Watch Trailer

Mashle: Magic and Muscles [S02 : E01 & E02] Sinhala Subtitles | නැවතත් මායා රාජධානියට [සිංහල උපසිරසි]

Mashle: Magic and Muscles Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්. ඔන්න මම පොරොන්දු උන විදියටම mashle: magic and muscles කතාවෙ දෙවෙනි කතා සමයත් අරගෙන ආවා. කතාව රිලීස් වෙලා ඉවර වෙන්න කලියෙන් උපසිරැසිය දෙන්න කියල හිතාගෙන හිටියත් පොඩ්ඩක් විතර පරක්කු උනා. මම පලවෙනි…

Mashle: Magic and Muscles Mashle: Magic and Muscles Sinhala Subtitles

ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්. ඔන්න මම පොරොන්දු උන විදියටම mashle: magic and muscles කතාවෙ දෙවෙනි කතා සමයත් අරගෙන ආවා. කතාව රිලීස් වෙලා ඉවර වෙන්න කලියෙන් උපසිරැසිය දෙන්න කියල හිතාගෙන හිටියත් පොඩ්ඩක් විතර පරක්කු උනා. මම පලවෙනි කතා සමයෙදි විස්තර කරපු දේවල් ආයෙ කියන්න ඕන නෑ කියල හිතන නිසා අපි දෙවනි කතා සමය ගැන පොඩි අවබෝධයක් ගමු…

…පලවෙනි කතා සමයත් එක්ක බැලුවම ටිකක් action ගතිය වැඩියි හැබැයි ඉතින් comedy ගතිය නම් හොඳටම තියනව ඉතින් ආතල් එකේ බලගෙන යන්න පුලුවන් සුපිරියක්. ඔයාලට මම කලින් සඳහන් කලා වගේම මේ ඇනිමෙ කතා මලාව නිශ්පාදන කරන්නෙ ප්‍රසිද්ධ ඇනිමේ නිශ්පාදන සමාගමක් වන A-1 pictures සමාගම මේකෙ නම දැකපු ගමන් මොකක්ද එකපාරම මතක් වෙන්නෙ, ආ ඒක තමා 2024 අවුරුද්දෙ වැඩිම හයිප් එක තිබුන anime series එක වෙන solo leveling ඇනිමෙ එකනෙ. මේ ඇනිමෙ දෙකම නිශ්පාදන කරල තියෙන්නෙ මේ A-1 pictures සමාගම විසින්. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ සුපිරියක් කියලා. ඉතින් මේක පලවෙනි සීසන් එකට වඩා හොඳ IMDb අරගෙන තියෙනවා ඒ කියන්නෙ 7.9\10 වගේ අගයක්. Winter සීසන් එකේ හොඳම action, fantasy ගනයට අයිති උන ඇනිමෙ තුනක් රිලීස් උනා එකක් තමා මේ Mashle season 02, අනිත් දෙක තමා හැමෝම කතාවෙන Solo Leveling ඇනිමෙ එක සහ Sci-Fi ගනයට අයිති උන Ninja Kamui ඇනිමෙ එක solo leveling කතාව දැනටමත් උපසිරැසි ගන්වලා ඉවර කරල තියෙන්නෙ, එහෙනම් වැඩි කතා නැතුව අපි කතාවෙ අන්තර්ගතය පැත්තට යමු.

…මේකෙ දෙවනි කතා සමය නම් කරල තියෙන්නෙ “MASHLE: MAGIC AND MUSCLES The Divine Visionary Candidate Exam Arc” නමින් මේකෙ පළවෙනි කතා සමය අවසන් උන ගමන්ම තමා මේ දෙවනි කතා සමය නිවේදනය කරේ. මේකෙ අන්තර්ගත ගැන බැලුවොත් පලවෙනි සීසන් එක ඉවර උනේ අපේ කතාවෙ ප්‍රධාන චරිතය වන මාෂ් බර්න්ඩිඩ්ට(හතු ඔලුවා) මැජික් බැරි බව ඇකඩමියෙ අනිත් ලමයි දැනගන්න තැනින් තමා කතාව ඉවර උනේ. එතනින් පස්සෙ මායා රාජධානියේ නීතිය හමුව මෙයාට යන්න සිද්ධ වෙනවා. මේ කතාවෙ main villain විදියට අපි දැක්ක ඉනොසෙන්ට් සීරෝ කියන කෙනා මේ නඩුව අහන වෙලාවෙදි කරපු සිද්ධියක් නිසා දේව වාදී විභාගය ඉක්මන් කරන්න කියල තීරණය කරලා. විභාගෙදි සිදුවන සිදුවීම් තමා මේකෙ අන්තර්ගත විදියට තියෙන්නෙ. මේකෙදි ඔයාලට අලුත් චරිත ගොඩක් දකින්න ලැබෙනවා, අපි එහෙනම් මැජික් කරන්න බැරුව අපේ හතු ඔලුවා මේක කොහොම සමත් වෙයිද කියල බලමු, එහෙනම් විශේෂයෙන්ම කියන්න ඕන අහදස් දක්වලා තිබුන අයට ගොඩක් ස්තුතියි. හැමෝටම සුබ දවසක් එහෙනම් කතාව බලලම ඉමු. ✌️

✍️…ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ. Mashle: Magic and Muscles Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,497 downloadsDownload Mashle-Magic-and-Muscles-S02-E01-E02-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1Next BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles

Subtitles

2,497 downloadsDownload Subtitles25 KB

7 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි හරිම ලස්සන කතාවක් ගොඩක් ආසාවෙන් බැලුවේ .

  2. Hasaranga Nadeesha

    නියමයි. හිතුවට වඩා ඉක්මනට ගෙනල්ලනෙ.

  3. Kamal

    Thanks. Vinland saga one

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Anonymous

    Sub eke akuru wenas ne. Kiyawanna ba ewa. amuthu English walin pennanen

  6. Shehan

    මෙක කොතනින්ද බලන්නෙ

  7. tharusha

    apothecary diaries dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.