Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E04] with Sinhala Subtitles | ශීල්ඩ් සමග එකමුතුව… [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු විදියටම අදත් ඔන්න පොඩ්ඩක් පරක්කු වෙලා තමයි දෙන්න වෙන්නේ. පසුගිය සතියේදී රොබී රේයස් (Ghost Rider) එක්ක ඩේසි යනවා මෝමෙන්ටම් විද්‍යාගාරයේ සිදුවුනු අවුලත් එක්ක එයාගේ තියෙන සම්බන්ධේ මොකක්ද කියලා දැනගන්න. නමුත් ඒ අතරේ වොච්ඩෝග් කල්ලිය විසින් ලෝකය පුරාවටම ප්‍රධාන නගර වල විදුලිය විසන්ධි කරනවා. ඒ කල…

සුපුරුදු විදියටම අදත් ඔන්න පොඩ්ඩක් පරක්කු වෙලා තමයි දෙන්න වෙන්නේ. පසුගිය සතියේදී රොබී රේයස් (Ghost Rider) එක්ක ඩේසි යනවා මෝමෙන්ටම් විද්‍යාගාරයේ සිදුවුනු අවුලත් එක්ක එයාගේ තියෙන සම්බන්ධේ මොකක්ද කියලා දැනගන්න. නමුත් ඒ අතරේ වොච්ඩෝග් කල්ලිය විසින් ලෝකය පුරාවටම ප්‍රධාන නගර වල විදුලිය විසන්ධි කරනවා. ඒ කල්ලිය විසින් විදුලිය විසන්ධි කරන්නේ ඉන්හියුමන්ලා විසින් මේ සිද්ධිය කරන බව අඟවමින්. ඔවුන් ඉල්ලා සිටින්නේ සොකෝවියා රෙගුලාසි මත ඔවුන් ලියාපදිංචි කිරීම නවත්තන්න කියලා ඉල්ලීමක් කරමින්. නමුත් මේ සිද්ධිය පිටුපසින් ඇත්තටම ඉන්නේ වොච් ඩෝග් කල්ලිය. අධි තාක්ශණික විද්‍යුත් චුම්බක තරංග උත්පාදකයක් බාවිතා කරමින් මේ සිද්ධිය කරන වග කෝල්සන්, මැක්, ෆිට්ස් සහ යෝයෝ (එලේනා) කට්ටියට දැනගන්න ලැබෙනවා.

මේ සිදුවීම අතරේ තමයි ලයිට් කියපු සිදුවීම නිසා ඩේසිට රොබී එක්ක මේ සිද්ධවෙන සිදුවීම් ගැන තොරතුරු දැනගන්න බාධා ඇතිවුනේ. මේ අතරේ මෙලින්ඩාට බූත බලවේගයක් ඇතිවුනු නිසා කාටවත් එයාව සනීප කරගන්න බැරිවෙනවා. මේ නිසා සිමන්ස් එයාව ඩොක්ටර් රැඩ්ක්ලිෆ් ලඟට එක්කගෙන යනවා. මෙතනදී විනාඩි 7කට මෙලින්ඩාව මරලා තමයි එයාව සනීප කරගත්තේ. ඒඩාගේ බැටරිය නිසා තමයි මෙලින්ඩාව බේරගන්න පුළුවන් වුනේ. කොහොම නමුත් අවසානයේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති, පසුගිය සීසන් එකේදී හයිඩ්‍රා වලට මැලික් උදව් කලා වගේම මෙදා පාර වොච් ඩෝග්ලා උසි ගන්වන්න බලපුළුවන්කාරකම් තියෙන තවත් කෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්න බව. එයා ගැන වැඩි විස්තරයක් නම් කතාව අතුරෙන් දැනගන්න බැරි වුනා. බලමු අද කතාවෙන්වත් එයා ගැන දැනගන්න පුළුවන් වේවිද කියලා.

මේ විදියට තමයි පසුගිය සතියේ කතාව ගලාගෙන ගියේ. අද කතාවේදී නම් ගෝස්ට් රයිඩර් සහ ශීල්ඩ් එක අතර ලොකු සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ වගේම ඩේසිත් මෙදා පාර බොහෝවිට තනි කෙනෙක් විදියට කතාවට සම්බන්ධ වේවි කියලා හිතුවත් කණ්ඩායමත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. නමුත් ඩේසිගේ අභිප්‍රායන් ශීල්ඩ් එකෙන් සිදු කරන මෙහෙයුම් වලට වඩා ලොකු වෙනසක් තිබෙන නිසා, ශීල්ඩ් එක සහ ඩේසි අතර ගොඩක් මතභේදාත්මක සිදුවීම් ඇතිවෙන්න පුළුවන් කමක් තියෙනවා.

ඉතිං වැඩි විස්තර දැනගන්න කතාව බලන්න කියලා කාටත් ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ වේවා !!!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E04.HDTV.x264-KILLERS

4,011 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E04.baiscopelk.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

4,011 downloadsDownload Subtitles65 KB

30 comments

  1. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. prasanna

    thank u very much machan, your effort in this regard is highly appreciated. good luck

  3. Gihan Iddamalgoda

    ada mama thamai 1.
    thanks 4 sub.

  4. Kasun Widusha

    Tnx praniyoo

  5. Kaazz_bat

    තෑන්ක් බ්‍රෝ,. එලම,. සබට ටැන්කූ,.

  6. Umesh

    Ayoo pranith sahooo..hm dn kiynwanee oyvme kathawa den ekm aethi apita.....eknisa poddk pama unt kmk naee sahooo....sub ekt sthuuthiy sahooo..ikmnin elg upa siraesiyen hmuwemu........

  7. ayesh

    thank you

  8. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  9. Kasun

    බොහොම ස්තුතියි සහෝ...

  10. Malshan Hasaranga

    thnx bro sub ekata :)

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  12. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ............

  13. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේව !!!

  14. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  15. aryaaa

    kauruhari kiyanawada episode eka download karaganna vidiyak

  16. Gathsara Umesh Kumara

    ප්‍රණීත් අයේ සබ් එකට බොහෝම් ස්තූතියි සහෝ..නවත්තන්නෙ නැතුව එකදිගට dදෙන්න ඔදේ....

  17. කවීන් ලහිරු

    මැක්සා කොල්ලෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය

  18. උදාර දිල්ශාන්

    මැක්සා බන් තෑන්ක්ස් සබ් එකට

  19. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. තිසර

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  21. Sanath Indika

    thx brooo

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Ravin

    Thanks for the Sub

  24. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!!!

  25. chinthaka

    thnx bro sub ekata

  26. Tharindu

    බොහොම ස්තූතියි සහෝ

  27. lakshan

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.

  28. Naveen Rangana

    උපසිරැසට බොහොම ස්තුතියි.ජයවෙිවා.............................!!!!!!!!!!!!!!!!

  29. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  30. Sugath kumara

    Sub walata thanx.......
    Torrent link danna barida?
    It's a request?