ආයුබෝවන් යාළුවනේ, ලොකු පමාවකින් පස්සේ තමයි Vikings:Valhalla කතාමාලාවේ අවසාන කොටස අරන් එන්නේ. අපේ විමා සහෝ අපි වෙනුවෙන් අරගලයේ ගොඩක් කාර්‍යබහුල නිසා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි උදව්වක් විදියට මම මේ කොටස ගෙන්න බාරගත්තා. Vikings කතාමාලාව ලැබූ ජනප්‍රියත්වය එලෙසින්ම රඳවා තබාගෙන මේ කතාමාලාවත් ලොව පුරා…

ආයුබෝවන් යාළුවනේ, ලොකු පමාවකින් පස්සේ තමයි Vikings:Valhalla කතාමාලාවේ අවසාන කොටස අරන් එන්නේ. අපේ විමා සහෝ අපි වෙනුවෙන් අරගලයේ ගොඩක් කාර්‍යබහුල නිසා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි උදව්වක් විදියට මම මේ කොටස ගෙන්න බාරගත්තා. Vikings කතාමාලාව ලැබූ ජනප්‍රියත්වය එලෙසින්ම රඳවා තබාගෙන මේ කතාමාලාවත් ලොව පුරා අතිශය ජනප්‍රිය උනා. ඒ නිසා මේ කතාමාලාව Season 03ක් දක්වා වැඩි වෙයි කියලා නෙට්ෆ්ලික්ස් ආයතනය සහතික උනා. ඉස්සරහට කොහොම වෙයිද කියලා අපි බලමුකෝ.
ඉතිං අද වැඩිය කතා කරන්න යන්නේ නෑ පරක්කු වෙලා තියෙන නිසා. බිහිසුණු ලේ වැගිරීමකින් ආරම්භ උන වයිකින්වරුන්ගේ ගමන් මඟ තවත් ලේ වැගිරීමකින් අවසාන වෙන විදිය අද බලාගන්න පුළුවන්. ඕලාෆ් රජතුමාගේ කැටගට් අක්‍රමණය සහ නෝර්වේ එක්සේසත් කිරීමේ උත්සහය, මුළු එංගලන්තයේම රැජින වීමට ඇල්ෆියුගු රැජිනගේ සිහිනය, තම සහෝදරයා සහ තමන්ගේ ආදරවන්තිය අතර දෝලනය වන හැරල්ඩ් කුමාරයා, තම පුත්‍රයාගේ වගකීම තමාගේ කරමතට ගත් ෆෝක්බියර්ඩ් රජතුමා, කැටගට් වැසියන්ගේ ඉරණමට වගකිව යුතු යාර්ල් හාකෝන්, මේ හැම කෙනාටම මොකද වෙන්නේ කියලා අද අවසන් කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ අවසානය තවත් ආරම්භයක් බවනම් පැහැදිලියි. එහෙනම් මගේ වැඩකටයුතු අවසානයි ආපහු තවත් උපසිරසියකින් හම්බෙමු.
කතාංගයේ නම – The End of the Beginning
IMDb අගය – 8.0
අධ්‍යක්ෂනය – David Frazee
කත රචනය – Eoin McNamee, Jeb Stuart
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,048 downloadsDownload Vikings-Valhalla-S01-E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
10 comments
sachintha
Anuja Lakshitha
thanks ayye sub ekt
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Madhawa Welagedara
Thanks brother.. last kingdom s 05 eketh subtitles denna puluwand
Vihaga
Stranger things සීසන් 4 උපසිරැසි දෙන්නකො
Madushan Kumara
Stranger things season 4 ekata sub eka den nadda
spider
sub ekata thaks puluwannam stranger things ekata sub karannako
jayNP
Thank you.. Keep it up good work.. :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