ඉතිං බයිස්කෝප් අපි හැම වෙලාවෙම උත්සාහ කරනව, අපිට ඉඩක් ලැබුණු හැම වෙලාවෙම විනෝදාස්වාදය එක්කම ඔබට දැනුමක් ලබා දෙන්නත්. ඉතිහාසය හා සම්බන්ධව ගත්තම Narcos කියන්නෙ කෑල්ලෙන් කෑල්ලට විස්තර කරන්න පුළුවන් තරම් ලොකු ඉතිහාසයක් තියෙන රූපවාහිනී කතා මාලාවක්. කොහොම වුණත් අද මම මේ කියන්න යන කොටස මේ කතාංගයේ කොතනකටවත…

ඉතිං බයිස්කෝප් අපි හැම වෙලාවෙම උත්සාහ කරනව, අපිට ඉඩක් ලැබුණු හැම වෙලාවෙම විනෝදාස්වාදය එක්කම ඔබට දැනුමක් ලබා දෙන්නත්. ඉතිහාසය හා සම්බන්ධව ගත්තම Narcos කියන්නෙ කෑල්ලෙන් කෑල්ලට විස්තර කරන්න පුළුවන් තරම් ලොකු ඉතිහාසයක් තියෙන රූපවාහිනී කතා මාලාවක්. කොහොම වුණත් අද මම මේ කියන්න යන කොටස මේ කතාංගයේ කොතනකටවත් අදාල නැති වුණාට පබ්ලෝ එස්කොබාර්ගෙ මත්ද්‍රව්‍ය ජාවාරම එක්ක ඍජුවම සම්බන්ධයි.
“මුදල් විශුද්ධිකරණය” ලංකාවටත් හොඳ හැටි අහන්න ලැබෙන වචනයක්. ඉංග්‍රීසියෙන් කියන්නෙ “Money Laundering” කියල. ලංකාවෙ නම් මේ වචනය හා ඍජුවම සම්බන්ධ වෙන්නෙ දේශාපාඥයන්. මම කියන්න යන කතාවට කලින් මුදල් විශුද්ධිකරණය කියන්නෙ මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරල ඉන්නම්. මුදල් විශුද්ධිකරණය කියන්නෙ “අයථා ලෙස උපයා ගන්නා මුදල්, නීත්‍යානුකූලව උපයා ගත්ත මුදල් ලෙස පෙනෙන ආකාරයට වෙනසකට භාජනය කිරීම. එහෙම නැත්තං කෙටියෙන්ම කිව්වොත්, “කලු සල්ලි, සුදු කිරීම.” ඉතිං ඔබ දන්නවනෙ පබ්ලෝ කියන්නෙ මත්ද්‍රව්‍ය වලින් උපයපු ධනයේ ප්‍රමාණය ඔහු පවා නොදැන හිටපු කෙනෙක්. කොටින්ම කිව්වොත් ගිනි තියන්න තරම් සල්ලි පබ්ලෝ සතුව තිබුණ. ඉතිං කෙනෙක් මෙහෙම මුදල් ඉපයීම් කරද්දි, ඒ මුදල් උපයන ආකාරය පවතින රජයට පැහැදිලි කිරීමක් කරන්න ඕනෙ. එහෙම තමයි ඒ මුදල් පරිභෝජනය කිරීමේ නීත්‍යානුකූල ඉඩකඩ හදාගන්න හැකි වෙන්නෙ. ඉතිං පබ්ලෝ එස්කොබාර් හටත් උපයන කලු සල්ලි, සුදු කරන එක අත්‍යාවශ්‍ය කාරණාවක් වුණා. ඔන්න මෙතනින් තමයි මම අද විස්තර කරන්න යන චරිතය පබ්ලෝ එස්කොබාර් එක්ක සම්බන්ධ වෙන්නෙ.
