එහෙනම් ඔන්න Narcos: Mexico පළමු කතාසමයෙ පස්වැනි කොටසත් අරගෙන ආවා. මේ වතාවේ වෙන්නෙ මොකද කියලා දැනගන්න කලින් පසුගිය කොටසෙ වෙච්ච දේවල් ටිකක් කෙටියෙන් මතක් කරගෙන ඉමු. පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් කතාව වෙන් වෙලා තිබුනෙ රාෆා ගැන. “Rafa, Rafa, Rafa!” කියලා ඒ කොටස නම් කරලා තිබුනෙත් මිනිහා සෑහෙන ලොකු…

එහෙනම් ඔන්න Narcos: Mexico පළමු කතාසමයෙ පස්වැනි කොටසත් අරගෙන ආවා. මේ වතාවේ වෙන්නෙ මොකද කියලා දැනගන්න කලින් පසුගිය කොටසෙ වෙච්ච දේවල් ටිකක් කෙටියෙන් මතක් කරගෙන ඉමු.
පෙර කොටසින්
කලින් කොටස ගැන කිව්වොත් කතාව වෙන් වෙලා තිබුනෙ රාෆා ගැන. “Rafa, Rafa, Rafa!” කියලා ඒ කොටස නම් කරලා තිබුනෙත් මිනිහා සෑහෙන ලොකු ප්‍රශ්න ඇති කරපු නිසා. රාෆා සොෆියාට ආදරේ කරන්න පටන් ගත්ත කාලේ ඉදලම මිනිහා හිතන්නෙ ආදරේ ගැන විතරයි. සොෆියාව පැහැරගෙන ගිහින් එයාට ආදරේ කරගෙන ජීවත් වෙන්නයි රාෆාට ඕන වුනෙ. ඔතනින් තමයි ප්‍රශ්න මතු වෙන්න පටන් ගත්තෙත්. සොෆියාගෙ තාත්තා කියන්නෙ PRI පක්ෂ අග්‍රාමාත්‍ය කෙනෙක්. ඉතිං තමන්ගෙ දුවව පැහැරගෙන ගියෙ කවුද කියලා හිතලා පණිවිඩේ එවන එක එයාට අමාරු වැඩක් වුනෙත් නැහැ. මේකට අහුවුනෙ වෙන කවුරුත් නෙවෙයි ෆෙලික්ස්ව. රාෆා වගේම සොෆියා ආදරෙන් වේලිලා ඉන්නම වෙලාවක තමයි ෆෙලික්ස් ඇවිල්ලා කිව්වේ ඉහල පුටුවක ඉන්න මනුස්සයෙක්ගෙ දුවෙක්ව පැහැරගෙන ආවම එයාලගෙ බිස්නස් එකට බාධා ඇති වෙනවා කියලා. මේ දේවල් අවසානෙකට ගෙනල්ලා ෆෙලික්ස් රාෆාව නීටෝ එක්ක ආරක්‍ෂිත නිවාසයකට යැව්වා. මුලින් දෙන්නා රණ්ඩු වෙලා අන්තිමට කොකේන්ම උරලා සුපුරුදු පරිදි මත්වෙන්න ගත්තා.
රාෆා ඇති කරපු තත්වේ සැහැල්ලු කරන්න ෆෙලික්ස් DFS එකෙන් උදව් ඉල්ලනවා. මෙයාට උදව් කරන්නත් පොරොන්දු වෙනවා. මෙතෙනදී ෆෙලික්ස්ට සිද්දවුනා නිකරාගුවාවල ආරක්ෂක ලේකම්ට ආයුධ ගිහින් දෙන්න. මෙහෙට ගොඩබැස්සත් හරි එයාව හමුදාවේ අය අල්ලගෙන හොදටම ගැහුවා වෙඩින් එක වෙලාවෙදි DFS එකට බැහැ කිව්ව නිසා ඒකට දඩුවමක් විදිහට. මේ දේවල් මෙහෙම වෙද්දී රාෆාගෙ වැඩ නිසා DEA එකේ වැඩ තවත් පහසු වුනා. මොකද එතකොට එයාලට ෆෙලික්ස්ව අල්ලන්න ලේසි වෙන නිසා. හැබැයි DFS එකෙන් ෆෙලික්ස් ලගට කිට්ටු වෙන්නත් බැරි විදිහට වැඩ සලස්වලා තිබුනෙ. හැබැයි DEA එකේ අය මෙක්සිකෝ පොලිසියෙ අය එක්ක කණ්ඩායම ගැහෙනවා. මේකට කිකී කැමති වෙන්නෙ නැහැ මොකද එහෙ පොලිසිය අය මේ දේවල් හසුරවන විදිහට එයාට දිරවන්නෙම නැති නිසා. අමාරුවෙන් මේ අය රාෆා ඉන්න ආරක්‍ෂිත නිවාසය හොයාගන්නවා වගේම මිනිහව අල්ලගන්න ආරක්‍ෂිත නිවාසයට ඇතුල් වෙලා බාගයක් දුර යද්දී මෙක්සිකෝ පොලිසියෙ ලොක්කට ඉහලින් ලැබෙන නියෝගයක් නිසා රාෆාව ඇස් පනාපිට දැකලත් ඒ මෙහෙයුම එතනින් නවතිනවා.
අද කොටසින්
මේ කොටසදී මිගෙල්, ඉසබෙලා එක්ක කොලොම්බියාවට යනවා අලුත් අයව හොයාගෙන අලුත් ගිවිසුම් වලට එන්න. අලුත් අය කිව්වට Narcos මුල් කතාසමයන් තුන පුරාවටම දැකපු අයව තමයි ඔයාලට දැකගන්න ලැබෙන්නෙ. ඒ කවුද, අලුත් ගිවිසුම මොකක්ද කියලා මේ කොටසින් දැකගන්න ලැබේවි.
එහෙනම් අද කොටසෙදි වෙන්නෙ මොනාද කියලා බලලම ඉන්නකො. ගිහින් එන්නම්. ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,078 downloadsDownload Narcos-Mexico-S01-E05.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #චාමර සම්පත්
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
රංගික සිනෙත් කාරියවසම්
P_mihir
Thanx for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Achi
බොහොම ස්තුතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සුපිරියක් ... බෝම තුති ...