අද මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ පළමු අදියරේ අවසාන කොටසයි. එනම් මේ දෙවන කතා සමයේ දහවන කොටස. මේ කොටසට අදාළ ඉංග්‍රීසි උපසිරැසිය ඊයේ හැන්දෑ වෙනකොටත් නිකුත් වෙලා තිබුණේ නැහැ. ඒකයි පරක්කු වුණේ සිංහල උපසිරැසිය අරගෙන එන්න. දෙවන කතා සමය පළමු කතා සමයට වඩා බොහෝ සෙයින්…
අද මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ පළමු අදියරේ අවසාන කොටසයි. එනම් මේ දෙවන කතා සමයේ දහවන කොටස. මේ කොටසට අදාළ ඉංග්‍රීසි උපසිරැසිය ඊයේ හැන්දෑ වෙනකොටත් නිකුත් වෙලා තිබුණේ නැහැ. ඒකයි පරක්කු වුණේ සිංහල උපසිරැසිය අරගෙන එන්න. දෙවන කතා සමය පළමු කතා සමයට වඩා බොහෝ සෙයින් ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට සමත් වුණා. අලුත් චරිත කතාවට එකතු වුණා වගේම කතා මාලාවේ සිද්ධීන් එකිනෙක හොඳින් ගැළපීම සහ සෑම කොටසක්ම පාහේ ක්‍රියාදාම වලින් පිරී තිබීම එයට හේතු වෙන්න ඇති. දෙවන කතා සමයේ දෙවන අදියරය නරඹන්න තවත් මාස තුනක කාලයක් අපිට බලන් ඉන්න වෙනවා. ඒ නිසා ගියවර කොටස සහ අද කොටස සම්බන්ධයෙන් සවිස්තරාත්මකව වගේම කුතුහලයත් ඉතිරි කරමින් යමක් කියන්නයි මේ සූදානම.
දන්නවා බොහෝ දෙනෙක් අද කොටස බලන්න නොඉවසිල්ලෙන් ඉන්න බව. ඒ නිසා අද කොටස බලලා නොවරදවාම ලිපියත් කියවන්න කියලා ආරාධනා කරනවා. ඒත් ලිපිය කියවලා හිටියොත් අද කොටසට ගියවර කොටස හොඳට ගළපගන්න පුළුවන් වේවි කියලා කියන්න කැමතියි. ගියවර කොටස නම් කර තිබුණේ “Ye Who Enter Here” කියන නමින්. 8.8 ක් වගේ ඉහළ IMDb අගයක් ලබා ගන්න ගියවර කොටස සමත්ව තිබුණා. ඉතින් වැඩි කතා නැතිව බලමු ගියවර කොටස මොන වගේ එකක් වුණාද කියලා.
ගියවර කොටසෙන් බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණත් තවත් ප්‍රශ්න රාශියක් අපිට ඉතිරි කරමින් තමයි අවසාන වුණේ. එය ආරම්භ වුණේ ස්කයිගේ සිහිනයකින්. ඒ සිහිනයේ හැටියට ඇය හිස් වූ කඳවුරෙහි මල් මල් ගවුමක් හැඳගෙන දිව ගිය හැටි ඔයාලට මතක ඇති. මල් මල් ගවුමක් කිව්වාම මතක් වෙන්නේ රෙයිනාවනේ. ඒත් රෙයිනා වගේ නෙවෙයි ස්කයිගේ මල් මල් ගවුම සුදු පැහැයට හුරුයි. කොල්සන්ව හොයාගෙන ස්කයි දහ අතේ කැරකෙද්දී ඇයට සංගීතය පෙට්ටියකින් නැගෙන හඬක් අහන්න ලැබෙනවා. එකණෙහිම ඇය විද්‍යාගාරය තුළ කොල්සන් සමඟ වාඩි ගෙන සිටිනවා තමන් ඉදිරිපස ඇති මේසයේ සංගීත පෙට්ටිය තිබියදී. ඒ අවස්ථාවේ කොල්සන් චීන පත්තරයක් අතේ තියාගෙන ස්කයිට පවසනවා සංගීත පෙට්ටිය පෙන්වමින් තම මෙහෙයුම එය බව. කොල්සන් එය ස්පර්ශ කරන්න උත්සාහ කරද්දී ස්කයි එය මේසයෙන් බිමට පෙරළා එය අසල වාඩි වී සිටිනවා. ඒ මොහොතේ පරීක්ෂක මේ සහ කොල්සන් දරුවෙක් එක්ක එතන හිටගෙන ඉන්නවා. ඒ වෙලාවේ පරීක්ෂක මේ ප්‍රකාශ කරන අකාරයට හැඟෙන්නේ, ඒ දරුවා විෂ ගසක විෂ පලතුරකට ආදේශ කළා වැනි හැඟීමක්. කැපකිරීම් කරන්න වෙන බවක් පවසමින් ඔවුන් දෙදෙනා ඒ දරුවාව මේසය මත හැර දමා යනවා. අනතුරුව දකින්න ලැබෙන්නේ, සංගීත පෙට්ටිය අතේ තියාගෙන සිටින ස්කයි අළු බවට හැරෙන ආකාරයයි, හරියට ඔබෙලිස්කය ස්පර්ශ කළ විට සිදුවන්නාක් මෙන්. ඇය සම්පූර්ණයෙන්ම අළු බවට හැරෙන්නට කලින් කොල්සන් විසින් ඇයව ඇහැරවපු බව මතක ඇතිනේ. මේ සිහිනයෙන් ඇත්තටම කියවුණේ ස්කයිගේ හිතේ තිබෙන බය සහ බලාපොරොත්තු ගැනද? අද කොටස හොඳ අවධානයෙන් නැරඹුවොත් මේ සිහිනයෙන් කියවුණු දේවල් ඔයාලට ගලපාගන්න පුළුවන් වේවි. ස්කයි සංගීත පෙට්ටිය විවෘත කරපු වෙලාවේ ඒක ඇතුළේ තිබුණේ මොකක් කියලා කවුරු හරි අඳුන ගත්තාද? මට නම් අඳුනගන්න ලැබුණේ නැහැ. ඒත් පසුවට වැදගත් නොවන කිසි දෙයක් මාර්වල් සිනමාරූපී විශ්වයේ සිදු නොවන නිසාවෙනුයි ඒ ගැනත් මතක් කරන්න හිතුවේ. ඒ වගේම තමයි ස්කයි සිහිනය දැකලා අවදි වුණාට පස්සේ, ට්‍රිප්ට කියනවා මොකක් හරි නරක දෙයක් සිදු වෙන්න යනවා කියන හැඟීම හිතෙන් අහක් කරගන්න බැරි බව. එය අද කොටසේදී අපි නොහිතපු විදියකට ගළපන්න කතා මාලාවේ නිර්මාණ ශිල්පීන් සමත් වෙලා තියෙනවා.
සිහිනයෙන් අනතුරුව වුන දේවල් ගැන කීවොත් කොල්සන්ගේ ලෝලාගේ (කාර් එක) පුංචි ආකෘතියකුත් හදාගෙන මැක් යනවා කොල්සන් මුණ ගැහෙන්න. පෙනුන හැටියට ඒ ලෝලට අත ගහන්න කොල්සන්ගෙන් අවසර ගන්න වගේ. බොබී සහ හන්ටර් අතර ඇති දේ මොකක් වුනත් ඒක මැක්ට අදාල නැති බව බොබී මැක්ට පැවසුවා මතක ඇති. බක්ෂී විසින් කළ ප්‍රකාශයන් හා මැක්ගේ හැසිරීම අනුව පෙනී ගිය දෙයක් තමයි බොබී සම්බන්ධයෙන් යම් කිසි රහසක් ඇති බව. ඒ ගැන නම් කිසිම හෝඩුවාවක් තවමත් නැහැ.
කණ්ඩායම් යළිත් වතාවක් බෙදෙන්නේ, රෙයිනා පසු පස එන හයිඩ්‍රාවන්ගෙන් ඇයව මුදාගෙන එන්නට කොල්සන් විසින්, ස්කයි, පරීක්ෂක මේ සහ හන්ටර්ව වැන්කූවර් වෙත පිටත් කර හැරීමත් සමඟ. ඒ අතරතුරේ කොල්සන්, බොබී, මැක් සහ ෆිට්ස් සීමන්ස් අබිරහස් නගරය බලා පිටව යනවා. ඒ යන්නේ එහි ඇති දෙවොල විනාශ කිරීමේ අරමුණින් ඒක තමයි මෙහෙයුම වුනේ. ස්කයිව දෙවොල වෙත රැගෙන නොයන්නේ ඇයව එයින් ඈත් කර තබන්නට කියලා කොල්සන් කීවත්, ඇත්තම කාරණාව ඔහුට ඕන වුනේ ස්කයිව ඇගේ පියාගෙන් ඈත් කර තබන්නට බවයි මට නම් හැඟුනේ. කොල්සන්ගෙන් සමුගනිද්දී ස්කයි ඔහුව ක්ෂණිකව වැළඳගන්නවා. බොබී හන්ටර්ට කියනවා මැරෙන්න එපා කියලා. එතකොට ට්‍රිප් සීමන්ස්ට් සැලියුට් පාරකුත් දානවා. ඒ හැම එකක්ම එහෙම වුනේ ඇයි? අද කොටසින් පිළිතුරු ලැබේවි.
බොබී සහ සීමන්ස් අතර වුනු කතා බහ ගැන යමක් කීවොත්, සීමන්ස් පැහැදිලිවම කියා සිටිනවා, තමන්ගේ හොඳම යහළුවා ලෙස හැරෙන්නට වෙනත් කිසිම විදියකින් තමන් ෆිට්ස් දෙස නොබැලූ බව. නමුත් ඇගේ හැසිරීමෙන් පෙනී ගිය හැටියට නම් ඒ කතාව කොතරම් දුරට ඇත්තද කියලා හිතාගන්න එක නම් ප්‍රශ්නයක්. මොකද ඇය කියනවා ෆිට්ස් රෝහලේ කෝමා තත්වයේ ගත කළ දින කීපය ඇය ඉතාම අමාරුවෙන් ගත කළ බවක්. ඒ වගේම ෆිට්ස් ඇයට කියා සිටිනවා, තමන්ට ඇය සමඟ වැඩ කළ නොහැකි බවත් ඇය වෙනුවෙන් වැඩ කළ හැකි බවත්. බොබී, සීමන්ස්ට උපදෙසක් විදියට කියන්නේ, විශ්වාස නැත්නම් අඩුම තරමේ ෆිට්ස්ට අවංක වෙන ලෙසයි. ෆිට්ස්-සීමන්ස් දෙන්නගේ ආදර කතාව ගැන වැඩි යමක් දකින්න නම් අපිට ඊළඟ අදියර එනකන් ඉන්න වෙනවා. ඒ කොහොම වෙතත් ෆිට්ස්-සීමන්ස් දෙන්නම දෙවොල වෙත ගියා මතක ඇතිනේ.
වැන්කූවර් වලට ගිය ස්කයි, මේ ඇතුලු පිරිස රෙයිනාව මුදා ගෙන ආ ආකාරය මතක ඇතිනේ. ඒ අවස්ථාවේ නියෝජිත 33 සමඟ ස්කයි ද්වන්ධ සටනක යෙදුන හැටි කට්ටියට අමතක නැතිව ඇති. තමන්ට තමන් ආරක්ෂා කර ගත හැකි බව ස්කයි ඒ අවස්ථාවේදී පෙන්නුවත් අන්තිමේදී ඇයව බේරගන්න ආවේ හන්ටර්. රෙයිනා සහ ස්කයි අතර හමුව ගැන සැලකුවොත්, කොල්සන්ගේ අණ පරිදි ස්කයි විසින් රෙයිනාගෙන් ඔබෙලිස්කය සහ දෙවොල සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. එහිදී දෙවොල් නිර්මාණය කළේ කවුද? එහෙම නැත්නම් අහසින් පැමිණි නිල් පාට සුර දූතයින් කියන්නේ ක්‍රී නම් පිටසක්වලයින් බව ඇය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම ඇය කියනවා, දෙවොලට යා හැක්කේ, සුදුස්සන්ට පමණක් බව. ඒ අනුව ස්කයි උත්සාහ කරනවා කොල්සන්ව සම්බන්ධ කරගන්නට දෙවෙලා වෙත පිවිසෙන්න එපා යැයි අනතුරු අඟවන්නට. නමුත් ඒ වන විට හයිඩ්‍රාවන් විසින් ගුවන් යානයේ සන්නිවේදන උපකරණ වලට බාධා කරන නිසාවෙන් එය සාර්ථක වන්නේ නැහැ.
