Watch Trailer

Siren [S02 : E15] Sinhala Subtitles | බාධක අතරින් නව ජීවයක් බිහිකිරීමට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම ? ඔන්න එහෙනම් හැමෝම ආදරය කරන ඒ වගේම ආසාවෙන් බලන කතාමාලාවක තවත් කොටසක් අරන් තමයි මම අද ආවේ. එහෙනම් දෙවෙනි කතාමාලාවේ අවසානයටත් ළං වෙනවා ඒ වගේම කතාවේ කුතුහලයේ නම් අඩුවක් වෙන්නේ නෑ එන්න එන්නම තියුණු වෙනවා මිසක්. අපේ ඉමේෂ් සහෝ පහුගිය කොටස දුන්නනේ. බලපු අයට මතක ඇතිනේ මොකද උනේ…

කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම ? ඔන්න එහෙනම් හැමෝම ආදරය කරන ඒ වගේම ආසාවෙන් බලන කතාමාලාවක තවත් කොටසක් අරන් තමයි මම අද ආවේ. එහෙනම් දෙවෙනි කතාමාලාවේ අවසානයටත් ළං වෙනවා ඒ වගේම කතාවේ කුතුහලයේ නම් අඩුවක් වෙන්නේ නෑ එන්න එන්නම තියුණු වෙනවා මිසක්. අපේ ඉමේෂ් සහෝ පහුගිය කොටස දුන්නනේ. බලපු අයට මතක ඇතිනේ මොකද උනේ කියලා, ඒ නිසා ආපහු කියන්න යන්නේ නෑ.

කලින් කොටසේ කතාව අවසාන උනේ බෙන්, මෙච්ච්රකල් අතුරුදහන් වෙලා හිටපු ක්‍රිස්ව හමුදා පර්යේෂනාගාරයේදි දකින තැනින්නේ. අද කතාව ආරම්භ වෙන්නෙත් එතන ඉඳන් තමයි. බෙන් ක්‍රිස්ව දැකලා පුදුම උනත්, ක්‍රිස්නම් බෙන්ව අදුරගන්නේ නෑ වගේම ක්‍රිස්ට පහුගිය කාලෙ සිද්ද උන කිසිදෙයක් මතක නෑ. බෙන් ක්‍රිස්ව හමුදා පර්යේෂනාගාරයෙන් එක්කන් ඇවිත් අමතක උන පරණ මතකයන් ආපහු මතක කරවන්න තමයි උත්සහ කරන්නේ. ඒ වැඩේට කැල්වින් හා සැන්ඩරුත්, බෙන්ට උදව් කරනවා. ඒ වගේම සැන්ඩර්ට තවම නිකොල්ගෙන් කිසි ප්‍රතිචාරයක් නෑ. නිකොල්, සැන්ඩර්ගේ කෝල් ගන්නෙත් නෑ. ඒ නිසා සැන්ඩර් නිකොල්ට මොකද උනේ කියලා හොයන්න තීරණය කරනවා. ඒ අස්සේ ඉයන් තමන්ගේ ලොක්කට පෙන්නන්න වෙනම සැලසුමක් ක්‍රියාත්මක කරන්න හදන්නේ. මේ අතර රින්ට ස්වභාවික විදියට ගැබ් ගන්න බැරි නිසා ඒකට වෙනම අවදානම් ක්‍රමයක් හොයාගන්න මෙයාලා උත්සහ කරනවා. ඉතිං ඒ වැඩේ මොකක්ද ? ඒ ක්‍රමය හරියයිද ? ක්‍රිස්ට ආපහු මතකය එයිද ? ඉයන් මොකක්ද කරන්න හදන්නේ ? ඒවට උත්තර අද කොටසින් ඔයාලට හම්බෙයි.

මේකෙන් පස්සේ මේ කතාමාලාවේ තව එක කොටසයි ඉතිරි. ඒකත් ඉක්මනටම අරන් එන්නම්. අපිත් වැඩ රාජකාරි මැද්දේ තමයි මේවා කරන්නේ. මේ දවස්වල රටේ තත්වයත් දන්නවනේ. ඔයාලත් පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. ඒ නිසා සබ් එක පොඩ්ඩක් පරක්කු උනාට දොස් කියන්න එපා. අපේ උපසිරැසිකරුවෝ ගොඩක් මහන්සිවෙලා තමයි ඔයාලා වෙනුවෙන් උපසිරැසි ගේන්නේ. එපියක් පරක්කු උනාම බනිනවා වගේම ඔයාලා සබ් එක ගත්තමත් පොඩි කොමෙන්ටුවක් දාගෙන යන්න 😀 එහෙනම් අවසාන කොටසින් නැවත හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,427 downloadsDownload Siren-S02-E15.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,427 downloadsDownload Subtitles26 KB

12 comments

  1. Devinda

    අපි වෙනුවෙන් ඔගොල්ලො මේ මහන්සි වෙලා කරන කර්තව්‍යට බොහොම ස්තූතියි සහෝ. ජය වේවා!!

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    අන්තිම කොටසයි Season 3 එකයි ඉක්මනටම අරන් එමු...

  3. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  6. Ayesh

    උපසිරසියට ස්තුතියි

  7. Dilshan

    ස්තුතියි සහොදරයා

  8. Priyanwada

    Thnks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. nimal

    godak sthuthi putha

  11. chinthaka.max4

    thankx machan

  12. Anonymous

    Session 3 sub nane

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.