Watch Trailer

Narcos [S03 : E01] Sinhala Subtitles | අලුත් පළාතක් අලුත් කල්ලියක්.. [සිංහල උපසිරැසි] [18+]

පැබ්ලෝ එස්කොබාර්ගේ සෙල්ලම් අවසන් උනාට පස්සේ ඔයාල හිතුවා නම් කොලොම්බියාවේ කොකේන් සෙල්ලම ටිකකට හෝ නතර වෙයි කියල ඔව් ඒක සිතුවිල්ලක් විතරයි. කතාව පටන් ගන්නකොටම ඔයාල දකින්න ඇති පලවෙනි සීසන් එකේ පළවෙනි කොටසේදී මේ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෝ කියන්නේ කැරපොත්තෝ වගේ ජාතියක් කියල. ඒක ඇත්තක් කියල ඔප්පු කරන්න තමයි…

පැබ්ලෝ එස්කොබාර්ගේ සෙල්ලම් අවසන් උනාට පස්සේ ඔයාල හිතුවා නම් කොලොම්බියාවේ කොකේන් සෙල්ලම ටිකකට හෝ නතර වෙයි කියල ඔව් ඒක සිතුවිල්ලක් විතරයි. කතාව පටන් ගන්නකොටම ඔයාල දකින්න ඇති පලවෙනි සීසන් එකේ පළවෙනි කොටසේදී මේ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෝ කියන්නේ කැරපොත්තෝ වගේ ජාතියක් කියල. ඒක ඇත්තක් කියල ඔප්පු කරන්න තමයි මේ හදන්නේ. සීසන් දෙකක් පුරාවට ඔයාල දැක්කා ලෝක ඉතිහාසයේ ධනවත්ම සහ ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වූ පැබ්ලෝ එස්කොබාර් කියන පුද්ගලයා තමන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිට මෙඩලින් වල වහලයක් උඩ අන්තිම හුස්ම හෙලනකන් ජිවිත කතාව. දශක දෙකක් පුරාවට කොලොම්බියාව තුල අණසක පතුරවපු එස්කොබාර්ගේ කොකේන් රාජධානියට තිත තියන්න ස්ටීව් මර්ෆි සහ හැවියර් පෙන්‍යා දෙදෙනා සමත් උනාට කැරපොත්තෙක් මරණකොට තවත් කැරපොත්තෝ රාශියක් ඉපදෙනවා කියන කාරණේ මේ කොටසේ සිට කොටස් 10 දක්වා දැකගන්න පුළුවන්. එස්කොබාර්ගේ කොකේන් වලට පහර වැදුනට ඒ අතරේ ඉන් වාසියක් ගත්ත තව පිරිසක් හිටියා ඒ තමයි ගිල්බර්ටෝ රොඩ්රිගස් ප්‍රමුඛ කාලි ප්‍රදේශය මූලික කරගෙන කොකේන් ව්‍යාපාරයේ යෙදුන කාලි කාර්ටෙල් එක. එස්කොබාර් දඩයම අවසානයේ කොලොම්බියානු රජයට සහ පෙන්‍යා උදවු ගත්ත කණ්ඩායමක් හිටියා ඒ පිරිස තමයි “ලොස් පෙපෙස්” කියල හැඳින්වුයේ. එයාල ඒ වැඩ කරගෙන ගියේ කාලි කාර්ටෙල් එකේ අනුදැනුම යටතේ කියල ඔයාල දකින්න ඇති. ජූඩි මොන්කාඩා තමන්ගේ සැමියා කිකිව මරල දැම්මට පස්සේ ඒ පළිය අරගන්න ජූඩි එකතු උන පචෝ හැරෙරා අයිති වෙන්නේ මේ කණ්ඩායමට. අද පටන් ගන්නේ අන්න ඒ කාලි කාර්ටෙල් එකේ ඇරඹුම වගේම 10 වෙනි කොටස වෙනකොට එයාලගේ අවසානයත් දැකගන්න ලැබේවි. 

