Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E06] |වෝර්ඩ් ගේ යතාර්ථය.. [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ, මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ හයවන කතාංගයයි. අද ලිපිය ටිකක් දීර්ඝ එකක් වේවි. ඒ නිසා අද කොටස බලන්න ඉවසිල්ලක් නැති අය ඒක බලලා පස්සේ හරි ලිපිය කියවන්න. පසුගිය කොටස පුරුදු විදියටම මතක් කරගෙන ඉමු. ගියවර කොටස ආරම්භ වූයේ, ඔබෙලිස්කයේ බලපෑමෙන් මිය ගිය අයවලුන්ගෙන්…

Marvels-Agents-Of-S.H.I.E.L.D

අද මේ අරගෙන එන්නේ, මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ හයවන කතාංගයයි. අද ලිපිය ටිකක් දීර්ඝ එකක් වේවි. ඒ නිසා අද කොටස බලන්න ඉවසිල්ලක් නැති අය ඒක බලලා පස්සේ හරි ලිපිය කියවන්න. පසුගිය කොටස පුරුදු විදියටම මතක් කරගෙන ඉමු. ගියවර කොටස ආරම්භ වූයේ, ඔබෙලිස්කයේ බලපෑමෙන් මිය ගිය අයවලුන්ගෙන් ගත් පටක සාම්පල ආශ්‍රයෙන්, හයිඩ්‍රාවන් නිර්මාණය කරන ලද අවියක අත්හදා බැලීමක් එක්කයි. එහිදී නාවික බල ඇණියක කීප දෙනෙක් මිය යනවා. නමුත් හයිඩ්‍රාවන් බලාපොරොත්තු වූ තරම් හානියක් ඉන් සිදු නොවුනු බවයි පෙනෙන්නට තිබුණේ.

ඒ වගේම තමයි ස්කයි, කොල්සන්ගෙන් ප්‍රශ්න කරනවා, පිටසක්වළ අක්ෂර රටාවන් සම්බන්ධයෙන්. ඒ ප්‍රශ්න වලට සෘජු පිළිතුරු ලබා දීමට කොල්සන්ට හැකියාවක් ලැබෙන්නේ නැති නිසාවෙන් ස්කයි, වෝර්ඩ් හමුවට යනවා ඒ සම්බන්ධයෙන් දැනගන්නට. ඒ හමුවෙන් පසු ඇය තේරුම්ගන්නවා කොල්සන්ට අත් වී තිබෙන්නේත් ගැරෙට් හට අත් වූ ඉරණමම බව. ඒත් අපි හැමෝටම තිබුණු ප්‍රශ්නයක් තමයි, GH-325 කියන පිටසක්වළයෙක්ගෙන් ලබා ගත් බෙහෙත, කොල්සන් හට ලබා දී තිබුණේ ගැරෙට්ට ප්‍රථමයෙන්. ඒ ඖෂධය ලබා ගැනීමෙන් අනතුරුව ගැරෙට් උන්මත්තකයෙක් වුවත් (අපිට පෙනුන හැටියට,) කොල්සන්ට එසේ වූ බවක් පේන්න තිබුණේ නෑ. ඒ ප්‍රශ්නෙට පිළිතුරත් ගියවර කොටසෙන් ලැබුණා මතක ඇති. කොල්සන් ස්කයිට පවසනවා, තමන් මේ අකාරයට පිටසක්වළ අක්ෂර ලියන්න පටන් ගත්තේ, ගැරෙට් විසින් ලියා තිබුණු එහෙම නැත්නම් කැටයම් කර තිබුණු එවැනි සටහන් දැකීමෙන් පසුව කියලා. ඒ වගේම ඔහුට මේ සටහන් සම්බන්ධයෙන් කිසිම අදහසක් නැති බවත් පවසනවා. ගියවර කොටස අවසානයේ ස්කයි පවසන ආකාරයට මේ සටහන් වලින් කියවෙන්නේ සිතියමක් ගැනයි. ඒ මොකක්ද යන්න අපි තවම දන්නේ නැහැ.

