Watch Trailer

Marco Polo (2014) [S02 : E04] with Sinhala Subtitles | දෙවියන් වහන්සේගේ වැඩ අරඹමු… (18+) [සිංහල උපසිරසි සමඟ]

තෙවන කොටසින්, ළමා අධිරාජ්‍යයා නැවත ලබා ගැනීමේ අරමුණින් මාර්කෝ සහ මෙයි ලින් හඹා ආ රැකවලාගේ බලාපොරොත්තු ඉටු නොවුණත් ඇයත් කැම්බුලැක් වෙතට එනවා. නමුත් අවාසනාවට ඇය දකින්නේ තම ළමා අධිරාජ්‍යයා මරා දමා අගනුවර දොරටුවෙහි එල්ලා තිබෙන ආකාරයයි. මේ ඝාතනය නිසා චැබි කුබ්ලායි සමඟ තරහින් ඉන්නේ. ඒ නිසා කුබ්ලායි චැබිට…

Marco Polo-S2P1

තෙවන කොටසින්,

ළමා අධිරාජ්‍යයා නැවත ලබා ගැනීමේ අරමුණින් මාර්කෝ සහ මෙයි ලින් හඹා ආ රැකවලාගේ බලාපොරොත්තු ඉටු නොවුණත් ඇයත් කැම්බුලැක් වෙතට එනවා. නමුත් අවාසනාවට ඇය දකින්නේ තම ළමා අධිරාජ්‍යයා මරා දමා අගනුවර දොරටුවෙහි එල්ලා තිබෙන ආකාරයයි. මේ ඝාතනය නිසා චැබි කුබ්ලායි සමඟ තරහින් ඉන්නේ. ඒ නිසා කුබ්ලායි චැබිට දොස් පවරලා ඇගේ උපදෙස් තවදුරටත් අවශ්‍ය නොවන බව පවසනවා. තම පියා තමාට වඩා අහමඩ්ට විශේෂයක් දැක්වීම නිසා ජින්ගිම් ඉන්නෙ හිතේ අමාරුවෙන්. ඒ විතරක් නම් බැරියැ තම ආදරය අහිමිවීමයි ළමා අධිරාජ්‍යයාගේ ඝාතනයයි නිසා මාර්කෝ ඉන්නෙත් බොහෝම කණගාටුවෙන්.

ඔය අතරේ කුබ්ලායි පැමිණ මාර්කෝට තමන් සමඟ එන ලෙස පවසනවා. තමන් සමඟ කඳුකරයට ගොස් ටෙන්ග්‍රී හමුවෙන්න. ඒ කයිදු ජීවත්වෙයි ද මියයයි ද කියලා දැන ගන්න. කුබ්ලායි හා මාර්කෝ එකිනෙකා කෙරෙහි නොරිස්සුමෙන් සිටීමට හේතූ කියා ගන්නවා. අන්තිමට වෘකයාගේ පහරදීමෙන් කුබ්ලායිව බේර ගන්නෙත් මාර්කෝ තමයි.

ඒ අතරේ ජින්ගිම් හා අහමඩ්, ඛාන් වෙනුවෙන් ප්‍රධානීන්ව හමුවීමට යනවා. එහිදී ජින්ගිම්ට මල්ලවපොර තරඟයකටත් සහාභාගි වීමට සිදුවෙනවා. ලොකු සටනක් දීලා ජින්ගිම් තරඟය දිනා ගැනීමත් සමඟ ප්‍රධානීන්, ඛාන් හමුවීමටත් කැමැත්ත පළ කරනවා. ළමා අධිරාජ්‍යයාගේ මරණයෙන් කැළඹීමට පත් රැකවලා මෙයි ලින් හොයා ගන්නවා. මෙයි ලින් විසින් තමන්ගේ දියණිය ඛාන් ලඟ සිටින බැවින් ළමා අධිරාජ්‍යයා ගෙන ආ බව පවසනවා. පසුව දෙදෙනා පළිගැනීම සඳහා එකිනෙකාට උදව් කර ගැනීමට එකඟ වෙනවා.

කුබ්ලායිගේ ප්‍රතිචාරයට එකටඑක කිරීම සඳහා කයිදු විසින් කුටුලන් හා ඕරස්ව පිටත් කර යවනවා. නමුත් කුටුලන් ගමන පිළිබඳ කිසිවක් බියම්බාට කියන්නේ නැහැ. බියම්බා මේ ගැන කයිදුගෙන් ඇසූ විට ඔහු පවසන්නේ ඇය අනාගත ඛාන්වරිය වන බවයි. මේ සියල්ල ගැන බියම්බාගේ නම් කැමැත්තක් නැති හැඩයි.

