Watch Trailer

Money Heist aka La casa de papel [S02 : E07] Sinhala Subtitles | යලි පිඹිදීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් වාසීන්ට? බැංකුවක වැඩකරන ගමන් බැංකුවක් කොල්ල කන එක ලේසි වුනේ නැහැ , මුලදී හිතුවත් සතියකට එකක් කරගන්න පුලුවන්වෙයි කියලා නමුත් හදිස්සියේ සති කිහිපයක් ගෙදරින් පිට ඉන්නට සිදුවූ නිසාවෙන් තමයි ටිකක් පරක්කු වෙලා උපසිරැසි ගෙනෙන්න වුනේ. ටිකක් හිරවෙලා ඉන්න වෙලාවක රවිඳු මලයයි , කවිෂල් මලයයි ,…

කොහොමද බයිස්කෝප් වාසීන්ට? බැංකුවක වැඩකරන ගමන් බැංකුවක් කොල්ල කන එක ලේසි වුනේ නැහැ , මුලදී හිතුවත් සතියකට එකක් කරගන්න පුලුවන්වෙයි කියලා නමුත් හදිස්සියේ සති කිහිපයක් ගෙදරින් පිට ඉන්නට සිදුවූ නිසාවෙන් තමයි ටිකක් පරක්කු වෙලා උපසිරැසි ගෙනෙන්න වුනේ. ටිකක් හිරවෙලා ඉන්න වෙලාවක රවිඳු මලයයි , කවිෂල් මලයයි , උදයංග සහෝදරයයි දීපු සහයෝගය මේ වෙලාවේ මතක් නොකරම බැහැ. ගොඩක් ස්තුති වෙනවා නැවත වාරයක් හැමෝටම. සුපුරුදු පරිදි කතාව එනකම් මග බලන් හිටිය ප්‍රේක්ෂක ඔබවත් ආදරයෙන් මතක් කරනවා.

IMDb දර්ශකයේ 8.7ක් කැරකිච්ච, Top Rated කතා මාලාවන් අතර #141 වන තැන ගත්ත, ජනප්‍රිය කතා මාලාවන් අතර #56 වන ස්ථානයේ පසුවන මුදල් මංකොල්ලයක් ගැන මෙතෙක් බිහිවූ අති දැවැන්තම ටෙලි කතා මාලාව කෙමෙන් කෙමෙන් අවසානය දක්වා පියමනින මොහොතේ කැමතියි ආයෙමත් කලින් කතා මාලාවේදී අහපු ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්න. මේ වනවිට ඔබ තවමත් සිටින්නේ ආරම්භයේ සිටි පාර්ශවයේමද? ඔබට හිතෙන්නේ මේ මංකොල්ලය කොල්ලකරුවන්ගේ පාර්ශවයෙන් සාර්ථක වේවි යැයි කියාද ? එසේත් නොමැති නම් පොලිසිය මෙතෙක් ලද අවනම්බු මකා දැමීමට තම පියවරයන් වෙනස් කරාවිද ?

සමස්ථ කතාවේ අවසාන පරිච්ජේදයට අද පටන් අවතීර්ණ වෙනවා. මෙතෙක් කතාව සමග රැඳීසිටි ඔබ මේ වනවිට ටෝකියෝගේ හැකියාවන් නිසා මවිතයට පත්ව ඇති. අද දවස ආරම්භයේදීම ටෝකියෝ ප්‍රමුඛ සමස්ථ කොල්ල කරුවන්ගේ වැඩකිඩ බලන්නට ඔබට හැකියාව ලැබේවි. “යලි පිබිදීම” යනුවෙන් අද කොටස නම් වන්නට හේතුවත් එයයි.මෙතෙක් යම් පසුබෑමකට ලක්ව සිටි කොල්ලකරුවන් අද යම් ප්‍රගතියක් ලබයිද ? නැතිනම් පරීක්ෂක මුරලියෝ ඒ සියල්ල වනසා දමාවිද ? කර්නල් ප්‍රියෙටෝ අනෙක් පසින් මංකොල්ල කරුවන් හඹායාමට සුදානම් , හැබැයි අදනම් කර්නල්ට අසුහාරදාහට මල පැනලා ඉන්නේ.

