ආයුබෝවන්..! දෙවනි කතා සමයෙදි මම පොරොන්දු වුණා කර්නල් හියුගෝ මාර්ටිනස් ගැන විස්තර කියන්නම් කියල. ඇත්තටම අපි මේ ගේන විස්තර එක්කෙනෙක් දෙන්නෙක් හරි කියවල ඉතිහාසය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්නව ඇති කියල අපි විශ්වාස කරනව. මේ කරන්නෙ උපසිරැසිය ලබා දීමට අමතරව කරන වැඩක්. මේ වෙනුවෙන් අමතර කාලයක් කැප කරන්නත් ඕ…

ආයුබෝවන්..!
දෙවනි කතා සමයෙදි මම පොරොන්දු වුණා කර්නල් හියුගෝ මාර්ටිනස් ගැන විස්තර කියන්නම් කියල. ඇත්තටම අපි මේ ගේන විස්තර එක්කෙනෙක් දෙන්නෙක් හරි කියවල ඉතිහාසය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්නව ඇති කියල අපි විශ්වාස කරනව. මේ කරන්නෙ උපසිරැසිය ලබා දීමට අමතරව කරන වැඩක්. මේ වෙනුවෙන් අමතර කාලයක් කැප කරන්නත් ඕනෙ. ඉතිං බයිස්කෝප් අපේ අරමුණ තමයි ආනන්දය එක්ක ප්‍රඥාවත් අපිට පුළුවන් උපරිම විදියට සහෘද ඔබට ලබා දෙන එක. එහෙම නම් බලමු කවුද මේ කර්නල් හියුගෝ මාර්ටිනස් කියන්නෙ කියල.
කර්නල් හියුගෝ මාටිනස් කියන්නෙ කොලොම්බියානු ඉතිහාසය ඇතුළෙ රන් අකුරින් නම සටහන් වුණු චරිතයක්. පබ්ලෝ එස්කොබාර් දඩයමේ අවසාන කාල සීමාව තුළ කර්නල් මාර්ටිනස්ගේ සේවය ඉතා ඉහළ මට්ටමක පැවතුණා. මේ හැම වෙලාවකම ජාවාරම්කාරුවන්ගේ ගොදුරක් වීමේ අවධානම ඔවුන් දරාගෙන තමයි හිටියෙ. ඉතිං ඒ විදියට තමයි එස්කොබාර්ගෙ අතින් කර්නල් කරිල්ලෝ ඝාතනයට ලක් වුණෙත්.

සැබෑ කර්නල් හියුගෝ මාර්ටිනස්
1946 දි උපත ලබන කර්නල් හියුගෝ මාර්ටිනස් කොලොම්බියානු පොලිස් සේවය තුළ ඉතා ඉහළ රාජකාරියක් ඉටු කරපු පොලිස් නිළදාරියෙක් ලෙස සඳහන් වෙනව. 1992 දි කර්නල් හොරේෂියෝ කරිල්ලෝ ඝාතනයට ලක් වුණාට පස්සෙ සර්ච් බ්ලොක් කණ්ඩායමේ නායකත්වය කර්නල් හියුගෝ මාර්ටිනස් හට හිමි වෙනව. කර්නල් මාටිනස් පුරා වසර 26ක් පමණ කොලොම්බියානු පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලැබුවා. කර්නල් හොරේෂියෝ කරිල්ලෝ ඝාතනයට ලක් වීමත් සමඟ උපායාත්මක හා න්‍යායාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ නිළධාරියෙකු ලෙස කැපී පෙනුණු ඔහු එවකට කොලොම්බියානු ජනාධිපති සෙසර් ගවේරියා සහ ඇමරිකානු තානාපති ආතර් ක්‍රොස්බිගේ ඒකමතික තීරණයක් අනුව සර්ච් බ්ලොක් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත්කරනු ලබනවා. 1992 පොලිස් ඇකඩමියෙහි උපාධි ප්‍රදානෝත්සවය අවසානයේ ජනාධිපති ගවේරියා කර්නල් මාර්ටිනස් හට සර්ච් බ්ලොක් කණ්ඩායමේ නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඊට අමතරව කර්නල් මාර්ටිනස්ගේ පුත්‍ර හියුගෝ මාර්ටිනස් ජූනියර් සහ දක්ෂ පොලිස් නිළධාරීන් පිරිසක් ද කණ්ඩායම වෙත බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මුලදී අකමැති වුණත් පසුව ඔහු එස්කොබාර් දඩයමේ මූලිකයා ලෙස සිය තනතුර බාරගනු ලබනවා.

