Watch Trailer

Nikita [S03 : E15] | ඩෑන්ෆෝර්ත් කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඇලෙක්ස් වෙනුවට ආරි කියන ගණුදෙනුවට හැමෝම වගේ දකුණු ඔසෙටියා වලට ගියා කියලා මතක ඇති. සැලැස්ම වෙලා තිබුනේ ඇලෙක්ස් වෙනුවට ආරිව හුවමාරු කරලා ඉවර වෙලා පස්සේ නැවතත් ගිහිල්ලා ආරිව බේරගෙන එන්න. ඒත් ඒ වෙනුවට රයන් රහසිගතව ආරිට කිල් චිප් එකක් සවි කලා. නිකීටා මේ ගැන දැනගෙන ගොඩක් තරහෙන් තමයි ඉන්නේ.…

Nikita SE3 -1

පසුගිය කතාවේදී ඇලෙක්ස් වෙනුවට ආරි කියන ගණුදෙනුවට හැමෝම වගේ දකුණු ඔසෙටියා වලට ගියා කියලා මතක ඇති. සැලැස්ම වෙලා තිබුනේ ඇලෙක්ස් වෙනුවට ආරිව හුවමාරු කරලා ඉවර වෙලා පස්සේ නැවතත් ගිහිල්ලා ආරිව බේරගෙන එන්න. ඒත් ඒ වෙනුවට රයන් රහසිගතව ආරිට කිල් චිප් එකක් සවි කලා. නිකීටා මේ ගැන දැනගෙන ගොඩක් තරහෙන් තමයි ඉන්නේ. කොහොමහරි කිල් චිප් එක ක්‍රියාත්මක කරන සැලැස්ම අතෑරලා නිකීටා හැමෝම එක්ක ආරිව බේරගන්න යන්න හැදුවත්, ඇලෙක්ස්ට ලැරීසා කියලා කෙනෙක්ව බේර ගන්න යන්න ඕනේ වුනා. ඒත් නිකීටා කියපු විදියට ඊට කලින් නිකීටාට ආරිව බේරගන්න යන්න ඕනේ වුනා. නමුත් ඇලෙක්ස් තමුන්ගේ හිතුමතේ ලැරීසාව බේරගන්න ගියත් ඇලෙක්ස්ට ලැරීසාව බේරගන්න බැරි වුනා. ඒ වගේම නිකීටාට ආරිව බේරගන්නත් බැරි වුනා. ඒ වුනත් නිකීටාට කලු පෙට්ටිය ලබා ගන්න පුළුවන්කම ලැබුණා.

මේ සිදුවීමෙන් පස්සේ CIA නියෝජිතයෙක් පියර් බටුවාලා කියන චැඩ් වල ජනාධිපති එක්ක ගණුදෙනුවක් කරනවා. මේ ගණුදෙනුව කෙරෙන්නේ මෙතෙක් CIA විසින් සෑම රටකම ඔත්තු බලන්න පත් කරපු නියෝජිතයින්ගේ අනන්‍යතාවයන් පිලිබඳ ලැයිස්තුවක්. මේ ලැයිස්තුව ගත්තාට පස්සේ බටුවාලා කියන ජනාධිපති මේ ලැයිස්තුව ගෙනල්ලා දුන්නු CIA නියෝජිතයාව මරලා දානවා. බටුවාලා විසින් මේ ලැයිස්තුව රුසියාවට විකුණලා මිලියන ගනනින් මුදල් ලබාගන්න තමයි උත්සාහා කරන්නේ. හැබැයි මේ ගණුදෙනුව සිද්ධ වුනෝතින් CIA විසින් ලෝකය පුරාම ඔත්තු බලන්න දාපු හැම නියෝජිතයෙක්වම අහු වෙනවා. ඒ කියන්නේ බොහෝ දුරට ඒ රටවන් වලින් එයාලව මරලා දාන්න පුළුවන්. එක්කෝ සිරගත කරන්න පුළුවන්. මේ නිසා ඩෑන්ෆෝර්ත් විසින් ඇමරිකාවේ ජනාධිපතිනියගේ අනුමැතිය ඇතුව ඩිවිශන් වලට මේ මෙහෙයුම පිලිබඳව බලාගන්න කියලා මෙහෙයුම පවරනවා. මේක ජනාධිපතිගේ හොඳ හිත දිනාගන්න අවස්ථාවක් නිසා හැමෝම වගේ මේකට කැමති වෙනවා. ඒත් ඇලෙක්ස් මේකට විරුද්ධ වෙලා මෙහෙයුමෙන් ඈත් වෙලා ඉන්නවා. ඔසෙටියා වලින් ඇලෙක්ස්ව බේරගෙන ආපු දවසේ ඉඳන් ඇලෙක්ස් ගොඩක් වෙනස් විදියටයි හැසිරෙන්නේ. අනිත් අය මෙහෙයුමට සූදානම් වෙන අතරේ ඇලෙක්ස් බර්ක්ඕෆ් එක්ක එකතු වෙලා ඩෑන්ෆෝර්ත් ගැන ඔත්තු බලනවා. මේ විදියට ඔත්තු බලලා මෙයාලට ඩෑන්ෆෝර්ත් ගැන ලොකු රහසක් දැනගන්න පුළුවන් වෙනවා.

ඔච්චරයි මම කතාව ගැන කියන්නේ. අපි බලමු නිකීටාට මේ ගණුදෙනුව නවත්තන්න පුළුවන් වේවිද කියලා. ඇලෙක්ස් බර්ක්ඕෆ් එක්ක එකට එකතු වෙලා හොයාගත්තු රහස මොකක්ද? කතාව බලලාම මේ ගැන දැනගනිමු නේද? 🙂 මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න

8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,297 downloadsDownload Nikita-S03E15-baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,297 downloadsDownload Subtitles53 KB

15 comments

  1. sajeevi

    thanks a lot

  2. lakshitha

    thnx saho :D

  3. nuwan

    පාන්දරම ගෙනල්ල...මේ වෙන මහන්සියට වචන වලින් ස්තුතියි කියල මදි...බොහොම පින්......

  4. Sudheera

    thx yalu...!

  5. R.D

    Thanks machan, Good Luck

  6. samee

    Hamme. Thawa tikai ehenam. Elama tama. Onna gannawo

  7. chacha

    නියමයි සහොදරයා..මාරම කැපවීමක්..කිවුවට තරහ වෙන්ඩ එප ඉලග කොටසත් ඉක්මනට දානවද?..ඔයාගේ කැපවීම නිස්සමයි අපිත් ඔයාටම කරදර කරන්න්නේ..very good job bro

  8. Asel

    elaz

  9. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  10. ඉසු ඩිපි (Isu DP)

    බොහොම ස්තුතියි වැඩේ ඉක්මනින් කරනවට.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. lakshan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. kumara

    Thanks Bro !!!

  15. suranuwan

    ela bro.....