මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ, හයවන කොටසයි. අද නම් ඔන්න ටිකක් කලින් උපසිරැසිය අරගෙන එන්න පුළුවන් වුනා. පස්වන කොටසේ වුනු දේවල් සුපුරුදු විදියටම මතක් කරගෙන ඉමු. කාටර් නේවාසිකව සිටින ග්‍රිෆිත් නිවාසයේ පදිංචියට එන ඩොටී, තිමිංගල සංවිධානයේ ඝාතකයෙක් බව අපට පැහැදිලි වුනා. ගියවර කොටසෙන් ඇගේ…

මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ, හයවන කොටසයි. අද නම් ඔන්න ටිකක් කලින් උපසිරැසිය අරගෙන එන්න පුළුවන් වුනා. පස්වන කොටසේ වුනු දේවල් සුපුරුදු විදියටම මතක් කරගෙන ඉමු. කාටර් නේවාසිකව සිටින ග්‍රිෆිත් නිවාසයේ පදිංචියට එන ඩොටී, තිමිංගල සංවිධානයේ ඝාතකයෙක් බව අපට පැහැදිලි වුනා. ගියවර කොටසෙන් ඇගේ පුහුණු මොන වගේ එකක්ද යන්න ගැනත් අපට අදහසක් ලබාගන්න හැකි වුණා. ඩොටී කාටර්ගේ යතුරු සොරකම් කරමින් ඇගේ කාමරයට පැමිණ කාටර් සතු විෂ ගැන්වූ තොල් ආලේපනය රැගෙන ගියා මතක ඇති. ඒක අද කතාවෙදි ප්‍රයෝජනවත් වෙන හැටි බලන්න හැකි වෙයි.
ගියවර කොටසේ ප්‍රධානත්වය හිමි වුනේ මායා යතුරු ලියනය හරහා පැමිණි පණිවිඩය සම්බන්ධවයි. කාටර් එම පණිවිඩය විකේතනය කර, පණිවිඩය පැමිණියේ කාගෙන්ද යන්න සොයා බලන්නටත්, මේ අවි ආයුධ ගණුදෙනුවට හෝවාර්ඩ් ස්ටාර්ක් නිසැකවම හවුල්ද යන්න තහවුරු කරගන්නත් හිතාගෙන තමයි, බලෙන් වගේ රුසියාව බලා යන කණ්ඩායමට එක් වන්නේ. ඒ මෙහෙයුමට එකතු වුනා, මාර්වල් ලෝකයේ සුප්‍රසිද්ධ Howling Commandos (මොරදෙන කමාන්ඩෝ) අතරින් කීප දෙනෙක්. කැප්ටන් ඇමරිකා පළමු චිත්‍රපටය බැලුව අය නම් මෙයාලව හඳුනනවා ඇති. ඩම්-ඩම්-ඩූගන් ඇතුලු ඒ පිරිසට නායකත්වය දෙන කාටර්, රුසියානු ගොඩනැඟිල්ල වැටලුවත් තමන් යන්නේ උගුලක් කරාම බවට ඔවුන් දැන සිටින්නේ නැහැ. එහිදී ඩූගන් කුඩා ගැහුණු ළමයෙකුගේ පිහි ඇනුමකට ලක් වෙනවා. ඒ ස්ථානය ඝාතකයින් පුහුණු කරන ස්ථානයක් බවට ඔවුන් හඳුනගන්නවා. එම ගොඩනැඟිල්ලෙන් තිමිංගලයින් සොයා ගන්නට නොහැකි වුවත්, එහි සිර ගතව සිටි මනෝචිකිත්සකයෙක් රැගෙන පලා යන්නට මේ පිරිස සමත් වෙනවා. ඒ වගේම ඔවුන් තහවුරු කරගන්නවා, හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ සංකල්පය සහ ආයුධ සොරා ගනිමින් ඒවා වැඩිදියුණු කරන්නට තිමිංගලයින් උත්සාහ දරන බව.
