Watch Trailer

Narcos: Mexico [S01 : E10] Sinhala Subtitles | පුරාවෘත්තගත මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසී යාළු යෙහෙළියනි, ඔන්න එහෙනම් හැමෝම බලන්න ආස කතාමාලාවක අවසන් කොටස ඉක්මනටම අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ පළමු කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මේ කතා මාලාවේ දෙවෙනි සහ අවසාන කතාසමය ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්නම්. මේ රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත තවත් එක වි…

කොහොමද බයිස්කෝප්වාසී යාළු යෙහෙළියනි, ඔන්න එහෙනම් හැමෝම බලන්න ආස කතාමාලාවක අවසන් කොටස ඉක්මනටම අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ පළමු කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මේ කතා මාලාවේ දෙවෙනි සහ අවසාන කතාසමය ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්නම්. මේ රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත තවත් එක විශිෂ්ටතම කතාමාලාවක් බව දැනටමත් ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 9.1ක ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අද අවසාන කොටස නිසා කතාවේ කුතුහලයත් වැඩියි. වැඩි කතා ඕන නෑ පසුගිය කොටසත් මතක් කරගෙන අද මොනවා වෙයිද කියලා ඉක්මනටම බලමු.

පසුගිය කොටසින්

කිකීව පැහැරගත්ත ෆෙලික්ස්ගේ මිනිස්සූ දිගටම එයාගෙන් ප්රපශ්න කර කර වධ හිංසා දෙනවා. මේ අස්සේ මිකා, කිකීගේ අතුරුදහන්වීම පිළිබද ජේමීට වාර්තා කරනවා. රෆාව හොයාගෙන මෙහෙයුමක් දියත් වෙන්න පුලුවන් කියලා සැක කරන ෆීලික්ස්, රටින් පැනලා යන්න කියලා රෆාට උපදෙස් දෙනවා ඒ නිසා රෆා සොෆියා එක්ක කොස්ටාරිකාවට පිටත් වෙනවා. මෙක්සිකානු පොලිසීයත් ජේමීව මුළු මෙක්සිකෝ නගරය පුරාම රස්තියාදු කරවනවා. මෙහෙයුම් සඳහා අළුත් පොලිස් ප්ර්ධානියෙකු පත් කරත් රෆා සහ ෆෙලීක්ස් කොහොම හරි අත්ඩංගුවට ගැනිම් වලින් පැනලා යන්න සමත් වෙනවා. මේ අතර රෆා සිටින ස්ථානය සහ කිකීව රඳවාගෙන ඉන්න තැන ගැන DEA එකට නිර්නාමික ඔත්තුවක් ලැබෙනවා. ෆෙලීක්ස්ව හම්බෙන්න එන නෙටෝ එයාලගේ අපරාධ අධිරාජ්ය ඉක්මනටම බිඳ වැටෙයි කියලා අනාවැකියක් කියනවා.

අද කොටසින්

ලැබුන නිර්ණාමික ඔට්ටුවට අනුව ජේමී DEA එකත් එක්ක කිකීව හොයාගන්න යනවා, එහෙම යන මෙයාලට දකින්න වෙන්නේ හීනෙකින්වත් නොහොතපු දෙයක් තමයි, ෆෙලීක්ස් සහ නේටෝවත් දැන් බෙල්ලටම හිර වෙලා ඉන්නේ, නේටෝ තමන්ගේ අවසන් කාලේ ගත කරන්න කියලා මුහුද ළග තියෙන බලකොටුවකට යනවා, ෆෙලීක්ස්ට උදව් ඉල්ලන්න කෙනෙක් නැති නිසා ආණ්ඩුකාරවරයා ළගට තමයි යන්නේ, ආණ්ඩුකාරතුමා අකැමත්තෙන් උනත් කොන්දේසි දාලා ෆෙලීක්ක්ස්ට ආරක්ෂාව දෙනවා. ඒ වගේම ඉතිහාසයේ පුරාවෘත්තගත මෙහෙයුමක ආරම්භය සිද්ධ වෙන හැටි අද බලාගන්න පුළුවන්. ඉතිං කිකීට මොකද වෙන්නේ ? ජේමි තමන්ගේ යාළුවව හොයා ගනියිද ? ෆෙලීක්ස්ගේ මීළග සැලස්ම මොකක්ද ? ෆෙලික්ස් නැති උනාම මේ ජාවාරම් බලා ගන්නේ කවුද ? ඒවට උත්තර අද කොටසින් බලා ගන්න පුළුවන්.

එහෙනම් මේ කොටසත් එක්ක පළවෙනි කතාමාලාව ඉවරයි. දෙවෙනි කතාමාලාවත් ඉක්මනටම අපේ වෙබ් අඩවියෙන් ලබා දෙන්නම් එ නිසා දිගටම අපිත් එක්ක රැදී ඉන්න. මාව මේ කතාමාලාවට සම්බන්ධ කර ගත්ත අපේ විමා සහෝටත් මේ කතාමාලවට උපසිරැසි ලබා දුන්න අනෙක් උපසිරැසිකරුවන්ටත්, බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හම්බෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.

 
කතාංගයේ නම – “ Leyenda ”
කතා රචනය – Carlo Bernard
අධ්‍යක්ෂනය – Andres Baiz
විකාශය වූ දිනය – නොවැම්බර් 16, 2018
IMDb අගය – 9.1

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,929 downloadsDownload Narcos-Mexico-S01-E10.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,929 downloadsDownload Subtitles29 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Nilush Angana

    Sub ekata thanx

  4. P_mihir

    Thanx for sub

  5. kavi

    thnx bro..
    s2 ekath ona

  6. Anonymous

    Thanks bro.....

  7. Lahiru Bandara

    සුපිරි මචන් Season 2 ඉක්මනට දෙන්න පට්ට ආසාවෙන් බලපු කතාවක්

  8. MKIL

    Season 2 ikmanta deepan machoooooooo

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.