ඔබෙලිස්කය තමන්ගේ භාරයට අවශ්‍ය බව කියමින් හයිඩ්‍රාහි ප්‍රධානියෙකු වන ඩැනියෙල් වයිට්හෝල්, රෙයිනා වෙත එල්ල කළ තර්ජනය නිසාවෙන්, ඇය එය ස්කයිගේ පියාගෙන් නැවත ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් එය සාර්ථක වන්නේ නැහැ. පසුව හයිඩ්‍රා වෙත යන රෙයිනා, එහි සේවය කරන සීමන්ස්ව දකිනවා. කපටි නුවණ පාවිච්චි කරන ඇය, සීමන්ස් සේවය කරන්නේ ශීල්ඩ් ආයතනයට බව හයිඩ්‍රා වෙත දන්වන බවට කොල්සන්ට තර්ජනය කරනවා. එසේ නොකරන්න නම් ස්කයි, ඇය සමඟ ස්කයිගේ පියා වෙත යා යුතු බවයි ඇය පවසන්නේ. කොල්සන් ඊට එකඟ නොවන නිසාවෙන්, හයිඩ්‍රා තුළ සීමන්ස්ගේ රහස්‍ය භාවය තව දුරටත් ආරක්ෂා වෙන්නේ නැහැ.  හයිඩ්‍රාවන්ගෙන් බේරී පලා යන්න උත්සාහ කරන සීමන්ස්ට උදව් කරන්නේ, එතෙක් හයිඩ්‍රාහි ආරක්ෂක නියෝජිතවරියක් ලෙස ක්‍රියාත්මක වෙමින් සිටි ශීල්ඩ්හි බොබී මෝර්ස් නම් පරීක්ෂකවරියයි. එයා කවුද කියලා, ගියවර ලිපියට පළ වූ අදහස් කියෙව්වා නම් ඔයාලට දැනගන්න පුළුවන්. අපේ තිසර සහෝ එයා ගැන හොඳ විස්තරයක් සඳහන් කරලා තිබුණා.

කොල්සන්ගේ සෘජු තීරණ නිසාවෙන් ආතක් පාතක් නැතිව අසරණ වෙන රෙයිනාගේ මාර්ගයෙන් හයිඩ්‍රා බල මුළු බිඳ දමන්න පොටක් පාද ගන්නත් කොල්සන් අමතක කරන්නේ නැහැ. ඒ අනුව රෙයිනා නිදහස් වෙනවා. ස්කයි තමන්ගේ පියා ඉන්න තැනට ගියත්. ඇයට ඇගේ පියාව මුණගැහෙන්නේ නැහැ. තමන්ට ඇයව අහිමි වන්නේ, කොල්සන් නිසාවෙන් බවට විශ්වාස කරන ස්කයිගේ පියා, ගියවර කොටස අවසානයේදී ඩැනියෙල් වයිට්හෝල් සමඟ එකතු වුන හැටි ඔයාලට මතක ඇති.

