Watch Trailer

Money Heist aka La casa de papel [S02 : E09] Sinhala Subtitles | ඉමිහිරි අවසන [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියම පුන පුනා බලාසිටි, අති ශ්‍රේෂ්ඨ මුදල් කොල්ලයක අවසාන කොටස සමඟයි අද එකතුවෙන්නේ. කතා සමයන් දෙකකදී, කොටස් 22ක් පුරා ගලා ගිය, මුදල් කොල්ලයක් පිලිබඳව මෙතෙක් විකාශනය වූ අති දැවැන්ත තීක්ෂණ සැලසුමක් රැගත් ටෙලි කතාමාලාවක් නරඹලා හැමෝටම මහන්සිත් ඇතිනේ? ආහ් මට වැරදුනා වගේද.. නෑ නෑ කාටවත් මහන්සි නැහැ. මේක…

කට්ටියම පුන පුනා බලාසිටි, අති ශ්‍රේෂ්ඨ මුදල් කොල්ලයක අවසාන කොටස සමඟයි අද එකතුවෙන්නේ. කතා සමයන් දෙකකදී, කොටස් 22ක් පුරා ගලා ගිය, මුදල් කොල්ලයක් පිලිබඳව මෙතෙක් විකාශනය වූ අති දැවැන්ත තීක්ෂණ සැලසුමක් රැගත් ටෙලි කතාමාලාවක් නරඹලා හැමෝටම මහන්සිත් ඇතිනේ?

ආහ් මට වැරදුනා වගේද.. නෑ නෑ කාටවත් මහන්සි නැහැ. මේක එක හුස්මට බලන්න පුලුවන් කතාමාලාවක්. දෙවන සමය ටිකක් පමා වෙලා ගෙනාවත්, එක දිගටම ඔයාලට සමීප කරන්න රවිඳු මලයා, කවිෂාල් මලයා වගේම උදයංග සහෝදරයත් කල උදව් මේ වෙලාවේ අමතක නොකර බැහැ. ඒවගේම සමීර කරුණාරත්න සහෝදරයාවත් මේ වෙලාවේ මතක් නොකලොත් ලොකු අඩුපාඩුවක් වෙයි. ස්තූති කතාව එලෙස වෙද්දී, මෙතෙක් කතාව පැත්තට හැරෙන්න දැන් හොදම වෙලාව කියලා හිතනවා.

පසුගිය කොටසින්

ටෝකියෝගේ නැවත ආගමනය කෙනෙකුට සතුටකුත්, තවත් කෙනෙකුට දුකකුත් එක් කලා ඔබට අමතක නැතුව ඇති. මොස්කව් ටෝකියෝව ආවරණය කිරීමට ගොස් තම දිවියෙන් වන්දි ගෙවූ ආකාරය මංකොල්ලකරුවන්ව මෙන් ඔබවත් බෙහෙවින් සංවේදී කලා විය යුතුයි. ටෝකියෝගේ වචනයෙන් කියනවානම් එකම වෙලාවකදී ජීවිතයෙන් ගැලවීමේ මාර්ගයත්, මංකොල්ලයෙන් ගැලවීමේ මාර්ගයත් විවර වුනා ඔබට මතක ඇති. සියල්ලන්ටම නැවත හුස්ම පොදක් ලැබුනේ ප්‍රොෆෙසර්ගේ මුහුන උමඟ තුලින් දුටුවායින් අනතුරුවයි.

බැංකුව තුල කරුනු කාරණා එලෙස වෙද්දී, පරීක්ෂකතුමියත් බරටම වැඩ අල්ලලා තිබුනා ඔයාලට මතක ඇති. එනම් ආදර හමුව දවසේ, ප්‍රොෆෙසර් ඇයව හමුවන්නට රෙස්ටුරන්ට් එකට පැමිනි මාර්ගය CCTV දර්ශන ඔස්සේ පියවරෙන් පිටවරට ලුහුබඳින්න ඇය වඩා දක්ෂ වූවා ඔබට මතක ඇති. එසේ ප්‍රොෆෙසර් සිටිනා ස්ථානය සොයාගත් ඇයට මුහුන දෙන්නට වූයේ ඇය කිසිසේත් අපේක්ෂා නොකල අවස්ථාවකටයි. ප්‍රොෆෙසර්ගේ පාපොච්චාරණය හමුවේ ඇයගේ සිතුවිලි පාලනය කරන්නට මේ වන විට ඔහු සමත්. නමුත් අපි බලමු අවසානයට රැකල් කාගේ පාර්ශ්වය නියෝජනය කරාවිද කියා !

