Watch Trailer

Narcos [S01 : E02] Sinhala Subtitles | දුප්පතුන්ගේ රොබින් හුඩ් [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොමද හැම කෙනෙක්ටම, ටීවී සිරිස් රසිකයෙක් අනිවාර්යෙන්ම බැලිය යුතු කතා මාලාවක් ඔබට ගෙන ඒමේ කාර්යයට මේ විදියට දායක වෙනව මාත් ඔන්න. මේක තමා නාකොස් කතා මාලාවේ තියෙන ලිංගික දර්ශණ වැඩිම කතාංගය මං හිතන්නෙ. පැබ්ලෝගෙ, පෙනියගෙ සහ මර්ෆි කියන ප්‍රධාන චරිත ත්‍රිත්වයේම අදාළ දර්ශණ මේකේ තියෙනවා. ඒ නිසා බලනකොට පරිස…

කොහොමද හැම කෙනෙක්ටම, ටීවී සිරිස් රසිකයෙක් අනිවාර්යෙන්ම බැලිය යුතු කතා මාලාවක් ඔබට ගෙන ඒමේ කාර්යයට මේ විදියට දායක වෙනව මාත් ඔන්න. මේක තමා නාකොස් කතා මාලාවේ තියෙන ලිංගික දර්ශණ වැඩිම කතාංගය මං හිතන්නෙ. පැබ්ලෝගෙ, පෙනියගෙ සහ මර්ෆි කියන ප්‍රධාන චරිත ත්‍රිත්වයේම අදාළ දර්ශණ මේකේ තියෙනවා. ඒ නිසා බලනකොට පරිස්සමින්. 😉

සැබෑ ජිවිතයේ හැවියර් පෙනියා සහ ස්ටෙෆන් මර්ෆි
නාකොස් කතා මාලාවේදී ඔවුන්ගේ චරිත නිරුපණය කරන රංගන ශිල්පින් සමග

1988 වසරේදී තමයි පෙනියා DEA නියෝජිතයෙක් විදියට කොලොම්බියාවට යන්නෙ. සම්මුඛ සාකච්චාවකදී ඔහු කියල තියෙනව ඒ වෙනකොට කිසිම කෙනෙක් පැබ්ලෝ එස්කොබාර් කියන කුඩු රජාගේ නිවැරදිම තත්වය  දැනගෙන හිටියෙ නැහැ කියල. පෙනියා 1977 තමයි නියෝජ්‍යය ෂෙරිෆ් කෙනෙක් විදියට බැදෙන්නේ. ඇමරිකාව ඇතුලත නිතිය සම්බන්ධව වැඩ කලාට පසුව මත්ද්‍රවය නාශක මෙහෙයුමක්  සඳහා  තමයි DEA නියෝජිතයෙක් හැටියට ඔහුව බොගෝටාවලට යවන්නේ. 

1980 දශකයේ මැද භාගයේදී DEA නියෝජිතයෙක් විදියට සේවයට බැදෙන ස්ටීව් මර්ෆි, පෙනියට පසුව තමයි බොගෝටාවලට එන්නෙ. හැබැයි ඊට කලින් එයා ඇමරිකාව ඇතුලත කොකේන් ජාවාරම්කාරයින් පසුපසු හඹා යනවා. එතනින් පස්සේ ඒ දේවල් තමයි ඒ මත්ද්‍රවය ජාලයන් ඔස්සේ ඔහුව පැබ්ලෝ ඉන්න කොලොම්බියාවට එවෙන්න යම් තාක් දුරකට හේතු වෙන්නෙත්.

ඉතිං මේ දෙන්න කොලොම්බියානු විශේෂ පොලිස් ඒකකයක් එක්ක එකතු වෙලා සෑහෙන කාලයක් තිස්සේ සිදුකරපු පරීක්ෂණවල ප්‍රථිපලයක් විදියට ලෝකේ විශාලතම මිනිස් දඩයමක් ක්‍රියාත්මක වෙනව. 1992 වසරේ ජුනි මාසයේදී තමයි ඒක සිද්දවෙන්නෙ. කොලොම්බියානු ජාතික ආරක්ෂක භටයින් 600ක් පමණත් ඒ තරම්ම ප්‍රමාණයක නේවි සීල් භටයිනුත් මේකට සම්බන්ධ වෙනවා. 1993 දෙසැම්බර් 2වෙනිදා තමයි මේ මිනිස් දඩයම නිමාවට පත්වෙන්නේ. ඔයාලට කතාවේ ඉදිරියේදී බලාගන්න පුළුවන් ඒ මෙහෙයුම ගැනත්.