මේ අතර ප්‍රධානී ඩූලි තම සගයෙක්ගේ මාර්ගයෙන් ෆිනෝව් වල සිදුවූ සටන සහ එයට ස්ටාර්ක් සම්බන්ධද නැත්ද යන්න ගැන යම් කරුණු කීපයක් දැනගන්නවා. ඒ කරුණු නිසාවෙන් හෝවාර්ඩ් කෙරෙහි තිබුණු දැඩි සැකය පහව ගියත් හෝවාර්ඩ්ව හමුවන්නට අවශ්‍ය බව ඔහු ජාවීස්ට පවසනවා. කාටර් ඇතුලු පිරිස රුසියාව බලා පිටත්ව යන්නට කලින් ඇගේ උරහිසට වැදී ඇති වෙඩි සලකුණු දැකගන්නට ඩැනියෙල් සමත් වෙනවා. ඒ අනුව ස්පයිඩර් රේමන්ඩ් මිය ගිය දින රාත්‍රියේ ඔහු සිටි සමාජ ශාලාවේ සිටි තඹ පැහැ කෙස් ඇති තැනැත්තිය, කාටර් බවට ඔහු තුළ සැක පහළ වෙනවා. ඒ එක්කම එස්.එස්.ආර් කණ්ඩායම අතර සම තැන ලබා ගැනීමටත් කාටර් සමත් වුනු බව ඔයාලට මතක ඇති.
අද කොටස මේ කතාවේ දැනට විකාශය වුනු හොඳම කොටස කියන්න පුළුවන්. කාටර් කතා මාලාව හිතුවට වඩා සාර්ථකව කරුණු ගලපමින් චරිත හොඳින් සම්බන්ධ කරන බව අද කතාවෙන් අවබෝධ කරගන්නට හැකි වේවි. ක්‍රියාදාම එක්ක රහස් දිග හරිමින් රහස් රකිමින් අද මේ පරීක්ෂකවරුන් මේ ගැටළුවට විසඳුම් සොයා ගනීවිද කියලා බලන්න එහෙනම්.. එලස්ස්ස්.. මං ගියා. ජයම වේවා..!
ප.ලි : දී ඇති 720p කොපිය නැරඹීම සඳහා K-Lite Codecs සහිත Media Player Classic භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
182 MB (720p) කොපිය මෙතනින් බාගන්න
AF77C8E38CC468D7FAB0C4D0B3A2121998655FED F9D55A8D56A21EE5B022E79CF34794A24A6C6468 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,335 downloadsDownload Marvels.Agent_.Carter.S01E06.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
35 comments
Deshan
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:DRavindu Adithya
thanks saho sub ekata. thawa episodes dekai needa.
Chamodh
sabata thanks mchnn...
thisal
තැන්ක්ස් මචන්
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Hasitha
Thanks sahooo sub eka ikmanata denawata
lakmal
thx...... for the sub....
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
උපසිරැසියට ස්තුතියි සහෝ.
මෙන්න කතාව ගත්තා. :)ආයු -බෝ -වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wasantha
thanx saho...digatama sub oniiii
lakshyan
Thanx bro!! :D
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D
ශාන් විමුක්ති [විමා]
1, 2, 3, 4, 5, බැලුවේ අද ඔන්න
එළකිරි ඈ
මෙන්න එහෙනම් මේකත් ගන්නව :D
සබට ස්තුතියි අයියේM B S
සුපිරි කතාව. වෙනදාට වඩා කලින් ඇවිල්ලා. බොහොම ස්තූතියි සහො සබට......
Ruchira
sub 1ට ස්තුතියි.........
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අද කලින්ම දීලා තියෙන්නෙ.
ජය වේවා. !Rasidu
නියමයි...අද ඉක්මනට sub දුන්නට thanx.
samadhi
බොහොම ස්තූතියි සහො සබට
නලින්
ස්තුතියි යශෝධ සහෝ..
ඊයෙම බලා බැලුවා ඔන්න
ජය වේවා! එලස්ස්!!
#YasmikaSH
elzzzzz
:mrgreen: :mrgreen: :mrgreen:ashan
thanx bro.api godak asawena me series eka balanawa
Jayz
Thanx Saho.. digatama wade karagena yanna. Api oyalat ekka hamadama innawa. Budusaranai..
Pubudu
නියමයි සහෝ. සබට තුති.
sajeevi
thanks
madhuka
thanks wewa. 720p eka wada ne bn
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sanjeewa
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dhana
ඔබට මාගේ උත්තමාචාරය.
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........chinthaka
thankx
Udara Damith B\K
thanks
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
මම එක. බොහොම ස්තූතියි