ඔන්න එහෙනම් නත්තල් දවසේ What If…? එපියත් අරගෙන ආවා. මේක තමයි හතරවෙනි එපිය. අද එපිය නම් කරලා තියෙන්නේ “What If Iron Man Crashed into The Grandmaster?” කියලයි. නත්තල් දවසේ ආවට මේ එපිසෝඩ් එක නත්තල සම්බන්ධ එකක් නම් නෙමෙයි. හැබැයි කාර් රේස්වල රසිකයින්ට නම් අද එපිය හුඟක් රස විඳින්න පුළුවන් වේවි. කලින් සී…

ඔන්න එහෙනම් නත්තල් දවසේ What If…? එපියත් අරගෙන ආවා. මේක තමයි හතරවෙනි එපිය. අද එපිය නම් කරලා තියෙන්නේ “What If Iron Man Crashed into The Grandmaster?” කියලයි. නත්තල් දවසේ ආවට මේ එපිසෝඩ් එක නත්තල සම්බන්ධ එකක් නම් නෙමෙයි. හැබැයි කාර් රේස්වල රසිකයින්ට නම් අද එපිය හුඟක් රස විඳින්න පුළුවන් වේවි.
කලින් සීසන් එකේ, එහෙමත් නැත්නම් What If…? Season 01 එකේ අන්තිම එපියේ අපට අඳුන්වලා දුන්නා “Guardians of the Multiverse” එහෙමත් නැත්නම් “මල්ටිවර්ස් එකේ රැකවලුන්” කියලා කණ්ඩායමක්. මේ කණ්ඩායම සමන්විත වුණේ අපි ඊට කලින් එපිසෝඩ්වලදී දැක්ක විවිධ චරිතවලින්; කැප්ටන් කාටර්, ට’චාලා/ස්ටාර්-ලෝඩ්, තෝර්, කිල්මොන්ගර්, බ්ලැක් විඩෝ, ස්ට්‍රේන්ජ් සුප්‍රීම් සහ ගමෝරාගෙන්. මේ කල්ලියේ අනිත් අයගේ ලෝක ගැන අපි දැනගෙන හිටියට ගමෝරාගේ ලෝකේ ගැන දැනගෙන හිටියේ නෑ. ඉතින් අන්න ඒක තමයි අපට මේ එපියේ බලාගන්න පුළුවන් වෙන්නේ.
මේ එපිසෝඩ් එක ඇත්තටම කලින් සීසන් එකේ කොටසක් විදියට නිකුත් කරන්නයි නියමිත වෙලා තිබිල තියෙන්නේ. කොහොම නමුත් අභ්‍යන්තර ගැටලු නිසා මේක දෙවෙනි සීසන් එකට දාලා තියෙනවා. සමස්ත කතාවට ලොකු බලපෑමක් ඒක නිසා ඇති වෙන්නේ නෑ, මොකද මේක මල්ටිවර්ස් කතා මාලාවක් නිසා.එහෙනම් අපි අද කතාව ගැන බලමුකෝ.
වීරවරියක් විදියට ගමෝරාගේ කතාව ඇත්තටම පටන් ගන්නේ ටෝනි ස්ටාක්ගෙන්. ඒ කොහොමද කියලා වොචර් අපට පැහැදිලි කරනවා. The Avengers (2012) ෆිල්ම් එකේ අන්තිමට ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් අර මිසයිලය වැදිලා නගරය විනාශ වෙන නවත්තන්න ඒකත් අරගෙන අභ්‍යවකාශයට යන එක මතක ඇති නේ. ඒ වෙලාවේ එයා තමන්ගේ ජීවිතය අවධානමේ දාගෙන තැනෝස්ගේ යානය ඒ මිසයිලය පාවිච්චි කරලා විනාශ කරනවා. වෝර්ම්හෝල් එක අස්සෙන් ආපහු පෘථිවියටම කඩා වැටෙනවා. හල්ක් අහසෙදී එයාව අල්ලගන්න නිසා පණ බේරගන්න පුළුවන් වෙනවා. ඔහොම නේ අපේ ප්‍රධාන ටයිම්ලයින් එකේ කතාව ගියේ.
මේ ටයිම්ලයින් එකේදී ටෝනි ට ආපහු වෝම්හෝල් එක හරහා පෘථිවියට එන්න බැරි වෙනවා. එයා යනවා සකාර්වලට. එහේදී එයාට හම්බවෙනවා සකාර්වල පාලකයා වන ග්‍රෑන්ඩ්මාස්ටර්ව. Thor: Ragnarok (2017) ෆිල්ම් එකෙන් තමයි මුලින්ම සකාර් සහ ග්‍රෑන්ඩ්මාස්ටර්ව හඳුන්වා දුන්නේ. සකාර්වලදී තමයි ටෝනි දැනගන්නේ එයාගේ පස්සෙන් ගමෝරා කියලා මිනීමරන්නියක් එළවගෙන එනවා කියලා. එහෙනම් කතාවේ ඉතුරු ටික එපිය බලලම හොයාගන්නකෝ.
එහෙනම් පස්වෙනි කතාංගයෙන් හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්න අවසරයි. හැමෝටම සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා! පීස් ✌️.
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,469 downloadsDownload What-If-S02-E04-Sinhala-Subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
10 comments
Tharaka Madhugeeth
Thilinda Randeera
Thank you so much bro
sahan
ekm kollo
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Saveesha Suraweera
Thanks a lot brdh sub ekt...
chinthaka chathuranga
thanks bro
Anonymous
kothaninda download karanne
Thisara Prabhath Senarathne
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s What If…? [S02 : E04] Sinhala Subtitles | සකාර්වලට ගිය අයන් මෑන්! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/what-if-s02-02.jpg)




Thank you .......!