Watch Trailer

Marco Polo (2014) [S02 : E03] with Sinhala Subtitles | ඛාන්ගේ නව උරුමක්කාරයා… (18+) [සිංහල උපසිරසි සමඟ]

දෙවන කොටසින්, බලාපොරොත්තු නොවුණ දේවල් කිහිපයක්ම සිදුවුණ කොටසක්. මාර්කෝ සහ මෙයි ලින් ළමා අධිරාජ්‍යයා පැහැර ගෙන ආවත් ඔහුගේ රැකවලා නම් නිකම්ම සටන අතහැරලා තිබුණේ නැහැ. ඒත් කොහොමහරි තුන්දෙනාම කැම්බුලැක් වෙතට ආවා. කයිදු නම් කුරුල්තායි සඳහා හොඳින් ලකලෑස්ති වෙන පාටක් තමයි තියෙන්නේ. ඔහු ප්‍රධානීන් ( එක් එක්…

Marco Polo-S2P1

දෙවන කොටසින්,

බලාපොරොත්තු නොවුණ දේවල් කිහිපයක්ම සිදුවුණ කොටසක්. මාර්කෝ සහ මෙයි ලින් ළමා අධිරාජ්‍යයා පැහැර ගෙන ආවත් ඔහුගේ රැකවලා නම් නිකම්ම සටන අතහැරලා තිබුණේ නැහැ. ඒත් කොහොමහරි තුන්දෙනාම කැම්බුලැක් වෙතට ආවා. කයිදු නම් කුරුල්තායි සඳහා හොඳින් ලකලෑස්ති වෙන පාටක් තමයි තියෙන්නේ. ඔහු ප්‍රධානීන් ( එක් එක් ප්‍රදේශයන්හි වසන ගෝත්‍ර/වංශ වල නායකයින්) සමඟ දඩයම් කිරීමේ නිරත වෙනවා. හැබැයි කයිදුගේ සැබෑ අරමුණ කුරුල්තායි සඳහා ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමයි.

කුබ්ලායිට නම් ඕන කරන්නේ තමන්ට විශාල හමුදාවකුත් ඉන්න නිසා ඡන්දයක් නැතිව යුද්ධයකින් මේක අවසන් කරන්න. නමුත් චැබි ආර්යාව විසින් යුධ කළ නොහැකි බවත්, ඡන්දය සඳහා ජනතාවගේ සිත් දිනාගත යුතු බවත් කුබ්ලායිට පහදලා දෙන්න උත්සාහ කරනවා. නයන් කුමරුට බටහිර සහය තිබෙන නිසා ඔහුගේ ඡන්දය තමන් වෙතට ලබා ගැනීමේ අරමුණින් කයිදු විසින් ඔහුට ආරාධනාවක් යවනවා. නයන් කුමරු එය ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමන්ගේ සහය අවශ්‍ය නම් කයිදු තමන්ගේ දෙපා මුලට පැමිණිය යුතු බවත් කියනවා.

ඒ අතරේ කුබ්ලායි සතුටට පත් කරමින් මාර්කෝ සහ මෙයි ලින් විසින් ළමා අධිරාජ්‍යයා ඔහු වෙතට ගෙන එනවා. මෙයි ලින් මේ වෙනුවෙන් කොපමණ මහන්සි වුවත්, අවසානයේ රාජ සභාව ඉදිරියේ කුබ්ලායි විසින් ඇයව අපහාසයට ලක් කරනවා. පසුව රාජ සභාවෙන් පිටව එන මාර්කෝට තම ආදරිය මුණ ගැහෙනවා නමුත් ජින්ගිම්ගේ බිරිඳ ලෙස. එයින් මාර්කෝ දුකට පත්වන බව නම් පේනවා. පසුව කොකචින් විසින් මාර්කෝ හට කියන්නේ මේ අළුත් තත්ත්වයට ඔවුන් දෙදෙනාම මුහුණ දිය යුතු බවයි. ඒ අතරේ ඛාන්ට උරුමක්කාරයෙකු ලබා ගැනීමට දරණ උත්සාහයත් සාර්ථක උනේ නැහැ.

කුබ්ලායිගේ සිත් දිනාගත්, හදාගත් පුත්‍රයා වූ අහමඩ්ගේ සැබෑ අරමුණ නම් මෙයි ලින්ට හෙළි කළා. අහමඩ්ටත් ඕන කරන්නේ කුබ්ලායි මරා දමා මොංගෝලියානු අධිරාජ්‍යයේ ඛාන් බවට පත්වීමටයි. දැනට නම් මේක තුන්කොන් සටනක් වෙලා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒ වගේම මෙයි ලින්ට තමන්ගේ දුව බලන්න ඕන උනත් තාමත් ඒකට ඉඩක් ලැබුණෙත් නැහැ.

