කතාවේ තෙවන සමයේ ආරම්භක කතාව රසවිඳින්න ඇති කියලා හිතනවා. ඩිවිශන් නිකීටාගේ යටතට ගත්තට පස්සේ පිටත හිටපු හැම නියෝජිතයෙකුටම පණිවුඩ යැවුවා නැවතත් ඩිවිශන් ඇතුලට එන්න කියලා. 30 දෙනෙකු හැරෙන්නට අනිත් හැම කෙනෙක්ම අලුත් ඩිවිශන් වලට එකතු වුනා. මේක නිසා ඩිවිශන් වහන්න කලින් මෙයාලට මේ 30 දෙනාව හොයාගෙන එයාලව ඩිවිශ…

කතාවේ තෙවන සමයේ ආරම්භක කතාව රසවිඳින්න ඇති කියලා හිතනවා. ඩිවිශන් නිකීටාගේ යටතට ගත්තට පස්සේ පිටත හිටපු හැම නියෝජිතයෙකුටම පණිවුඩ යැවුවා නැවතත් ඩිවිශන් ඇතුලට එන්න කියලා. 30 දෙනෙකු හැරෙන්නට අනිත් හැම කෙනෙක්ම අලුත් ඩිවිශන් වලට එකතු වුනා. මේක නිසා ඩිවිශන් වහන්න කලින් මෙයාලට මේ 30 දෙනාව හොයාගෙන එයාලව ඩිවිශන් ඇතුලට ගේන්න සිද්ධ වෙනවා. මෙයින් ගොඩක් අය හැංගිලා ඉන්නවා වගේම තමයි, සමහර අය කුලියට මිනීමරණ වැඩ තමයි කරන්නේ. මේ විදියට ඩිවිශන් වලට පලමුවෙන්ම හොයාගන්න වෙන රෝග් නියෝජිතයා තමයි මාටින් කියන්නේ. (ඇත්තටම තාමත් මේ “රෝග්“ කියන වචනය වෙනුවට කෙටි සිංහල නමක් හදාගන්න නම් බැරිවුනා).
කොහොමහරි මේ “රෝග්“ කියලා කියන්නේ, නියමිත පාර්ශවයෙන් පිට පැනලා නීති වලට පටහැනිව ක්‍රියා කරන අර්ථය දෙන වචනයක්. කොහොමහරි මේ රෝග් නියෝජිතයා මාටින් තමයි ඩිවිශන් වල පලවෙනි දඩයම වෙන්නේ. පසුගිය ඒ සිද්ධිය තමයි තිබුනේ. ඒ වගේම මයිකල් නිකීටාට මංගල යෝජනාවකුත් කලා කියලා මතක ඇති.
ඔන්න ඔය විදියට තමයි පලවෙනි කතාව ගලාගෙන ගියේ. ඒ සිද්ධියෙන් පස්සේ අද තවත් රෝග් ගියපු 30 දෙනා (ඩර්ටි තර්ටි) එයාලගෙන් කෙනෙක් පස්සේ තමයි යන්න තියෙන්නේ. මෙයාගේ නම වේඩ්. මෙයා අධි ආරක්ශිත හමුදා බලකොටුවකින් පරීක්ශණ මට්ටමේ තියෙන අධිබල පුපුරණ ද්‍රව්‍ය වගයක් හොරකම් කරනවා. මේ ගැන ඩිවිශන් වලට දැනගන්න ලැබෙනවා. මේ නිසා හැමෝම මේ පස්සේ යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මේ මෙහෙයුම සිදු කරන අතරේ වේඩ් ඉන්න තැනින් පොඩි ගෑණූ ළමයෙක්ව හොයාගන්න ලැබෙනවා. මේ ගෑණු දරුවා අවුරුදු කිහිපයකට කලින් පැහැරගත්තු කෙනෙක්. ඒ වගේම කලින් කතාවේදී නිකීටා මයිකල් දෙන්නා විවාහා ගිවිසගත්තා කියලා අන්තිමට තමයි බර්ක්ඕෆ්ට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ නිසා බර්ක්ඕෆ් මයිකල් එක්ක ටිකක් ඔරොප්පු වෙලා ඉන්නේ. 🙂
මම කතාවේ මෙච්චරයි කියන්න යන්නේ. කතාව බලලාම දැනගනිමු මේ ගෑණු ළමයාව හොයාගත්තට පස්සේ මොනවායින් මොනවා වේවිද කියලා. ඒ වගේම කතාවේ අවසානය මේ කතාවේ බලපු අනිත් කතා වලට වඩා තරමක් සංවේදී එකක් කියලා කියන්න පුළුවන්. පොඩ්ඩක් විතර කඳුලු ආවා කියලා මුකුත් හිතන්න එපා. අන්තිමට යන්නේ ලස්සන සිංදුවක්.
සිංදුව : Florence,The Machine- Never Let Me Go
මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
290 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,497 downloadsDownload Season-3-Episode-2-baiscopelk.7z31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
නවීන් ලක්ෂිත
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Madusha
Thanx for sub
R.D
Sub එකට තැන්ක්ස් මචන්.......
Dilshan
than'ks you
Wathila
පට්ට මචො
nuwan
ඊයේ රෑ ආවත් එක්ක උබ දීල ඇති කියල හිතාගෙන බොහොම ස්තුතියි හොදේ......බොහොම පින්...
තාරක
ඔයි බර්ක්ඕෆ් මන් තොව මරනවා. . .
නියම කතාව බන් කියල වැඩක් නැ. . එකකට එකක් වෙනස්. ඇන්ඩ් කුතුහලේ වඩී
තාරක
and thnk for all subs.. . sub dunnu hamotama thnks macho me site akata lagadima man udav karanava aniva
ඉසුරු
pattooooooooo !!!!!!!!!!
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
charith
thanks oyalata
වරුණ රංගජිත් (වරූ)
මේකේ 1- 4 වෙනකම් සබ් එක ගන්න බෑනේ ගන්න විදියක් කියන්න මම ෆයර් ෆොක්ස්, ක්‍රෝම් ට්‍රයි කලා බෑනේ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suranuwan
thanks bro...
Advertisement

නියමයි කොල්ලෝ බලාගෙන ඉන්නෙ අනිත් සබ් ටිකත් ඉක්මනටම දෙනකං
තෑන්ක්ස් මචං සබ් එකට...