළු ටිකත් සමඟ.
අද කොටසින්, මාර්කෝ සහ මෙයි ලින් ළමා අධිරාජ්‍යයාගේ රැකවලාගෙන් මිදි කැම්බුලැක් වෙත ඒමට සමත් වෙනවා. ඒත් මෙයි ලින්ට නම් කුබ්ලායිගෙන් හොඳක් අහන්න වෙන්නේ නැහැ. රාජ සභාව අවසානයේ මාර්කෝට කොකචින්ව හමුවෙනවා. කයිදු , කුරුල්තායි වෙනුවෙන් නයන් කුමරුගේ සහ ප්‍රධානීන්ගේ සහය ලබා ගැනීමට උත්සාහ කරනවා. කුරුල්තායි ගැන කුබ්ලායිට නම් තියෙන්නේ වෙනම අදහසක්. ජින්ගිම්ටත් වඩා කුබ්ලායිගේ සිත් දිනාගෙන ඉන්න අහමඩ් තමන්ගේ සැඟවුණ අරමුණ ගැන මෙයි ලින්ට හෙළි කරනවා. ඒ සියල්ල අතරේ කුබ්ලායිට ඉතා දුෂ්කර තීරණයක් ගැනීමට සිදුවෙනවා.
එහෙනම් ඉතින් මාර්කෝ පෝලෝ S02E03 සමඟින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
marco.polo.2014.s02e02.webrip.xvid-fum
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,266 downloadsDownload marco.polo_.2014.s02e02.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජීවි වේහැල්ල
Subtitles
15 comments
chamika
adee
thanx saho.... thanx...
harsha
සජීවි සහෝදරී සෑහෙන්න වේගවත්නෙ, අද උදේ (12) තමයි මම මේ කතාවේ පළමු කොටස දැක්කෙ. කාර්යාලයට ගිහිල්ලා ස්තූතියි කියලා කියන්න හිතාගෙන ආවාම මෙන්න දෙවනි එකත් දීලා. ඔන්න එහෙනම් කොටස් දෙකම ගන්නවා. ඉතුරු ඒවාත් අදිවේගයෙන්ම එයි කියලා හිතනවා. ස්තූතියි ජයවේවා
දුමිදු
ස්තුතියි අනිත් කොටස්වල ඒවත් ඉක්මනින් දෙන්න.
පුලුවන් නම් Outlander Season 2 එකේ සිංහල උපසිරැසිත් දෙනවදකවීන් ලහිරු
සබ් එකට තුති සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
ස්තූතියි සිංහල උපසිරැසියට
3 වෙනි කොටසත් හැකි ඉක්ම්නට දෙමු
**ජය**උදාර දිල්ශාන්
නියමයි තෑන්ක්ස් සබ් එකට
ඩිලාන් හසිත
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**sachintha
:) ** Tnx ** :)
:) ** Sis ** :)
:) ** Elz ** :)
Malindu
thanks sis....
patta ikmanata delaa nee...Kulanjana Maduranga
niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Isuru Chamara
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
ela.............
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamai sub ekata thankz