මේ දෙවන කතා සමය පළමු කතා සමයට වඩා බෙහෙවින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට දැනටමත් සමත් වී තිබෙනවා. ඒ නිසාවෙන් බයිස්කෝප් රසික ඔයාලා එක්ක, ශීල්ඩ් පළමු කතා සමයේ ඉඳන්ම තිබුණු එක් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අන්තර්ජාලයෙන් එකතු කරගත් තොරතුරු කීපයක් බෙදාගන්නයි මේ සූදානම. ප්‍රශ්නේ වුනේ ස්කයි කියන්නේ කවුද? කියන එකයි. පළමු කතා සමයෙන් අපි දැනගත්තා ස්කයි කියන්නේ, “084” එකක්, එහෙමත් නැත්නම් මූලාරම්භය හඳුනා නොගත්  වස්තුවක් බව. ඒ වගේම පළමු කතා සමය අවසානයේදී ඇගේ පියා ඇයව සොයමින් පසුවෙන බවත් දැනගන්නට ලැබුණා. ගියවර කතාංගයේදී කොල්සන් ස්කයි හට පවසනවා, තමන්ට සහ ගැරෙට්ට GH-325 කියන ඖෂධයෙන් අහිතකර බලපෑම් ඇති වුවත් ඇයට එසේ සිදු නොවුණු නිසාවෙන්, ඇය පිටසක්වළයෙක් විය හැකි බවක්. එය අනුමානයක් හැටියටයි ඔහු පවසන්නේ. ඉතින් අවසානයට ඉතිරි වන ප්‍රශ්නය වුනේ ස්කයි සහ එයාගේ තාත්තා මිනිස්සු නෙවෙයි නම් ඇත්තටම එයාලා කවුද කියන එකයි.

මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් වෙබ් අඩවියක පළ වී තිබුණු උපකල්පනයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ස්කයිගේ තාත්තා ගැන අපි දන්න දේවල් මොනවද කියලා කල්පනා කළොත් පේන්න තියෙන දේවල් තමයි, ඔහු සුපිරි ශක්තියක් ඇති වෛද්‍යවරයෙක්. ඔහුට තමන්ව පාලනය කරගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඔහු කැමති නැහැ තමන්ව රාක්ෂයෙක් ලෙස අන් අය දකිනවාට. ඒ වගේම වැදගත්ම කාරණයක් වන්නේ, දෙවන කතා සමයේදී වැදගත් තැනක් හිමි කරගෙන තියෙන ඔබෙලිස්කය සම්බන්යෙන් ඔහු දන්න දේවල්. ඉහත කී කාරණා අනුව මේ කෙනා සෑහෙන දුරට මාර්වල් කොමික් කතා වල චරිතයක් වන හයිඩ් මහත්මයා එහෙමත් නැත්නම් Mr. Hyde කියන කෙනා වෙන්න පුළුවන් බවයි සඳහන් වෙන්නේ.

කොමික් පොත් වල සඳහන් වන ආකාරයට, හයිඩ් කියන්නේ Dr. Calvin Zabo කියලා කෙනෙක්. ඔහු විසින් රසායනික සංයෝගයක් නිර්මාණය කර තිබෙනවා. ඒ සංයෝගය නිසාවෙන් ඔහු හල්ක් වගේ රාක්ෂයෙක් බවට පත් වූ බවයි සඳහන් වී තියෙන්නේ. ඒ වගේම මාර්වල් කොමිස් විශ්වයේ දැවැන්ත දුෂ්ටයෙක් හැටියටයි ඔහුව සැලකෙන්නේ. ඒත් ඇත්තටම මේ කියන කෙනාමද ස්කයිගේ තාත්තා, කියලා හිතන්නේ කොහොමද? මේ Zabo කියන කෙනාට දුවෙක් ඉඳලා තියෙනවා Daisy Johnson කියලා. ඇයත් මාර්වල් කොමික් විශ්වයේ ප්‍රධාන චරිතයක් බවයි සඳහන් වෙන්නේ. තරුණ වයසේදීම ඩේසි තේරුම් අරගෙන තියෙනවා, තමන්ගේ පියා විසින් නිර්මාණය කළ හයිඩ් සංයෝගය නිසාවෙන්, තමන්ටත් සුපිරි බලයන් ලැබී ඇති බවක්. කොමික් පොත් වල සඳහන් වන ආකාරයට, නික් ෆියුරි ඇයව රහසිගත අවියක් විදියට තමන්ගේ සේවය උදෙසා රඳවාගෙන තිබෙනවා. ෆියුරි ශීල්ඩ් හැර දමා ගියාට පස්සේ, මේ ඩේසි තමන් ඇතුලු කණ්ඩායම හයිඩ්‍රාවන්ට එරෙහිව මෙහෙයවා තිබෙනවා. ඉන් අනතුරුව, නැවත බලාත්මක කළ ශීල්ඩ් හි ප්‍රධානියා විදියට ඇයව ස්ටීව් රොජ්ර්ස් විසින් පත් කොට තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් ඇය හේමන්තයේ සොල්දාදුවා සහ මොකින්බර්ඩ් සමඟ සැඟවුණු බවයි වැඩි දුරටත් සඳහන් වෙන්නේ.