ඒ අතර වාරයේ ඒන්ජල් රූබියෝ, කෝමා තත්වයෙන් අවදිව රැකල් හට අමතනවා, නමුත් රැකල්ගේ දුරකථනය ටැප් කර තිබෙන නිසාවෙන් ඇය ප්‍රොෆෙසර්ගේ මෙහෙයුම් ස්ථානය තවදුරටත් රහසක් හැටියට තබාගන්නට සැරසෙන්නේ ඇය ප්‍රොෆෙසර් හට සැබෑවට ආදරය කරන නිසාවෙන්ද? නැතිනම් ප්‍රොෆෙසර්ගේ අවසානය රැකල් අතින්ම සිදු කර තමාට වූ ගැරහුම් වල පලිය ගන්නටද? මේ පිලිබඳව තීරණයක් ගන්න නම් ඔබට කතා මාලාව අවසන් වෙනකම්ම නරඹන්නට වේවි.

අද කොටසින්

යූරෝ බිලියන 2.4ක්, දින 10-12 ක කාලයක් රෝයල් මින්ට් තුල රැඳීසිටින්නට පැමිනි මංකොල්ලකරුවන් මේ වන විට පැය 125ක් ගෙවා දමා අවසන්. යූරෝ බිලියනයක මුදල් ප්‍රමානයක්ද මුද්‍රනය කර අවසන්. පසුගිය දින කිහිපයේ සිදුවූ හැලහැප්පීම් නිසාවෙන් මේ වනවිට මංකොල්ලකරුවන් හට බැංකුවෙන් ඉවත්වී යාමට සිදුවී ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ. ඒ පලායෑම කෙසේවේවිද? සුපුරුදු පරිදි පොලීසිය නොමඟ යැවීමට මංකොල්ලකරුවන් සමත් වේවිද? නැතිනම් මේ ඔවුන්ගේ අවසානයද?

අද අවසන් කොටස දවසේ, ඔයාලා මංකොල්ලකරුවන්ගේ පැත්තේද? නැතිනම් පොලීසිය පැත්තේද? මම නම් මරාගෙන මැරුණත්, ආරම්භයේ පටන් තවමත් මංකොල්ලකරුවන් සමඟයි. ඔයාලට මතක ඇති මම පළමු කතා මාලාවේදීම කිව්වා මේ කොල්ලයේ සැලසුම ප්‍රොෆෙසර්ගේ නොවන වග, අද එය පසක්වන දවසක්, එමෙන්ම බර්ලින් හා ප්‍රොෆෙසර් අතර තිබූ රහසක් අද ඔයාලට දැන ගන්නට පුලුවන් වේවි !

