ඔන්න සුපුරුදු පරිදි අදත් What If…? එපිසෝඩ් එක සමඟිනුයි අපි හමුවෙන්නේ. අද එපිසෝඩ් එක හෙවත් දෙවෙනි කතා සමයේ පස්වෙනි එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “What If Captain Carter Fought the Hydra Stomper?” කියලයි. ඒ කියන්නේ “කැප්ටන් කාටර් හයිඩ්‍රා ස්ටොම්පර් එක්ක සටන් කළොත්?” කියන එකයි. කැප්ටන් කාටර්ව අපට හඳුන්…

ඔන්න සුපුරුදු පරිදි අදත් What If…? එපිසෝඩ් එක සමඟිනුයි අපි හමුවෙන්නේ. අද එපිසෝඩ් එක හෙවත් දෙවෙනි කතා සමයේ පස්වෙනි එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “What If Captain Carter Fought the Hydra Stomper?” කියලයි. ඒ කියන්නේ “කැප්ටන් කාටර් හයිඩ්‍රා ස්ටොම්පර් එක්ක සටන් කළොත්?” කියන එකයි.
කැප්ටන් කාටර්ව අපට හඳුන්වා දුන්නේ What If…? S01 E01 තුළිනුයි. ඒ කියන්නේ පළවෙනි කතා සමයේ පළවෙනිම එපිසෝඩ් එකෙනුයි. ප්‍රධාන MCU ටයිම්ලයින් එකේ ස්ටීව් රොජර්ස් වෙනුවට මේ ටයිම්ලයින් එකේ සුපර් සෝල්ජර් සේරම් එක ගන්නේ ස්ටීව්ගේ ආදරවන්තිය වන පෙගී කාටර් යි. ඒකෙන් සුපිරි සොල්දාදුවෙක් වෙලා එයා රෙඩ් ස්කල්ව පරාද කරපු හැටි මතක ඇතිනේ.
මේ විශ්වයේ ස්ටීව් රොජර්ස්ට කැප්ටන් ඇමරිකා වෙන්න බැරි වෙනවා. ඒ වෙනුවට ටෝනිගේ තාත්තා වන හොවාඩ් ස්ටාක් ටෙසරැක්ට් එකේ බලය උපයෝගී කරගෙන, ප්‍රධාන MCU ටයිම්ලයින් එකේ Iron Man Mark 1 පෙනුමට සමාන ඇඳුමක් ස්ටීව් රොජර්ස් වෙනුවෙන් නිර්මාණය කරනවා. මේකේ නම තමයි “හයිඩ්‍රා ස්ටොම්පර්”. ඉතින් මේ සූට් එක නිසා ස්ටීව්ටත් පෙගී එක්ක යුධබිමේ සටන් කරන්න හැකියාව ලැබෙනවා.
අන්තිමේදී රෙඩ් ස්කල් සමඟ ඇති වන සටනෙදී එයාව පරද්දන්න කැප්ටන් කාටර් එයාගේ ජීවිතේ පූජා කරනවා. ඒත් අන්තිමේදී සිද්ධ වෙන්නේ එයාව අනාගතයට යන එකයි. හරියට ප්‍රධාන MCU ටයිම්ලයින් එකේ ස්ටීව් රොජර්ස් වගේ. ඔතනින් තමයි What If…? පළවෙනි එපිසෝඩ් එක අවසන් වුණේ.
මේ එපිසෝඩ් එකේ අපට ඒ කතාවේ ඉතුරු ටික දැකගන්න පුළුවන්. පෙගීට දැනගන්න ලැබෙනවා 1953 දී සිදුවෙච්ච සටනකින් ස්ටීව් රොජර්ස් හෙවත් හයිඩ්‍රා ස්ටොම්පර් මියගියා කියලා. නමුත් දැන් ආයේ අබිරහස් ලෙස හයිඩ්‍රා ස්ටොම්පර් එළියට ඇවිල්ලා විවිධ ත්‍රස්තවාදී ක්‍රියා පටන් අරගෙන තියෙනවා. හයිඩ්‍රා ස්ටොම්පර් ඇඳුම දැන් පාලනය කරන්නේ කවුද? 1953 සටනෙදී ඇත්තටම මොකද වුණේ? ඇයි එයා මේ ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලෙන්නේ? ඔය ප්‍රශ්නවලට උත්තර හොයාගන්න එහෙනම් අද එපිය බලන්නකෝ.
එපිය ඉවර වෙන්නේ හෙට එපියට පෙර සූදානමක් එක්කයි. එහෙනම් දැන් එපිය බලන්නකෝ. හෙට එපියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,207 downloadsDownload What-If-S02-E05-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
9 comments
Thilinda Randeera
Kosala
thanks bro
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
සිජ්ජා
එපිය හරියටම තේරුම් ගන්න ඔයාලා දෙන උපසිරැසි ගොඩක් උදව් වෙනවා. ඒ මහන්සියට , කැපවීමට බොහොම ස්තූතියි , දිගටම වැඩේ කරගෙන යන්න කට්ටියම , මගෙන් සුබ පැතුම්
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
chinthaka chathuranga
thanks bro
Thisara Prabhath Senarathne
Thanks broh.. ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Advertisement
![Marvel’s What If…? [S02 : E05] Sinhala Subtitles | කැප්ටන් කාටර් හයිඩ්‍රා ස්ටොම්පර් සමඟ සටන් කළොත්? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/what-if-s02-02.jpg)




Thanks Bro