ඔන්න එහෙනම් Marvel’s Cloak & Dragger හයවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම… පසුගිය කොටසින් කලින් කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ පල්ලියෙදි මුණගැහෙන ටයිරෝනුයි ටැන්ඩියි දෙන්න බර කතාවක් දාන හැටි. එතනදි ටයිරෝන් එවීටගෙ නැන්ද කිව්ව විදිහට කරපු බහුබූත වැඩේ නිසා මිනිහට ලැබුණු අත්දැකීම් ගැන ටැන්ඩිට කියනවා. ඒ වගෙම…

ඔන්න එහෙනම් Marvel’s Cloak & Dragger හයවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම…
පසුගිය කොටසින්
කලින් කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ පල්ලියෙදි මුණගැහෙන ටයිරෝනුයි ටැන්ඩියි දෙන්න බර කතාවක් දාන හැටි. එතනදි ටයිරෝන් එවීටගෙ නැන්ද කිව්ව විදිහට කරපු බහුබූත වැඩේ නිසා මිනිහට ලැබුණු අත්දැකීම් ගැන ටැන්ඩිට කියනවා. ඒ වගෙම තමයි ටයිරෝන් ටැන්ඩිගේ අතීතය ගැන ගොඩක් දේවල් ඒ වෙලාවෙ දකිනවා. රොක්සොන් සමාගමේ පළහිලව්ව නිසා ටැන්ඩිට එයාගෙ තාත්තා වගෙම ගොඩක් දේවල් නැතිවෙනවා. මේ නිසා රොක්සොන් සමාගම ගැන ටැන්ඩිගේ හිතේ වගෙම එයාගෙ අම්මගෙ හිතෙත් ලොකු වෛරයක් තියෙනවා. මේ දෙන්නම හදන්නෙ එයාලට වුණ කරදර වලට රොක්සොන් සමාගමෙන් මොන විදිහකින් හරි වන්දිය අරගන්නයි. ටැන්ඩිට කෙනෙක්ව අල්ලලා ඒ අයගෙ බලාපොරොත්තු ගැන දැනගන්න හැකියාවක් තියෙනවනේ. ඉතින් ටැන්ඩිගෙ අම්මට සෙට් වෙලා ඉන්න නීතිඥ පෙම්වතා කලින් ඈයො වගේ නරක හාදයෙක් නොවන විත්තිය ටැන්ඩි ඒ බලය පාවිච්චි කරල දැනගන්නවා. ඊට පස්සෙ දෙන්න එක්ක එකතුවෙලා රොක්සන් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් අරගන්න සාක්ෂි එකතුකරන්න පටන්ගන්නවා. ටයොරෝනුත් පොලිසියට ගිහින් එයාගෙ අයියව මරපු හාදයව හොයාගන්න උත්සහ කරනවා. ඒත් ඒ වැඩේ නිසා ටයිරෝන්ගෙ තාත්තට නම් හොදටම යකා නඟිනවා. අවාසනාවකට ටැන්ඩිලාට උදව් කරන්න ආපු නීතිඥයාව ඝාතකයෙක් ඇවිත් වෙඩි තියල මරල දානවා. අන්තිමට ටැන්ඩියි ටයිරෝනුයි අතරෙත් ලොකු බහින්බස්වීමක් සිද්දවෙනවා. ඒ සිද්දියෙන් පස්සෙ ටැන්ඩි අත පය බැඳගෙන ගඟට පනිනවනේ. ඒත් එතනදි එයාගෙ බලය නිසා ටැන්ඩිගේ ජීවිතය බේරෙනවා. ආපහු වතාවක් ටයිරෝනුත් මොකක්දෝ අදහසක් හිතේ තියාගෙන පරීක්ෂක ඔ’රයිලිව මුණගැහෙන්න පොලිසියට යනවා.