විටක ඔබට බර්ලින් පිලිබඳව දැඩි වෛරයක් ඇතිවුනා නේද? නමුත් අද කොටස නරඹන ඔබට නෙතට කඳුලක් එක් කරන්නට තරම් බර්ලින්ගේ චරිතය විකසන වනවා. සියල්ල මනා පාලනයක් ඇතිව පවත්වාගෙන යන්නට නයිරෝබි දුන්න සහය අදත් ඔයාලට දැක ගන්නට පුලුවන් වේවි. ඩෙන්වර්, ටෝකියෝ, රියෝ හා මොනිකා සුපිරිම සංග්‍රාමයකට එක්වනවා. මෙතෙක් නොදැකපු සුපිරිම සංග්‍රාමයක් කිව්වොත් මා නිවැරදියි…😉 බැංකුව තුල කරුනු එලෙස වෙද්දී කර්නල් සූදානම් මංකොල්ලකරුවන් ව දෙපැත්තකින්ම කොටු කරගන්නයි. ඒ සඳහා මේවන විට කාණුව හරහා බැංකුවට බට කණ්ඩායමක් ඇතුලුවී අවසන්. ඉහලින් අනිත් බට පිරිස ඇතුලුවන්නට නියමිතයි. අද කුමකින් කුමක්වේවිද කියා ඔබට වෙලාවකට සිතන්නවත් බැරිවේවි !!! පසුගිය කොටස අවසානයේ ප්‍රොෆෙසර්ගේ පාපොච්චාරණය හමුවේත්, ඔහුට ඇති ආදරය නිසාවෙනුත් සැලී ගිය රැකල්, ඒන්ජල්ව මුණගැහෙන්නට රෝහලට යනවා, නමුත් ඇයව නොසිතූ කරදර ගොඩක පැටලෙන්නට නියමිතයි. ඒන්ජල් ප්‍රොෆෙසර් සිටිනා තැන කර්නල්ට පවසාවිද? නැතිනම් රැකල් පවසාවිද? මංකොල්ලකරුවන් පැනයාමට මත්තෙන් ඒන්ජල් හා රූබියෝ නැතිවුන කීර්තිනාමය රැක ගැනීමේ අදිටනින්, ප්‍රොෆෙසර් ප්‍රමුඛ මංකොල්ලකරුවන් කණ්ඩායම කොටුකර ගනීවිද?

මම ඒ ගැන කියලා, ඔයාලගේ කුතුහලය නැති කරන්න සූදානම් නැහැ. එහෙනම් පහලින් බාගෙනම රස විඳින්නකෝ. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා චෝදනා වලට පහළ ඕනි තරම් ඉඩ තියෙනවා !!! 😉 මෙච්චර දවසක් අදහස් පලකරලා දිරිමත් කල සැමට තුති. තෙවන කතා සමයක් ගැන නොයෙක් තැන් වල පලවුනත්, තවම නම් එය ස්ථීර කරලා නැහැ. එතකම් තවත් කතා මාලාවක් සමඟ නැවත හමුවනතුරු, ගිහින් එන්නම්.🚩 ජය !!! 😉✌

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

48,362 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E09.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

48,362 downloadsDownload Subtitles22 KB

106 comments

  1. Ivanda

    Thanks machn.

  2. pryantha gallage

    thanks to sub.. c u again.. jaya sree

  3. SadeepaT

    Season dekema sub dunnha hamotama thanks

  4. Ranuka Gooneratne

    Thanx Bro..

  5. Prabodha Madhusankha Hettiarachchi

    Mn balapu auporima tv series ekak thama. sub genapu siyaluma denata sththuthi. Jayen jayama wewa...!

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    තාම හොරුන්ගේ පැත්තේ...
    තවත් මේ වගේ සුපිරි කතමාලවකට සබ් අරන් එමු...
    Season 3 එකක් අවොත් සබ් අරන් එන්න...

  7. npmuweerasinghe

    thanks....................................................

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Himantha

    Thanks machn sub ekata season 3 eka awoth sub ubama sub eka dipan thanx.

  10. Sulakshana

    Thank for sub

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. Ganukahirun

    Sub ekata thanks...video file eka upload karanna nadda mchn...

  13. Jangidj

    Download Link eka one
    Sub ekata thanks

  14. Kavinda

    kalekin beluwa supiri katha malawak sub dunna hemotama thanks

  15. krish kd

    hammo thanks brother season 3 aoth nam niyami

  16. codebreaker

    niyama serious ekak sub walata thankz

  17. DemonAkalanka

    Supirima serious ekak.
    Mechchara kal sub dunna hamotama thanks.

  18. Udara Damith Dissanayaka

    පරක්කු උනා හොදට,ම
    සෙට් එකක්ම thiyee බලන්ඩ

  19. Indika Priyashantha

    සුපිරි කතා මාලාවකට උපසිරැසි සැපයුවාට ස්තුතියි.........!!!!

  20. Chamika Prabath

    THANKS SAHO....JAYA WEWA.....

