Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E05] | සතුරු පිලේ මිතුරිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, පස්වන කතාංගයයි. ගියවර කොටස ඔයාලට අමතක නම් නැතිව ඇති. ඒත් පුරුද්දට වගේ පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. ගියවර කොටස ආරම්භ වන්නේ, පිළිස්සී විනාශ වුනු පල්ලියක තිබුණු, පිළිස්සීමකට ලක් නොවී බේරුනු චිත්‍රයකින්. ඒ චිත්‍රය අවුරුදු 500 ක් පැරණිය…

Marvels-Agents-Of-S.H.I.E.L.D

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, පස්වන කතාංගයයි. ගියවර කොටස ඔයාලට අමතක නම් නැතිව ඇති. ඒත් පුරුද්දට වගේ පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. ගියවර කොටස ආරම්භ වන්නේ, පිළිස්සී විනාශ වුනු පල්ලියක තිබුණු, පිළිස්සීමකට ලක් නොවී බේරුනු චිත්‍රයකින්. ඒ චිත්‍රය අවුරුදු 500 ක් පැරණියි. ඒ වගේම විශේෂත්වය වුනේ ඒ චිත්‍රයේ පසු පසු කැටයම් කොට තිබුණු, පිටසක්වළ අක්ෂර රටාවයි. ඒ නිසාවෙන් මේ චිත්‍රය තමන් වෙත ලබා ගැනීම වෙනුවෙන් පරීක්ෂක මේ, සමඟ අධ්‍යක්ෂ කොල්සන් රහසිගත මෙහෙයුමකට පිටත්ව යනවා. හයිඩ්‍රාවනුත් ඒ චිත්‍රය තමන් සතු කරගැනීම උදෙසා කටයුතු කරනවා. නමුත් අවසානයේදී සිතුවම තමන්ගේ භාරයට පත් කරගැනීමට කොල්සන් සමත් වෙනවා. නමුත් ඒ වෙනුවෙන් පරීක්ෂක මේ හට තමන් සමඟම සටන් කරන්නට වුනු හැටි ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි චිත්‍රය සෑහෙන පෞරාණික එකක් වුනත් එහි කැටයම් කොට ඇති අක්ෂර එතරම් පැරණි නැති බව කොල්සන් අවසානයේදී අවබෝධ කරගන්නවා. ඒ අතර අනෙක් පරීක්ෂකවරු උත්සාහ කළා, හයිඩ්‍රා බලපෑමෙන් විනාශ වෙන්න ගිය තම ගුවන් යානය බේරගන්නත්, එතෙන්දී නම් වීරයා වෙන්නේ, ෆිට්ස් කොලුවා. ගියවර කොටස අවසාන වුනේ, හයිඩ්‍රාවන්ගේ දැන් පාලන තන්ත්‍රයේ ප්‍රධානියෙකු වන වයිට්හෝල් විසින් රෙයිනාට එල්ල කරන මරණ තර්ජනයක් සමඟ.

අද කොටස ගැන ටිකක් වැඩි පුර කියන්න හිතුනා. අද කොටස ආරම්භ වන්නේ, සමූල ඝාතනයක් එක්ක. කවුද කින්ද මන්ද කියන එක හරි නෑනේ. ඒ නිසා නොකියා ඉන්නම්. අද කතාවේදී ස්කයිට කොල්සන් සම්බන්ධව ඇති සැකය තහවුරු කරගන්නට හැකි වෙනවා, වෝර්ඩ් නිසාවෙන්. ඒ කොල්සන් සතු පිටසක්වල අක්ෂකර ලිවීමේ හැකියාව ගැනයි. තමන්ට එල්ලවී ඇති මරණ තර්ජනය නිසාවෙන්, රෙයිනා උත්සාහ කරනවා, ස්කයිගේ පියා සතුව ඇති ඔබෙලිස්කය නැවත හයිඩ්‍රා වෙත ලබා දෙන්නට. නමුත් එයට ඔහු එකඟ වන්නේ නැහැ. දැන් රෙයිනා මොකක් කරයිද? අද කතාවේ රසවත්ම කොටසට එකතු වෙනවා, G.I. Joe: Retaliation හි Jaye ගේ චරිතයට පණ පෙවූ සරාගී සටන්කාරිය, Adrianne Palicki. ඒ Bobbi Morse විදියටයි.