සැබෑ ජිවිතයේ හැවියර් පෙනියා සහ ස්ටෙෆන් මර්ෆි කොලොම්බියාවේ මෙහෙයුම් සිදුකරන අතරතුර

අද කතාංගයෙ සිද්දවෙන්නෙ පෙනියා සහ මර්ෆි දෙදෙනාගේ ආගමනය සහ පැබ්ලෝ එස්කොබාර්ගේ  අනභිභවනීය නැගීසිටීම ගැන. ඒ නැගී සිටීම සහ පෙනියා – මර්ෆි දෙන්නගෙන් මත්ද්‍රවය ජාවාරම්කාරයන්ට තිබ්බ කරදරය කොයි තරම්ද කියනවා නම් පසුකාලීනව මේ දෙන්නගේ ඔළු දේකට ඩොලර් මිලියන ගණනින් මිල නියම වෙනවා. කොලොම්බියාවේ පැබ්ලෝ එස්කොබාර් දඩයම් කිරීමෙන් අනතුරුව පෙනියව පුවටෝ-රිකෝ රාජ්‍යයේ මත්ද්‍රවය මෙහෙයුම් සදහා යෙදවෙනවා. 2014 වසර දක්වාම ඔහු DEA නියෝජිතයෙක් විදියට සේවය කරනව.  විශේෂයෙන්ම පැබ්ලෝව මරල දාන තැනදී පෙනියා ඉන්නවද කියල පොඩ්ඩක් බලන්නකො. 🙂

ඒ වගේම ඔහුගේ සහයක ස්ටීව් මර්ෆිත් 2013 වසර දක්වාම DEA එක වෙනුවෙන් තමන්ගේ සේවය ලබා දෙනවා. නෙට්ෆ්ලික්ස් නාලිකාවට මෙම කතා මාලාව නිර්මාණය කරන්න උපදේශකයෙක් විදියටත් මර්ෆි සම්බන්ධ වෙනව. ඒ විතරක් නෙමෙයි කතා මාලාවේ නිර්මාපකයින් හැකිතාක් දුරට මෙහි එන සිදුවීම් සිදුවූ ආකාරය සත්‍යය ලෙසින්ම අපට පෙන්වීමට සෑහෙන්න උත්සහයක් අරගෙන තියෙනව. මං හිතන්නෙ ඒක 100%කම සාර්ථකයි. ඒ නිසයි මේක මේ තරම් ජනප්‍රියතාවයක් ලබාගත්තේ. එහෙම නම් ඉතිං කතාව බට බාරයි. ආයේ 10 වෙනි කතාංගයෙන් මුණගැහෙමු අපි. 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

24,563 downloadsDownload Narcos.S01E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

24,563 downloadsDownload Subtitles26 KB

15 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Anonymous

      මේ සුබ් එකට බොහොම ස්තුතිය .පුලුවන්ද කාදල් 2004 අපු ෆිල්ම් එකට සුබ් එක දෙන්න. කුල සම්බන්ධයෙන් හදපු ෆිල්ම් එක.

  2. Isirajanith

    Sub ekata supiri ela pluwanman DC superhero girls TV series 2019 Sub dennko please thx sub ekata

  3. Anonymous

    Thanks For Sub

  4. සනිඳු ලක්ඛිත

    බෝම ස්තූති සහෝ උපසිරසට...තාම බලන්න ගත්තේනම් නෑ. එපි ටිකක් දුන්නට පස්සේ හිමිහිට බලන්න ගන්න ඕනි...ජය වේවා..බුදුසරණයි..!

  5. kasun sadeepa

    Sinhala Sub එනකම් බලන් හිටියෙ..ඉක්මනට ඉතිරි ඒවත් දාන්න..ස්තූතියි.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. suranuwan

    thank you...

  10. Pramukmili

    Thanx bro................

  11. chinthaka.max4

    thankx machan

  12. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  13. Anonymous

    Godak Sthuthi..Jaya wewa!

  14. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.