හයිඩ්‍රාවන් වෙනුවෙන් පෙනී සිටිමින් වෝර්ඩ් ගුවන් යානය වෙත ඇතුල් වී කියා සිටින්නේ, රෙයිනා සහ ස්කයි තමන් සමඟ ආයුතු බවක්. නැතහොත් ගුවන් යානයට වෙඩි තබා විනාශ කර දමන බවත්. පරීක්ෂක මේ අකමැති වුවත් ස්කයි යාමට කැමැත්ත පල කර සිටින්නේ, මොන විදියේ ප්‍රශ්නයක් ඇති වුනත් තමන්ට ඒ ගැන බලාගත හැකි බව ප්‍රකාශ කරමින්. ඒ වගේම ස්කයි වෝර්ඩ්ට කියනවා පැත්තක් තෝරගන්න කියලා. එතකොට වොර්ඩ් කියා සිටින්නේ තමන් පැත්තක් තෝරගෙන ඇති බවයි. ඒ පැත්ත මොකක්ද කියලා අද කොටසින් දැකගන්න ලැබෙයි.
මේ අතරතුර අනෙක් කණ්ඩායමේ කොල්සන් සහ බොබී සාමාන්‍ය සිවිල් ඇඳුමෙන් සැරසී නගරය පිහිටි භූමියේ කතා බහ කරමින් ඇවිදිද්දී ඇති වූ සංවාදයත් හරිම වැදගත් එකක් වේවි කියලා හිතෙනවා. මොකද කොල්සන් හැසිරෙන ආකාරය සහ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී ගන්න තීරණ බොහෝ විට අධ්‍යක්ෂවරයෙක් හැටියට ෆියුරි ගත් තීරණ වලට වඩා හාත්පසින්ම වෙනස් බව බොබී ප්‍රකාශ කර සිටිනවා. කොල්සන් කියා සිටින්නේ, තමන්ගේ වගකීම එහෙමත් නැත්නම් ශීල්ඩ්හි වගකීම වන්නේ, සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම බවයි. ඒ වගේම මෙහෙයුමකදී විය හැකි විනාශයේ ප්‍රමාණය ගැන ෆියුරි සැලකිල්ලක් දැක්වුවත් තමන් ඒ අගය බින්දුවක් ලෙස තබා ගැනීමට කැමති බවයි, කොල්සන් කියා සිටින්නේ. ඒ වගේම ඒ හානිය අවම කරගන්න උත්සාහ කරන බවයි වැඩිදුරටත් කියන්නේ. පතොරම් තුවක්කුවකට වඩා සැතක් යොදාගෙන කරන්න පුළුවන් දේ කරන එක හොඳ බවත් පතොරම් තුවක්කුවක් අවශ්‍ය නම් බොබී සිටින්නේ ඒ වෙනුවෙනු බවත් ඔහු කියා සිටිනවා. බොබී ප්‍රශ්න කළ ආකාරයත් මැක් සහ බොබී කොල්සන් ගැන සැක මුසු බැල්මෙන් බැලීමත් නිසාවෙන් හිතෙනවා, පරීක්ෂක බොබී සහ මැක්, කොල්සන් අධ්‍යක්ෂකවරයා වීමට සුදුසු දැයි පිරික්සා බැලීමට ශීල්ඩ්හි වෙනත් පාර්ශවයක් විසින් පත් කළ දෙපළක්ද කියා. අදහසක් විතරයි ඒක නම්.
ගියවර කොටසේ සිදු වුනු වැදගත්ම වගේම දුක්ඛදායක සිදු වීම ගැනයි මේ කියන්න යන්නේ. දෙවොල සොයා නගරය පිරික්සන්න ෆිට්ස් විසින් යවන ඩ්‍රෝන යානා එහෙම නැත්නම් කුරුමිට්ටොන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබෙන නිසාවෙන් මැක් යනවා අඩි සියයක් ගැඹුරු පතුලට ඒවාට සිදු වූයේ කුමක් දැයි සොයන්නට. ඒ එක්කම පතුලේ තිබුණු පිටසක්වළ ලේඛන වල අකාරයේ සටහන් ස්පර්ශ කිරීම නිසාවෙන් මැක් අධික වේදනාවකින් කෑ ගහනවා. ඒ නිසාවෙන් කොල්සන් ඇතුලු පිරිස ඔහුව නැවතත් ඔවුන් සිටි තැනට ඇදලා අරගන්නවා. වේදනාවෙන් කෑගසමින් සිටි මැක් එකණෙහිම දුවන්න යැයි කියමින් ඔවුන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේ බොබී විසින් එල්ල කරන ප්‍රහාරයක් නිසාවෙන් මැක් නැවත ආගාධයට වැටෙනවා. ඒ එක්කම කොල්සන් කියා සිටින්නේ, ඒ තවදුරටත් කලිස් සිටි මැක් නොවන බවයි. ඒ වගේම උමඟ මුද්‍රා තබන්න කියලත් කියනවා. ඔන්න ඔය විදියට තමයි ගියවර කොටස හැඩ ගැහුනේ.