හැබැයි එයා වැඩ කරන්නේ, හයිඩ්‍රාවන්ට. අද කතාවේ එක මොහොතක හිතෙනවා, අනේ මෙයා ශීල්ඩ් ඒජන්ට් කෙනෙක් වුනා නම් කියලා. එයා දිගටම කතා මාලාවත් එක්ක රැඳේවිද කියන්න නම් මං දන්නේ නැහැ. ඒක අපේ අඩවියේ ඉන්න මාර්වල් ලෝකය ගැන හොඳින් දන්නා කීප දෙනාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. ඕං දන්න අය කියන්ඩ හරි… විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි, කොල්සන් අද නැවත වරක් ශීල්ඩ්හි අධ්‍යක්ෂ ලෙස තමන්ගේ සැලසුම් හරියාකාරව ක්‍රියාත්මක කරන හැටි ඔයාලට දැකගන්න හැකිවෙයි. මේ කිව්ව හරිය ඇති කියලා හිතෙනවා. එහෙනම් අද කතාව නරඹන්න. වෙනදා වගේම අදහස් පළ කරන්න. අපොයි තව ටිකෙන් අමතක වෙනවා. ලැබුන අලුත්ම තොරතුරු අනුව, ලබන සතියේ ශීල්ඩ් කතා මාලාවේ හය වන කොටස විකාශය වන අතරවාරයේ, ඇවෙන්ජර්ස් දෙවන චිත්‍රපටය වන Marvel’s “Avengers: Age of Ultron” හි අලුත්ම පූර්ව ප්‍රචාරක පටය ප්‍රථම වරට විකාශය කරන්න බලාපොරොත්තු වෙන බවයි කියවෙන්නේ. බලමු ඒක අපේ කතා මාලාවට කොයි විදියකින් සම්බන්ධ වේවිද කියලා. ජයම වේවා…! මං ගියා. එලස්ස්ස්……. 😀

 

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

48545d9c83da40bab4c99b3194b45a51922646d0

233 MB කොපිය මෙතනින් බාගන්න

9c612a67c2f5a839f46423123fa874caf6bb2ddc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,835 downloadsDownload shield.S0E5.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

5,835 downloadsDownload Subtitles30 KB

49 comments

  1. hashan

    ela mama 1

  2. hashan

    adamai issarala sub akak download karagaththe...thanks Yashoda bro

  3. ගයාන් රූකාන්ත (ජෝනා)

    මේ ගන්නවා මේ ගන්නවා
    සබට තුති යශෝද සහෝ ජය!! :) :)

  4. Kulanjana Maduranga

    Thanks YASHODA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sam

    thnkss sahoo..sub eka ikmnata dunnta..jaya wewa..
    elzz.....

  6. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  7. Ravindu Adithya

    ada velapahinma sub eka awilla. bohoma thanx saho.

  8. ujitha

    thanx malli.....

  9. me

    Thanks

  10. Hasitha

    Thanks sahoooo ikamanata dunnata

  11. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ෂෙරින් සමාධි ගිනිගේ

    එළ එළ
    බොහොම ස්තූතියි....
    :)

  13. chamath shashika

    thanx sahoo

  14. තිසර නියෝ (Thisara Buddhika)

    Barbara "Bobbi" Morse හෙවත් Mockingbird

    මීට අමතරව Barbara Morse-Barton
    Roberta Morse
    Agent 19
    Huntress
    Bobbi Van Dyne, Shooting Star යන නම්ද භාවිත කරලා තියෙනවා.

    ඔන්න මෙයා තමයි අපි හැමෝම දන්නා නියෝජිත Clint Barton හෙවත් Hawkeyeගේ හිටපු බිරිඳ. (ඒ කියන්නේ බ්ලැක් විඩෝ එක්ක තියෙන හුටපටේට පස්සේ වෙන්න ඕනි මේක වෙන්න ඇත්තේ)

    මෙයා සම්බන්ධ වෙලා ඉඳලා තියෙන්නේ මෙන්න මේවට තමයි. World Counterterrorism Agency
    Secret Avengers
    New Avengers
    West Coast Avengers
    Avengers
    Great Lakes Avengers. ඒ වගේම මෙයා S.H.I.E.L.D එකට සම්භන්ධ වෙනවා Hawkeye ගේ සහයිකාව විදිහට වගේම Dr. Wilma Calvin ගේ සහයිකාව විදිහටත්. (ඉතින් ඒ කියන්නේ යශෝධ සහෝ ඇහුව විදිහට බොහෝ දුරට මෙයාව ශීල්ඩ් කතාව තුලට ගෙනෙන්න පුළුවන් තව වරක්වත්.)