පැහැදිලිවම ශීල්ඩ් කතා මාලාවේ වෙන සිද්දීන් සහ කොමික් පොත් වල සඳහන් කතා අතර වෙනස් කම් තිබෙනවා. ඒත් මේ කියන ආකාරයේ එකිනෙක අතර සම්බන්ධකම් නම් තියෙන්න පුළුවන්. පැහැදිලි වෙනස් කමක් තමයි මේ කියන උපකල්පනයට අනුව, GH-325 කියන සංයෝගය සහ 084 පාරභෞම මූලාරම්භය ස්කයිට වගේම ඇගේ පියාට බලපාන්නේ කොහොමද යන්න පැහැදිලි නොවීමයි. නමුත් සඳහන් වෙන තවත් කාරණයක් තමයි Guardians of the Galaxy චිත්‍රපටය මේ කාරණාවට සම්බන්ධකමක් දක්වනවාද යන්න. ඒ ගැන වැඩි යමක් මට නම් හොයාගන්න ලැබුනේ නැහැ. කෙසේ වෙතත්, මේ ඩේසිගේ කතාව දැන් පවතින නවීන මාර්වල් කොමික් විශ්වයට අනුව ගළපන එක නම් ඔවුනට මහ දෙයක් වන්නට විදියක් නැහැ. ගියවර කොටස සමඟ සිතද්දී ස්කයි පැවසුවා පිටසක්වළ ලේඛන රටාවන් වලින් කියවෙන්නේ සිතියමක් ගැන බව. අන්න ඒ සිතියමත් එක්ක මේ ගැටලුවට පිළිතුරක් සැපයේවි යන්නයි මගේ අදහස නම්.

ඉහතින් සඳහන් කළ කාරණයට හාත්පසින්ම වෙනස් දෙයක් සිද්ද වෙන්නත් බොහෝ ඉඩ කඩ තියෙනවා. නමුත් මේ කතා මාලාව සහ අලුතින් එක් වූ චරිත සම්බන්ධයෙන් අලුතින් හිතා බලන්න ඉහත සඳහන් කළ කාරණාවන් හේතුවක් වේවි කියලා හිතනවා. කෙසේ වෙතත් ඇවෙන්ජර්ස් දෙවන චිත්‍රපටයට අවශ්‍ය පසු බිම සකස් කරන්නට, ශීල්ඩ් කතා මාලාව සුපිරි තෝතැන්නක් වේවි කියන එක නම් අද කොටස ඇතුලු දැනට විකාශය වූ කොටස් හය නිසාවෙන් මට නම් පැහැදිලියි. අද කොටස ගැනත් යමක් සඳහන් කරන්නම් කෙටියෙන්. අද කොටස සම්පූර්ණයෙන්ම ක්‍රියා දාම වලින් පිරිලා. පටන් ගන්නෙත් ඉවර වෙන්නෙත් ඒ විදියට. හයිඩ්‍රාවන් ශීල්ඩ් ලෙස පෙනී සිටිමින් එල්ල කරන ප්‍රහාරයකින් තමයි අද කොටස ආරම්භ වන්නේ. (පරීක්ෂක මේ සටන් කරන හැටි නම් කියලා වැඩක් නැහැ). ඒ වගේම වෝර්ඩ් කියන්නේ තමන්ගේ පවුලේ අයගේ හිරිහැරයට ලක් වූවෙක් බව පළමු කතා සමයෙන් කියවුනා ඔයාලට මතක ඇති. වොර්ඩ්ගේ වැඩිමල් සොහොයුරා අද කතාවට පිවිසෙනවා. ඒ සෙනෙට් මන්ත්‍රීවරයෙක් විදියට. මේ කෙනා සම්බන්ධයෙන් අපේ හයිඩ්‍රා වොර්ඩ් දක්වන්නේ, දැඩි කනස්සල්ලක්. සෙනෙට් සභික වොර්ඩ්, හයිඩ්‍රා වෝර්ඩ්ටත් වඩා දරුණු කෙනෙක්ද? නරඹන්න අද කොටස ඔයාලට බාරයි එහෙනම්. ඒ වගේම මතක් කරන්න ඕනේ අද මේ අරන් ආපු විස්තර මට හොයලා දුන්නේ අපේ හසන්ත අයියා. එයාට ස්තූතියි. වෙනදා වගේම වාසල අයියට ස්තූති වන්ත වෙනවා ඉංග්‍රීසි උපසිරැසිය ඉක්මනින්ම ලබා දුන්නට. අපේ මාර්වල් රසිකයින් වෙනදා වගේම අදහස් පළ කරාවි කියලා හිතනවා. ජයම වේවා..! එලස්ස්ස්… 😀