අද කොටසින්
අද කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් ටයිරෝන් ආපහු පරීක්ෂක ඔ’රයිලිව මුණගැහෙන්න පොලිසියට යන්නෙ මොකටද කියල. ටයිරෝන් ඔ’රයිලිව මුණගැහෙන්න යන්නෙ එයාගෙ අයියගේ ඝාතනයට සම්බන්ද කොනර්ස් කියන දූෂිත පොලිස් නිළදාරියව නීතියට කොටු කරන්න බලාගෙන. ඒත් ටයිරෝන් දැනගන්නවා කොනර්ස් කියල නිළදාරියෙක් ගැන කිසිම සටහන නෑ කියල. ඒ වගෙම එයාගෙ අයියගේ ඝාතනය ගැනත් කිසිම සටහනක් ඇත්තෙත් නැහැ. ඔ’රයිලි කියන විදිහට නම් කොනර්ස් කියන හාදයා දූෂණ මර්ධන අංශයේ වැඩ කරන රහස් නිළදාරියෙක්. මෙතනදි ටයිරෝන් ඔ’රයිලිට කියනවා කොනර්ස් හාදයා මත්ද්‍රවය ජාවාරමට සම්බන්දයි කියල. ටැන්ඩිත් රොක්සොන් සමාගමට විරුද්ධව සාක්ෂියක් හොයාගන්න මැරුණ නීතිඥයාගෙ අල්මාරියෙන් ගත්තු ලිපි ගොණු අවුස්සනවා. මේ වෙනකොට එවීටා සැරටම ටයිරෝන්ට කැමැත්තෙනුයි ඉන්නෙ. එවීටා ටයිරෝන් පුදුම කරවන්න ටයිරෝන්ගෙ ලොකර් එක පවා සරසනවා. තමන්ට ලැබුණු හෝඩුවාවන් පස්සෙ යනකොට ටැන්ඩිට එක තැනකදි මේ හැම දේකටම මූලික වුණු අභිරහස් හාදයෙක් ගැන දැනගන්න ලැබෙනවා. ඔ’රයිලිත් දිගින් දිගටම කොනර්ස්, මත්ද්‍රවය ජාවාරමට සම්බන්ද නිළදාරියෙක් බව ඔප්පු කරන්න පුළුවන් විදිහෙ සාක්ෂි හොයාගෙන යනවා. ටයිරෝන්ගෙ අම්මගෙයි රොක්සොන් සමාගම අතරෙයි සම්බන්දයක් තියෙන බව අද කොටසෙදි අපිට දැනගන්න ලැබෙනවා. මේ හැම දෙයක් අස්සෙම ටයිරෝන්ගෙ සෙන්ට් සෙබස්තියන් පාසලේ කණ්ඩායමයි හැන්කොක් උසස් පාසල් කණ්ඩායමයි අතරෙ ප්‍රාන්ත පැසිපන්දු අවසන් තරඟයත් පැවැත්වෙනවා. ඔය වගේ තව කරුණු කාරණා ගොඩක් අද කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මම කතාව ගැන ලොකු විස්තරයක් කරනවට වඩා, මොකක්ද වෙන්නෙ කියල ඔයාලටම බලන්න දෙන එක හොඳයි නොවැ…
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,869 downloadsDownload Marvels-Cloak-Dagger-S01-E05.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
24 comments
SanjulaJeter
Ayesh Prashan
Thank You
tharidu sagara
menna weda parakku wela hari badu dila enakam balan hitiye
ohoma yan
jaya wewaJana
Thank you for sub ❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNaveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!
තරිඳු ගමගේ
නියමයි සහෝ ජය...!!! ✌
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
Stranger
thanks
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා.ජයවේවා..........
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
උදයංග සම්පත් හතරසිංහ
නියමයි ඉසුරු.. ජය වේවා..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
suranuwan
thank you...
futureomega
thanks for the sub
Lakshan
Thanks Bro.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Ostin_Gunathilaka
thnx. pattai e series 1th. anikata sub enakan bln innawo
Rasitha Illangasinghe
Thanks sub ekata..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks