Watch Trailer

Normal People (2020) [S01 : E09] Sinhala Subtitles | හැමෝම එකම විදිහෙද [සිංහල උපසිරැසි] [18+]

මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ නවවෙනි කොටසත් සමගයි. මේ කොටසින් පස්සේ තව කොටස් තුනකින් කතාව ඉවර වෙනවා. ඉතින් මං හිතනවා හැමෝටම මේක ටිකක් වෙනස් කතාවක් වෙන්න ඇති කියල. මොකද අපි හැමදාම දකින ප්‍රධාන ධාරාවෙන් මිදිලා ආපු කතාමාලාවක් නිසා. ටිකක් වෙනස් විදිහේ ආදරයක් තමයි මේ දෙන්නා අතරේ තියෙන්නේ ,…

මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ නවවෙනි කොටසත් සමගයි. මේ කොටසින් පස්සේ තව කොටස් තුනකින් කතාව ඉවර වෙනවා. ඉතින් මං හිතනවා හැමෝටම මේක ටිකක් වෙනස් කතාවක් වෙන්න ඇති කියල. මොකද අපි හැමදාම දකින ප්‍රධාන ධාරාවෙන් මිදිලා ආපු කතාමාලාවක් නිසා. ටිකක් වෙනස් විදිහේ ආදරයක් තමයි මේ දෙන්නා අතරේ තියෙන්නේ , එහෙනම් ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.

ගිම්හාන නිවාඩුවට යුරෝපා සංචාරයක ගිය කොනල්ට සහ නයිල්ට අවසානයේ නතරවෙන්න උනේ මැරියන්ගේ ඉතාලි බංගලාවේ. එතන කොච්චර ලස්සනයිද ඇත්තටම..නමුත් කොනල් එහාට ආපු නිසා ජේමිනම් ටිකක් අවුලෙන් හිටියේ. මොනවා උනත් තමන්ගේ කෙල්ලගේ කලින් පෙම්වතානේ. ඒක නිසාම ජේමිගේ සීමාව පැනලා මේ තුන්දෙනා අතරේ රණ්ඩුවක් ඇතිවෙනවා. ඒක අවසාන වෙන්නේ කොනල් සහ මැරියන් ආයෙත් එකම යහනකට වැදීමෙන්.

අද කොටස ගැන කෙටියෙන්: ශිෂ්‍යත්වයක් ලැබුණු මැරියන් දැන් ජීවත්වෙන්නේ සුන්දර ස්වීඩනයේ. එහෙදිත් අලුත් පෙම්වතෙක් හම්බුවෙනවා මැරියන්ට. ඒ ලූකස් කියලා චායාරුප ශිල්පියෙක්. ඉතින් ඒ අලුත් කෙනා කොයිවිදිහේ කෙනෙක්ද කියලා මැරියන් තවම තේරුම් අරගෙන නෑ. ඒවගේම කොනල්ගේ මතකයෙන් ඇයට තවම මිදෙන්නත් බෑ. ඉතින් අපි බලමු නේද මේ අලුත් පෙම්වතාත් එක්ක මැරියන්ගේ ජීවිතේ කොයි අතට හැරෙයිද කියල? දැනට මේ ඇති, එහෙනම්…

මීළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,576 downloadsDownload Normal-People-2027-S01-E09.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

4,576 downloadsDownload Subtitles13 KB

5 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Suranjan

    Thanks.....jayawewa....!

  4. Nilush Angana

    Sub ekata thanx

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P