කාලි කාර්ටෙල් එක සහ මෙඩලින් කාර්ටෙල් එක අතර ලොකු වෙනසක් තියෙනවා. මේ දෙගොල්ලෝ මෙහෙයුම් කරේ හාත්පසින්ම වෙනස් විදිහටයි. මෙඩලින් කාර්ටෙල් එකේ සියල්ල සිද්ධ උනේ බලපුළුවන්කාරකම් සහ ප්‍රචණ්ඩත්වය මහා දවාලේ සිදු කරලා. මිනිස් ඝාතන මගින් මිනිසුන් බය කරලා තමන්ගේ ආධිපත්‍යය පතුරවපු කෙනෙක් තමයි පැබ්ලෝ එස්කොබාර් කියන්නේ. එත් ඊට හාත්පසින්ම වෙනස් පිරිසක් කාලි කාර්ටෙල් එක මෙහෙයවන්නේ. කාලි කාර්ටෙල් එක මූලිකව හතර දෙනෙක් මගින් පාලනය උනේ. රොඩ්රිගස් සහෝදරයෝ තමයි මේ කල්ලියේ මුදුන් මුල් උනේ. ගිල්බර්ටෝ සහ මිගෙල් කියන්නේ අයියා මල්ලි දෙන්නෙක්. ගිල්බර්ටෝ තමයි ප්‍රධානියා උනේ මුදල් අංශය සහ ඊට අදාළ මෙහෙයුම් කලේ මිගෙල් විසින්. ඊට අමතරව කාලි කාර්ටෙල් එක තමාගේ කොකේන් බෙදාහැරීම කලේ නිව්යෝක් මුල්කරගෙන. මෙඩලින් කල්ලිය තමන්ගේ කොකේන් බෙදාහැරීම කලේ මයාමි මුල් කරගෙන කියල ඔයාලට මතක ඇතිනේ. ඉතින් කාලි කල්ලිය බෙදාහැරීම කලේ නිව්යෝක් වල. මේ නිව්යෝක් වල වැඩ කටයුතු බලපු කෙනෙක් ඉන්නවා ඔහුව හැඳින්වුයේ චෙපේ කියල. එහෙම නැත්තන් ඇත්ත නම වෙන්නේ José Santacruz Londoño. අනික් කෙනා ඔයාල දන්නවා ඒ තමයි පචෝ හැරෙරා හෙවත් කාලි ආරක්ෂක අංශ ප්‍රධානියා.  පහතින් මම දාන්නම් ඇත්ත පිරස කොයි වගේද කියලත් බලාගන්න එයාලගේ සත්‍ය පින්තුරයක්. දැනට මේ හතර දෙනාගෙන් ජිවතුන් අතර ඉන්නේ රොඩ්රිගස් සහෝදරයෝ පමණයි. අනික් දෙදෙනා ඝාතනයට ලක් වෙලා තියෙනවා. රොඩ්රිගස් සහෝදරයෝ වසර 2030 තෙක් ඇමෙරිකා එක්සත් ජනපද සිර ගෙයක සිර දඬුවම් විඳිනවා. 

ඒ වගේම මම කිව්වනේ කාලි කාර්ටෙල් එක තමන්ගේ වැඩ කරගෙන ගියේ අමුතු විදිහට කියල. මෙයාල කැමති උනේ නැහැ එස්කොබාර් වගේ එළිපිට කොකේන් විකුණන්න. ඉතින් එයාල ඒ වෙනුවට වෙනත් නීත්‍යානුකූල ව්‍යාපාර රැසක් පටන් ගෙන ඊට වහන් වෙලා කොකේන් මුදල් නීත්‍යානුකූල කරනු ලැබුවා. එස්කොබාර්ට වගේම කාලි කල්ලියටත් තමන්ගේම කියල පාපන්දු කණ්ඩායමක් තිබුනා. ඒ වගේම කළු සල්ලි සුදු කරන වෙනම ක්‍රම, විවිධාකාර ව්‍යාපාර සමාගම්, කොලොම්බියාවේ දුරකථන සමාගමක් සහ ඔවුන්ටම වූ රහස් ඔත්තු සේවයක් පවා කාලි කාර්ටෙල් එකේ මෙහෙයුම් වලට අයත් වෙනවා. මේ සියල්ල හරහාම ඔවුන් බලාපොරොත්තු නේ තමන්ගේ ව්‍යාපාර වල රහස්‍ය භාවයයි. ඊට අමතරව රජයේ නිලධාරීන් හෙවත් රටේ ජනාධිපතිගේ පටන් පහල නිලධාරියා දක්වාම කාලි කාර්ටෙල් එකේ මාසික අල්ලස් දීමනාවකට නතු කරගන්න කාලි කාර්ටෙල් එක සමත් වෙලා තිබුනා. කොටින්ම කිවොත් කාලි කල්ලියේ ප්‍රධාන සාමාජිකයන් තමන් හඳුන්වා ගත්තේ කාලි මහත්වරුන් කියලා. ඉතින් එස්කොබාර් වගේ සාක්ෂි ඉතුරු කරපු මනුස්සයෙක් අල්ලගන්න අච්චර අපහසු උනා නම් මේ වගේ ඉතාමත් සංවිධානාත්මක කල්ලියක් අල්ලගන්න එක කොයි තරම් අපහසු වෙයිධ කියල බලන්න තවත් කොටස් 10ක් ම ඉතිරියි. එහෙනම් ගිහින් එන්නම් ඔබට ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

11,050 downloadsDownload Narcos.S03E01-1.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

11,050 downloadsDownload Subtitles29 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  3. Pramukmili

    Thanx bro...........

  4. මිලින්ද ප්‍රියලාල්

    ♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි♻️

  5. Chandima Prasad

    Thanks sub ekata....jayawewa..

  6. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  7. suranuwan

    thank you......

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kavindu

    danna ekek kiyapanko meke koi time walatada 18+ keli set wenne kiyala.ape gdr unuth blnawa bn

  10. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  11. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️