  21. Sami123thA

    එල එල සබ් එකට බොහෝම ස්තුතියි සහෝදරයා...ආසාවෙන්ම එක හුස්මට බලපු කතාවක්..හැමදාම වැඩ ඉවරවෙලා ගෙදර දුවගෙන එන්නේ පිස්සුවෙන් වගේ..ඒ තරම් බොක්කට වැදුනු සුපිරි කතාකවක්..අපි ඒ තරම් උනන්දුවෙන් බලනකොට එක දවසක්වත් පමා නොකර දවසට එක ගානේ මහන්සිවෙලා සබ් කරලා දීපු ඔබටත් අනිත් සහෝදරයන් තුන්දෙනාටත් බොහෝම ස්තුතියි...බුදුසරණයි ඔබලා සියලු දෙනාටම..නැවතත් ස්තුතියි ඔබලාගේ කැපවීමට...!!!!

    1. තරිඳු ගමගේ

      ස්තූතියි සහෝ අදහස් වලට. ජය... !!! ✌

  22. Kulanjana Maduranga

    subata thanks...

  23. තරිඳු ගමගේ

    ඔයාලගේ අදහස් තමයි අපේ ධෛර්යය...ජය...!!! ✌

  24. shadow

    Thank... you . Sub dunnata..
    Jaya veva

  25. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  26. nadun6000

    masa ganak apith salli achchugehuwa... me kathawa aetule jiwath una.. ada meken eliyata awaaa..
    dukai nehhhh iwarai kiyala hitaddi...
    bohoma isthuthi sahodaraya oyata jayen jayamaaa patanawa mewage supirima katha hoyala apita denna

    Game of Thrones walin passe balapu supirima kathawa...
    tankuuuuuuuuuuuuuuuuuuuuuuuu godak godak godakmaaaaa...
    adarei hondeeeeee

    1. තරිඳු ගමගේ

      ස්තූතියි සහෝ. ජය...!!! ✌

  27. laxeg

    supirima katahwak.... sab deepu oyala hamotama thanks.... jaya...

    1. prasannadulan

      SUb valata tnkz

  28. 4devinda

    ඔබගේ උපසිරැසි සඳහා ගොඩක් ස්තූතියි.. .

  29. GayaJ

    නියම කතාවක්...බොහොම ඉස්තුතියි.baiscopedownlods වලට link එක තවම upload වෙලා නැහැ.ඒකත් චුට්ටක් බලන්න...

    1. තරිඳු ගමගේ

      Link නිවැරදිව තිබෙනවා. සම්පූර්ණ සීසන් එකම (එපි 9ක) එකවර ලබාගන්න. එවිට ගැටලු අවම වේවි.. ජය..✌

  30. Maduwa306

    Thanks bro

  31. Suranjan

    Thanks machan......jayawewa......!

  32. pryantha gallage

    thawama baiscopedownload ekata link eka deela nehe neda ..?

    1. තරිඳු ගමගේ

      නිවැරදියි කර ඇත. ස්තූතියි.. ජය..!!! ✌

    2. pamitha

      hariyatam banna ona link eka comment karanna puluwanda

  33. LakshanD

    ස්තූතියි බ්රද ❤️ සීසන් දෙකටම සබ් දුන්නට පිං සිද්ධවෙනවා

  34. Ayesh Prashan

    Godaak Thank You

  35. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  36. Pradeep Iresh

    එල එල සබ් එකට ස්තූති....

  37. CharithXD

    හම්මෝ ඇඩෙනව ඒක නම්..ස්තූතියි සබ් වලට

  38. Jana

    Niyamayi bro..! Thank you

  39. Pavi

    බොහෝම ස්තූතියි .....

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. kasun@rko

    Thanks machn supiri katawak

  42. Damith Priyankara

    බ‌ොහ‌ොම ස්තූති උපසිරසියට !!!

  43. Pasan sanju

    Thank for everything

  44. wasanthalife

    super thank you

  45. yasanth

    meke season 3 enwada bn

  46. nipuna404

    thanks for the sub

  47. Thamanna

    THk y sah0 <3

  48. mahesh jayasuriya

    thankas for you

  49. Lakshan

    Thanks Bro.

  50. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

Load more comments