Watch Trailer

The Outpost (2018-) [S04 : E06] Sinhala Subtitles | අපි කරන්නේ ආයුබෝවන් කියන එක විතරයි [සිංහල උපසිරසි]

– මේ සංකේත, මම ඒවා කලින් දැකලා තියෙනවා. – මුරපොල යට තියෙන ප්‍රහේලිකා කාමරේ. – මොකක්ද? – ස්කෙවිකෝර් සිදුවීමක් නොවී දෙයක් වුනොත්, හරියට මේ පූජාසනය වගේ? – ස්කෙවිකෝර් අගුළු අරින්න ඔයාට යතුරක් අවශ්‍යයි. – නැඟිටින්න, ටෙරා. – ජාන්යාගේ ආත්මය නිදහස්. – කිංජ් දරන්නන් එතෙන්ට යයි, ඔවුන් අගනුවර කියලා හඳුන්වන තැ…

– මේ සංකේත, මම ඒවා කලින් දැකලා තියෙනවා.

– මුරපොල යට තියෙන ප්‍රහේලිකා කාමරේ.
– මොකක්ද?

– ස්කෙවිකෝර් සිදුවීමක් නොවී දෙයක් වුනොත්, හරියට මේ පූජාසනය වගේ?

– ස්කෙවිකෝර් අගුළු අරින්න ඔයාට යතුරක් අවශ්‍යයි.

– නැඟිටින්න, ටෙරා.

– ජාන්යාගේ ආත්මය නිදහස්.

– කිංජ් දරන්නන් එතෙන්ට යයි, ඔවුන් අගනුවර කියලා හඳුන්වන තැනට. ගිහින් දෙවිවරුන්ට ඉදිරිපත් වෙයි.

– ඔබ අපි එක්ක අගනුවරට යනවා.

– ඔයා ලොකු වැරැද්දක් කරන්නේ.
– ඔවුන්ව ගැට ගහන්න!

දෙවියන්ට සේවය කරන්න දෙවියො ළඟට ගිය තෙවැන්නා, එයා අරගෙන ගියපු ආත්ම ටික දෙවියො කියන අයට දෙනවා. කළු කින්ජ් ළඟ තියෙන කෙනා තෙවැන්නාව අල්ලපු ගමන් තෙවැන්නා අළු වෙලා යනවා. තෙවැන්නා ළඟ තිබුණු කින්ජ් පාවෙලා ගිහින් තවත් අර වගේම කෙනෙක්ගෙ ඇඟට ඇතුල් වෙනවා. ඒ අතරෙ ලූ-කිරි ලා හොයාගෙන ගියපු සෙඩ්  දෙවියො කියන අයට අහු වෙනවා. ලූ-කිරි ලා ඔක්කොගෙම ආත්ම ටික දෙවිවරු ගන්නවා. කොහොමහරි ටැලොන් සහ ලූනා සෙඩ්ව බේර ගන්නවා. ජැන්සෝ සහ ව්‍රෙන් ටැලොන්ගෙ කාමරේ යට තියෙන පැරණි ගුහාවෙන් “ස්කෙවිකෝර්” හොයාගන්නවා. දෙවිවරු ළඟට ගිහින් තමන්ගෙ කින්ජ්ලා පූජා කරන්න හිතාගෙන ෆාලිස්ටා ටොබින් එක්ක අගනුවරට යන්න හදනවා. හැබැයි ඒ යන්නෙ තනියම නෙවෙයි. ටැලොන්, සෙඩ් දෙන්නාව මාංචු දාලා කූඩුවක දාගෙන එයාලවත් අගනුවරට අරගෙන යනවා. ස්පියර්ස්ව අල්ලලා හිරේට දාලා තමයි ෆාලිස්ටා යන්නෙ.

ටැලොන් සහ සෙඩ්ට ෆාලිස්ටාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? ස්පියර්ස්ට හිරේ ඉඳගෙන මොනවත්ම කරන්න බැරි වෙයිද? මෝඩකමට දෙවිවරු ළඟට ගිය ෆාලිස්ටා, ටොබින් දෙන්නයි එයාලා බලෙන් අරගෙන ගිය ටොබින්, සෙඩ් දෙන්නයි අර දෙවිවරු කියන අයට බිලි වෙයිද? ජැන්සෝට “ස්කෙවිකෝර්” අගුළු අරින්න පුළුවන් වෙයිද?

එහෙනම් මගේ 60වෙනි උපසිරැසියත් ඔන්න දුන්නා. ඊළඟ කොටසත් එක්ක මුණ ගැහෙමු. නිරෝධායන ඇඳිරි නීතියත් දාලා තියෙන එකේ ඒ නීති කඩ නොකර පරිස්සමින් ගෙදරටම වෙලා ඉන්න. තම තමන් රැකෙන්න බලන්න. එතකොට මුළු රටම රැකෙයි. ඔබ රැකුණොත් රටත් රැකෙයි කියන්නෙ නිකම් නෙවෙයිනෙ? නේද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,469 downloadsDownload The-Outpost-2018-S04-E06.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,469 downloadsDownload Subtitles26 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Lahiru Lakshan

    thanks machn...

  4. Eranda

    Thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.