Narcos කතා මාලාවෙහි Juan Publo Shunk, කර්නල් හියුගෝ මාර්ටිනස් ලෙස
මාර්ටිනස් යටතේ සර්ච් බ්ලොක් කණ්ඩායමේ වැටලීම් සහ අඛණ්ඩ සෙවීම් කටයුතු හරහා එස්කොබාර් දඩයම ඉතා කාර්‍යක්ෂමව සිදුවුණා. 1993 වර්ෂයේ මුල දී මොන්ටෙකැසිනෝ වලදී සිදුකළ වැටලීමක දී මාර්ටිනස් සහ ඔහුගේ පිරිසට එස්කොබාර් ඝාතනය කිරීමට තිබූ එක් අවස්ථාවක් ගිලිහී ගියා. ඉන් අනතුරුව එස්කොබාර් මාස ගණනක් සැඟවී සිට 1993 වර්ෂයේ දෙසැම්බර් මස නැවත මෙඩලින් වෙත පැමිණුනා. මාර්ටිනස් ජූනියර් විසින් රේඩියෝ තාක්ෂණය හරහා ඔහුගේ පැමිණීම සොයා ගනු ලැබුවා. මාර්ටිනස් විසින් එස්කොබාර් සැඟවී සිටි ලොස් ඔලිවෝස් ප්‍රදේශයට මෙහෙයුම් කණ්ඩායමක් පිටත් කර හරිනවා. එහිදී පොලීසිය සහ එස්කොබාර් පිරිස අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී පබ්ලෝ එස්කොබාර් වෙඩි වැදී ඝාතනයට ලක් වෙනවා. ඒ වර්ෂ 1993 දෙසැම්බර් මස 02 වැනිදා.

ඝාතනයට ලක් වූ එස්කොබාර් සහ ප්‍රහාරය දියත් කළ මාර්ටිනස්, ඔහුගේ සර්ච් බ්ලොක් කණ්ඩායම සමඟ
එස්කොබාර් ඝාතනය සමඟ කර්නල් මාර්ටිනස් කොලොම්බියානු ජාතික වීරයෙක් ලෙස ජනාදරයට පාත්‍ර වෙනවා. වර්ෂ 1995 දී ඔහු විසින් දියත් කළ වැටලීමකදී, ඔහුගේ පිරිස ගිල්බර්ටෝ රොඩ්‍රිගස් අත්තඩංගුවට ගනු ලබනවා. නමුත් රොඩ්‍රිගස්ගෙ පුත්‍රයා නිකොලස් රොඩ්‍රිගස් විසින් පසුකාලීනව කර්නල් මාර්ටිනස්, කාලි කාර්ටෙලය සමඟ මුදල් ගණුදෙනු කළා යැයි සැලකෙන ලියකියවිලි සොයා ගනු ලබනවා. මේ හේතුව නිසා කර්නල් මාර්ටිනස් අපකීර්තියට පත් වෙනු ලබනවා. මේ අපකීර්තිය නිසා මාර්ටිනස් හට ඔහුගේ නිළ ආයුධ සහ නිළ ලාංඡන භාර දී ඉවත් වෙන ලෙස බල කෙරෙනවා. ඒ අනුව ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වෙනවා. නමුත් මෙය හුදෙක් රොඩ්‍රිගස් සහෝදරයන් විසින් ගිල්බර්ටෝ නිදහස් කර ගැනිම සඳහා නිර්මාණය කළ අපකීර්තිමත් ප්‍රකාශයක් බවත් සඳහන් වෙනවා.
පුරා වසර 76ක් ආයුෂ විඳි කර්නල් හියුගෝ මාර්ටිනස් වර්ෂ 2020 මාර්තු මස 23 වැනි දින හෘදයාබාධයක් වැළඳීමෙන් ජීවිතයෙන් සමු ගනු ලබනවා. අපකීර්තියට පත් කිරීමට කෙතරම් උත්සාහ කළත් කර්නල් හියුගෝ මාර්ටිනස් නාමය අදටත් කොලොම්බියානු ඉතිහාසය තුළ නොමැකෙන නමක් ලෙස සඳහන් වී අවසානයි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
9,835 downloadsDownload Narcos-S03E07.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
10 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Shanaka
Niyamai mch.sub akata vagema dala thiyana thorathuru valatath godaaak thanx..puluvannam EL CHAPO tv series akath karanna brother..thank you.
Chandima Prasad
සබ් එකට වගේම ලිපියටත් ගොඩක් ස්තූතියි.කතාව බලනවා වගේම මේ වගේ විස්තර දැනගන්න ලැබෙන එකත් ලොකු දෙයක්...
Pramukmili
Thanxxxxxx bro..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Sub ekata thanks brother...
Episide 8 eka danne kawaddo...
Me season eka iwara unama "Narcos: Mexico" ekatath sub karamu nedaaa....Bimbisha Adithya
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sub ekata sthuthiy saho...
tharathuru wisthara denaganna eka watinawa.
ewa hoyala lipiyata ethulath karanawata sthuthi..