අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු 4 වෙනි කොටසට යන්න කලින්, මේ වෙනකොට එස්කොබාර්ගෙ ලොකුම හීනෙ බිඳ වැටිලා ඉවරයි. ඒ තමා කොලොම්බියාවෙ ජනාධිපති වෙන එක. මිනිහා ඒකට සෑහෙන්න කිට්ටු වුනා, කොක්ග්‍රස් මණ්ඩලයටත් ගියා හැබැයි එතනින් පබ්ලෝව නෙරපනවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කියලා හොයාගත්තම. ඇත්තටම මෙහෙමවත් ප…

අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු 4 වෙනි කොටසට යන්න කලින්, මේ වෙනකොට එස්කොබාර්ගෙ ලොකුම හීනෙ බිඳ වැටිලා ඉවරයි. ඒ තමා කොලොම්බියාවෙ ජනාධිපති වෙන එක. මිනිහා ඒකට සෑහෙන්න කිට්ටු වුනා, කොක්ග්‍රස් මණ්ඩලයටත් ගියා හැබැයි එතනින් පබ්ලෝව නෙරපනවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කියලා හොයාගත්තම. ඇත්තටම මෙහෙමවත් පබ්ලෝ ගැන සාක්ෂියක් හොයාගන්න වෙන්නෙ නැහැ පබ්ලො මුල් කාලෙ පොලිසියත් එක්ක මෝඩ ආතල් එකක් නොගෙන හිටියා නම්. එක පින්තූරෙකින් මිනිහගෙ මුළු හීනෙම ඉවරයක් වුනා. DEA එකට ඕන වුනේ පබ්ලෝ ඡන්දෙ දිනන්න කලින්ම නවත්තලා දාන්න හැබැයි ඒකට හරියන්න සාක්ෂි නොතිබුන නිසා මෙයාලා තීරණය කරනවා ඡන්දෙන් පස්සෙ මිනිහව එලවලා දාන්න. ඒකට හවුල් කරන්නෙ ලාරි බොනිලා, මෙයා තමයි එතකොට කොලොම්බියාවෙ අධිකණ ඇමති විදිහට වැඩ කරන්නෙ. කොහොම හරි DEA එක මෙයා ලවා පබ්ලෝගෙ පැටිකිරියම දිගෑරවනවා. මේ දේවල් එක්ක පබ්ලෝට තමන්ගෙ තනතුර අහිමි වෙනවා. හැබැයි පබ්ලෝ නිකා ඉන්නෙ නැහැ, පබ්ලෝ නඩු මගට බහිනවා තමන්ට අපහාස කළා කියලා. මේ දේවල් මෙහෙම නොවුනනම් ඇත්තටම බ්ලෝට මිනිස්සුන්ගෙ තිබ්බ කැමැත්තත් එක්ක ජනාධිපති වුනත් වෙන්න ඉඩ තිබ්බා. ඒ මිනිස්සු පබ්ලෝව වීරයෙක් විදිහට දැක්කෙ කුඩු ලොක්කෙක් විදිහට නෙවෙයි.
කොහොම වුනත් අවසානයේ පබ්ලෝට තමන්ගෙ හීනෙ අතහැර ගන්න වුනා වගේම ලාරා බොනීලට තමන්ගෙ ජීවිතෙන් සමුගන්න වෙනවා. ඔව් පබ්ලෝ ලාරාව වෙඩි තියලා මරලා දානවා. ඔතනින් තමා පහුගිය කොටස ඉවර වුනේ. 4 වෙනි කොටසෙ යම් වැදගත් කෙනෙක් අපිට හම්බවෙනවා මම ඒ ගැන පොඩ්ඩක් කියන්නම්.
බැරි සීල් (Barry Seal)
කවුද මේ බැරි සීල් කියන්නේ? ඇඩ්ලර් බෙරීමන් එහෙම නැත්නම් බැරි සීල් හොඳ ගුවන් නියමුවෙක්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ඒ වගේම CIA ඔත්තුකරුවෙක්. බැරි සීල් 1939 ජූලි 16 වනදා ලුසියානා හි බැටන් රූජ් වලදි Mary Lou සහා Benjamin Kurtis Seal යන දෙපලට දාව උපත ලබනවා. සීල් ගුවන් යානා පදවන්න පුහුණු වෙන්නෙ කුඩා වයසෙදිමයි. මෙයා මේකට කොච්චර දක්ෂද කිව්වොත් ශිෂ්‍ය ගුවන් නියමු බලපත්‍රය අවුරුදු 16 දිත් පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය වයස අවුරුදු 17 ත් අරගන්නවා. අපිට නම් බයික් එකක් පැදගන්න කොච්චර පුරුදු වෙන්න ඕනද නේ. ඒකයි මම මුලිදිම කිව්වෙ බැරි සීල් හොඳ ගුවන් නියමුවෙක් කියලා.
