සිවුවන කොටසින්, නයන් කුමරු උතුරු ඊශ්‍රායලයට යනවා පාප්තුමා හමුවීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඉතින් අපි බලාපොරොත්තු නොවුණ විදිහට මුලින්ම හමුවන්නේ මාර්කෝගේ පියාවයි. පාප්තුමා නම් නයන්ව පිළීගන්නේ සමච්චලයත් සමඟයි. ඔවුන් තිදෙනාගේ දීර්ඝ කතාබහෙන් හෙළිවෙන්නේ නම් පාප්තුමාට ඕන කුබ්ලායි බටහිර ආක්‍රමණය කිරීමට පෙර ඔ…

සිවුවන කොටසින්,
නයන් කුමරු උතුරු ඊශ්‍රායලයට යනවා පාප්තුමා හමුවීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඉතින් අපි බලාපොරොත්තු නොවුණ විදිහට මුලින්ම හමුවන්නේ මාර්කෝගේ පියාවයි. පාප්තුමා නම් නයන්ව පිළීගන්නේ සමච්චලයත් සමඟයි. ඔවුන් තිදෙනාගේ දීර්ඝ කතාබහෙන් හෙළිවෙන්නේ නම් පාප්තුමාට ඕන කුබ්ලායි බටහිර ආක්‍රමණය කිරීමට පෙර ඔහුව මරා පෙරදිග යටත්කර ගෙන තම අණසක පතුරුවන්න. නයන්ගේ අරමුණ කිතුදහම පැතිරවීම උනත් ඛාන් විනාශ කිරිම ගැන නම් පැහැදීමක් නැහැ වගේ. ඒ බව දැනුනු මාර්කෝගේ පියා, කුරුස යුද්ධය වෙනුවෙන් තම පුතාවත් අතහැර දැමූ බව පවසනවා. කොහොම උනත් නයන් කාගේ පසෙකින් ඉඳීද කියලා හරියටම දැන ගන්න වෙන්නේ ඉදිරියට තමයි. කෙසේ නමුත් පාප්තුමා නයන්ට තර්ජනයක ආකාරයකින් තමයි තම අරමුණ පැහැදිලි කරන්නේ. ඒත් නයන්ට කාන්තාරයේ දී පුරාවෘත්ත ගත ප්‍රෙස්ටර් ජෝන් හමුවු බව දැනගත්විට නම් ටිකක් සැර අඩු උනා වගේ. මේ කතාබහෙන් නයන්ගේ පාපය මොකක්ද කියලත් දැනගන්න ලැබුණා.
බටහිර එසේ සිදුවෙද්දි කුබ්ලායි පිරිසත් කැටුව තම පුත්‍රයින් සොයා යනවා. මාර්කෝගේ පරික්ෂාවෙන් පසු සැකය යොමුවෙන්නේ කයිදු දිහාවට. ඒ නිසා ඔවුන් කරකෝරම් වෙතට යනවා. ඔවුන් එන බව සඳහන් ආරංචියත් සමඟ තමයි කයිදු ඕරස් කර තිබෙන දේ දැනගන්නේ. කුටුලන් හා ඕරස් විසින් තම සහෝදරයන්ට එල්ල කර ඇති ප්‍රහාරය දැන ගන්නා බියම්බා සෑහෙන තරහකින් ඉන්නේ.
ජින්ගිම් සමඟ ගුහාවක රැඳී සිටින අහමඩ් සිහිවිකලෙන් අතීත සිදුවීම් මෙන්ම හිතේ තියෙන දේවල් පැවසුවත් ජින්ගිම් නම් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ජින්ගිම්ට ඕන ඔවුන්ව හොයාගන්නා තෙක් අහමඩ් බලා ගන්න. මේ අතරේ කොකචින් යනවා බත්බේයර් හොයාගෙන. නමුත් ඒ වෙලාවේ ඇය දැනගන්නවා ඔහුව මරා දමා ඇති බව. බත්බේයර්ගේ මිනිය අසළට යන ඇයට ඔහුගේ බිරිඳත් පසුව ඔහුගේ පුතත් හමුවෙනවා. කෙසේ නමුත් කොකචින් ඔවුන්ට ඇත්ත බොරු මිශ්‍ර කතාවක් තමයි කියන්නේ.