හිමිවීමක් සමඟම අහිමිවීමකුත් ඇති බව වටහාලන්නට අද කතාව සමත්වනවා. වෙනදා මෙන් නොව අද ඔබව සංවේදී පැතිකඩකට කතාව ගෙනයාවි. එමෙන්ම අද ඩෙන්වර්ගේ නොදුටු පැතිකඩක් දකින්න ඔබ සුදානම් ද ?

මේ වන විට මංකොල්ලය සිදුවී පැය 105ක් ගෙවී ගොස් අවසන්, තවමත් ඒන්ජල් කෝමා තත්වයේ , පරීක්ෂක මුරලියෝ ප්‍රොෆෙසර්ගේ ග්‍රහණයේ. අද පරික්ෂකතුමියට කුමක් සිදුවේවිද ? ප්‍රොෆෙසර් ඇයව මරා දමාවිද ? ඔව්, නිසැකයෙන්ම අද කොටස කුතුහලයෙන් ඔබ පිනා යන කොටසක් වනවා නොඅනුමානයි. ඉක්මනින්ම අවසන් කොටස් දෙකත් සමග හමුවන තුරු, ගිහින් එන්නම්, හැමෝටම ජය … !!! 😉✌

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

52,727 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E07.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

52,727 downloadsDownload Subtitles22 KB

42 comments

  1. කවිශල් රසින්ත (කවී)

    නියමයි අයියේ.... ස්තූතියි සබ් එකට....
    Gd luck N keep continue,,,,,.......

    1. laxeg

      pluwan nam "designated survivor" ekata sub denna Thanks...

  2. GayaJ

    කවුරුවත් නිකම් නැහැ හැමෝටම වැඩ නිතරම ඒට්වේ වැඩ අස්සේ මේ කරන සේවාව ඉහලින් අගයන්න ඕනේ..බොහෝම ඉස්තුතියි සහෝ....

    1. තරිඳු ගමගේ

      ජය..!!! ✌

  3. laxeg

    Thanks Bro....

  4. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  5. Himantha

    Sub ekata thanx

  6. npmuweerasinghe

    thanks.

  7. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ........

  8. pryantha gallage

    thanks to sub.. jaya wewa

  9. Prabodha Madhusankha Hettiarachchi

    Thanks broo sub ekataaa. Jaya wewa...!

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. Kulanjana Maduranga

    subata thanks.....

  12. Achi

    තැන්ක්ස් බන්..ගැම්මට සබ් එක දෙනවා ආදරේයි

  13. Suranjan

    Thanks machan......jayawewa.......!

  14. Ayesh Prashan

    Thank You

  15. D.Chamara

    sub ekata bohoma sthuthi sahoo

  16. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සුපිරි වැඩක් දවස ගානේ දීලා ඉවර කරපු එක..

  17. Udara Damith Dissanayaka

    එල කිරි

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  19. SanjulaJeter

    Thanks bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. kasun@rko

    Elama bro

  22. Lakshan

    Thanks Bro.

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  24. Amila Mudalige

    Sub ekata Thanks

  25. ramachanuka

    Thanks brooo

  26. Hasitha9927

    Ayiye, S02, E06 wenkn witharayine thiyenne, E07, 08, 09, hoyaganna nane...

    1. Kasun Malinga077

      මටත් හොයාගන්න බෑ

    2. Thejan_mac

      hoya gann ne ne 7,8,9,10 epi tika

  27. gagana02

    Thanz bro sub ekata

  28. sangeethkawshalya

    Elm ayye.digatama karan yanna.

  29. Udara Damith Dissanayaka

    hureeeeeee

  30. chinthaka.max4

    thankx machasn

  31. Dasiya

    Thanx bro

  32. Jameelhassan154

    Thanks bro

  33. Sajithlakshan

    thanks ....................

  34. Nilush Angana

    Sub ekata thanx

    1. Anonymous

      S2 epi7 එකේ සබ් එක වැඩ නෑනේ

    2. Anonymous

      Ow neda

  35. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  36. Sachira santhush

    Se 2 epi 7,8,&9 subtitles වැඩ නැනේ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.