රොබට් මසූර්(Robert Mazur) කියන්නෙ ෆෙඩරල් නියෝජිතයෙක්. සාමාන්‍ය නියෝජිතයෙක් නෙවෙයි, ඔහු එක්සත් ජනපදයේ රේගු අංශය හා සම්බන්ධ ඉහළ නියෝජිතයෙක්. පබ්ලෝ එස්කොබාර් සහ අනෙකුත් ඉහළ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවන්ගේ මුදල් විශුද්ධිකරණයට රොබට් මුලින්ම අත තියන්නෙ වර්ෂ 1980 අග භාගයේ. ඔහුට මේ සඳහා 250ක පමණ වුණු සහායක පිරිසකගේ සහය සහ ආරක්ෂාව ලැබුණ. කොලොම්බියාව සහ මෙක්සිකෝව හරහා ලැබෙන කලු සල්ලි සුදු කරන්න ඔහුට වංචනික බැංකුකරුවන් බොහෝ පිරිසකගේ උපකාර ලැබුණ. මේ මහා වංචනික ක්‍රියාවලිය හෙළිදරව් කර ගැනීමේ මේ මෙහෙයුම ” Operation C-Chase” ලෙස නම් කර තිබෙනවා. මෙම මෙහෙයුම සඳහා රොබට් ඉදිරිපත් වෙන්නෙ ව්‍යාජ හැඳුනුමක් ඇතිව. “බොබ් මුසෙල්ලා” විදියට තමයි ඔහු මේ ක්‍රියාවලිය තුළ දි හැඳින් වුණේ.

රොබට් මසූර්ගේ විරළ සමීප ඡායාරූපයක්
ඔහු ඉතා විශාල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කණ්ඩායම් දෙකක මුදල් විශුද්ධිකරණය කටයුතු සඳහා සිය දායකත්වය දක්වා තිබෙනවා. ඉන් එක් අයෙක් රිචඩ් නික්සන්, අනෙකා පබ්ලෝ එස්කොබාර්. ඔහු එස්කොබාර්ගෙ මෙඩලින් කාර්ටෙල් හා එක්ව ඩොලර් මිලියන් දහස් ගණන් විශුද්ධිකරණයට ලක් කොට තිබෙනවා. 80, 90 දශකයන් වෙන විට එස්කොබාර් එක් සතියක් ඇතුළත ලෝකය පුරා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් තුළින් ඩොලර් මිලියන ගණනින් මුදල් ඉපයීම සිදු කර තිබෙනවා. රොබට් වසරක පමණ රහස් නියෝජිතයෙකු ලෙස පුහුණුව ලබා සැබෑ ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී හිඳිමින් මෙඩලින් කාර්ටෙලයෙහි මුදල් විශුද්ධිකරණයට ලක් කිරීම ආරම්භ කර තිබෙනවා. ඔහු සතුව ගුවන් සේවා අවසර පත්‍රයක්, සෙස්නා සයිටේෂන් වර්ගයේ ගුවන් යානාවක්, ලොව පුරා ස්ථාන 30ක පැතිරුණු ආභරණ ව්‍යාපාර ස්ථාන සහ නිව්යෝර්ක් තොග භාණ්ඩ හුවමාරුවේ බලය හිමි ආසනයක් පවා වෙන් වී තිබෙනවා.
රොබට් මසූර් (දකුණේ) ඔහුගේ ගුවන් නියමුවා සමඟ පුද්ගලික ගුවන් යානය අසල
ඔහු සෑම අවස්ථාවකදීම ඔහුගේ ගණුදෙනුවක් ඉතා හොඳින් සංතෘප්ත කිරීමට වගබලාගෙන තිබෙනවා. ඔවුන්ට ඉතා සුඛෝපභෝගී අවනහල් තුළ ඉහළ මට්ටමේ සංග්‍රහ පවත්වමින් ඔවුන්ගේ මනදොළ සපුරා තමාගේ අනන්‍යතාව සඟවා තබා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ඔහු පුද්ගලිකව ඔහුගේ ගුවන් යානාව මඟින් නිව්යෝර්ක් දක්වා ඔහුගේ ගණුදෙනුකාර ජාවාරම්කාරුවන් රැගෙන පැමිණි අවස්ථාවන්ද තිබී තිබෙනවා. කෙසේ වෙතත් මෙසේ විශුද්ධිකරණයට ලක් කළ මුදල් බොහෝ ව්‍යාපාරිකයන්ගේ නම් යටතේ ඇති ගිණුම් සඳහා බැර කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවන් හඳුනා ගැනීම වලක්වා ගැනීමය ඔවුන් උත්සුක වී තිබෙනවා. වරෙක ඔහු සඳහන් කර තිබුණේ හාල්මැස්සන් ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවන් කොකේන් බෙද හැරීම් සිදු කර ඇති බවයි.