1961 දි බැරි සීල් Louisiana Army National Guard එකට බැඳිලා 20 වෙනි විශේෂ කාර්‍ය කාණ්ඩය එක්ක සේවය කරනවා. පසුව බැරි සීල් එක්සත් ජනපද හමුදා ගුවන් පාසලෙන් (United States Army Airborne School) උපාධිය ලබා ගන්නවා හැබැයි එක්සත් ජනපද හමුදා විශේෂ කාර්‍ය බළකා පුහුණුව සම්පූර්ණ කරන්නෙ නැහැ. ඊට පස්සෙ සීල් 245 වෙනි ඉංජිනේරු සේනාංකයෙ රේඩියො ටෙලිෆෝන් ක්‍රියාකරුවෙක් විදිහට සේවය කරලා තියෙනවා.
1964 දි බැරි සීල් Trans World Airlines (TWA) ගුවන් සමාගමට එක්වෙනවා, එහිදි බැරි සීල්ව බෝයින් 707 යානක පළමු නිළධාරි තනතුරටත් ඉන් පසුව කැප්ටන් තනතුරටත් උසස් කරනවා. බැරි සීල් තමා TWA හි ලාබාලතම ගුවන් නියමුවා වුනෙත්.
1972 දි බැරි සීල් ප්ලාස්ටික් පුපුරන ද්‍රව්‍ය DC-4 යානයක් මගින් මෙක්සිකෝවට හොරෙන් ප්‍රවාහනය කිරීමට කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් අත්තඩංගුවට පත්වෙනවා. කොහොම හරි 1974 දි මේ නඩුව නිෂ්ප්‍රභා කළත් ව්‍යාජ ලෙස ලෙඩ නිවාඩු අරගෙන හිටිය බැරි සීල්ව TWA ආයතනයෙන් ඉවත් කරනවා.

බැරි සීල් ලබාදී තිබෙන තොරතුරු වලට අනුව එයා මුලින්ම කුඩා ප්‍රමාණයෙන් කංසා ජාවාරම් කරන්න පටන්ගෙන 1978 වෙනකොට කොකේන් ජාවාරම පටන් ගන්නවා මොකද කංසා වලට වඩා කොකේන් ජාවාරම සිය ගුණයකින් ලාබදායි නිසා. කොහොමහරි 1979 දෙසැම්බර් වලදි ඉක්වදෝරයෙ ඉදන් මත්කුඩුත් එක්ක හොන්ඩූරස් වලට ආපහු ආවහම බැරීව අත්තඩංගුවට ගන්නවා හැබැයි හොන්ඩූරස් පොලිසියට M-1 රයිෆලයක් ඇරෙන්න කිසිම දෙයක් හොයාගන්න ලැබිලා නැහැ, මේ හේතුවෙන් බරීව 1980 ජූලි වෙනකල් සිරගත කරනවා. මේවට පස්සෙ බැරි සීල් තමන්ගෙ වැඩ තවත් පුළුල් කරනවා ඇමරිකාව වෙනකල්ම, මේ වෙනුවෙන් මෙයා තමන්ගෙ කලින් මස්සිනාවත් හවුල් කරගන්නවා ගුවන් නියමුවෙක් විදිහට.
ඊටත් පස්සෙ තමා බැරි සීල් මෙඩලින් කාටෙල් එකත් එක්ක එක්කහු වෙන්නෙ ගුවන් නියමුවෙක් වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදිහට. එහිදි බැරි කොකේන් විශාල වශයෙන් කොලොම්බියාව, පැනමාවෙ ඉදන් ඇමරිකාවට ප්‍රවාහනය කරන්න පටන් ගත්තා. එක් ගුවන් ගමනකින් බැරි සීල් ඩොලර් 1,300,000 වගේ මුදලක් හම්බකරන්න හැකියාව ලැබිලා තියනවා. සාර්ථකත්වය එක්ක බැරි ලුසියානා වලින් තමන්ගෙ මෙහෙයුම් මේනා ජාත්‍යන්තර නාගරික ගුවන්තොටුපලට රැගෙන යනවා.
