ඔන්න පොරොන්දු වූ පරිදිම 24 කොටසත් අරන් ආවා. අදහස් දක්වලා ගියපු හැමෝටම ස්තූතියි. හොරෙන්ම උපසිරැසිය බාගත්ත පිරිසකුත් ඉන්නවා නේද? අදහසක් දක්වලා ගියානම් ගොඩාක් සතුටුයි. ඔයාලගේ අදහස් අනුව තමයි මීටත් වඩා හොඳ විදිහට උපසිරැසියක් දෙන්න මාර්ගය සැකසෙන්නේ. ඒ වගේම අපි උපයාගන්නා ධනය තමයි ඔයාලගේ සතුට. වින්දනය. ඉන…

ඔන්න පොරොන්දු වූ පරිදිම 24 කොටසත් අරන් ආවා. අදහස් දක්වලා ගියපු හැමෝටම ස්තූතියි. හොරෙන්ම උපසිරැසිය බාගත්ත පිරිසකුත් ඉන්නවා නේද? අදහසක් දක්වලා ගියානම් ගොඩාක් සතුටුයි. ඔයාලගේ අදහස් අනුව තමයි මීටත් වඩා හොඳ විදිහට උපසිරැසියක් දෙන්න මාර්ගය සැකසෙන්නේ. ඒ වගේම අපි උපයාගන්නා ධනය තමයි ඔයාලගේ සතුට. වින්දනය. ඉන් එහා දෙයක් බලාපොරොත්තු වෙලා නෙමෙයි අපි උපසිරැසි කරන්නේ. කොහොම නමුත් මං අදහස් නොදක්වපු අයත් එක්ක තරහා වෙන්නෙ නෑ.
දැන් බලමු පසුගිය කොටසේ මොකද වුනේ කියලා. භූගත මායාබන්ධකයන්ගේ පරණ මාලිගාවේ රියානව හිර කරලා අශ්කයි ග්‍රෙවෝනුයි යනවා. නමුත් රියානා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මායාබන්ධන රසිකයන්ගේ ප්‍රියතම චරිතය තමයි රියානා නේද? ඉතින් මේ දඟකාර හැඩකාර කෙල්ල මේ උගුලෙනුත් බේරිලා පැනලා යනවා. නැවතත් මායාබන්ධකයන්ගේ මාලිගාව ලඟට යන රියානා අශ්වයෙකුත් අරගෙන ගමට යනවා. රියානටත් ඒනි අශ්කා ආපහු යනඑක නවත්තන්න. කොහොම හරි අශ්කා රියානට කලින් ක්ලේහිල්වල අණදෙන කුළුණ ලඟට ගිහින්. රියානා අර්ලාට පණිවිඩයකුත් කියාගෙනම අශ්වයා පිටේම අණදෙන කුළුණ ලඟට යනවා. යද්දි අශ්කා ශක්ති දොරටුව ඇරලා. දැන් කරන්න තියෙන්නේ පෝල්ගෙ ලෝකෙට ගිහින් පෝල්ව හමුවෙලා අශ්කා ආ බව කියන්න. රියානත් ග්‍රෙවෝන් නෙත් ගල ගන්න කලින් පෝල්ගෙ ලෝකෙට පනිනවා. බොහොම අමාරුවෙන් රියානා කෝච්චියේ ඇවිල්ලා පෝල්ගේ ගෙදරට එනවා. නමුත් රියානා එද්දිම පෝල්ලා පිටත් වෙනවා රෑ කෑමට. අශ්කාගේ හාලි නවතිනව ඉන්ධන නැතුව.
ඉතින් අශ්කා ලඟ සල්ලි තියෙනවා කියලා දැනගත්ත වාහන විකුණන්නෙක් අශ්කාට කාර් එකක් විකුණනවා. පදවන්නත් කියලා දෙනවා. අශ්කත් ඉක්මනින්ම ඉගෙන ගන්නවා. කාර් එකත් අරන් අශ්කා ලස්සන ඇඳුම් ටිකකුත් ගන්න යනවා. මොකද දැන් අශ්කා යන්නේ පෝල්ගේ තාත්තව හමුවෙන්න. පෝල්ගෙ තාත්ට භාර දෙන්න ලොකු ව්‍යාපෘතියක් තියෙනවා අශ්කා ලඟ. ඒ නවීන තාක්ෂණය යොදාගෙන බල ඇඳුමක් නිෂ්පාදනය කරන්න. ඉතින් අශ්කා ලස්සනට සැරසිලා පෝල්ගෙ තාත්තා වැඩ කරන තැනට යනවා එයාව හම්බ වෙන්න. කැනීම් කරද්දි මාලිගාවක තිබිලා හමුවුන පොතක් බව කියලා අර පොත පෝල්ගෙ තාත්තාට දෙන්නේ බල ඇඳුම නිර්මාණය කරවාගන්නා අධිෂ්ඨානයෙන්. පෝල්ගෙ තාත්තා මේ ව්‍යාපෘතිය ගැන බොහෝම සතුටින් ඉන්නේ. ඉතින් ඒ සතුටටත් එක්ක කට්ටියම රෑ කෑමට එලියට යන්න පිටත් වෙනවා. කෑමෙන් පස්සේ පෝල්ගෙ තාත්තා නැවත පරීක්‍ෂනාගාරයට යන්නේ මිසිස් හාලි දුන්න ව්‍යාපෘතිය කරන්න. පරිපත ස්ථානගත කරන්න පුලුවන් විදිහට ඇඳුම නිර්මාණය කරලා තියෙනවා. රියානා හොරෙන්ම පෝල්ගෙ කාමරේට පැනලා කබඩ් එකේ නිදාගෙන ඉන්නවා. පෝල් එද්දි රියානව දැකලා පුදුම වෙනවා. පෝල් අශ්කා කරන්න යන දේ ගැන රියානාගෙන් අහලා දැනගන්නවා. පහුවදා උදේම ඉස්කෝලෙ යන්න නැගිට්ටවද්දි ක්‍රිස්ටීන්ට ලෙඩ.
නමුත් ලෙඩ පිටින්ම පෝල් ක්‍රිස්ටීන්ව ඉස්කෝලෙ යවන්නේ අශ්කව සෙවීමේ භාරදූර කටයුත්ත කරන්න තියෙන නිසා. කොහොම හරි පෝල්ගෙ තාත්තා වැඩ කොටසින් ගොඩක් කරලා ඉවරයි. හාලි මේක දැකලා ගොඩක් සතුටු වෙනවා. ඇඳුමේ ඉතිරි ටිකත් ඉවර කරගන්නකන් හාලිට කිසිම සැනසීමක් නෑ. ඩොක්ටර් රෙනෝල්ඩ්ස්ට හදිසියේම ගෙදර යන්න වෙන්නේ ක්‍රිස්ටීන් ලෙඩ වෙලා කියලා මැසේජ් එකක් ආව නිසා. ඉතින් ඇඳුමේ ඉතිරි වැඩ ටික ගෙදරදි කරමු කියලා හාලිටත් ගෙදරට එන්න කියනවා. කොහොම නමුත් මේ ඇඳුම නිර්මාණය කරගෙන යද්දි මේ ඇඳුම ඇඳගෙන පියාඹන්න පුලුවන් විදිහට නිර්මාණය කරන්න පුලුවන් බව රෙනෝල්ඩ්ස්ට තේරෙනවා. රෙනොල්ඩ්ස් ක්‍රිස්ටීන්ව ගෙදර එක්කන් ඇවිත් ඉතුරු වැඩ ටික ගෙදරදී කරන්න හිතාගෙන හාලිටත් ගෙදරට එන්න කියනවා. මේ අතර පෝල් ආපහු ගෙදර එනවා අශ්කා මේ ලෝකෙට ආව එක ගැන තාත්තාට කියන්න හිතාගෙන. පෝල් එද්දි මිසිස් හාලි ගෙදර. පෝල්ගේ තාත්තා පෝල්ව එක්කන් යනවා මිසිස් හාලි හඳුන්වලා දෙන්න. ඉතින් පෝල් ගිහින් බලද්දි මේ ඉන්නේ අශ්කා. පෝල් මොනවා කරයිද? අශ්කා ගැන තාත්තට කියයිද? සද්ද නැතුව පොලීසියට ගිහින් කියයිද? එහෙමත් නැත්තන් යාලුවො කට්ටියත් සෙට් කරගෙන මොකකු හරි ගේමක් දෙයිද? හරියටම දැනගන්න මේ කොටස බලන්න සිද්ධ වෙනවා. එහෙනම් 25 කොටස අරන් ඉක්මනින්ම එන්නම්. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
574 downloadsDownload Spellbinder-S01E24.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
7 comments
Ishan Madusha
sanka
thank you bro... nice work.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chamila
Thanks Bro.................
Udara Damith B\K
බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E24] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

ස්තුතියි සහෝ