කාටෙලය සතුව තිබී අත්තඩංගුවට ගත් කොකේන් (කිලෝග්‍රෑම් 1000කට අධිකයි)
ජාවාරම්කාරුවන් මෙලෙස උපයා ගන්නා මුදල් Bank of Credit and Commerce International හෙවත් BCCI බැංකුව හරහා මෙලෙස විශුද්ධිකරණයට ලක් කොට තිබෙනවා. එය එවකට ඇමරිකාවෙ පැවති මූල්‍ය ආයතන අතර ඉහළම පෙළේ ප්‍රමුඛ ආයතනයක් ලෙස නම් දරා තිබෙනවා. නමුත් BCCI ප්‍රධානීන් මෙම මුදල් ජාවාරම්කාරුවන්, වංචනික බැංකුකරුවන්, මත්ද්‍රව්‍ය වෙළඳුන් සහ ත්‍රස්තවාදීන් සතු වූ මුදල් බවත්, මෙලෙස ඔවුන් සිට කලු මුදල් තම ආයතනය හරහා සුදු කිරීම සිදු කරන බවත් ඉතා හොඳින් දැන සිටි බව සඳහන් වෙනවා. රොබට්, මෙලෙස මෙඩලින් කාර්ටෙල් සඳහා මුදල් විශුද්ධිකරණය කරමින් වැඩ කළත් කිසි විටෙකත් එස්කොබාර් සියැසින් දැක නැහැ. ඔහු කීප විටෙක් කොලොම්බියාව වෙත යාමට අවසර ඉල්ලා සිටියත් ඔහුට ඒ සඳහා ඔහුගේ ඉහළ නිළදාරීන් අවසර ලබා දී නැහැ. නමුත් එස්කොබාර්ගෙ දකුණු අත බඳු වූ රොබර්ටෝ ඇල්කයිනෝ සමඟ ඉතා කුළුපග ලෙස කටයුතු කළ බව සඳහන් වෙනවා.
විශුද්ධිකරණයට ලක්කරන මුදල්
කෙසේ හෝ වසර පහක පමණ කාලයක් මෙලෙස රහස් නියෝජිතයෙකු ලෙස සිය සේවය ලබා දුන් රොබට් මසූර් සිය මුහුණෙහි සමීප ඡායාරූප කිසිවක් කිසිඳු ආකාරයකට කිසිඳු මාධ්‍යයක ප්‍රසිද්ධ කිරීමට අවස්ථාව ලබා දී නැහැ. ඇතැම් විට ඊට හේතුව විය හැක්කේ BCCI බැංකුව විසින් ඔහුගේ හිස වෙනුවෙන් ඩොලර් දහස් ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ප්‍රසිද්ධ කොට තිබීමත්, ජාවාරම්කාරුවන් සමඟ ගණුදෙනු කිරීම නිසා ඔහුට සහ පවුලේ උදවියගේ ආරක්ෂාවට එය තර්ජනයක් විය හැකි වීමත් විය හැකියි. ඉති මේ සියළු විස්තර අලලා නිර්මාණය වුණු THE INFILTRATOR (2016) සිනමාපටය රොබට් මසූර්ගේ මෙම මුදල් විශුද්ධිකරණය හා සම්බන්ධව ගොඩ නැගුණු සිනමා නිර්මාණයක්. නොබලපු කෙනෙක් ඉන්නවනම් මේ සිනමාපටයත් නරඹන්න කියල මතක් කරනව. එහෙනම් අපි බලමු අද කතාංගයේ මොකද වෙන්නෙ කියලත්.
මේ වෙනකොට අපිට පේන්න තියෙනව පබ්ලෝ හැම පැත්තෙන්ම ත්‍රස්තවාදය පතුරුවමින් මහා විනාශයන් කරන බව. අතෝරක් නැතිව වෙන බෝම්බ පිපිරීම්, මනුෂ්‍ය ඝාතන වගේම කල්ලි කණ්ඩායම් අතර පවතින ලේ හලා ගැනීම කොලොම්බියාවට නුහුරු නුපුරුදු දර්ශන නෙවෙයි. මේ අතරවාරයේ තමයි නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය පවත්වන්න කටයුතු සම්පාදනය වෙමින් පවතින්නෙ.
පබ්ලෝට අවශ්‍ය වෙනව නව ජනාධිපති අපේක්ෂකයා වෙන සෙසර් ගවේරියා මරල දාන්න. මේකට ලොකු සැලැස්මක් පබ්ලෝ දියත් කරනව. හැබැයි සැලැස්ම කෙසේ වෙතත් ගවේරියා කොලොම්බියා නව ජනාධිපති බවට පත් වෙනව. ඊට පස්සෙ පබ්ලෝ උත්සාහ කරන්නෙ ගවේරියා එක්ක එකඟතාවකට එන්න. ඉල්ලීම් කීපයක් මුල් කරහෙන, ෆර්නැන්ඩෝ කියන අතරමැදියා ලවා මේ එකඟතාවය ඇති කරගන්න තමයි ඔහු උත්සාහ කරන්නෙ. මේ සැලැස්මට ගවේරියා එකඟ නොවන තැන පබ්ලෝ සහ ගුස්තාවෝ අලුත් සැලැස්මක් නිර්මාණය කරන්නෙ. පබ්ලෝ කියන විදියට දේශපාලඥයන්ට, මහ ජනතාවගෙ ප්‍රශ්න දැනෙන්නෙ නෑ. ඒ නිසා මහ ජනතාවට හානි කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් අත්වෙන්නෙ නෑ කියල. එතකොට ගුස්තාවෝ පබ්ලෝට කියල දෙනව ඊට වඩා පටු සීමාවක් ඇතුළෙ ඉඳල කොහොමද දේශපාලඥයන්ට දැනෙන්න දෙයක් කරන්නෙ කියල. අද බලාගන්න ලැබෙන්නෙ පබ්ලෝ සහ ගුස්තාවෝ එකතු වෙලා කොහොමද දේශපාලඥයන්ට මැදිහත් නොවී ඉන්න බැරි විදියෙ ගැටළුවක් රටේ ඇති කරන්නෙ කියන එක. එහෙනම් මම ආයෙ හමුවෙන්නෙ Narcos දෙවැනි කතා මාලාවේ හත්වැනි කතාංගයෙන්. 8 වැනි කතාංගය අරගෙන අපේ ප්‍රණීත් සහෝදරයා ඒවි. හැමෝටම ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
17,988 downloadsDownload Narcos-S01-E07.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
14 comments
Chandima Prasad
Anonymous
Thank You
-SH-
Dwsakata epi 2k denna puluwan nm marama watinwa bro. Sub ekta thanks
Shanaka
Sub akata thanx bro.puluvannam el chapo tv series akath karanna.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
oshanmp
මචං පොඩි දෙයක්. මම 2017දී මේ site එකෙන් ම මේකේ පලවෙනි සීසන් එකටම (epi 10) සබ් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. රුවන් සම්පත් වර්ණසිරි කියල කෙනෙක් දීල තියෙන්නේ. ඒක මම site එකේ search කලාට හොයාගන්න නෑ. මම ළඟ පරණ sub තාම තියෙනවා. ඇයි මේ ආපහු දාන්නේ?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks...
Pramukmili
Thanx bro.............
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Manu
Godak Sthuthi..jaya wewa!
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Narcos [S01 : E07] Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන්..! [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Narcos-S01-S03.jpg)



thanks