Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E02] Sinhala Subtitles | හයිඩ්‍රා හිස ඔසවයි [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමයෙ 2 වන කොටසත් අරගෙන ආවා. අපි ටිකක් කලින් කොටස ගැන කතා කරලමු අද කොටස බලමු. මේ වතාවෙ අපිට ශීල්ඩ් කතා මාලාවෙන් කලින් නොලබපු අත්දැකීමක් අපිට මේ වතාවෙ ලබා දෙනවා, ඇත්තම කිව්වොත් ඒජන්ට් කාටර් කතා මාලාව බලපු කෙනෙක්ට නම් ශීල්ඩ් 7 වන කතා සමයෙ වටපිටාව තරමක් හුරු වෙන්න ඕන. […]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමයෙ 2 වන කොටසත් අරගෙන ආවා. අපි ටිකක් කලින් කොටස ගැන කතා කරලමු අද කොටස බලමු.

මේ වතාවෙ අපිට ශීල්ඩ් කතා මාලාවෙන් කලින් නොලබපු අත්දැකීමක් අපිට මේ වතාවෙ ලබා දෙනවා, ඇත්තම කිව්වොත් ඒජන්ට් කාටර් කතා මාලාව බලපු කෙනෙක්ට නම් ශීල්ඩ් 7 වන කතා සමයෙ වටපිටාව තරමක් හුරු වෙන්න ඕන. මේ වෙනකොට ශීල්ඩ් නියෝජිත පිරිස 1931 වෙනකල් කාලය හරහා ආපස්සට ඇවිත් තියනවා. මේ වෙනකොට ශීල්ඩ් පිහිටුවන්න මූලික වුන SSR (Strategic Scientific Reserve) එකවත් පිහිටුවලා නැහැ. SSR තමා පසු කාලීනව S.H.I.E.L.D. බවට වෙනස් වෙන්නෙ.

මම SSR ගැන පොඩි හැදින්වීමක් කරන්නම් නොදන්න අයට දැනගන්නත් එක්ක. හැබැයි Marvel’s Agent Carter බලපු අයනම් දන්නවා මම මේ කියන්න යන දේ ගැන හොඳට.

Strategic Scientific Reserve එහෙමත් නැත්තනම් SSR කියන්නෙ දෙවන ලෝක යුධ සමයෙ පැවතුන ඉතා රහසිගත ආයතනයක්. SSR එක පිහිටුවන්න මූලික වෙන්නෙ Franklin D. Roosvelt (FDR) ජනාධිපතිතුමා විසින්. SSR පිහිටුවන්නෙ 1940 දි නාසීන්ගෙ අවි ආයුධ සම්බන්ධව තිබුන විශේෂ අංශයක් වන හයිඩ්‍රා එකට එරෙහිව සටන් කරන්න. හැබැයි දැන් ශීල්ඩ් ටීම් එක ඉන්නෙ 1931 වර්ෂයේ, ඒ කියන්නෙ SSR පිහිටුවන්න අවුරුදු 9 කලින් වගේම රූස්වෙල්ට් ජනාධිපති විදිහට තේරිපත්වෙන්නත් කලින් කාලයක. ඉතිං මේ වෙලාවෙ හැමෝම හිතන් ඉන්නෙ ක්‍රොනිකෝම්ලගෙ ටාගට් එක ආණ්ඩුකාර රූස්වෙල්ට් කියලා. මොකද රූස්වෙල්ට් මැරුවොත් එයා කවදාවත් SSR පිහිටුවන්නෙ නැහැ ඉතිං SSR නැහැ කියන්නෙ S.H.I.E.L.D. එකත් නැහැ කියන එකයි. හැබැයි කට්ටියට මෙතන අමතක වෙච්ච දේ තමා HYDRA නැත්නම් මේ මොකවත් පිහිටුවන්න උවමනාවක් එන්නෙ නැහැ කියන කාරණාව. කොහොම හරි අපේ සුපිරි සොල්දාදුව කැප්ටන් ඇමරිකාගෙ සහයත් එක්ක ඒ කාලෙ හයිඩ්‍රා එක්ක යුද්ධය SSR එක ජය ගන්නවා. දන්නවනෙ සුපර් සෝල්ජර් සිරම් එක SSR එකේ වැඩක් කියලා. SSR හි ප්‍රධානියා වුනේ චෙස්ටර් ෆිලිපිස් ඒ වගේම සාමාජිකයො නැත්නම් ඒජන්ට්ලා විදිහට අපි කවුරුත් දන්න පෙගි කාටර්, හොවාර්ඩ් ස්ටාර්ක්, ස්ටීව් රොජර්ස් (කැප්ටන් ඇමරිකා) වගේ විශාල පිරිසක් සේවය කරලා තියනවා. හරි දැං තරමක අදහසක් ඇතිනෙ SSR කියන්නෙ මොකක්ද කියලා.

දැං ශීල්ඩ් නියෝජිතයො ටික ආණ්ඩුකාර රූස්වෙල්ට් ගැන තමයි ඇහැ ගහගෙන ඉන්නෙ. හැබැයි රූස්වෙල්ට්ට කිසිම කරදරයක් සිද්දවෙන්නෙ නැහැ ක්‍රොනිකෝම්ලා අතින් හැබැයි මෙතන ඉන්නවා ෆ්රෙඩි කියලා තරුණයෙක්. මෙන්න මේ ෆ්රෙඩි තමයි ක්‍රොනිකෝම්ලගෙ ඉලක්කය වුනේ. පස්සෙ තමයි දැනගන්නෙ ෆ්රෙඩි කියන්නෙ ගිඩියන් මැලික්ගෙ තාත්තා විත්තිය. ගිඩියන් මැලික් කට්ටිය දන්නවනෙ හයිඩ්‍රා ලොක්කා. ඉතිං ශීල්ඩ් බේර ගන්න නම් දැන් අපෙ නියෝජිතයින්ට සිද්දවෙනවා මෙච්චර කාලයක් තිස්සෙ විනාශ කරලා දාන්න උත්සහා කරප්යි හයිඩ්‍රා මේ වතාවෙ බේරගන්න.

අද කොටස ගැන මොකුත් කියන්න අදහසක් නැහැ ඔයාලම බලලා රස විදින්නකො එහෙනම්. කට්ටිය මේ පාර කතාවට වැඩිය කැමැත්තක් නැද්ද මන්දා අවසාන කතා සමය වෙලත්, වෙනදා තරම් උනන්දුවක් නෑ වගේ කොහොම වුනත් ඔන්න පුළුවන් ඉක්මනින් මම උපසිරැසිය අරගෙන ආවා. එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.

#Hail Marvel!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,438 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

5,438 downloadsDownload Subtitles32 KB

29 comments

  1. Kavinu

    තුති ❤️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි බං

  4. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනටම සබ් එක අරන් ඇවිත්...
    එනකම් බලන් හිටියේ...

  6. Dayanjith Kumarasinghe

    Thanx...

  7. Dewadithya

    Thanks for sub!

  8. Naveen Rangana

    Thanks for Subtitle.....
    Jayawewa..........!!!!!!!!

  9. Vidusha lakshan

    thanks for sub

  10. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  11. Amila

    බොහොම ස්තුති

  12. Anonymous

    Sub ekata thanks

  13. Anonymous

    thanks

  14. Dushan

    ela

  15. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya ...

  16. Ayesh

    උපසිරසියට ස්තුතියි

  17. Sadeep

    Elakiri kollekne. Thanks wewa

  18. Maleesha

    kattiyage kamatta adu wela naha..godk aya thama dnne na me s07 release wela kiyala...mth hrima ahamben dkke..

  19. Prasanna

    Thanks... good luck...

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  22. Kasun A.

    උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි ලහිරු සහෝ!
    ජය!

  23. සනිඳු ලක්ඛිත

    උපසිරසට බොහොම ස්තූති සහෝ

  24. chinthaka.max4

    thankx machan

  25. Sandarusiru

    බොහොම ස්තූතියි

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  27. 1991@kanch

    ko ithuru sub... season 6 eketh adui

  28. Anonymous

    එතකොට multi verse theory එකට අනුව ගත්තම hydra නැති කලොත් එන්නෙ වෙනම ටයිම් ලයින් එකක්නෙ.කලින් සීසන් වල ඒක ඔප්පු උනානෙ.

  29. lakshan

    thanks ....................