හොඳයි එහෙනං ඔන්න… තවත් එකක් පටන් ගන්නයි යන්නේ 🙂 මූණූ පොතේ ඉන්න අස්සේ ගොඩක් අය “මේක දෙන්න, මේක දෙන්න“ කියලා ගොඩක් කතා ඉල්ලනවා. ඉතිං ඒ අතරෙන් මම සෙල්ලමට වගේ කතා කිහිපයක පලවෙනි දෙවනි එපිසෝඩ් බාගෙන බැලුවා. එහෙම බලද්දී මගේ හිතට වැදුනු කතා මාලාවක් තමයි මේ. පලමු සමයේ ඉඳන් කරන්න හැදුවත් කෙනෙක් දැනටමත් මේක…

Once Upon a Time (2011) TV SE5

හොඳයි එහෙනං ඔන්න… තවත් එකක් පටන් ගන්නයි යන්නේ 🙂

මූණූ පොතේ ඉන්න අස්සේ ගොඩක් අය “මේක දෙන්න, මේක දෙන්න“ කියලා ගොඩක් කතා ඉල්ලනවා. ඉතිං ඒ අතරෙන් මම සෙල්ලමට වගේ කතා කිහිපයක පලවෙනි දෙවනි එපිසෝඩ් බාගෙන බැලුවා. එහෙම බලද්දී මගේ හිතට වැදුනු කතා මාලාවක් තමයි මේ. පලමු සමයේ ඉඳන් කරන්න හැදුවත් කෙනෙක් දැනටමත් මේක බාරගෙන කියලා තමයි මට දැනුම් දුන්නේ. රොයිලි අයියාගෙන් තමයි මේ ගැන ඇහුවේ. වැඩ වැඩි නිසා සම්බන්ධ කරගන්න අමාරු වුනත්, කොහොමෙන් කොහොමහරි පුලුවන් වෙලාවට පණිවුඩයක් දීලා මේ කතාවේ අග හරියෙන් මට දායක වෙන්න අවස්ථාවක් දීලා මගේ දොලදුක සංසිඳෙව්වා . 😀 මේ කතාවේ දැනටමත් කතා සමයන් 4ක් ගතවෙලා අවසානයි. පලමු සමයන් මේ වෙනකොටත් පලවීගෙන යනවා. ඒ අතරේ අලුතෙන්ම 5 වෙනි සමයත් පටන් ගත්තු නිසාම මෙතෙක් දවසක් කතාව බලාගෙන ආපු අයට පහසුවක් වෙන්න මේ විදියට සතිපතා එන නව කතාංග වලටත් උපසිරැසි දෙන්න තමයි මේ සූදානම.

මුලින්ම කියන්න ඕනේ, සුරංගනා කතා වලට මගේ ලොකු කැමැත්තක් තිබුනේ නෑ. හැබැයි මේක බැලුවට පස්සේ මම හරි ආසාවෙන් බලපු චිත්‍රපටි, රැපවාහිනී කතාමාලා ගොඩාරියක් මතකෙට එන්න ගත්තා. මුලින් කිව්වා වගේ වැඩි කැමැත්තක් නොතිබුණු සුරංගනා කතා වලට මගේ හිතේ ලොකු ආසාවක් ඇතිවුනා. මේ කතා මාලාව බැලුවම තමයි මිනිස්සුන්ට එකිනෙකට වෙනස් කතා එකට ගලපලා ලස්සන නිර්මාණ කරන්න පුළුවන් කියන අදහස හිතට වැදුනේ. නිකමට වගේ බලන්න පටන් ගත්තු කතාව හිතට අල්ලලාම ගිහිල්ලා, මේ වගේ සුන්දර නිර්මාණයක් අතරේ හිත අතරමං වෙලා ඉඳිද්දී තමයි මටත් මේ ලස්සන නිර්මාණය ඔයාලා එක්ක බෙදාහදා ගන්න ඕනේ කියලා හිතිලා, මම සුරංගනා ලෝකෙන් මේ ලෝකෙට ඇවිල්ලා මේ විදියට කතාව දෙන්න සූදානම් වෙන්නේ. 🙂 😛

ඔයාලා ගොඩක් සුරංගනා කතා කියවලා ඇති. ඒ වගේම දැන් ඒවා සජීවිකරන චිත්‍රපට (Animation Movies) විදියට වගේම ස්වභාවික චිත්‍රපට (Natural Movie) විදියට සිනමා සිත්තමට නැගීගෙන එන කාලයක්. Snow White, Beauty and the Beast, Maleficent, Brave, Merlin, Alice in the Wonderland, Wizard of Oz, Cinderella, Red Riding Hood, Sleeping Beauty, Frozen, Tinker-bell, Narnia, වගේ කතා ඔයාලා දැනටමත් බලලා ඇති කියලා හිතනවා. (බලලා නැතිනං විජහට බලන්න 🙂 ) ඒ වගේම මම මෙතන සඳහන් කරලා තියෙන්නේ කතා බොහෝම ටිකක් විතරයි. පුළුවන් තරමක් සුරංගනා කතා පොත් හරි කියවන්න. එතකොට මේ කතාවේ රසය තවත් වැඩියි. එහෙම නෑ කියලා කතාවෙන් රසිකයාට දෙන්න බලාපොරොත්තු වෙන රසයට කිසිම බාධාවක් ඇත්තේ නෑ. එ වගේම පොතක් පතක් කියෙව්වා කියලා පාඩුවක් වෙන එකකුත් නෑනේ. 😉

මම කලින් කියපු කතා බලලා ඉන්න එක කෝකටත් හොඳයි. ඔය කතා වල ඉන්න චරිතයක් දෙකක් කොයි වෙලාවක හරි මතුවෙන්න පුළුවන්. 🙂 ඔයාලා සුරංගනා කතා වලින් කිසිමදාක නොහිතපු මානයකට ගෙනියන කතා මාලාවක් තමයි මේ Once Upon a Time (එකෝමත් එක කාලෙක) කියන මේ කතා මාලාව. මේ නව සමයේදී මේ කතාවට අලුතින් චරිතයක් එකතු වෙනවා. ඒ තමයි මෙරිඩා. ඇනිමේශන් කතා පිස්සෝ දන්නවා මේ චරිතේ ඉන්නේ මොන චිත්‍රපටයේද කියලා. ඒ වගේම තමයි ඉදිරියට යද්දී කතාවට තවත් අලුතෙන් චරිත රාශියක් එකතු වෙන්න ඉන්නවා කියලා තමයි වැඩිදුර තොරතුරු වලින් දැනගන්න ලැබෙන්නේ. 🙂

මේ ලිපියේදී මම හිතලම තමයි කතාව ගැන මේ විදියට දිග විස්තරයක් ලබා දුන්නේ. ඒ වගේම 5 වෙනි සමයේ මුල් කොටස නිසා අදට නියමිත කතාව ගැන කිසිම දෙයක් කියන්න යන්නේ නෑ. මොකද කිව්වොත් පරණ කතා වල උපසිරැසි තාමත් ලබා දීලා අවසාන නැති නිසා. ඒ වගේම තමයි, කලින් කතා නොබලපු අය එහෙම මීට පස්සේ ඉඳන් මේ කතාවේ දෙන ලිපි එහෙම කියවනවා නෙමෙයි. මොකද කිව්වොත් ඒකෙන් ඔයාලා බලන්න ඉන්න කතාංග වල කුතුහලය සහ රසය නැතිවෙලා යන්න පුළුවන්.

එහෙම නම් මේ ලිපියේ දිග මදැයි. කතාව බලලා අනිවාර්යෙන්ම අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

 

ආයු -බෝ -වේවා !!!

Once Upon a Time (2011) on IMDb

 

 

347MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

F212E13FF07635B4520DDF5F7BD06343E2B626A9

263MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

1A6B947F767FF8D73B0B27BFFA23C4E3296B558E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

252 downloadsDownload Once.Upon_.A.Time_.S05E01.baiscopelk.zip102 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Edward_Snowden-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

252 downloadsDownload Subtitles102 KB

0 comments

No comments yet.