ඔන්න එහෙමනම් අරන් ආවා ඩෙයාඩෙවිල් කතාමාලාවේ තුන්වැනි සීසන් එකේ දෙවැනි කොටස ඔබ හමුවට. ඉතින් ඊයේ දවසේ හසන්ත අයියා උපසිරසි ලබාදීම ආරම්භ කළ කතාමාලාවේ කොටස් අපි කීපදෙනෙක් කරන නිසා හනිකට ඔබ හමුවේ තබන්නට හැකිවෙයි. ඉතින් දෙවැනි කොටස බාරවුණේ මට.. මේ වෙද්දී මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් ලැබිලා තියෙනවා.. හෙල්…

ඔන්න එහෙමනම් අරන් ආවා ඩෙයාඩෙවිල් කතාමාලාවේ තුන්වැනි සීසන් එකේ දෙවැනි කොටස ඔබ හමුවට. ඉතින් ඊයේ දවසේ හසන්ත අයියා උපසිරසි ලබාදීම ආරම්භ කළ කතාමාලාවේ කොටස් අපි කීපදෙනෙක් කරන නිසා හනිකට ඔබ හමුවේ තබන්නට හැකිවෙයි. ඉතින් දෙවැනි කොටස බාරවුණේ මට.. මේ වෙද්දී මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් ලැබිලා තියෙනවා..
හෙල්ස් කිචන්වල යක්ෂයා..එහෙමත් නැතිනම් ඩෙයාඩෙවිල් මැරුණා කියලා තමයි හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නේ. නමුත් ඩෙයාඩෙවිල් එදා රෑ බිල්ඩිම කඩා වැටිච්ච තැනින් කොහොමහරි ජිවිතේ බේරගෙන. ඉතින් මැට් මර්ඩොක් ආපහු යන්නේ තමන්ගේ හොදම යාලුවා ළගටවත් තමන් කාලයක් ආදරේ කළ කැරන් ළගටවත් නෙවෙයි. තමන්ව හදා වඩාගත්ත පල්ලියේ පියතුමා ළගට. පියතුමා සහ කන්‍යා සොයුරියෝ ඔහුව බාර අරගෙන බෙහෙත් කරනවා විතරක් නෙවෙයි මැට්ගේ රහසත් රකිනවා. ඉතින් ජිවිතේ බේරුනත් මොකද ඩෙයාඩෙවිල්ගේ කලින් තිබ්බ හැකියාව දැන් නැතිවෙලා ගිහින්. පෙර පරිදි ඔහුගේ තියුණු ඇසීමේ දැනීමේ ශක්තිය දැන් නැහැ..
ඉතින් ඩෙයාඩෙවිල් පල්ලියට වෙලා සුව වෙන්න උත්සහ කරන අතරේ විල්සන් ෆිස්ක් තමන්ගේ ආදරවන්තිය වැනේසා රැකගන්න අවශ්‍ය නිසාවෙන් FBI සමග ගිවිසුමකට එළඹිලා.. නගරයේ ක්‍රියාත්මක වෙන අපරාධ සංවිධාන ගැන ඔහු FBI විශේෂ නියෝජිත රේ නඩීම්ට තොරතුරු ලබා දෙනවා වැනේසාට විරුද්ධව ඇති චෝදනා ඉවත් කරගන්නා ගණුදෙනුව මත.. මේ නිසාම අපරාධකාරයන්ට වීරයෙක්, රජෙක් වගේ හිටිය විල්සන් ෆිස්ක් දැන් බන්ධනාගාරය ඇතුලෙ ඉන්න හැම අපරාධකරුවෙක්ගේම වගේ වෛරයට පාත්‍ර වෙලා ඉන්නේ.
ඒ වගේම අපි දැක්කා කැරන් තවමත් නොපසුබට උත්සාහයක යෙදෙනවා මැට්ට උනේ මොකක්ද කියලා හොයාගන්න වගේම මිඩ්ලෑන්ඩ් සර්කල්හි අභිරහස් ගැන හොයන්න. හැබැයි ඉතින් මැට්ගේ අසහාය අතිජාත මිත්‍රයා වෙච්ච ෆොගී නෙල්සන්නම් ඉන්නේ සියලුම අපේක්ෂා භංග කරගෙන.. ඩෙයාඩෙවිල් ජීවිතෙන් සමු අරන් කියලා තමයි ඔහු හිතන්නෙ.
එහෙමනම් ඉතින් අපි බලමු හෙල්ස් කිචන්වල යක්ෂයා නොහොත් ඩෙයාඩෙවිල් හට මෙවර සටන් කරන්නට වන්නේ කුමන බලවේගයක් සමගද කියලා. එසේනම් ඔබට හෙල්ස් කිචන් වෙත ආරාධනා කරමින් මා සමුගන්නවා.. හෙට ආයෙම සුපර්ගර්ල් සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව.. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,218 downloadsDownload Marvels-Daredevil-S03-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
48 comments
sachintha
Ravindu Rukshan
Thx
Naveendra_rox
Thanks
Kanchana
Thanx sahooooo
Dexa
Niyamai bro
Thisara Neo
thanks
පැතුම් ඉෂාර
සබට තුති!!! ඊලග එපියත් ඉකමනටම දෙමු!!! ජය වේවා!!!
Tharaka mihiranga
Iron fist,Luke cage amathakama karaa..
Thankz sub ekata,.ithuru tikath ikmanatama denna free time wadi wewaa!!!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Ayesh Prashan
Thank You
Denis Maneesha
Thanks bro sub ekata
Thisal
thanks
dsdkavishka
Thenks aiya
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සුපිරි කතාව...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Milind@
Thanks saho
V.T.Piyumal
thanks bro sub ekat!!!!
Nalaka Dananjaya Rathnayake
bohopma sthuthi saho.
Kasun A.
උපසිරැසියට තුති මධුකප්‍රිය සහෝ,ජය!
Hard Rock
ela machan thanks
Maxx Dula
Thanks brother :)
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
madawaththa
Tnx broh..
Stranger
thanks
Kulanjana Maduranga
subata thanks....
Nadeesha rox alahakoon
Tnx bro mekotase sub anakan balan hitiye
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි හැමෝටම....
Udara Damith Dissanayaka
niyamayi
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා........!!!!!!!!!!!!
Lakshan
Thanks Bro.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
dush135
ela
Buddi
Thanks............
D.Chamara
bohoma sthuthi sahoooa niyamai .
sadheep
Thanks bro.....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
TDilshan
Thanks for subtitles ....
Sanjeewa2010
Thnxxxxxxxxxxx
suchroxx
Thanks Bro
MAALnath
Thanks .............good luck ...............the exorcist season 02,colony season 03 valatath sub denna ........................
Sajithlakshan
thanks
Ara N Madhu
Bohoma sthuthi may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ThusharaIndunilRathnayaka
Sub ekata thanks...!
SLpathumaa
thks bro
Shaggy
Thank you very much
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Daredevil [S03 : E02] with Sinhala Subtitles | දේව මහිමය.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Marvels-Daredevil-Season-4.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය