Watch Trailer

Marco Polo (2014) [S02 : E06] with Sinhala Subtitles | සැළසුමේ අවසන් අදියර… (18+) [සිංහල උපසිරසි සමඟ]

පස්වන කොටසින්, පසුගිය කොටස පටන් ගන්තේ කැම්බුලැක් අගනුවරට එල්ලවන ප්‍රහාර මාලාවකින්. ප්‍රහාරය මෙහෙයවන්නේ ළමා අධිරාජ්‍යයාගේ රැකවලා උනත් ඇත්තටම මේ අවුල් සියල්ල පසුපස ඉන්නේ අහමඩ් කියලා දැනටමත් කට්ටිය දන්නවනේ. ප්‍රහාරයෙන් පසු රාජ සභාව රැස්වෙනවා. අහමඩ්ට ඕන කරන්නේ මේ කැරැල්ල පාලනය කිරීමට කුබ්ලායිගේ හමුදාව…

Marco Polo-S2P2

පස්වන කොටසින්,

පසුගිය කොටස පටන් ගන්තේ කැම්බුලැක් අගනුවරට එල්ලවන ප්‍රහාර මාලාවකින්. ප්‍රහාරය මෙහෙයවන්නේ ළමා අධිරාජ්‍යයාගේ රැකවලා උනත් ඇත්තටම මේ අවුල් සියල්ල පසුපස ඉන්නේ අහමඩ් කියලා දැනටමත් කට්ටිය දන්නවනේ. ප්‍රහාරයෙන් පසු රාජ සභාව රැස්වෙනවා. අහමඩ්ට ඕන කරන්නේ මේ කැරැල්ල පාලනය කිරීමට කුබ්ලායිගේ හමුදාව යොදා යුද්ධයක් කරන්න. නමුත් මාර්කෝ හා ජින්ගිම් මේකට එරෙහි වෙනවා. ඒත් කුබ්ලායි අහමඩ්ගේ තීරණයට එකඟ වෙනවා. කුබ්ලායි කැම්බුලැක් හි නතරවෙලා කැරැල්ල පාලනය කරන්න තීරණය කරනවා. ඒත් අහමඩ් බොහොම කපටි විදිහට කුබ්ලායිව කුරුල්තායි වෙනුවෙන් ෂැනඩු වෙත යැවීමට කටයුතු කරනවා, ඒ තමන් කැරැල්ල පාලනය කරන බව පවසමින්. මාර්කෝ බොහෝ වෙලාවට අහමඩ්ගේ තීරණ වලට විරුද්ධ වෙන නිසා අහමඩ් කෙළින්ම මාර්කෝට තර්ජනය කරනවා. අවසානයේ හේවායන් වැඩි පිරිසක් දකුණටත් සුළු පිරිසක් කුබ්ලායි සමඟ ෂැනඩු වෙතට යැවීමට තීරණය වෙනවා.

කයිදු විසින් තම උරුමක්කාරයා ලෙස කුටුලන් නම් කළත් ඇයට තම පියාගේ ක්‍රියාවන් ගැන පැහැදීමක් නැති නිසා එය ප්‍රතික්ෂේප කරනවා. බියම්බා සාමාන්‍ය හේවායෙක් ලෙස යෙදවීම ගැන මාර්කෝ කුබ්ලායිගෙන් විමසීමේ දී එතනට එන අහමඩ් මාර්කෝට දොස් කියනවා. එතනදීත් කුබ්ලායි අහමඩ්ගේ තීරණය පිළිගන්නවා. කොකචින්ගේ කුටියේ දොරටු පාලකයා පැමිණ කොකචින්ගේ හා චැබි ආර්යාවගේ රහස අහමඩ්ට හෙළි කරනවා. චැබි ආර්යාව කොකචින්ගේ දරුවා ගැන දැන ගැනීමට උත්සාහ කළත් එය හරි ගියේ නැහැ. මේ අතරේ සැබෑ නීල කුමරිය කොකචින් නැතිනම් නෙගුයි සොයා එනවා ඒ වගේම ඇගේ ජිවිතය නැවත ඉල්ලනවා. අහමඩ්ගේ තීරණ හැමවිටම සැක කරණ මාර්කෝ ඒ ගැන සීෆු සමඟ කියනවා. පසුව මෙයි ලින් හමුවී මේ ගැන ඇසුවත් ඇය කිසිවක් කියන්නේ නැහැ.

ෂැනඩු වෙත යාමට චැබි අකමැතිවීම නිසා තමන් සමඟ යාමට මෙයි ලින් සුදානම් කරන ලෙස කුබ්ලායි විසින් අහමඩ්ට කියනවා. අහමඩ් කොහොමහරි චැබිව ෂැනඩු වෙත යාමට පොළඹවනවා. මෙයි ලින් කුබ්ලායි සමඟ සිටි බව දැන ගැනීමෙන් කෝපයට පත්වන අහමඩ්, තම අරමුණට සහය ලබා ගැනීම වෙනුවෙන් ලින්ග් ලින්ග් නයන්ට ලබාදෙන බව මෙයි ලින්ට පවසනවා. මේක ඇසීමෙන් මෙයි ලින් කෝපයට පත්වුවත් ඇය නැවත අහමඩ්ගේ සිත දිනා ගැනීමට උත්සාහ කරනවා. එය හරිගිය බවක් තමයි පේන්නේ. නයන් නැවත පැමිණි විට ඔහුගේ කැමැත්ත ගන්න විදිහ වගේම දකුණට හමුදාව යැවීමෙන් කුබ්ලායි අනතුරකට පත්වන බව තමයි අහමඩ් මෙයි ලින් සමඟින් පවසන්නේ.

ඒ අතරේ කයිදු තම මව සමඟ කුරුල්තායි දිනා ගැනීම වෙනුවෙන් යක්ෂයින් එළවීමට විශේෂ පූජාවන් සිදු කරනවා. මෙයි ලින් හමුවන ළමා අධිරාජ්‍යයාගේ රැකවලා, ඇයට අන්ධ භික්ෂුව හමුවිය යුතු බව පවසනවා. “ සියක් දෑස්“ බලපු අය නම් දන්නවනි මේ දෙන්නා අතරේ යම් සම්බන්ධයක් තිබෙන බව. නමුත් මෙයි ලින්ට ඕන වෙනවා ඊට කළින් ඇගේ දියණිය මාළිගයෙන් ඉවත් කර ගැනීමට. නමුත් රැකවලා එය ප්‍රතික්ෂේප කරලා ඇයට තර්ජනය කරළා කෙසේ හෝ සියක් දෑස් දකින්න යනවා. රැකවලා විසින් සියක් දෑස් හමුවන මොහොත නම් සංවේදීයි. මේ ‍දෙන්නගේ කතාව මොකක්ද කියලා ඉදිරියේ දී බලමු.

තමන්ගේ සැලසුම අවුල් වෙච්ච හින්දා මෙයි ලින් මාර්කෝ හමුවෙනවා. ඔහු සමඟ අහමඩ්ගේ නිවසට ආවත් අහමඩ්ගේ සිහිනය පෙන්වන දැවැන්ත සිතුවම බිත්තියෙන් ඉවත් කර ඇති බව දකිනවා. මේ හේතුවෙන් මාර්කෝට කිසිවක් දැන ගැනීමට හැකිවන්නේ නැහැ.

වසර 12 කට කළින් කුබ්ලායි විසින් අහමඩ් වෙත මුදල් අමාත්‍ය ධූරය ලබාදෙන්න හැදුවත් ඔහු එය ප්‍රතික්ෂේප කරලා බදු එකතු කරන්නෙක් ලෙස අධිරාජ්‍යය පුරා ගමන් කරනවා මූල්‍ය පාලනය ගැන ඉගෙන ගන්න. නමුත් අවසානයේ ඔහුට ඉතා අවාසනාවන්ත සිදුවීමකට තමයි මුහුණ දෙන්න සිදුවුණේ. ඉන් අනතුරුව කුබ්ලායි වෙත එන අහමඩ් ඉතා බලවත් මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට කැමැත්ත පළ කරනවා.

දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා.  කුබ්ලායි ෂැනඩු වෙත යන අතරේ කැම්බුලැක් වෙත විශේෂ අමුත්තෙකු එනවා. ඒ සමඟම නයන් කුමරුත් පාප්තුමාගේ ත්‍යාගයකුත් රැගෙන කුබ්ලායි හමුවීමට කැම්බුලැක් එනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම තමයි අහමඩ්ගේ අරමුණ වෙන්නේ. මේ අතරේ ෂැනඩු වෙත නොයන කුබ්ලායි, රාජකීය දඩයම් පිටියට ගොස් තම ප්‍රධානීන්ව හමුවෙනවා. එහිදි අර්බාන් විසින් කුබ්ලායිට විශේෂ ත්‍යාගයක් ලබාදෙන නමුත් යම් කෙනෙක් එයට හානි කරනවා. ඒකේ සැකය යන්නෙත් කයිදු දිහාට තමයි. කයිදුගේ අතීතයේ යම් යම් සිදුවීම් කිහිපයකුත් දකින්න ලැබෙනවා. බටහිර, නයන්ගේ සහයෙන් මොංගෝලියානු අධිරාජ්‍යයට බැල්ම හෙළන අතරේ කුබ්ලායි, කයිදු, අහමඩ් යන තිදෙනාටම තමන්ගේ බලය වැඩි කර ගන්න තමයි ඕන වෙලා තියෙන්නේ. අපි බලමු බලය වෙනුවෙන් හැමෝම මොකද කරන්නේ කියලා.

Marco Polo on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

marco.polo.2014.s02e06.webrip.xvid-fum

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

995 downloadsDownload marco.polo_.2014.s02e06.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                  Next Episode >>

Subtitles

995 downloadsDownload Subtitles21 KB

16 comments

  1. තාරුක දිල්ශාන්

    නියමයි නියමයි
    ස්තූතියි සහෝදරී
    ජයම වේවා

  2. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් සහෝදරී මේ කතාමාලවට උපසිරැසි ලබා දෙනවාට
    මේක මගේ ආසම කතාමාලාවලින් එකක්…
    ඊලග කොටසෙන් හමු වෙමු

  3. ඩිලාන් හසිත

    :) බොහෝම ස්තූතියි :) සජීවි උපසිරැසියට….
    ෴෴ජයවේවා෴෴

  4. උදාර දිල්ශාන්

    නියමයි.. නියමයි..
    සබ් එකට ස්තූතියි..
    **ජය**

  5. ර

    ස්තූතියි සජීවී සහෝදරී සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  6. කවීන් ලහිරු

    එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝදරී..!!!
    **ජය**

  7. කනිශ්ක ලක්මාල්

    එලම සහෝදරී
    මේ කතාසමය ඉවර කරලම දාමු හොදේ…..

  8. රයන් ද සිල්වා

    තෑන්ක්ස් සහෝදරී
    7 ත් හැකි ඉක්මනට දාමු

  9. Isuru Chamara

    thxx sis

  10. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa…

  11. chamika

    thankz for sub

  12. Dinesh Sapumal Bandara

    සබට ස්තුතියි...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. suranuwan

    ela..........

  15. Stranger

    thanks

  16. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.