අද දෙවන කතා සමයේ පළමු අදියරය අවසාන වන වෙලාවේ, ස්කයි තමන්ගේ පියා හමු වෙනවා. ඒ අවස්ථාව මොන වගේ වේවිද? වෝර්ඩ් ඇත්තටම ඉන්නේ කාගේ පැත්තේද? රෙයිනාගේ අරමුණ මොකක්ද? වයිට්හෝල් තව දුරටත් හයිඩ්‍රා බල මූලයක් වේවිද? කණ්ඩායමේ සෙසු පිරිසට දෙවොල විනාශ කරන්නට හැකි වේවිද? මැක්ට මොකද වුනේ..? ඔබෙලිස්කය/පේන කියන්නාට මොකක් වේවිද….? ස්කයිගේ සිහිනය සැබෑවක් වේවිද…? මේ සියල්ලටම පිළිතුරු ලැබේවි. හැබැයි ඒ තවත් අලුත් ප්‍රශ්න රාශියක් ඉතිරි කරමින්. ඒ වගේම කියන්න ඕන අද අවසාන කොටස සුපිරියි.
මේ කතා මාලාව ආරම්භයේ සිට අඩවිය සමඟ වගේම මා සමඟ රැඳී සිටිමින් අදහස් ප්‍රකාශ කරමින් උපසිරැසි බාගත කරමින් සහාය දැක්වූ ඔයාලා හැමෝටම බොහෝම ස්තූතියි. මාර්තු මාසයේ මෙහි දෙවන අදියරෙන් හමුවෙන තෙක් සමුගන්නවා. ඒ අතරතුරේ ජනවාරි 6 වන දා සිට ඒජන්ට් කාටර් කතා මාලාව නරඹන්නට ඔයාලට හැකි වේවි. ඒ කතාවත් බොහෝ දුරට ශීල්ඩ් කතා මාලාවත් සමඟ හරි හරියට ගලපාවි. අපේ බයිස්කෝප් කණ්ඩායමේ සහෝදරයෙක් ඒ කතාමාලාවටත් නිසැකවම උපසිරැසි ලබා දේවි. ගිහින් එන්නම් හැමෝටම ජයම වේවා…! එලස්ස්ස්……
“Hail S.H.I.E.L.D”
2ad5c8890907315f9aebb5c5686d00e6c7b3d0d8 9fccb8d326ed96096b732622381c945ff6d36563 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,215 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S02E10.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
50 comments
චන්දිම අමරසිංහ
D.chamar
thanks sahoo niyamai e kiyanne mekatha ewarai neda?
silent$
thancx bro !!!!!
sudeera
තුති සහො සබ් එකට ලිපිය නම් වටිනවා ගොඩක් හෙමිට කියවනන් ඔනි එපිය බලලම කියවන්නම !
chamath225
Thanks!!!
VisH
බොහොම ස්තුතියි : )
හිරූ
බොහොම ස්තූතියි උපසිරසියට!
Ravindu Adithya
සබට බොහෝම ස්තූතියි සහෝ.පරක්කු නිසා කුතුහලය උපරිම වෙලා තිබුනේ.
සුබ නිවාඩුවක් වේවා :-)Ruchira
sub 1ට ස්තුතියි........
sajeevi
තෑන්ක්ස් යශෝධ.
මේකත් හරිම ආසාවෙන් බලන කතාවක්.a.eranda
Ela bro jaya we wa.
shan jayarathe
Hail S.H.I.E.L.D
නලින්
නියමයි යශෝද... මේක නම් කියන්න වචන නැති..සුපිරි කතාව.. මේක තවත් ලස්සන උනේ අපිට නොතේරෙන තැන් හරිහරියට ලිපියෙන් පැහැදිලි කරලා දුන්න නිසා.
ජය වේවා!