කයිදු තම මව හමුවීමට යනවා. ඔවුන්ගේ කතාබහේ හැටියට නම් කයිදුටත් වඩා ඔහුගේ මවට තමයි කුබ්ලායි ඉවත් කරන්න ඕන වෙලා තියෙන්නේ. කයිදුගේ මව කියන්නේ නම් කුබ්ලායි ඉවත් කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් කළ යුතු බවයි. අන්තිමට කයිදු, නයන් කුමරු හමුවෙනවා. නමුත් නයන්ගේ කොන්දේසි වලට කයිදු අකමැති වීම නිසා එය සාර්ථක වන්නේ නැහැ.

කුබ්ලායි විසින් ජින්ගිම්, අහමඩ් හා මාර්කෝ සමඟින් දකුණු චීනයේ තත්ත්වය ගැන සහ ළමා අධිරාජ්‍යයා ගැන කතා කරනවා. ජින්ගිම් හා මාර්කෝ කියන්නේ ළමා අධිරාජ්‍යයා රැකගත යුතු බව. චැබි ආර්යාවගේ මතය උනෙත් ඒකයි. කෙසේ නමුත් අහමඩ් සියුම් ලෙස ළමා අධිරාජ්‍යයා මරා දැමීමට කුබ්ලායිව පොළඹවනවා.

අද කොටසේ නම් විශේෂිත ගමන්බිමන් ගැනම තමයි තියෙන්නේ. මාර්කෝ හා මෙයි ලින් පසුපස කැම්බුලැක් වෙත හඹා ආ ළමා අධිරාජ්‍යයාගේ රැකවලාට සංවේදී දසුනක් තමයි දකින්න වෙන්නේ. කම්පනයට පත් ඇය මෙයි ලින් සොයාගෙන යනවා. මවගේ උපදෙස් මත කයිදු දැඩි තීරණයක් ගනිමින් කුටුලන් හා ඕරස්ව කුබ්ලායිට ප්‍රතිචාර දැක්වීමට යවනවා. ඒ අතරේ ජින්ගිම් සහ අහමඩ් විසින් ඛාන්ගේ ප්‍රධානීන් හමුවීමට හදබිම වෙත යනවා. හදබිමට ගිය ජින්ගිම්ට නම් අපූරු සටනකටත් මුහුණ දෙන්න වෙනවා. හමුවීම අවසානයේ නැවත එන ජින්ගිම් හා අහමඩ් අනපේක්ෂිත කරදරයකට පත්වෙනවා. මේ සියල්ල අතරේ තරහින් සිටින කුබ්ලායි මාර්කෝවත් ඇදගෙන කඳුකරයට විශේෂ ගමනක් යනවා, ඒ විශේෂ කෙනෙක් හමුවීමට. ළමා අධිරාජ්‍යයාගේ මරණය ගැන කණස්සල්ලෙන් සිටින චැබි ආර්යාව, ඛාන්ට නව උරුමක්කාරයෙකු ලබා ගැනීම සම්බන්ධයෙන් කවුරුත් නොහිතන ආකාරයේ දැඩි තීරණයක් අරගන්න හැටිත් මේ කොටසින් අපිට දැන ගන්න පුළුවන් වේවි.

එහෙනම් ඉතින් මාර්කෝ පෝලෝ S02E04 සමඟින් හමුවෙමු…

Marco Polo on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

marco.polo.2014.s02e03.webrip.xvid-fum

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,128 downloadsDownload marco.polo_.2014.s02e03.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                  Next Episode >>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

1,128 downloadsDownload Subtitles21 KB

18 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. යශෝධ

    බොහෝම ස්තූතියි සජීවි උපසිරැසියට..!

  3. chamika

    thankz for sub

  4. Achintha Sameera

    තැන්ක්ස් බොක්ක සබ් එකට

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  6. adee

    thanx sho...

  7. රයන් ද සිල්වා

    එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝ..!!!
    **ජය**

  8. කවීන් ලහිරු

    නියමයි තෑන්ක්ස් සබ් එකට

  9. උදාර දිල්ශාන්

    ස්තූතියි සිංහල උපසිරැසියට
    4 වෙනි කොටසත් හැකි ඉක්ම්නට දෙමු
    **ජය**

  10. මිතුල් ලක්ශිත

    ස්තූතියි සිංහල උපසිරැසියට
    3 වෙනි කොටසත් හැකි ඉක්ම්නට දෙමු
    **ජය**

  11. sachintha

    :) ** Tnx ** :)

    :) ** Sis ** :)

    :) ** Elz ** :)

  12. Isuru Chamara

    thxxxx

  13. buddika prasad

    thank for sub

  14. Ravin

    Thanks for sub

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. suranuwan

    thanks`bro....

  17. Stranger

    thanks

  18. chinthaka.max4

    thanks machan