කඳුකරයේ සිට ආ කුබ්ලායි හා මාර්කෝට චැබි ආර්යාව මුණ ගැසුණත් කුබ්ලායි ඇයට කිසිවත් පවසන්නේ නැහැ. නමුත් මාර්කෝ ගැන හොඳ කීම නිසා ඇයත් තරහින් පිටව යනවා. මාර්කෝ සිංහාසන කාමරයට රැගෙන යන කුබ්ලායි ඔහුට ඉහළ ගෞරවයක් ලබා දී මොංගෝලියානු හමුදාවට බඳව ගන්නවා.

ප්‍රධානීන්ගේ සිත් දිනාගත් ජින්ගිම් අහමඩ් සමඟින් රාත්‍රියේ නැවත එන අතරේ කුටුලන් හා ඕරස් ඇතුළු පිරිස ඔවුන්ව වට කර රැකවලුන් සියල්ල මරා දමනවා. ඉන්පසු කුටුලන් පිටව ගියත් ඕරස් මඳක් රැඳී ඔවුන්ගේ අශ්වයන්වත් මරා දමනවා. තම අශ්වයා කකුල මතට වැටීම නිසා අහමඩ් තුවාල ලබනවා. කුබ්ලායි විසින් මෙයි ලින් සොයා යන අතරේ චැබි විසින් කුරුල්තායි වලට පෙර ඛාන්ට උරුමක්කාරයෙකු ලබා ගැනීමට දැඩි තීරණයක් ගෙන තිබෙනවා. තමා පිළිබඳ සත්‍ය චැබි ආර්යාව දැන සිටි බව අවසානයේ කොකචින් දැනගන්නවා.

අද කොටසේ දී, නයන් කුමරු හා පාප් වහන්සේගේ දීර්ඝ හමුවේ දී ඔවුන්ගේ සැබෑ අරමුණු එකිනෙකාට පවසනවා. අතුරුදහන් ජින්ගිම් හා අහමඩ් සොයාගෙන කුබ්ලායි කරකෝරම් වෙත යනවා. කයිදු විසින් කුබ්ලායිට සත්‍ය පවසාවිද? ඔවුන් ජින්ගිම් හා අහමඩ් සොයා ගනිවි ද? කුටුලන්ගේ වැඩ ගැන බියම්බා දැනගත්විට ඔහු ගන්නා තීරණය කුමක්ද? ඒ අතරේ බත්බේයර් හොයාගෙන යන කොකචින්ට හමුවන්නේ කවුරුන්ද ? මේවට උත්තර හොයන්න නම් මේ කොටස බලන්නම වෙනවා.

එහෙනම් ඉතින් මාර්කෝ පෝලෝ S02E05 සමඟින් හමුවෙමු…

Marco Polo on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

marco.polo.2014.s02e04.webrip.xvid-fum

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,141 downloadsDownload marco.polo_.2014.s02e04.Baiscopelk.com_.rar22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                  Next Episode >>

Subtitles

1,141 downloadsDownload Subtitles22 KB

19 comments

  1. prabath

    thx bro for subtitle

  2. Udara Damith B\K

    upasirasata thanks....................

  3. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Wasa

    Thanks for subtitles and good luck for your future

  5. Ravin

    Thanks for sub

  6. Isuru Chamara

    thxxxx

  7. chamika

    thankz for sub

  8. harsha

    බොහෝම ස්තූතියි සජීවි උප සිරසියට. ජයවේවා

  9. කනිශ්ක ලක්මාල්

    නියමයි.. නියමයි..
    සබ් එකට ස්තූතියි..
    **ජය**

  10. කවීන් ලහිරු

    ස්තූතියි සජීවී සහෝදරී සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  11. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් සහෝදරී
    5 ත් හැකි ඉක්මනට දාමු

  12. රයන් ද සිල්වා

    එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝදරී..!!!
    **ජය**

  13. ඩිලාන් හසිත

    එලම සහෝදරී 5 ත් ඉක්මනට දාන්න
    ඉවසන්න බෑ....

  14. sachintha

    :) ** Tnx ** :)

    :) ** Sis ** :)

    :) ** Elz ** :)

  15. තාරුක දිල්ශාන්

    එලම සහෝදරී
    මේ කතාසමය ඉවර කරලම දාමු ඈ.....

  16. adee

    thx sho...

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Stranger

    thanks

  19. chinthaka.max4

    thanks machan