පැතුම් අරෝෂණ වනිගසේකර
බොහොම ස්තූතියි මචාන්න්න්න් :D
මේකට ඇබ්බැහි උනා වගේ වෙලා දැන් :(
මාස තුනක් !!!! :O :( :(ns
බොහොම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…Good post my Friend.thanks YASHODA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
ANTON
Yee yeee
THILINA
ELA MCN
Tharindu
ela kiri enakam pissu hedila hithiye thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
chamath
thanx bro.....
mangla pushpakumara
Mama s2ma beluwa comment ekak danna beruwa giya sorry bohoma sthuthii mekarana wedeta wisesayenma lipipelata godak dewal dena gaththa :-) :-) :-) :-) :-) thanks:-) :-) :-) :-)
Dhanushka
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
Nicol Vishan
මේකනම් සුපිරිම කොටසක්.... කොහොමෙන් හරි සබ් එකට තැන්ක්ස.. දුකකට තියෙන්නේ ඉතිරි කොටස එනකන් ලබන මාර්තු වෙනකන් ඉන්න වෙන එක තමයි... :(
me
Thanks
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මට නම් ලිපි ලියන්න ගියාම තමයි එපා වෙන්නේ.
යශෝධ සහෝදරයා කොහොම කම්මැලි නැතිව ලිපි ලියනවද මන්දා.
ලිපිය නම් මරු අෑ.... ;)සීසන් දෙක ඉවරයක් වෙනකං ඉඳලා තමයි බලන්න පටන් ගන්නේ...
උපසිරැසියට ස්තුතියි.dasun disanayaka
THANKS!!!!!!
Mahesh
sub ekata thanx aaaaaa
Deshan
බොහෝමත්ම ස්තූතියි සහෝ…..
තිසර නියෝ
යකෝ මාර්වල්ලාව කුඩු කරන්න එපැයි කතාව මැදින් ඉවර කරපු විදියට. දැන් ඉතින් මාස තුනක් හිටින්කෝ කුතුහලේ උපරිමයෙන්ම තියාගෙන. හපොයි වයිට්හෝල් ට වුණු අපරාදය. ("යශෝධ", "ගයාන්" මම හිතන්නේ මිනිහ මැරෙන එකක් නැහැ අර ස්කයිගේ අමරණීය අම්මගෙන් ගත්තු දේවල් නිසා)
නියමයි යශෝධ සහෝ.
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඒජන්ට් කාටර් එකත් ඔයාගෙන්ම ඕනා. මොකද අනිවා ඔය කතාව ශීල්ඩ් එකත් එක්ක ගලපන නිසා ඔයාම තමා මේකට ගැලපෙන්නේ..
ඔබට ජය .. :)යශෝධ
ඒත් එතන අවුලක් තියෙනවා මචෝ. වයසට යන්නේ නැති කතාවක්නේ කිව්වේ. මැරෙන්නේ නැහැ කීවේ නෑනේ. බලමු ඉතින් කොහොමත් වයිට්හෝල් මැරුන විදියේ අවුලක් තිබ්බා කියලා නම් හිතුනා. එලස්ස්ස්.....
නලින්
දැන් තමයි යශෝ මේක බැලුවේ... මාවල් කාරයෝ මිට හොදයි අපිව කැවා නම්...
හොදම වේගෙන එද්දී නැවතුවනේ..
ස්තුතියි යශෝද...
ජය වේවා!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නුවන්ත දුලාන්
නියමයි යශෝධ සහෝ !!!
බොහොම ස්තූතියි.....!!!Kasun
බොහොම ස්තුතියි : )
jeewantha de silva
niyamai broooooooo............. gd luck
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ආපු දාම හොරන් අරගෙන ගියා. අද තමා ඔන්න කමෙන්ට් එක දාන්නෙ. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............samadhi
ස්තූතියි යශෝධ සහෝ
ජය වේවා!
ලහිරු සුපුන්
බොහොම ස්තුතියි යාළුවා.....
Chinthaka chathuranga
thnxz bro…..
Gayan
නියමයි කතාවට මම ගොඩක් අසයි
සබ් එක දුන්න නිසා තවත් හොදට තෙරුනා
අලුත් එක එන්න ගොඩක් දවසක් යයිදදසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!Madushan Priyankara
agents of shield season 2 එකේ 11 episode එකේ sub ඒක plssss :)
Pasindu
Saho Episode 11 eke sub ekath dennooo :)
oshan
අනේ දිගටම මේ වගේ විස්තර දාන්න . එවා හරිම රසවත් කියවන්නේ හරිම ආසාවෙන්. Thanx
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා...Manoj Ashitha
Thank you very much....
Pramukmili
thanxx bro.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E10] | ඔවුනට කුමක් වේවිද…? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Marvels-Agents-Of-S.H.I.E.L.D.jpg)

නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!