කරකෝරම් වෙත ආ කුබ්ලායිට කයිදු විසින් ඇත්ත තත්ත්වය කියනවා. පසුව ඔවුන් සියළු දෙනාම තුබ්ලායිගේ පුතුන් සොයා යනවා. මෙහෙම යන අතරේ බියම්බා කුටුලන්ට දොස් කියනවා. ඒ වගේම ඇය කයිදුගේ උරුමක්කාරයා බවත් කියනවා. ඒ අතරේ වරෙක කුබ්ලායි හා කයිදු තම ළමා කාලයේ දී ජෙන්ගීස් සමඟ ගතකළ හැටි මතක් කරනවා. තවත් වරෙක දෙදෙනා එකිනෙකාට අපහාස හා තර්ජනය කර ගන්නවා. අන්තිමට දෙන්නා මරා ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කුටුලන් ඇවිත් ජින්ගිම් හා අහමඩ් හොයාගත් බව කියනවා. බියම්බා, කුටුලන් හා කයිදු අතහැර තම පියා සමඟ කැම්බුලැක් වෙත යනවා. කැම්බුලැක් ආ ජින්ගිම් වෙතට දිවයන කොකචින් ඔහුගේ උරුමක්කාරයා ගැන පවසනවා. ඒ ආරංචියෙන් ජින්ගිම් නම් සතුටට පත්වෙනවා. ඒත් මාර්කෝ… (පව් මාර්කෝ). අන්තිමට පාප්තුමා, මාර්කෝගේ පියා සහ නයන් කුමරු එක්වී දෙවියන්ගේ වැඩ ආරම්භ කරන්නයි හදන්නේ.
අද කොටස පටන් ගන්නේ කැම්බුලැක් වෙතට එල්ලවන ප්‍රහාර කිහිපයක් සමඟින්. අද කතාව වැඩිපුරම සිද්ධ වෙන්නේ අහමඩ් වටා තමයි. ප්‍රහාර සම්බන්ධයෙන් තීන්දු තීරණ අරගන්නෙ අහමඩ්. බියම්බා ගැන තීරණ ගන්නෙත් අහමඩ්. ඒ වගේම අහමඩ්ගේ අතීත සිදුවීම් පෙළක් අද කොටසට ඇතුලත් වෙනවා. ඒ විතරක් නම් මදැයි අහමඩ්ට රහසකුත් දැන ගන්න ලැබෙනවා. ඒ අතරේ කොකචින්ට අප්‍රසන්න අමුත්තෙකුත් හමුවෙනවා. කුරුල්තායි දිනා ගැනීමට කුබ්ලායි හා කයිදු දරණ මහන්සියත් බලා ගන්න පුළුවන්. මේ වෙනකම් ලින්ග් ලින්ග් ව කිපවරක් පෙන්නුවා උනාට ඒ ගැන වැඩි කතා කළේ නැහැනි. අද ලින්ග් ලින්ග් ගේ අනාගතය ගැනත් කතා කරනවා. තව වැදගත් සිදුවීම් ගණනාවක් වෙනවා. කුතුහලයෙන් පිරි කොටසක්.
Due to copyright issues, we do not provide any torrent links.
marco.polo.2014.s02e05.webrip.xvid-fum
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,052 downloadsDownload marco.polo_.2014.s02e05.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජීවි වේහැල්ල
Subtitles
16 comments
adee
chamika
thankz for sub
Isuru Chamara
thxxxxxxxxx
harsha
ඔන්න එහෙනම් ඒ කොටසත් ගත්තා බොහෝම ස්තූතියි සජීවි අපි වෙනුවෙන් කාලය වෙන් කරනවට. ජයවේවා
කනිශ්ක ලක්මාල්
එලම සහෝදරී
මේ කතාසමය ඉවර කරලම දාමු ඈ…..කවීන් ලහිරු
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝදරී..!!!
**ජය**රයන් ද සිල්වා
ස්තූතියි සජීවී සහෝදරී සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴උදාර දිල්ශාන්
නියමයි.. නියමයි..
සබ් එකට ස්තූතියි..
**ජය**ඩිලාන් හසිත
:) බොහෝම ස්තූතියි :) සජීවි උපසිරැසියට....
෴෴ජයවේවා෴෴මිතුල් ලක්ශිත
තෑන්ක්ස් සහෝදරී මේ කතාමාලවට උපසිරැසි ලබා දෙනවාට
මේක මගේ ආසම කතාමාලාවලින් එකක්...තාරුක දිල්ශාන්
නියමයි නියමයි
ස්තූතියි සහෝදරී
ජයම වේවාandare
thnxx onna bavvvaaaaaa {lankan andare}
Kulanjana Maduranga
niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks`bro.........
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thx sho....