 

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

7805992a7f5816d6da676fc75884ed16592fd1bf

226 MB කොපිය මෙතනින් බාගන්න

54324f3f2c874b03e9f5f9e6062651c08922e540 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,849 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.S02-E06.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

5,849 downloadsDownload Subtitles61 KB

64 comments

  1. srimal

    thanks yalu.......... sub eka enakammai hitiye..............

  2. Chapa

    THANK YOU! (y)
    KEEP IT UP!

  3. Saketha Pulasthi

    මේ දවස් වල ආසාවෙන්ම බලන කතාව තමා මේක... ලිපියෙත් නියම විස්තරයක් තියෙනවා. උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. CHAMEE

    wow unu unuwema deela
    thanks sub walata

  5. Hasitha

    Thanks sahoo sub eka ikmanata dunnata

  6. Ravindu Adithya

    thanx saho sub ekata.

  7. chamath

    නියමයි සහෝ. ලිපියනම් සැහෙන්න දිගයි. කොහොම හරි කියෙව්වා. ස්තුතියි උපසිරසි වලට

  8. hashan

    thaks

  9. Mahesh

    sub ekata thanx aaaaa

  10. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ...
    දැන්ම බානවා...
    ලිපියටත් ස්තූතියි..

  11. Sam

    thnkss sahoo sub ekata..lipiyee maruuma wisthrayak tiyanwa..niyamai sahoo..
    elzzzz..

  12. jamson

    Thanks athu ...

  13. Anushka

    thanks a lot bro !!!!

  14. “චූටී මල්ලි”

    එල එල
    හම්මෝ බන් ලිපිය :O
    සබට තුති
    ඔබට ජය.............

  15. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මචෝ හදිසියට ලිපිය බලන්නේ නැ
    සබ් එක අරගෙන එපිය බලනවා පස්සෙම
    ලිපිය බලනවා....බලන්නම එපැයි නේද බන්
    ස්කයි කෙලි ගැනනේ කියලා තියෙන්නේ.
    සබට තුති යශෝද මචෝ ජයම වේවා!!! :) :)

  16. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බෑවා. අපි යනවා මේක බලන්න එහෙනම්. ජය෴෴ :P :P

  17. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)
    "Hail Hydra"

  18. Deshan

    සබට තුති යශෝද සහෝ

  19. sajeevi

    thanks.
    lipiya nam niyamai.

  20. D.Chamara

    koiwelada denna kiyala balagena hitiya thanks ... jaya...

  21. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ .. :D

  22. ujitha

    onna bewa saho.. thankiu sub ekata

  23. muditha pathum

    thanks for sub bro.

  24. ANTON

    Thanks Bro!

  25. Ruchira

    sub 1ට ස්තුතියි සහෝ.......

  26. Ashoka

    THNKS SUB EKATA,EXPLEN EKA NAM GODAK WATINAWA.SAMAHARA THEN TERUM GANDA AMARUWELA HITIYE

  27. silent$

    thanx bro !!!!!!

  28. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි යශෝධ මලේ උපසිරසට
    සැහෙන විස්තරයකුත් තියෙන්නේ අද ලිපියේ
    මෙන්න බානව.. :D

  29. නලින්

    ඔන්න යසෝ.. කියලා තියෙනවා වගේම ලිපිය කියවන්න කලින්ම බලලා හිටියා..

    ලිපියෙත් විස්තරේ කයෙව්වම තමය හොදටම මිටර් උනේ..

    ස්තුතියි වේවා!

    ජය වේව‍ා!

  30. chamath225

    මරු ලිපියක්
    thanks bro!

  31. samadhi

    සබට තුති යශෝද සහෝ.ලිපි‍යේ ‍හොද විස්තරයක් ති‍‍‍යෙනවා එළ

  32. හසන්ත වික්‍රමරත්න

    අද තමයි බලන්න වෙන්නේ. ලිපිය තියෙන්නේ මල් හතට :D ඒ වගේම දන්න කියන එකෙක් මේ දවස් වල හයිඩ්‍රා එකට කඩේ යනවා. මට පේන්න පොර වෙන්න ඕනේ ලංකාවේ හයිඩ්‍රා නියෝජිතයා. එකෙන්ම පේනවා මේ කතාව කොච්චර කට්ටියට කා වැදිලද කියලා.

    1. යශෝධ

      අර නියෝ කියන පොර නේ.. ඔව් ඔව්.. ඒජන්ට් නියෝ..

    2. තිසර නියෝ (Thisara Buddhika)

      අඩේ කවුද ඒ. අඳුනගන්නත් ආසයි මිනිහව :p

    3. යශෝධ

      කණ්ණාඩිය ළඟට ගිහින් ඒකේ ඇතුලේ ඉන්න එකාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා නරඹහන්. අඳුනගන්න ලැබේවි. :-p

    4. තිසර නියෝ (Thisara Buddhika)

      :-D

  33. EagleTDW

    බොහොම ස්තූතියි!!

  34. Sasindu JAyashma

    Patta. danm story eka hoda paththakata watila thiyenne Avengers 2 eke trailer eka baluwamath eka terenawa thawa labana axurudde a kiyanne 2015 January wala thawa aluth TV series ekak patan gannawa a kauruth danna "Agent Carter"

    mama hithanawa a TV series ekath Baiscope eken deyi kiyala

    ehenm saho thank u me wadeta digtama karagena yanna harida

  35. අදිත ප්‍රවීන්

    සබට බොහොම ස්තුතියි යශෝධ අයියා !
    දිගටම දෙමු .
    :D

  36. Kulanjana Maduranga

    Thanks YASHODA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. Directror Fiuri

    Thanks for free advertising my organization

  38. me

    Thanks

  39. A.ERANDA

    tnxx bor

  40. sasindu

    thanks sub ekata.... digatama wada karagena yanna.. good luck...

  41. Chinthaka chathuranga

    thanx bro.. good job

  42. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධ මලේ..
    දැනට ආපු ඔක්කොම බෑවා ඔන්න..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  43. dinuka

    maru................okkoma one

  44. prasad

    niyamai....thanks

  45. damii

    thank you. 7 thama neththe mokooooo

  46. suneth

    thanks for sub and article...

  47. lahiru ruchiran

    bro...tama 7 natte moko?

  48. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  49. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  50. sanka

    07 ෙවනි ෙකාටස තවම නැත්ෙත අැයි

    1. යශෝධ

      හත් වෙනි කොටස විකාශය වෙන්නේ, අපේ වෙලාවෙන් අනිද්දා පාන්දරට වගේ....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.