Watch Trailer

Mr. Robot [S04 : E05] Sinhala Subtitles | නිහඩ මෙහෙයුම්. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් එලියට්ගෙ නවාතැනට ඩාක් ආමි එකේ හිටිය මනුස්සයා හොරෙන් ගිහින් මයික් එකක් අටවලා සිද්දවෙන හැමදේම අහං ඉන්න බව දැනගත්ත එලියට්, මිස්ටර් රොබට් වගේම ටයිරෙල් එකතු වෙලා සැලසුමක් ගැහුවා මේ මිනිහව අහු වෙන විදිහට. ටයිරෙල් ඒ මිනිහට එක පාරක් ගැහුවම හිතුවේ මැරෙන්න ඇති කියලා. මේ නිසා එයාට ඕන වුණා එලියට…

පසුගිය කොටසින්

එලියට්ගෙ නවාතැනට ඩාක් ආමි එකේ හිටිය මනුස්සයා හොරෙන් ගිහින් මයික් එකක් අටවලා සිද්දවෙන හැමදේම අහං ඉන්න බව දැනගත්ත එලියට්, මිස්ටර් රොබට් වගේම ටයිරෙල් එකතු වෙලා සැලසුමක් ගැහුවා මේ මිනිහව අහු වෙන විදිහට. ටයිරෙල් ඒ මිනිහට එක පාරක් ගැහුවම හිතුවේ මැරෙන්න ඇති කියලා. මේ නිසා එයාට ඕන වුණා එලියට් හා ටයිරෙල් කතාබහ කරපු මොනාමහරි දෙයක් ඒ මිනිහා අහං ඉදලා රෙකෝඩ් කලා  නම් ඒ දේවල් මකලා දාලා වෑන් එක ගිනි තියන්න. ගිනි තියන්න යන අතරමග ගෑස් ගහන්න නැවැත්තුවා. තුන්දෙනාම එතන තිබ්බ ෂොප් එකට ගිහින් ලයිටරයක් අරන් එන ටිකට ටයිරෙල් මැරෙන්න ගැහුවා කියලා හිතපු මනුස්සයා වෑන් එකත් අරන් ගිහින් තිබුණා. මේ අතරේ මේ තුන්දෙනා ලගම තියෙන ටවුම හොයන් ගියා කැලෑවක් මැද්දෙ දුෂ්කර ගමනක් ගත කරන්. හැබැයි ඒ යාගන්න ලැබුනෙත් නැහැ. මේ අතරේ අර වෑන් එක අරන් ගිය මිනිහා මුවෙක්වත් හප්පලා එයාගෙ වෑන් එකත් කොහේදෝ මන්දා හප්පගෙන තිබුණා. ටවුම හොයන් ගිය තුන්දෙනා වෑන් එක දැකලා ඒක ලගටම යද්දී ඇතුලේ හිටිය මිනිහා ටයිරෙල්ටත් වෙඩි තියලා ඒ මිනිහටත් වෙඩි තියාගත්තා.

මේ අතරේ ඩාර්ලීන්ටත් හරි අපූරු වැඩක් වුණා එයාගෙයි එලියට්ගෙයි මෙහෙයුම් කටයුතු කරන් යද්දී. නත්තල් දා පිළිකා රෝහලක ළමයි බලන්න ගිය නත්තල් සීයා කෙනෙක් විදිහට ඇදගත්ත මනුස්සයෙක්ව ගෙදරට ගිහින් ඇරලවන්න වුණා. මේ දෙන්නා අතරේ ගෙවුණු කාලය හුගක් සංවේදියි. මං නිකන් බොරුවට කතාවේ වෙච්ච දේවල් කියලා වෙලාව නාස්ති කරගන්න ඕන නැහැ කියලා හිතනවා.

අද කොටසින්

අද තමයි එලියට් එයාගෙ නංගි ඩාර්ලීන් එක්ක එකතු වෙලා Virtual Reality කියන කම්පැනි එකට රිංගලා එයාලට ඕන දේවල් කරගන්නේ. ඇත්තම කිව්වොත් අද කතාව අහනවට වඩා බලන් ඉන්නයි තියෙන්නෙ. එහෙනම් ඉතින් බලලම ඉන්නකො මොකද වෙන්නේ කියලා.

ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

3,717 downloadsDownload Mr.-Robot-S04-E05.zip11 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,717 downloadsDownload Subtitles11 KB

7 comments

  1. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  2. charuni

    thankyou

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. LimeGreenSoda

    Thanks Brother.

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. WMSThiwanka

    කො අනෙ ඉතුරු ටිකට් සබ් එක දීල නෑනෙ. ඉතිරි එපිසයිඩ් ටිකටත් දෙන්නකො. ආසාවෙන් බලන් කතාවක්. ඉක්මනට දෙන්නකො. නොවැම්බර් හතර මේක දාල තියෙන්නෙ අද දෙසැම්බර් විසි හතර කරුණාකර ල ඉතුරු ටිකත් දීපන්කො බන්

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.