    මෙයා හිටපු ප්‍රති ත්‍රස්ත නියෝජිතවරියක්, පුද්ගලික විශ්ලේශිකාවක්, රජය වෙනුවෙන් ක්‍රියා කරන්නියක්, S.H.I.E.L.D. නියෝජිතවරියක්, ජීව විද්‍යාඥවරියක්

    Ph.D. in biochemistry උපාධිය ලබාගෙන තියෙනවා

    උස 5' 9"
    බර 135 lbs (61 kg)
    ඇස් නිල් පැහැතිය
    කොන්ඩය තඹ පැහැතිය

    ලැබී ඇති ලකුණු මෙසේය (ලකුණු 10න්)
    .බුද්ධිය 3
    .ශක්තිය 2
    .වේගය 2
    .කල් පැවැත්ම 2
    .ශක්ති ප්‍රක්ෂේපනය 1
    .සටන් හැකියාව 6

    මෙයාගේ ජනප්‍රිය ප්‍රකාශයක් තමයි මේ
    "Avengers Assemble! As in get your asses up and let's go!"

    1. තිසර නියෝ (Thisara Buddhika)

      මග බලන් හිටියේ සබ එනකල්
      ස්තූතියි සහෝ උපසිරසියට..
      ජයවේව..

    2. යශෝධ

      මේ තියෙන්නේ මදි නොකියන්න තොරතුරු.. බොහෝම ස්තූතියි තිසර සහෝ මේ විස්තර අරන් ආවට.. මෙයා ඉන්න තව එපියක්වත් තිබ්බොත් හොඳයි කියලා ඇත්තටම හිතෙනවා.... එලස්ස්ස්....

  15. Binara Kavishka

    ගොඩක් ස්තුතියි සහෝ සිංහල උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට .

  16. Jamson

    Thanks Sri

  17. D.Chamara

    niyamai saho niyamai

  18. නලින් පෙරේරා

    ස්තුතියි යසෝ කොලුවෝ!! බාගෙන රේඩි වෙලා උන්නේ සබ එනකල්..

    ජය වේවා!

  19. Deshan

    බොහොම ස්තූතියි

  20. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  21. මැකා

    මෙදාපාර මොනාද වෙන්නේ කියලනම් අදහසක් නෑ....
    මෙච්චර පරක්කුවෙලා මම මේක බැවාමයි....
    එත් මචන් Age of Ulton ආවත් සමහර විට ඕකත් කැප්ටන් ඇමරිකා වගේ වෙයිද දන්නේ නෑ ..
    ඒක release කරන එක පහු වුනෙත් සහ season 1 එක හිතපු ආකාරයට නිම කරන්න බැරි වුනෙත් ඔය හින්දනේ.
    Clark greg නැත්තම් Ming-na-wen තැනකදී කියලා තිබ්බා...

    - "අධ්‍යක්ෂක ඇවිත් අපිට script එක දීලා කිව්වා දැන් කතාව වෙනස් වෙන්නයි යන්නේ. ඔයාලගේ කණ්ඩායමේ කෙනෙක් hydra සාමාජිකයෙක් කියලා"

    අන්තිමට ඉතින් මමනම් හිතුවේ season එක films ටික වෙනස් කරයි කියලා. ඒත් වුනේ අනිත් පැත්ත.

    1. මැකා

      මොනාවුනත් ඉතින් සබ දුන්නට තැන්කූ හොඳේ.....!!!

