Watch Trailer

Mashle: Magic and Muscles [S02 : E03 & E04] Sinhala Subtitles | මළවුන්ගෙන් බේරීම සහ පළිඟු ජීවිතය [සිංහල උපසිරසි]

Mashle: Magic and Muscles Sinhala Subtitles ඔන්න හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්. අපි එහෙනම් මායා රාජධානියේ ඉන්න මැජික් බැරි ලමයගෙ කතාවෙ දෙවනි දිගහැරුම එක්ක තමා මේ එකතු වෙලා ඉන්නෙ. එහෙනම් අපි කතාව ආයෙත් මතක් කරගෙනම ඉමු Mashle: Magic and Muscles Sinhala Subtitles … පලවෙනි කතාවෙන් අපිට…

Mashle: Magic and Muscles Mashle: Magic and Muscles Sinhala Subtitles ඔන්න හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්. අපි එහෙනම් මායා රාජධානියේ ඉන්න මැජික් බැරි ලමයගෙ කතාවෙ දෙවනි දිගහැරුම එක්ක තමා මේ එකතු වෙලා ඉන්නෙ. එහෙනම් අපි කතාව ආයෙත් මතක් කරගෙනම ඉමු Mashle: Magic and Muscles Sinhala Subtitles … පලවෙනි කතාවෙන් අපිට දකින්න ලැබුනෙ මාෂ් බර්න්ඩිඩ්ට මැජික් බැරි බව මායා රාජධානියේ අධිකරණයට ආරන්චි උන හේතුව නිසා මාෂ්ට විරුද්ධව චෝදනාවක් එල්ල කරලා එයාව නීතිය ඉදිරියට ගෙනියනවා. ඉතින් ඒකට හේතුව ඔයාල දන්නවනෙ මායා රාජධානියේ කවදාවත් මැජික් බැරි අයව තියාගන්නෙ නැහැනෙ. ඉතින් මේ නඩුව අහන වෙලාවෙදි එතනට හදිස්සියේම දේව වාදියොන්ගෙ පැමිණිමක් සිද්ධ වෙනවා. දේව වාදීන් කියන්නෙ කව්ද කියල ඔයාල දන්නවනෙ එයාල තමා මායා රාජධානිය පාලන කරන්නෙ. ඉතින් මෙයාලගෙන් රියෝ හැර අනිත් ඔක්කොම කිව්වෙ මෙයාව මරල දාන්න ඕන කියලා විශේෂයෙන්ම ඔටර් මැඩ්ල් කියන කෙනා. විනිසුරු වරයගෙ ඇඟ පාලනය කරපු විශේෂ මායා ජීවියාගෙන් විනිසුරුව බේරගත්ත එකයි, තව එයාට දීපු ඉටිපන්දම මැජික් නැතුව පත්තු කරපු නිසා වගේම විදුහල්පති වොල්බර්ග් සහ රේන්ගෙ මනාපය එයාට ලැබුන නිසා එයාට පොඩි සහනයක් ලැබෙනවා හැබැයි එක හේතුවක් පිට ඒ තමා මෙයා දේව වාදී අපේක්ෂක විභාගයේ සමත් වෙලා පෙන්නන්න ඕන කියන එක. දෙවනි කතාව නම් ටිකක් විතර විනෝදෙට බර එකක්. යාලුවො එක්ක විනෝද වෙන්න ගිය මාෂ්ට මායා යශ්ටියකුත් ලැබුනනේ. ඉතින් දෙවනි කතාව ඉවර උනේ ඔර්කා නිවාසෙ ශිෂ්‍ය නායක මාග්‍රට් මැකරන් සහ ඔටර් මැඩ්ල් අතර උන රහස් සාකච්චාවෙන්. එහෙනම් අපිට ඒ දෙන්නගෙ කතාවෙන් නම් තේරුනේ මාෂ්ව මරන්න තමා සැලසුම් කරන්නෙ කියලා. ඉතින් එහෙනම් අපි බලමු එතනින් පස්සෙ මොනා වෙයිද කියල වගේම දේව වාදී අපේක්ෂක විභාගයේ වෙන පරීක්ෂණ ටිකත් ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් ඉතුරු කොටසින් හම්බවෙනකල් හැමෝටම සුබ දවසක්. ✍️…ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ. Mashle: Magic and Muscles Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,753 downloadsDownload Mashle-Magic-and-Muscles-S02-E03-E04-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1Next BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles Mashle: Magic and Muscles Sinhala Subtitles

Subtitles

1,753 downloadsDownload Subtitles25 KB

2 comments

  1. Sameera

    Thank you. Igava evath ikmanata denna.

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P