අද නත්තලට කලින් දා. ඒ කියන්නේ Christmas eve එක. ඉතින් නත්තල් තේමාවට, අද වගේ දවසකම නිකුත් වෙන්න හදපු එපිසෝඩ් එකක් තමයි මේ අරගෙන ආවේ. මේ ගෙනාවේ What If…? දෙවෙනි කතා සමයේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිය නම් කරලා තියෙන්නේ “What If Happy Hogan Saved Christmas?” කියලයි. ඒ කියන්නේ “හැපී හෝගන්…

අද නත්තලට කලින් දා. ඒ කියන්නේ Christmas eve එක. ඉතින් නත්තල් තේමාවට, අද වගේ දවසකම නිකුත් වෙන්න හදපු එපිසෝඩ් එකක් තමයි මේ අරගෙන ආවේ. මේ ගෙනාවේ What If…? දෙවෙනි කතා සමයේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිය නම් කරලා තියෙන්නේ “What If Happy Hogan Saved Christmas?” කියලයි. ඒ කියන්නේ “හැපී හෝගන් නත්තල බේරගත්තොත් මොකක් වෙයිද?” කියන එක.
අද එපිය සිද්ධ වෙන්නෙත් අද වගේ දෙසැම්බර් 24 වෙනිදාවක. ඇවෙන්ජර්ස්ලා ජයටම නත්තල් පාටියකට ලෑස්ති වෙනවා. කොහොම නමුත් ඒක සංවිධානය කරන එකේ සම්පූර්ණ වගකීම පැවරිලා තියෙන්නේ හැපී හෝගන්ටයි. ඒ මදිවට J.A.R.V.I.S. ගේ නඩත්තු කටයුත්තක් නිසා එයත් offline. හැපීගේ සහයට ඉන්නවා ඩාර්සි කියලා intern කෙනෙක් සහ S.H.I.E.L.D. අධ්‍යක්ෂිකා මරියා හිල්. මෙයාලා තනියම ඇවෙන්ජර්ස් කුලුණට වෙලා පාටිය ලෑස්ති කරන අතරේ ඇවෙන්ජර්ස්ලා නගරයේ විවිධ වැඩවලට ගිහිල්ලා ඉන්නේ.
මේ අතරේ තමයි ජස්ටින් හැමර්, මැරයෝ දෙන්නෙක් එක්ක හොරාට කුලුණට ඇතුළු වෙන්නේ. ජස්ටින් හැමර් තමයි Iron Man 2 (2010) ෆිල්ම් එකේ ප්‍රධාන දුෂ්ටයා වුණේ. ස්ටාක් එක්ස්පෝ එක විනාශ කරන්න ගිහිල්ලා හිරේට ගිහින් හිටපු හැමර්, දැන් හිරෙන් නිදහස් වෙලා ඇවෙන්ජර්ස් කුලුණ ආක්‍රමණය කරන්නේ ඇවෙන්ජර්ස්ලාවත් ජාවිස්වත් නැති වෙලේ ඒකේ පාලනය අල්ලගන්නයි. ඒක සාර්ථකව කරන්න එයාට පුළුවන් වෙනවා.
හැමර්ගේ ප්‍රධාන පරමාර්ථය තමයි, ටෝනි පරීක්ෂණ වගයක් කරන්න අරගත්ත හල්ක්ගේ ලේ ටිකක් අරගෙන ඒක පාවිච්චි කරලා සමාජයට පේන්න සුපිරිවීරයෙක් (ඇත්තටම සුපර්විලන් කෙනෙක්) වෙන එක. ඉතින් ඇවෙන්ජර්ස්ලාවත්, ජාවිස්වත් නැතුව තනියම නත්තල බේරගන්න හැපී හෝගන්ට පුළුවන් වෙයිද? එහෙනම් අද එපිය බලලම හොයාගන්නකෝ.
එපියේ pop culture references නම් සෑහෙන්න තියෙනවා. ඒත් ඒක රසවින්දනයට බාධාවෙක් වෙන එකක් නෑ. පුළුවන් තරමක් ඒවා සබ් එකේ පැහැදිලි වෙන්න දාලා ඇති. එහෙනම්, නත්තල් දවසේ එපියෙන් ඊළඟට හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. හැමෝටම සුබ Christmas eve එකක් වේවා. පීස් ✌️.
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,756 downloadsDownload What-If-S02-E03-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
8 comments
Thilinda Randeera
dj ushan
bohoma pin malli
sahan
elakiri bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
chinthaka chathuranga
thanks bro
Thisara Prabhath Senarathne
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Advertisement
![Marvel’s What If…? [S02 : E03] Sinhala Subtitles | නත්තල බේරගත් හැපී හෝගන්! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/what-if-s02-02.jpg)




Thanks Bro