    2. යශෝධ

      ඒක නම් එහෙම තමා.. කිව්වත් වගේ Age of Ultron ෆිලුමට මේ කතා මාලාව මොන විදියකට බලපායිද කියලා හිතන්න දැන්ම කල් වැඩියි කියලයි මට හිතෙන්නේ... ඔන්න Age of Ultron trailer එක ලීක් වෙලා.. බලන්න ලබන සතිය වෙනකන් ඉන්න ඕනේ නැහැ.. ඒත් ශීල්ඩ් කතා මාලාවට ස්ටාර්ක් චරිතය සම්බන්ධ විය හැකියි කියලා තියෙන නිසාත්.. Age of Ultron චිත්‍රපටයේ ස්ටාර්ක්ගේ රොබෝලා පික්සු නටන නිසාත් මට හිතෙනවා.. සති පතා මේ විදියටම කතා මාලාව දිග හැරුනොත්.. චිත්‍රපටයට යම් විදියක පසුබිමක් කතා මාලාවෙන් ලැබේදෝ කියලත්.. බලමුකෝ මෙදා සැරේ වෙන්නේ මොකක්ද කියලා... එලස්ස්.... :-D

    3. තිසර නියෝ (Thisara Buddhika)

      බොහෝ විට මේ කතා මාලාව තුලින් නැවත ශීල්ඩ් හි ඇවෙන්ජර් ඒකකය පටන් ගනීවි. මොකද ඇවෙන්ජර් කියන්නේ ශීල්ඩ් වල 6 වෙනි මට්ටමේ ඒකකයක්නේ. කොල්සන් මට්ටම් අයින් කරපු නිසා ඉදිරියේදී ඇවෙන්ජර් කණ්ඩායම නගා සිටුවන්න පාදක වන සිද්ධියක් නිර්මාණය කරන්න වෙනවා. මොකද ඇවෙන්ජර් 02 වලට කලින් වෙන මාර්වල් ස්ටුඩියෝ වේ ෆිල්ම් එකක් එන්නේ නැති නිසා ශීල්ඩ් කතා මාලාව තමයි තියෙන එකම ක්‍රමේ. ඒ වගේම ආරංචි වල හැටියට ෆියුරි තමයි මේ පාරත් ඇවෙන්ජර් කණ්ඩායම පාලනය කරන්නේ. ඉතින් ඒ නිසා කොල්සන් ව අධ්‍යක්‍ෂකකමෙන් ඉවත් කිරීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පලවෙනි අදියරේ වගේ අතරමග කතාව වෙනස් කිරීමක් වෙන එකක් නැහැ අතරමග ෆිල්ම් එකක් නැති නිසා. ඒ නිසා මේ පාර කතාව ඇවෙන්ජර් 2 පාදක කරගෙන යාවි.

    4. මැකා

      අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා....

  22. හසන්ත වික්‍රමරත්න

    ඇවෙන්ජර්ස් ට්‍රේලර් එක කෙසේ වෙතත් දැන් නම් එන සතියේ කොටස එනකන් ඉවසුමක් නැහැ. මේක එන්න එන්නම සුපිරි කතාවක් වේගෙන එන්නේ. නියමයි මල්ලි අදම සබ් ඒක ලැබෙන්න සැලස්සුවට ගොඩක් පින් :D

  23. sajeevi

    thanks

  24. namal

    සබට තුති
    ජය වේවා!

  25. samadhi

    ගොඩක් ස්තුතියි සහෝ සිංහල උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට.

  26. Dinush

    Sha niyamaine mchn... Bohoma sthuthiy.

  27. චන්දිම අමරසිංහ

    thaz subapatum ''... niyamai

  28. silent$

    thanx bro !!!

  29. Mahesh

    sub ekata thanx aaaaaa

  30. ANTON

    උපසිරසියට බොහොම ස්තූතියි :)
    trailer eka baluwa

  31. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ දැන් නම් කතාව එල ඉස්සරට වඩා :D

  32. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  33. Sachith Knight

    elzzzzzzzzzzzzzzzzzzzzzzz.................... machan ithuruwa apu gaman dipan.

  34. අදිත ප්‍රවීන්

    අදත් මම පරක්කුයි යශෝධ අයියා !
    බොහොම තුති උපසිරැසියට !
    ඊළඟ එකත් ඉක්මනට ගේමු .
    :D

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  36. Deshan

    සබට තුති යශෝද සහෝ

  37. Chinthaka chathuranga

    thanx bro.. good job

  38. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  39. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  40. kavinda

    උපසිරසියට බොහොම ස්තූතියි.

  41. Udara Damith B/K

    maru

  42. Manoj Ashitha

    Jaya jaya sahooooo
    Thank you very much....

  43. Pramukmili

    thanxxxx bro............