අවසානයෙ බැරි සීල්ව අත්තඩංගුවට ගන්නවා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව වගේම වසර 10 ක සිරදඩුවමක් ලබාදෙනවා. මේ දඩුවමත් එක්ක බැරි සීල් DEA එකට සහය දක්වන්න කැමතිවෙනවා. ඊට පස්සෙ බැරි සීල් රජයෙ තොරතුරු සපයන්නෙක් බවට පත්වෙනවා. මේකෙන් සීල් බලාපොරොත්තු වුනේ තමන්ගෙ දඩුවම ලිහිල් කරගන්න එක ඒ නිසා 1984 දි සීල් ෆෙඩරල් තොරතුරු සපයන්නෙක් විදියට වැඩ කරන්න පටන් ගන්නවා. මේ කාලය තුල බැරි සීල්ව බාරව ඉදලා තියෙන්නෙ කොකේන් ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වපු ප්‍රධානියෙක් වෙන අර්නස්ට් ‘ජේක්” ජේකොබ්සන්.
තමන්ගෙ දඩුවම ලිහිල් කරගන්න ඕන නිසාවෙන් බැරි සීල් එකඟ වෙලා තියනවා තමන්ගෙ කලින් සේවා යෝජකයින් වගේම මත්ද්‍රව්‍ය වෙළදාමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව සාක්ෂි ලබාදෙන්න, ඒ වගේම එයින් කිහිපදෙනෙක්ම සිරගත කරන්නත් මෙයාගෙ සාක්ෂි නිසා හැකිවෙලා තියනවා. සීල් සාක්ෂි ලබා දුන් අය අතරෙ තුර්කි සහා කේකස් දූපත් හි මහ ඇමති සහා නෝර්මන් සොන්ඩර්ස් වගේම මෙඩලින් කාටෙල් එකේ සාමාජිකයන්ද ඇතුලත් වෙනවා.

බැරි සීල් ලබාදුන් සහයෝගය හේතුවෙන් ඔහු කළ ඉල්ලීම සලකා බලා ඔහුව Salvation Army කදවුරේ සාමාජ සේවා කටයුතු වලට යොමු කරනවා. 1986 පෙබරවාරි 19 වෙනිදා බැරි සීල්ව වෙඩි තබා ඝාතනය කරනවා. මෙඩලින් කාටෙල් එකෙන් එවන ලද කොලොම්බියානු ඝාතකයින්ව සීල්ගෙ ඝාතනයෙන් පස්සෙ ලුසියානා වලින් පිටවෙන්න උත්සහා කරද්දි අත්තඩංගුවට අරගෙන තියෙනවා. සීල්ගෙ ඝාතනය සදහා ඝාතකයින් කුලියට ගෙන තිබෙන්නෙ Ochoa විසින් බව පස්සෙ දැනගන්න ලැබෙනවා. කොහොමහරි 1987 මැයි වලදි සීල්ගෙ ඝාතනයට සම්බන්ධ වුන Luis Carlos Quintero-Cruz, Miguel Vélez සහා Bernardo Antonio Vásquez හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවෙනවා.
ඕක තමයි බැරි සීල්ගෙ කතාව, තවත් දැනගන්න ඕන නම් ටොම් කෲස් රංගනයෙන් දායක වන American Made (2017) ෆිල්ම් එක බලන්න. හරි අපූරුවට තවත් සවිස්තරාත්මකව බැරි සීල්ගෙ කතාව බලාගන්න පුළුවන්.
~ Hasta la vista ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
20,161 downloadsDownload Narcos-S01-E04.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
12 comments
sachintha
Anonymous
Thank You
suranuwan
thanks..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malaka prasad
thnq machan sub ekata... jaya wewa....
Pramukmili
Thanxxxxx bro..............
Anonymous
Thanks
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Manu
Godak sthuthi..Jaya wewa!
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️
Advertisement
![Narcos [S01 : E04] Sinhala Subtitles | අලු යට සැඟවුණු සාක්ෂි [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Narcos-S01-S03.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි